Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Game of Thrones vs Wars of the Roses
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Game of Thrones vs Wars of the Roses

ලොව පුරා ජනප්‍රිය වූ Game of Thrones කතා මාලාව ගැන අමුතුවෙන් හැදින්වීම් කරන්න අවශ්‍ය නැ. Game of Thrones කතාමාලාවට අාභාෂය ලත් මහපොලවේ ඇත්තටම සිදුවු සිවිල් යුද්ධ මාලාවක් ගැන ඔබ දැනසිටියාද?

ගිණි පිබින මකරුන් හෝ සොම්බි මළ හමුදාවක් හමුනොවුනත් පවුල් අතර සිංහාසනය වෙනුවෙන් ඇතිවන ගැටුම මනාවට මෙම කතාන්දරයෙන් පිලිබිඹු වෙනවා.

15 වැනි සියවසේදි එංගලන්තයේ ලැන්කැස්ටර් (රතු රෝස) හා යෝර්ක් (සුදු රෝස) යන බලවත් මෙන්ම ඥාතිබැම්මෙන්ද බැඳුණු පවුල් දෙක අතර සිංහාසනය වෙනුවෙන් ඇදීගිය යුද්ධ මාලාව Wars of the Roses ලෙස හැදින්විය හැක. අැතැමෙක් මෙය 15 වැනි සියවසට එනම් 1455 - 1485 සමයට ලඝුකලද දශක ගණනාවක් දිගට ඇදීගිය පවුල් අරවුලක් මෙය පිටුපස ඇත. එබැවින් මෙම කතාව අැරබීමට වඩාත්ම සුදුසු වකවානුව වන්නේ 14 වැනි සියවසයි.

14 වැනි සියවසේ අග භාගය!

මධ්‍යතන යුගයේ සංධිස්ථානගත සටනක් වන එංගලන්තය හා ප්‍රංශය අතර සියක් අවුරුදු යුද්ධය ඇදීයන මොහොතක්. එංගලන්තයේ පාලකයා වූයේ තෙවැනි එඩ්වඩ් රජුය.(1312 - 1377). තෙවැනි එඩ්වඩ් රජුට පුතුන් පස් දෙනෙකු හා දූවරුන් තිදෙනෙකි. කිරුල හිමි වැඩිමල් පුත්‍රයා එඩ්වඩ් සටන් ශූරයෙකි. ලයනල් ජෝන් එන්ඩ්මන්ඩ් තෝමස් සෙසු සහෝදරයන් විය. සියක් අවුරුදු යුද්ධයේ එක් ගැටුමකදි රණශූර එඩ්වඩ් කුමරු ජිවිතක්ෂයට (1376 දී) පත්වේ. මෙම මරණය රජපවුලේ ඉදිරි ඉරණම සපුරා වෙනස් කරන්නට විය.

ක්‍රි.ව 1377 දී තෙවැනි එඩ්වඩ් රජුද පරලෝ සැපත් වූ අතර ඔහුගේ පුත්‍රයකුට හිමිවිය යුතු රජකම, මියගිය එඩ්වඩ් කුමරුගේ දස හැවිරිදි ලාබාල පුත්‍රයා වෙත හිමිවන අතර දෙවැනි රිචඩ් ලෙස කිරුළු පලදියි. සම්පූර්ණයෙන්ම පරම්පරාවක් අමතක කොට මෙසේ රජකම ප්රදානය කිරිම නිසා, එඩ්වඩ් රජුගේ පුත්‍රයන් නොසන්සුන් වේ.

ඉදිරි අරගල සමයේදි අපට හමුවන ප්‍රධාන පවුල් දෙකකි. එනම් තෙවැනි එඩ්වඩ් රජුගේ තෙවැනි පුත්‍රයා වන ජෝන් අාදීපාදවරයාගේ ලැන්කැස්ටර් (රතු රෝස) පරපුර හා සිවුවන පුත්‍රය වූ එඩ්මන්ඩ් ආදීපාදවරයාගේ (සුදුරෝස) පරම්පරාවයි.

