Game of Thrones Fans

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක පැත්තකින් බ්‍රෑන්ව සජෙස්ට් කරන එක සාධාරනීයකරනය කරන්න හේතු ගොඩක් තියෙනවා. බ්‍රෑන්ගෙ හැකියාවන්. 0 ඉඳන් නැගිට්ට එකෙකුට ඉන්න හොඳම උදාහරනෙ. අනුකම්පාවකුත් එන නිසා අනිත් මිනිස්සු විරුද්ධ වෙන්නෙ නෑ. එතන බ්‍රෑන්ගෙ ලේ නෑයො තුන් දෙනෙක් හිටියා. ඊට අමතරව උතුරට හිතවත් සෙට් එක වැඩී.

    වැදගත් දේ තමයි, සන්සව වගේ වෙන කෙනෙක්ව සජෙස්ට් කරොත්, ටිරියන්ගෙ ඔළුවෙ වැඩ කරන දේවල් උන් දන්නෙ නෑ. බ්‍රෑන්ව සජෙස්ට් කරොත් ඌට පුළුවන් ටිරියන්ව අනිත් අයට වඩා ගැඹුරෙන් තේරුම් ගන්න. සමහරක් විට ටිරියන් ඒ චාන්ස් එක ගන්න ඇති. සමහර විට ටිරියන් ඔච්චර දේවල් හිතන්නෙ නැතුවත් ඇති. බ්‍රෑන් හෑන්ඩ් වෙන්න එන්න කිව්වම බොක්කෙන්ම බෑ කීව්වා වෙන්නත් පුළුවන්. මම කතා කරේ ටිරියන් ගේමක් ගැහුවා කියන පොසිබිලිටිය යටතේ ගේම කොහොම ගැහුවද කියන එක ගැන.

    උබට හිතෙන්නේ නැද්ද ටිරියන් සන්සාව රජකමට සජෙස්ට් කලානම්,
    සන්සා ටිරියන්ව නිදහස් කරලා හෑන්ඩ් පට්ටමත් දේවි කියලා

    අපි දන්නවා සන්සා ජෝන්ගේ රහස මුලින්ම කිව්වේ ටිරියන්ට. ඒ කියන්නේ එච්චරටම ටිරියන්ව විශ්වාසයි. ග්‍රේට් වෝර් එකේදී ඒ දෙන්නා අතර ලොකු බැදීමක් ඇතිවුනා

    අනික ටිරියන් මොලෙන් ගේමක් ගහන්න හිතනවනම් අනිවා සන්සාව රජ කරෝනවා. මොකද එතකොට එයාගේ සැලසුම් සන්සා ලව්වා ඉටු කරගන්න ලේසි වෙන නිසා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    image.png

    බ්‍රැන් රජවුනාට පස්සෙ ඇඳුම. costume designer අන්තිමයි :( හෙන අමුතු ඇඳුමක් අන්දල තියෙන්නෙ :sorry: පලවෙනි සීසන් එකේ වත් මෙච්චර අවුල් නෑ :no:

    matath eka penuna ban
    u hena normal dial ekak nisada danne ne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මේ අවසානය පන මදි ගතියක් තියෙනවා.
    මුල ඉදන් ගොතාගෙන ආපු ජෝන්ගේ ටාගේරියන් කතාව අන්තිමට කිසිම පලක් නැතිව ගියා.
    මන් හිතන්නේ නෑ bran රජකමට සුදුසුයි කියලා.
    අබ්බගාතයෙකු රටේ නායකයා ලෙස මිනිස්සු පිලිගනිවිද?
    ඒක ඇත්ත මචන්. ඒ දුක නම් මටත් තියෙනවා. ඩැනී දිගින් දිගටම තමන්ට දරුවො හදන්න බෑ කියද්දි ජෝන් ඒක වැරදි දෙයක් වෙන්න පුළුවන් වගේ කතාවකුත් කිව්ව නිසා, ඔන්ලි ඩෙත් කැන් පේ ෆොර් ලයිෆ් තියරිය එක්ක බලනකොට විසේරියන් මැරිලා තිබ්බ නිසා මම හිතුවා ඩැනීට බබෙක් හම්බවෙයි කියලා. කෝ ඉතින් ඒවා මුකුත් උනේ නෑ.

    බ්‍රෑන්ගෙ ඒ අඩුපාඩුව තිබ්බට අනිත් අයට වඩා ලොකු දැනුමක් ඌට තියෙනවනෙ.
    මිනිස්සු නම් තනිකරම වහල්ලු වගේනෙ. එතන හිටපු ලෝඩ්ස්ලා ටික පිලිගත්තා නම් එච්චරයිනෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    BDA3RZb.png

    හැමෝම IMDB ගිහින් Rate කරපල්ලා

    තියෙන gmail, fb අකවුන්ට් සේරමගෙන්ම වෝට් කරපල්ලා

    මතක ඇතිව 1 තරුවක් දාලා වරෙන්

    අවුරුදු ගානක් ඉවසුවේ මෙහෙම බුරු අවසානයක් දකින්නද

    අපි පෙන්නමු ඕකුන්ට අපේ කේන්තිය :growl:

    IMDB LINK

    mama oka karalamai thibbe
    feedback danna place ekak hoyaganna nene eke
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ටිරියන් මොනා උනත් තමන්ගෙ අයියටයි අක්කටයි ආදරෙයි. ඒත් ටිරියන් අහිංසක මිනිස්සු ගැනත් හිතුවා මචන්. තමන්ගේ ජීවිතේට වඩා හිතුවා. ජේමිව නිදහස් කරනකොටම මිනිහා දැනන් හිටියා ඩැනීගෙන් ශොට් එක හම්බෙන බව ඒත් ජේමිව නිදහස් කරා තමන්ගෙ අයියා නිසයි ජේමි නිදහස් උනොත් කින්ග්ස් ලෑන්ඩින් වල ඉන්න අහිංසක මිනිස්සු බේරගන්න පුළුවන් නිසයි. ජේමිට කිව්වා ෆෙයා ට්‍රේඩ් එකක් කියලත්. තමන්ගෙ ජීවිතය කැප නොකරපු කෙනෙකුට ඒ වගේ දෙයක් කරන්න බෑ.

    ඒත් ටිරියන්ට පලියකට වඩා තිබ්බෙ මිනිස්සු මැරුන එක ගන වේදනාවකුයි, අනාගතයේ ඩැනී මොනා කරයිද කියන බයකුයි. ඩැනී මැරුන එකෙන් ඒ බය නැති උනා. ඩ්‍රැගන් පිට් එකෙත් ටිරියන් පොඩි ගේමක් ගැහුවා වගේ පෙනුනා. අනිත් අය කතා කරන්න ඉස්සර වෙලා බ්‍රෑන්ව සජෙස්ට් කරා. බ්‍රෑනුත් ටිරියන්ව හෑන්ඩ් කරේ පේ බැක් එකක් විදිහට වෙන්න පුළුවන්. හැබැයි එච්චර දෙයක් ප්ලෑන් කරලා කරා කියන්න අමරුයි. ඌගෙ වාසනාවට එහෙම උනා වෙන්න පුළුවන්.

    :yes::yes::yes::yes:

    පොර හැමතිස්සෙම බැලුවේ මිනිස්සුන්ව බේරගන්න.. අනිත් එක Dany ගේ speech එක..එකි අනිත් kingdoms වලටත් ඔය ටිකම කරනවා..North වලට අනිවාර්යෙන්..Tyrion එකත් කිව්වනේ..මට නම් ප්‍රශ්නේ loose ends ගොඩක් ඉතුරු කරලා ඉවර කරපු එක කතාව..“Why do you think I came all this way?" කියලා කිව්වේ ඇයි කියලා දන්නෙත් නෑ winterfell වලදී lord කෙනෙක් නෙවෙයි කිව්ව මිනිහ..Bran ui Tyrion ui winterfell වලදි great war එකට කලින් කතා කරේ මොනාද දන්නෙත් නෑ.. අනික Bran කිව්වට ඔය දැන් ඉන්නේ Bran නෙවෙයිනේ.. 3 eyed raven ගේ consciousness එකනේ තියෙන්නේ..
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒක ඇත්ත මචන්. ඒ දුක නම් මටත් තියෙනවා. ඩැනී දිගින් දිගටම තමන්ට දරුවො හදන්න බෑ කියද්දි ජෝන් ඒක වැරදි දෙයක් වෙන්න පුළුවන් වගේ කතාවකුත් කිව්ව නිසා, ඔන්ලි ඩෙත් කැන් පේ ෆොර් ලයිෆ් තියරිය එක්ක බලනකොට විසේරියන් මැරිලා තිබ්බ නිසා මම හිතුවා ඩැනීට බබෙක් හම්බවෙයි කියලා. කෝ ඉතින් ඒවා මුකුත් උනේ නෑ.