ක්‍රි.ව 1399 දී ජෝන් ගේ පුත්‍රයකු වන හෙන්රි විසින් දෙවැනි රිචඩ් රජු බලයෙන් පහකරමින් සිංහාසනයේ තම උරුමය හිමිකරගත්තේය. බාධක හා අභ්‍යන්තර ගැටුම් මෙන්ම ප්‍රංශයේ සටන් මැද රාජ්‍ය පාලනය ගෙනයන සිව්වැනි හෙන්රි නම්වන ඔහු 1413 දී මියයෑමත් සමග පුත්‍රයා ලැන්කැස්ටර් පරපුරේ ඊලග උරුමක්කරු වෙමින් පස්වැනි හෙන්රී නාමයෙන් රජකමට පත්වේ. 1422 දී පස්වැනි හෙන්රි රජු ප්‍රංශ යුධ භූමියකදි අතීසාරය හේතුවෙන් මියයයි. පස්වැනි හෙන්රිගේ එකම පුත්‍රයා සයවැනි හෙන්රි ලෙස 1422 සිට රාජධූරයේ කටයුතු කරයි. රෝසමල් යුද්ධය උණුසුම් වන්නේ සයවැනි හෙන්රිගේ රාජ සමය තුලදියි.

සයවැනි හෙන්රි රජු කුඩා කාලයේදි තම ඥාති පවුලක් වන යෝර්ක් (සුදු රෝස) පවුල සමග සමීප සබදතා පවත්වා ඇත. යෝර්ක් පවුලේ ප්‍රධානියකු වන රිචඩ් සමග ඔහු නිරන්තරයෙන් ගුරුහරුකම් ලබාගෙන ඇත. එබැවින් හෙන්රි රජු වෙත රාජ්‍යපාලනයට අවැසි උපදෙස් නිරන්තරයෙන්ම යෝර්ක් හි රිචඩ් ගෙන් ලැබිණ.

සයවැනි හෙන්රි විවාපත්වන්නේ ප්‍රංශ රදළ කුලඟනක් වූ මාග්‍රට් (Margaret of Anjou) සමගයි. මාග්‍රට් යනු බලය වෙනුවෙන් ඕනැම දෙයක් කරන තීක්ෂණ බුද්ධියක් ඇති කෞරාටික කාන්තාවකි. යොර්ක් හි රිචඩ් හා සයවැනි හෙන්රි අතර සබදතාවට යම් දිනක රාජ්‍යත්වයට බාධාවක් වනු බව දුටු ඇය, උපක්‍රමයෙන් එය බිඳවා රිචඩ් ව අයර්ලන්තය වෙත පිටත්කර හරියි. මාග්‍රට් තම හිතමිත්‍ර අර්ල්වරුන් රාජසභාගේ කටයුතු වලට දායක කරගනි.

හෙන්රි අදක්ෂ පාලකයෙකි. පියා විසින් ප්‍රංශයේ යටත්කරගත් ප්‍රදේශ පවා ඔහුගේ අදක්ෂ පාලනය හමුවේ අහිමිවිය. ජනයා මත මහා බදු බරක් පැටවූ දූෂිත පාලනයක් ගෙනගිය ඔහු මානසික රෝගයකින්ද පීඩා විදීය. දුර්දාන්ත පාලනයට එදිරිව 1950 දී ජැක් කේඩ් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇතිවිය. වංශාධිපතින්ගේ ආශිර්වාදයෙන් ගොවියන් ගේ සහභාගිත්වයෙන් පැනනැගි කැරැල්ල ලන්ඩනය දක්වාම පැතිරිණි. මේ අවස්ථාවේදි හෙන්රි රජු, අයර්ලන්තයේ සිටින යෝර්ක් හි රිචඩ් ගේ සරණ පැතීය. හමුදාවක් සමග පැමිණි රිචඩ් කැරැල්ල මැඩ පැවැත්වීය.

නැවත ලන්ඩනයට පැමිණි රිචඩ් හට හෙන්රි රජුගේ රාජ්‍ය තන්ත්රයේ ප්රතිසංස්කරණවාදි වැඩපිලිවෙලක් ආරම්භකිරිමට අවශ්‍ය විය. රජුගේ උපදේශකයකු වෙන්ම මාග්‍රට් බිසවගේ හිතවතෙකු වු සමර්සෙට් හි ආදිපාදරයා අන්තදූෂිතයෙකු බව හැඟීගියේය. ඒ අනුව සමර්සෙට් ඉවත් කිරිමට අවශ්‍ය විය.

ක්‍රි.ව 1453 දී ප්‍රංශයේදි ලද පරාජයත් සමග, හෙන්රි රජුගේ මානසික රෝගය උත්සන්න විය. කිසිවකට ප්‍රතිචාර නොදැවූ ඔහු තුල ව්‍යාකූලත්වය උත්සන්න විය. මාග්‍රට් බිසව පුත් කුමරෙකු ප්‍රසූත කලද එය පිලිබදවද ඔහුට නිනව් නොවීය. මේ අතර යෝර්ක් හි රිචඩ්, එංගලන්තයේ හා රජුගේ ආරක්ෂකයා බවට පත්වෙමින් සමර්සෙට් ආදිපාදවරයා සිරගතකලේය. 1455 පෙබරවාරියේදි පමණ මාග්‍රට් බිසවගේ දැඩි පරිශ්රමය මැද රජු නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්විමට සමත්විය. රෝගීව සිටි සමයේදි රිචඩ් ගේ ක්‍රියාකලාපය ගැන මාග්‍රට් ගේ ගතුකීමෙන් අපැහැදුණු හෙන්රි රජු විසින් රිචඩ්ගේ තනතුරු ඉවත්කර සමර්සෙට් ආදිපාදවරයා නිදහස් කලේය.

වෝවික් ආර්ල්වරයා සමග සන්ධානගත වන යෝර්ක් හි රිඩච්, 1455 දී හෙන්රි රජුට එදිරිව සටනක් අරබයි. සටනික් සමර්සෙට් ආදිපාදරවයා ජිවිතක්ෂට පත්වන අතර හෙන්රි තුවාල ලබයි. හෙන්රි යෝරක් වරුන්ගේ සිරබාරයට පත්වන අතර මාග්‍රට් හා පුතු එඩ්වඩ් පිටුවහල් කරනු ලබයි. රිචඩ් රාජ්‍යයේ ආරක්ෂකයා බවට පත්ව පාලන කටයුතු සිදුකරයි. නැවතත් රාජ්‍ය බලය ලබාගැනිමේ අරමුණින් මාග්‍රට් බිසව තිරය පිටුපස දැවැන්ත සේනාවක් සංවිධානය කලේය. යෝර්ක් හා ලැන්කැස්ටර් අතර වසර කිහිපයක් ඇදීගිය සටන් මාලාවක් ඇරබිණ. රජකිරුළ යෝර්ක්වරුන් හා ලැන්කැස්ටර්වරුන් අතර දෝලනය වන්නට විය.

සටන්මාලාව අතරතුර යෝර්ක් හි එඩ්වඩ් ඝාතනයට ලක්වු අතර ඔහුගේ පුතු එඩ්වඩ් යෝර්ක් හි නායකත්වයට පත්විය. 1461 දී ටෝටන් හීදි හිමකුණාටුවක් මධ්‍යයේ යෝර්ක් හා ලැන්කැස්ටර් හමුදා තීරණාත්මක සටනකට එලැබිනි. එංගලන්ත ඉතිහාසයේ දරුණුතම එක්දින සටනක් ලෙස සැලකෙන මෙම සටන් භූමියේදි යෝර්ක්වරුන් හමුවේ ලැන්කැස්ටර්වරුන් දරුණු පරාජයට උරුමකම් කීවේය. හෙන්රි රජු සිරභාරයට පත්වූ අතර මාග්‍රට් බිසව හා පුත්‍රයා පැනගියේය.

සටනින් ලැබූ ජයත් සමග යෝර්ක් පුත්‍ර එඩ්වඩ්, සිව්වැනි එඩ්වඩ් ලෙස රාජ්‍යත්වයට පත්විය. නමුදු බලය ලබාගැනිමේ දැඩි තන්හාව නිසා නැවතත් මාග්‍රට් බිසව ප්‍රංශයේ උදව් සහිතව සිව්වැනි එඩ්වඩ් රජු නෙරපා, නැවතත් සයවැනි හෙන්රි රජුව සිහසුනේ පිහිටවීය. නමුදු කල්යල් බලා එඩ්වඩ් රජු ප්‍රහාරයක් දියත්කල අතර නැවත රාජ්‍යබලය ලබාගැනිමට හැකිවිය. හෙන්රිගේ පුත්‍රයා වූ වෙස්මිනිස්ටර් හී එඩ්වඩ් ප්‍රහාරයේදි මරුමුවට පත්වු අතර රාජකීය යුවල සිරගත කලේය. 1471 දී සිරගෙය තුලදි සයවැනි හෙන්රි ද මරණයට පත්විය.