    බ්‍රෑන්ගෙ ඒ අඩුපාඩුව තිබ්බට අනිත් අයට වඩා ලොකු දැනුමක් ඌට තියෙනවනෙ.
    මිනිස්සු නම් තනිකරම වහල්ලු වගේනෙ. එතන හිටපු ලෝඩ්ස්ලා ටික පිලිගත්තා නම් එච්චරයිනෙ.

    :yes::yes::yes:
    බ්‍රෑන්ට දැනුමක් තිබ්බට මන් හිතන්නේ නෑ හොද පාලනයක් ගෙනියන්න පුළුවන් කියලා.
    හැබැයි ටිරියන් daniගේ හෑන්ඩ් වෙලා හිටපුත් නිසා පාලනය ගැන හොද අවබෝදයක් තියෙනවා

    ඒ නිසා බ්‍රෑන් රජවුනාට ටිරියන් තමයි පාලනය ගෙනියන්නේ කියලයි මට හිතෙන්නේ :yes:

    අනික රජ කෙනෙක් වුනාම ටිකක් දර දඩු වෙන්න ඕනේ. නැත්තන් පහල ඉන්න වුන් ඔලුවට අත හෝදන්න එනවා
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷

    ඒ නිසා බ්‍රෑන් රජවුනාට ටිරියන් තමයි පාලනය ගෙනියන්නේ කියලයි මට හිතෙන්නේ :yes:

    අනික රජ කෙනෙක් වුනාම ටිකක් දර දඩු වෙන්න ඕනේ. නැත්තන් පහල ඉන්න වුන් ඔලුවට අත හෝදන්න එනවා

    යකෝ ඌ drogon ගෙනල්ලා අළු කරලා දායි obey නොකරන උන්ව :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    උබට හිතෙන්නේ නැද්ද ටිරියන් සන්සාව රජකමට සජෙස්ට් කලානම්,
    සන්සා ටිරියන්ව නිදහස් කරලා හෑන්ඩ් පට්ටමත් දේවි කියලා

    අපි දන්නවා සන්සා ජෝන්ගේ රහස මුලින්ම කිව්වේ ටිරියන්ට. ඒ කියන්නේ එච්චරටම ටිරියන්ව විශ්වාසයි. ග්‍රේට් වෝර් එකේදී ඒ දෙන්නා අතර ලොකු බැදීමක් ඇතිවුනා

    අනික ටිරියන් මොලෙන් ගේමක් ගහන්න හිතනවනම් අනිවා සන්සාව රජ කරෝනවා. මොකද එතකොට එයාගේ සැලසුම් සන්සා ලව්වා ඉටු කරගන්න ලේසි වෙන නිසා

    ඔව් ඒකත් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි සන්සා ටිරියන්ව රහස කිව්වෙ ටිරියන් ගැන තියෙන විශ්වාසෙකට නෙවේ. සන්සට ඒ රහස රකින්න කිසිම උවමනාවක් තිබ්බෙ නෑ. සන්සා ඒ රහස සමාජගත කරන්න ටිරියන්ව යූස් කරා. සන්සා එක පැත්තකින් ටිරියන්ව විශ්වාස කරා, ඒ රහස රකීවි කියලා නෙවේ, රහස ලීක් කරන්න පුළුවන් එකම එකා ටිරියන් කියලා සන්සා විශ්වාස කරා. ලීක් කරලා ඩැනීට මොකක් හරි ඩැමේජ් එකක් කරන්න පුළුවන් එකම එකා ටිරියන් බව විශ්වාස කරා. ඩැනීත් ඔය කතාව ඩ්‍රැගන් ස්ටෝන් වලදි ටිරියන්ට කියනවා.