සිව්වැනි එඩ්වඩ් රජුගේ ඉදිරි රාජ්‍ය සමය සාමකාමීව ගෙවී ගියේය. ඔහු බිසව ලෙස ප්රංශකුමරියක් සරණපාවා ගත්තේය. මේ අතර පුරෝහිතයන්ගේ උපදෙස් ද නොතකමින් ආලයට මුලා වී රදළ වැන්දඹූ කතක් ද රහසේ විවාහා කරගත්තේය. එඩ්වඩ් ගේ මෙම අදූරදර්ශි ක්‍රියාව යෝර්ක් පරපුරේ අනාගතයට තදින්ම බලපෑවේය.

ක්‍රි.ව 1483 දී සිව්වැනි එඩ්වඩ් රජු මියයෑමත් සමග නැවතත් දේශපාලනික ගැටුමක් ඇතිවිය. කිරුළ සිව්වැනි එඩ්වඩ් ගේ පුත්‍රයා වෙත හිමිවිය යුතු වුවද, එඩ්වඩ් රජුගේ සොයුරු රිචඩ් විසින් සිව්වැනි එඩ්වඩ් ගේ රහසිගත විවාහය ගෙනහැර පාමින් ඔහුගේ පුත්‍රයා රජකමට නුසුදුසු බව ප්‍රකාශ කරන්නට විය. කුමන්ත්‍රණය අවසානයේදි හෙතෙම තෙවැනි රිචඩ් රජු ලෙසින් කිරුළු පලදී. තෙවැනි රිචඩ් හට වැඩිකල් සිහසුනේ පහස විදීමට මුහුද තරණය කර පැමිණි ආක්රමණිකයා අවසර ලබාදෙන්නේ නැත.

සිව්වැනි හෙන්රි රජුගේ කුඩා පුත්කුමරා අතුරුදහන් කිරිමත්, අධම පාලනයත් හේතුවෙන් ඉතා ඉක්මනින් තෙවැනි රිචඩ් රජු වෙත ජනතාවගෙන් මෙන්ම යෝර්ක් පවුලෙන් ද විරෝධය එල්ලවිය. මේ සියල්ල බලාසිටි අමතකව ගිය පුරකක් සිටි.

ලැන්කැස්ටර් පරපුරේ උරුමය දරාසිටි හෙන්රි ටුඩර් නම් තැනැත්තෙකි. ලැන්කැස්ටර් හී ජෝන් ආදිපාදරයාගේ මී මුණුබුරෙකු වන ඔහු තමාට රාජ්‍යත්වය ලබාගැනිමට සුදුසුම අවස්ථාව මෙය බව හදුනාගනි. ඒ අනුව ප්‍රංශයේ සහයෝගයද සහිතව 1485 දී තෙවැනි රිචඩ් රජු බලයෙන් පහකර සත්වැනි හෙන්රි රජු නාමයෙන් රාජ්‍ය බලය ලබාගනි.

මෞලිමංගල්යෙයන් පසුව සත්වැනි හෙන්රි රජු, සිව්වැනි එඩ්වඩ් රජුගේ දියණිය වන එලිසබත් කුමරිය සමග විවාහාපත්වේ. මෙයත් සමග වසර සියයකට අධික කාලයක් රුහිරු වගුරමින් ලැන්කැස්ටර් හා යෝර්ක් පවුල් අතර ඇදීගිය Wars of the Roses අවසන් විය.

ජෝර්ජ් ආර්.ආර්.මාටින් විසින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සදහා රෝස යුද්ධ අනුසාර කරගත් ආකාරය, මේ කතා දෙක සමපාත කලවිට අපට අවබෝධ කරගත හැක. මේ කතා දෙකෙහිම එකිනෙකට සමාන හැසිරිම් හා දායාදයන් ලද චරිත වේ.

මාග්‍රට් - සර්සි

යොර්ක් හි රිචඩ් - නෙට් ස්ටාර්ක්

මාග්‍රට් ගේ පුතු එඩ්වඩ් - ජෙෆ්රි

තෙවැනි රිචඩ් - ස්ටැනිස් බැරැතියන්

සත්වැනි හෙන්රි - ඩිනේරියස් ටාගේරියන්

රාජ්‍යයත්වය කොතරම් අස්ථාවරද?

රාජ්‍යබලය කොතරම් මිනිසා අන්ධ කරනවාද?

කොතරම් මිනිසා බලලෝභිද?

ඉහත කතාන්දරය අපිට පවසන කතාව එයයි.