    සන්සා කියන්න මොන වගේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් හරි අවබෝධයක් තියෙනව නම් ටිරියන් සන්සව විශ්වාස කරන්නෙ නෑ. ඒත් මම හිතන්නෙ නෑ ටිරියන් සන්සා ගැන හොඳට දන්නවා කියලා. ඒ නිසයි මම සන්සව සජෙස්ට් කරන එක වෙන්න ඉඩ තිබ්බා කිව්වෙ. සන්සා ගැන හොඳටම තේරුම් ගත්තු කෙනෙක් හිටිය නම් ඒ ඩැනී විතරයි බන්. ඩැනී සන්සගේ මීටරේට පට්ට බයයි. සන්සා හිතන්නෙ තමන් ගැනයි උතුර ගැනයි විතරයි. ජෝන් ගැන උනත් එහෙම ලොකුවට හිතන්නෙ නෑ කියලයි මට හිතෙන්නෙ. ජෝන්ව වෝල් එකට යැව්ව එක ටික කාලෙකට සීමා කරලා ආයිත් ඇවිල්ලා උතුරේ රජ වෙන්න කියලා සන්සා නිකමට වත් කිව්වෙ නෑනේ. ජෝන්ට එහෙම එන්න බැරි කමකුත් නෑනේ. ග්‍රේ වර්ම් ආයිත් මෙහෙට එන්නෙ නෑනේ ඕවා හොයන්න. බ්‍රෑන්ට ටික කාලෙකින් සමාව දෙන්නත් පුළුවන්කම තියෙනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    :yes::yes::yes::yes:

    පොර හැමතිස්සෙම බැලුවේ මිනිස්සුන්ව බේරගන්න.. අනිත් එක Dany ගේ speech එක..එකි අනිත් kingdoms වලටත් ඔය ටිකම කරනවා..North වලට අනිවාර්යෙන්..Tyrion එකත් කිව්වනේ..මට නම් ප්‍රශ්නේ loose ends ගොඩක් ඉතුරු කරලා ඉවර කරපු එක කතාව..“Why do you think I came all this way?" කියලා කිව්වේ ඇයි කියලා දන්නෙත් නෑ winterfell වලදී lord කෙනෙක් නෙවෙයි කිව්ව මිනිහ..Bran ui Tyrion ui winterfell වලදි great war එකට කලින් කතා කරේ මොනාද දන්නෙත් නෑ.. අනික Bran කිව්වට ඔය දැන් ඉන්නේ Bran නෙවෙයිනේ.. 3 eyed raven ගේ consciousness එකනේ තියෙන්නේ..

    මටත් ඒ අවුල නම් තියෙනව බන්. සමහර විට ඒ ප්‍රශ්න ටික ස්පීන් ඕෆ් එකට ඉතුරු කරාද දන්නෙ නෑ. ප්‍රශ්න වලට උත්තර හම්බුනා නම් මිනිස්සු ජීඕටී යුනිවර්ස් එක අමතක කරලා දානවා.

    :yes::yes::yes:
    බ්‍රෑන්ට දැනුමක් තිබ්බට මන් හිතන්නේ නෑ හොද පාලනයක් ගෙනියන්න පුළුවන් කියලා.
    හැබැයි ටිරියන් daniගේ හෑන්ඩ් වෙලා හිටපුත් නිසා පාලනය ගැන හොද අවබෝදයක් තියෙනවා

    ඒ නිසා බ්‍රෑන් රජවුනාට ටිරියන් තමයි පාලනය ගෙනියන්නේ කියලයි මට හිතෙන්නේ :yes:

    අනික රජ කෙනෙක් වුනාම ටිකක් දර දඩු වෙන්න ඕනේ. නැත්තන් පහල ඉන්න වුන් ඔලුවට අත හෝදන්න එනවා

    උබට මතකද බ්‍රෑන් ටිරියන්ට කියනවා ඌගේ වීල් චෙයාර් එක අවුරුදු 120කටද කොහෙ කලින් හිටපු ටාගේරියන් ක්‍රිපල් කෙනෙක් පාවිච්චි කරපු එකක් වගේ කියලා.