සටහන --> Roshin Fernando

සම්පූර්ණ බ්ලොග් සටහන -https://bit.ly/2N68XoR

[QUOTE="Dr.Rosheen, post: 23546289, member: 560780"] Game of Thrones vs Wars of the Roses ලොව පුරා ජනප්‍රිය වූ Game of Thrones කතා මාලාව ගැන අමුතුවෙන් හැදින්වීම් කරන්න අවශ්‍ය නැ. Game of Thrones කතාමාලාවට අාභාෂය ලත් මහපොලවේ ඇත්තටම සිදුවු සිවිල් යුද්ධ මාලාවක් ගැන ඔබ දැනසිටියාද? ගිණි පිබින මකරුන් හෝ සොම්බි මළ හමුදාවක් හමුනොවුනත් පවුල් අතර සිංහාසනය වෙනුවෙන් ඇතිවන ගැටුම මනාවට මෙම කතාන්දරයෙන් පිලිබිඹු වෙනවා. 15 වැනි සියවසේදි එංගලන්තයේ ලැන්කැස්ටර් (රතු රෝස) හා යෝර්ක් (සුදු රෝස) යන බලවත් මෙන්ම ඥාතිබැම්මෙන්ද බැඳුණු පවුල් දෙක අතර සිංහාසනය වෙනුවෙන් ඇදීගිය යුද්ධ මාලාව Wars of the Roses ලෙස හැදින්විය හැක. අැතැමෙක් මෙය 15 වැනි සියවසට එනම් 1455 - 1485 සමයට ලඝුකලද දශක ගණනාවක් දිගට ඇදීගිය පවුල් අරවුලක් මෙය පිටුපස ඇත. එබැවින් මෙම කතාව අැරබීමට වඩාත්ම සුදුසු වකවානුව වන්නේ 14 වැනි සියවසයි. 14 වැනි සියවසේ අග භාගය! මධ්‍යතන යුගයේ සංධිස්ථානගත සටනක් වන එංගලන්තය හා ප්‍රංශය අතර සියක් අවුරුදු යුද්ධය ඇදීයන මොහොතක්. එංගලන්තයේ පාලකයා වූයේ තෙවැනි එඩ්වඩ් රජුය.(1312 - 1377). තෙවැනි එඩ්වඩ් රජුට පුතුන් පස් දෙනෙකු හා දූවරුන් තිදෙනෙකි. කිරුල හිමි වැඩිමල් පුත්‍රයා එඩ්වඩ් සටන් ශූරයෙකි. ලයනල් ජෝන් එන්ඩ්මන්ඩ් තෝමස් සෙසු සහෝදරයන් විය. සියක් අවුරුදු යුද්ධයේ එක් ගැටුමකදි රණශූර එඩ්වඩ් කුමරු ජිවිතක්ෂයට (1376 දී) පත්වේ. මෙම මරණය රජපවුලේ ඉදිරි ඉරණම සපුරා වෙනස් කරන්නට විය. ක්‍රි.ව 1377 දී තෙවැනි එඩ්වඩ් රජුද පරලෝ සැපත් වූ අතර ඔහුගේ පුත්‍රයකුට හිමිවිය යුතු රජකම, මියගිය එඩ්වඩ් කුමරුගේ දස හැවිරිදි ලාබාල පුත්‍රයා වෙත හිමිවන අතර දෙවැනි රිචඩ් ලෙස කිරුළු පලදියි. සම්පූර්ණයෙන්ම පරම්පරාවක් අමතක කොට මෙසේ රජකම ප්රදානය කිරිම නිසා, එඩ්වඩ් රජුගේ පුත්‍රයන් නොසන්සුන් වේ. ඉදිරි අරගල සමයේදි අපට හමුවන ප්‍රධාන පවුල් දෙකකි. එනම් තෙවැනි එඩ්වඩ් රජුගේ තෙවැනි පුත්‍රයා වන ජෝන් අාදීපාදවරයාගේ ලැන්කැස්ටර් (රතු රෝස) පරපුර හා සිවුවන පුත්‍රය වූ එඩ්මන්ඩ් ආදීපාදවරයාගේ (සුදුරෝස) පරම්පරාවයි. ක්‍රි.ව 1399 දී ජෝන් ගේ පුත්‍රයකු වන හෙන්රි විසින් දෙවැනි රිචඩ් රජු බලයෙන් පහකරමින් සිංහාසනයේ තම උරුමය හිමිකරගත්තේය. බාධක හා අභ්‍යන්තර ගැටුම් මෙන්ම ප්‍රංශයේ සටන් මැද රාජ්‍ය පාලනය ගෙනයන සිව්වැනි හෙන්රි නම්වන ඔහු 1413 දී මියයෑමත් සමග පුත්‍රයා ලැන්කැස්ටර් පරපුරේ ඊලග උරුමක්කරු වෙමින් පස්වැනි හෙන්රී නාමයෙන් රජකමට පත්වේ. 1422 දී පස්වැනි හෙන්රි රජු ප්‍රංශ යුධ භූමියකදි අතීසාරය හේතුවෙන් මියයයි. පස්වැනි හෙන්රිගේ එකම පුත්‍රයා සයවැනි හෙන්රි ලෙස 1422 සිට රාජධූරයේ කටයුතු කරයි. රෝසමල් යුද්ධය උණුසුම් වන්නේ සයවැනි හෙන්රිගේ රාජ සමය තුලදියි. සයවැනි හෙන්රි රජු කුඩා කාලයේදි තම ඥාති පවුලක් වන යෝර්ක් (සුදු රෝස) පවුල සමග සමීප සබදතා පවත්වා ඇත. යෝර්ක් පවුලේ ප්‍රධානියකු වන රිචඩ් සමග ඔහු නිරන්තරයෙන් ගුරුහරුකම් ලබාගෙන ඇත. එබැවින් හෙන්රි රජු වෙත රාජ්‍යපාලනයට අවැසි උපදෙස් නිරන්තරයෙන්ම යෝර්ක් හි රිචඩ් ගෙන් ලැබිණ. සයවැනි හෙන්රි විවාපත්වන්නේ ප්‍රංශ රදළ කුලඟනක් වූ මාග්‍රට් (Margaret of Anjou) සමගයි. මාග්‍රට් යනු බලය වෙනුවෙන් ඕනැම දෙයක් කරන තීක්ෂණ බුද්ධියක් ඇති කෞරාටික කාන්තාවකි. යොර්ක් හි රිචඩ් හා සයවැනි හෙන්රි අතර සබදතාවට යම් දිනක රාජ්‍යත්වයට බාධාවක් වනු බව දුටු ඇය, උපක්‍රමයෙන් එය බිඳවා රිචඩ් ව අයර්ලන්තය වෙත පිටත්කර හරියි. මාග්‍රට් තම හිතමිත්‍ර අර්ල්වරුන් රාජසභාගේ කටයුතු වලට දායක කරගනි. හෙන්රි අදක්ෂ පාලකයෙකි. පියා විසින් ප්‍රංශයේ යටත්කරගත් ප්‍රදේශ පවා ඔහුගේ අදක්ෂ පාලනය හමුවේ අහිමිවිය. ජනයා මත මහා බදු බරක් පැටවූ දූෂිත පාලනයක් ගෙනගිය ඔහු මානසික රෝගයකින්ද පීඩා විදීය. දුර්දාන්ත පාලනයට එදිරිව 1950 දී ජැක් කේඩ් ගේ නායකත්වයෙන් කැරැල්ලක් ඇතිවිය. වංශාධිපතින්ගේ ආශිර්වාදයෙන් ගොවියන් ගේ සහභාගිත්වයෙන් පැනනැගි කැරැල්ල ලන්ඩනය දක්වාම පැතිරිණි. මේ අවස්ථාවේදි හෙන්රි රජු, අයර්ලන්තයේ සිටින යෝර්ක් හි රිචඩ් ගේ සරණ පැතීය. හමුදාවක් සමග පැමිණි රිචඩ් කැරැල්ල මැඩ පැවැත්වීය. නැවත ලන්ඩනයට පැමිණි රිචඩ් හට හෙන්රි රජුගේ රාජ්‍ය තන්ත්රයේ ප්රතිසංස්කරණවාදි වැඩපිලිවෙලක් ආරම්භකිරිමට අවශ්‍ය විය. රජුගේ උපදේශකයකු වෙන්ම මාග්‍රට් බිසවගේ හිතවතෙකු වු සමර්සෙට් හි ආදිපාදරයා අන්තදූෂිතයෙකු බව හැඟීගියේය. ඒ අනුව සමර්සෙට් ඉවත් කිරිමට අවශ්‍ය විය. ක්‍රි.