    බ්‍රෑන්ට පුළුවන් රාජ්‍ය පාලනයට අතීතෙන් ඉක්ස්පීරියන්ස් අරගන්න. වටේට හොඳ පොරවල් ටිකක් සෙට් වෙලා ඉන්න නිසා අමාරුවක් වෙන එකකුත් නෑ. බ්‍රෑන් ක්‍රිපල් උනාට ඌ කොන්ද පන නැති චරිතයක් නෙවේ. කින්ග් වෙලා විනාඩියක් යන්නත් කලින් ඌ අන්සලිඩ් ඩොත්‍රාකී ආමී දෙකටම කමාන්ඩ් කරන එකෙක්ට අභියෝග කරා. වචනයක් දෙකක් එහාට මෙහාට උනා නම් තවත් වලියක්. කොන්ද පන නැති චරිතෙකට එහෙම කතා කරන්න බෑ. ඌ බය නෑ. ඌ කතා කරනවා. බය නැතුව වැඩත් කරයි. බය එකෙක් නම්, නයිට් කින්ග්ට අර විදිහට මුහුන දෙන්නෙ නෑ. වැදගත්ම දේ තමයි ග්‍රේ වර්ම්ටත් එකඟ වෙන්න පුළුවන්, ජෝන්ගෙ බෙල්ලත් බේරගන්න පුළුවන් දඩුවමක් ජෝන්ට දෙන්න බ්‍රෑන්ට පුළුවන් උනා.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    rating 4.4 wela thiyenne ekai :lol:
    ඔය දුකට කරන වැඩ බන්. අපිටත් දුකක් නැතුව නෙවේ. ප්‍රශ්ණ නැතුව නෙවේ. ඒත් කතාව ගැන වෙනත් වෙනත් පැති වලිනුත් හිතන නිසයි තියෙන හැම ජීමේල් එහෙකින්ම ලොග් වෙලා වන් ස්ටාර් දීලා රේටි නොකරන්නෙ. මට නම් එපිසෝඩ් තුන බලනකොටම තේරුනා මුන් අපි හිතන ජාතියෙ එන්ඩින්ග් එකක් නම් ලොවෙත් දෙන්නෙ නෑ කියලා. උන් කරෙත් ඒක තමයි. අන්එක්ස්පෙක්ටඩ් එන්ඩින්ග් එකක් දුන්නෙ. ඉන්සෙස්ට් එක දිගටම කරගෙන යන්න ඩැනී නිවුන් පැටව් දෙන්නෙක් ගහලා, ජෝන් කින්ග් වෙලා පාලනය ගෙනියයි කියලා හිතන එක හැමෝටම හිතන්න පුළුවන් දෙයක්නෙ බන්.
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    Got වල මුල ඉඳන් බලපු කෙනෙක් විදිහට එන්ඩිං එක ගැන සතුටුයි .....
    මොකද මේක පොලිටික්ස් කතාවක් .

    සුද්දා ලංකාව අල්ලපු හැටිත් මේ වගේමනෙ .:lol::lol::lol:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    යකෝ ඌ drogon ගෙනල්ලා අළු කරලා දායි obey නොකරන උන්ව :lol:

    :lol::lol::lol:
    සසර කලකිරිලා අම්මවත් උස්සගෙන ගිය විදියට ආපහු එන එකක් නෑ :sorry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මේකෙ තියන අවුල අන්තිමට සාමයට ලැදි
    දැහැමිව රට පාලනය කරයි කියල හිතන්න පුලුවන් සෙට් එකකට බලය ලැබුන එක.
    ඕක තාත්වික නැහැ දේශපාලනයෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ.
    මෙච්චර කාලයක් කතාවෙ පෙන්නපු හරයට අන්තිම කොටස ගැලපෙන්නෙ නැහැ.
    අන්තිම කොටස සුරන්ගනා කතාවක් වගේ.