ව 1453 දී ප්‍රංශයේදි ලද පරාජයත් සමග, හෙන්රි රජුගේ මානසික රෝගය උත්සන්න විය. කිසිවකට ප්‍රතිචාර නොදැවූ ඔහු තුල ව්‍යාකූලත්වය උත්සන්න විය. මාග්‍රට් බිසව පුත් කුමරෙකු ප්‍රසූත කලද එය පිලිබදවද ඔහුට නිනව් නොවීය. මේ අතර යෝර්ක් හි රිචඩ්, එංගලන්තයේ හා රජුගේ ආරක්ෂකයා බවට පත්වෙමින් සමර්සෙට් ආදිපාදවරයා සිරගතකලේය. 1455 පෙබරවාරියේදි පමණ මාග්‍රට් බිසවගේ දැඩි පරිශ්රමය මැද රජු නැවතත් ප්‍රකෘති තත්ත්වයට පත්විමට සමත්විය. රෝගීව සිටි සමයේදි රිචඩ් ගේ ක්‍රියාකලාපය ගැන මාග්‍රට් ගේ ගතුකීමෙන් අපැහැදුණු හෙන්රි රජු විසින් රිචඩ්ගේ තනතුරු ඉවත්කර සමර්සෙට් ආදිපාදවරයා නිදහස් කලේය. වෝවික් ආර්ල්වරයා සමග සන්ධානගත වන යෝර්ක් හි රිඩච්, 1455 දී හෙන්රි රජුට එදිරිව සටනක් අරබයි. සටනික් සමර්සෙට් ආදිපාදරවයා ජිවිතක්ෂට පත්වන අතර හෙන්රි තුවාල ලබයි. හෙන්රි යෝරක් වරුන්ගේ සිරබාරයට පත්වන අතර මාග්‍රට් හා පුතු එඩ්වඩ් පිටුවහල් කරනු ලබයි. රිචඩ් රාජ්‍යයේ ආරක්ෂකයා බවට පත්ව පාලන කටයුතු සිදුකරයි. නැවතත් රාජ්‍ය බලය ලබාගැනිමේ අරමුණින් මාග්‍රට් බිසව තිරය පිටුපස දැවැන්ත සේනාවක් සංවිධානය කලේය. යෝර්ක් හා ලැන්කැස්ටර් අතර වසර කිහිපයක් ඇදීගිය සටන් මාලාවක් ඇරබිණ. රජකිරුළ යෝර්ක්වරුන් හා ලැන්කැස්ටර්වරුන් අතර දෝලනය වන්නට විය. සටන්මාලාව අතරතුර යෝර්ක් හි එඩ්වඩ් ඝාතනයට ලක්වු අතර ඔහුගේ පුතු එඩ්වඩ් යෝර්ක් හි නායකත්වයට පත්විය. 1461 දී ටෝටන් හීදි හිමකුණාටුවක් මධ්‍යයේ යෝර්ක් හා ලැන්කැස්ටර් හමුදා තීරණාත්මක සටනකට එලැබිනි. එංගලන්ත ඉතිහාසයේ දරුණුතම එක්දින සටනක් ලෙස සැලකෙන මෙම සටන් භූමියේදි යෝර්ක්වරුන් හමුවේ ලැන්කැස්ටර්වරුන් දරුණු පරාජයට උරුමකම් කීවේය. හෙන්රි රජු සිරභාරයට පත්වූ අතර මාග්‍රට් බිසව හා පුත්‍රයා පැනගියේය. සටනින් ලැබූ ජයත් සමග යෝර්ක් පුත්‍ර එඩ්වඩ්, සිව්වැනි එඩ්වඩ් ලෙස රාජ්‍යත්වයට පත්විය. නමුදු බලය ලබාගැනිමේ දැඩි තන්හාව නිසා නැවතත් මාග්‍රට් බිසව ප්‍රංශයේ උදව් සහිතව සිව්වැනි එඩ්වඩ් රජු නෙරපා, නැවතත් සයවැනි හෙන්රි රජුව සිහසුනේ පිහිටවීය. නමුදු කල්යල් බලා එඩ්වඩ් රජු ප්‍රහාරයක් දියත්කල අතර නැවත රාජ්‍යබලය ලබාගැනිමට හැකිවිය. හෙන්රිගේ පුත්‍රයා වූ වෙස්මිනිස්ටර් හී එඩ්වඩ් ප්‍රහාරයේදි මරුමුවට පත්වු අතර රාජකීය යුවල සිරගත කලේය. 1471 දී සිරගෙය තුලදි සයවැනි හෙන්රි ද මරණයට පත්විය. සිව්වැනි එඩ්වඩ් රජුගේ ඉදිරි රාජ්‍ය සමය සාමකාමීව ගෙවී ගියේය. ඔහු බිසව ලෙස ප්රංශකුමරියක් සරණපාවා ගත්තේය. මේ අතර පුරෝහිතයන්ගේ උපදෙස් ද නොතකමින් ආලයට මුලා වී රදළ වැන්දඹූ කතක් ද රහසේ විවාහා කරගත්තේය. එඩ්වඩ් ගේ මෙම අදූරදර්ශි ක්‍රියාව යෝර්ක් පරපුරේ අනාගතයට තදින්ම බලපෑවේය. ක්‍රි.ව 1483 දී සිව්වැනි එඩ්වඩ් රජු මියයෑමත් සමග නැවතත් දේශපාලනික ගැටුමක් ඇතිවිය. කිරුළ සිව්වැනි එඩ්වඩ් ගේ පුත්‍රයා වෙත හිමිවිය යුතු වුවද, එඩ්වඩ් රජුගේ සොයුරු රිචඩ් විසින් සිව්වැනි එඩ්වඩ් ගේ රහසිගත විවාහය ගෙනහැර පාමින් ඔහුගේ පුත්‍රයා රජකමට නුසුදුසු බව ප්‍රකාශ කරන්නට විය. කුමන්ත්‍රණය අවසානයේදි හෙතෙම තෙවැනි රිචඩ් රජු ලෙසින් කිරුළු පලදී. තෙවැනි රිචඩ් හට වැඩිකල් සිහසුනේ පහස විදීමට මුහුද තරණය කර පැමිණි ආක්රමණිකයා අවසර ලබාදෙන්නේ නැත. සිව්වැනි හෙන්රි රජුගේ කුඩා පුත්කුමරා අතුරුදහන් කිරිමත්, අධම පාලනයත් හේතුවෙන් ඉතා ඉක්මනින් තෙවැනි රිචඩ් රජු වෙත ජනතාවගෙන් මෙන්ම යෝර්ක් පවුලෙන් ද විරෝධය එල්ලවිය. මේ සියල්ල බලාසිටි අමතකව ගිය පුරකක් සිටි. ලැන්කැස්ටර් පරපුරේ උරුමය දරාසිටි හෙන්රි ටුඩර් නම් තැනැත්තෙකි. ලැන්කැස්ටර් හී ජෝන් ආදිපාදරයාගේ මී මුණුබුරෙකු වන ඔහු තමාට රාජ්‍යත්වය ලබාගැනිමට සුදුසුම අවස්ථාව මෙය බව හදුනාගනි. ඒ අනුව ප්‍රංශයේ සහයෝගයද සහිතව 1485 දී තෙවැනි රිචඩ් රජු බලයෙන් පහකර සත්වැනි හෙන්රි රජු නාමයෙන් රාජ්‍ය බලය ලබාගනි. මෞලිමංගල්යෙයන් පසුව සත්වැනි හෙන්රි රජු, සිව්වැනි එඩ්වඩ් රජුගේ දියණිය වන එලිසබත් කුමරිය සමග විවාහාපත්වේ. මෙයත් සමග වසර සියයකට අධික කාලයක් රුහිරු වගුරමින් ලැන්කැස්ටර් හා යෝර්ක් පවුල් අතර ඇදීගිය Wars of the Roses අවසන් විය. ජෝර්ජ් ආර්.ආර්.මාටින් විසින් ගේම් ඔෆ් ත්‍රෝන්ස් සදහා රෝස යුද්ධ අනුසාර කරගත් ආකාරය, මේ කතා දෙක සමපාත කලවිට අපට අවබෝධ කරගත හැක. මේ කතා දෙකෙහිම එකිනෙකට සමාන හැසිරිම් හා දායාදයන් ලද චරිත වේ. මාග්‍රට් - සර්සි යොර්ක් හි රිචඩ් - නෙට් ස්ටාර්ක් මාග්‍රට් ගේ පුතු එඩ්වඩ් - ජෙෆ්රි තෙවැනි රිචඩ් - ස්ටැනිස් බැරැතියන් සත්වැනි හෙන්රි - ඩිනේරියස් ටාගේරියන් රාජ්‍යයත්වය කොතරම් අස්ථාවරද? රාජ්‍යබලය කොතරම් මිනිසා අන්ධ කරනවාද? කොතරම් මිනිසා බලලෝභිද? ඉහත කතාන්දරය අපිට පවසන කතාව එයයි. සටහන --> Roshin Fernando සම්පූර්ණ බ්ලොග් සටහන -https://bit.ly/2N68XoR [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom