Gappiyagen goda yamu

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,830
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙම ලිපිය වර්තමානය වන විට ශ්‍රී ලංකවේ විසිතුරු මසුන් ඇති කරන්නන් අතර ඉතාම ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් වන ගප්පි මසුන් නිවැරදි ආකාරයට අභිජනනය කිරීම සහ වගාවක් ලෙස පවත්වා ගෙන යාම පිළිබදව ඔබව දැනුවත් කිරීමට දරනු ලබන වෑයමකි.

    ගප්පි මසුන්
    මධ්‍යම ඇමෙරිකාවේ ජන්ම ලාබය ලද ගප්පි මසුන් ලොව පුරා වර්ග 300 කට අධික ප්‍රමාණයක් ව්‍යාප්ත වී සිටින අතර ශ්‍රී ලංකව තුල ආසන්න වශයෙන් වර්ග 100 කට වැඩි ප්‍රමාණයක් දක්නට ලැබේ. වසර 1-2 අතර ආයු කාලයක් (මෙම ආයු කාලය මසුන්ට ලබා දෙන පෝෂණය සහ ඔවුන් රැක බලා ගන්නා ආකාරය අනුව වෙනස් වේ) ඇති ගප්පි මසුන් කුස තුල අභිජනනය වු බිත්තර මගින් පැටවු බිහි කිරීම සිදු කරයි (Livebearers).

    ගප්පි මසුන් අභිජනනය
    අභිජනනය සදහා සුදුසුකම් සපුරන ලද ගැහැණු සහ පිරිමි ගප්පි මව් සතුන් අතර සංවාසය සිදු කිරීම මගින් ගප්පි පැටවුන් බෝ කර ගැනීම සිදු කරනු ලබයි.

    අභිජනන අවශ්‍යතා

    1. නිවැරදිව මා පිය මසුන් තෝරා ගැනීම.

    මෙහිදී නිවැරදි මව් සතුන් තෝරා ගරනීමේදි පහත සදහන් කරුණු පිළිබදව විශේෂ අවධානය යොමු කල යුතුයි.

    * නිවැරදි විශේෂය - අභිජනනය සදහා එකම විශේෂයකට අයත් මව් මසුන් තෝරා ගත යුතුය. නමුත් අළුත් විශේෂ නිර්මාණය කිරීමේදි මසුන් විවිධ විශේෂ වර්ග දෙකක් හෝ කිහිපයක් අභිජනනය සදහා යොදා ගැනීම සිදු කරනු ලැබේ.
    * නිරෝගි බව - මව් මසුන් ලෙඩ රෝග වලන් තොර නිරෝගි මසුන් විය යුතුය. අභිජනනය සදහා තෝරා ගන්නා නිරෝගි ගැහැණු සතෙකුගෙ බඩ මෘදුව ඇතුලට තෙරෙපිය යුතු වන අතර බිත්තර ගල් වූ මසුන්ගෙ එසේ නොතෙරපෙයි.
    * ශරීර හැඩය හා ප්‍රමාණය - මව් මසුන්ගෙ ශරීරය ඇද වීම් නැවීම් නොමැතිව එක් එක් වර්ගයට අදාල ශරීර ප්‍රමාණයන්ගෙන් යුක්ත විය යුතුය.
    * නිවැරදි වරල් - එක් එක් වර්ගයට අදාල සම්මත ප්‍රමාණයන්,හැඩ තල සහ වර්ණ රටා වලින් ලය වරල් ( Pectoral fins) , පසුපස වරල් (Caudal fin) සහ පුෂ්ඨීය වරල්( Dorsal fin) යුක්ත විය යුතුය.
    * ජානමය ස්ථාවරත්වය - අභිජනනය සදහා තෝරා ගන්නා ලද මසුන් සහ එම මසුන්ගෙ පරම්පරාවල ජාන විකෘති තාවයන්ගෙන් තොර විය යුතුය.

    2. ජලයෙ තත්වය.
    PH අගය 6.5 - 7.5 අතර ,දෘඩතාව (Hardness) 8-12 dGH (150-200mg/L ) අතර, ජලයෙ උෂ්ණත්වය 28 - 30 Celsius , අවලම්බීත අංශු(Turbidity) 1NTU, ඇමෝනියා අගය 0 ppm , නයිට්‍රයිට් 0 ppm සහ නයිට්රේට් 10ppm යන ගුණාංග වලින් යුත් ජලය ගප්පි මසුන් සදහා වඩාත් යෝග්‍ය වේ.

    3. ආහාර හා පෝෂණය
    ගප්පි මසුන් සදහා ඔවුන්ගෙ ජීවන චක්‍රයෙ එක් එක් අවස්ථාවල ඊට ගැලපෙන ආහාර සහ පෝෂණය ලබා දිය යුතුය. මෙහිදි සෑම විටම ඒකාකාරී ආහාර මසුන් හට ලබා දීම සිදු නොකර ළදරු අවධිය ( Nursery Period) , වර්ධක අවධිය ( Growth stage) සහ මව් මසුන් (Broodstock) යන අවධි සදහා උචිත ආහාර හා පෝෂණය අවශ්‍ය ආහාර වේල් ගණන අනුව ලබා දීම මගින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.

    4. පාරිසරික සාධක.
    ගප්පි මසුන් සදහා සීතල අධික කාලගුණයකින් සහ ජලයේ ඛඨිණතාවය වැඩි ප්‍රදේශ සුදුසු නොවේ.

    5. නිෂ්පාදන සැලැස්මක් සමග නිවැරදි කාලසටහන් සහ වාර්ථා. අපනයනය ඉලක්ක කර ගෙන ගප්පි මසුන් අභිජනනය කිරීමේදි අඛණ්ඩව මසුන් සැපයීම සදහා නිෂ්පාදන සැලැස්මකට අනුගතව මසුන් නිෂ්පාදනය කිරීම තුලින් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිවන අතර නිෂ්පාදනයට අදාල සියලු කටයුතු වාර්ථා ගත කිරීම නිෂ්පාදනයට අදාල තීරණ ගැනීමට උපකාරී වේ.

    අභිජනනය ක්‍රියාවලිය (Breeding process )

    1. අභිජනනය සදහා ගප්පි මසුන්ට අනුරෑපව මත්ස්‍ය ටැංකි තෝරා ගැනීම.
    මෙහිදි ගප්පි මසුන්ගෙ ජීවන චක්‍රයේ එක් එක් අවස්ථාවන්ට අනුරෑපිව මත්ස්‍ය ටැංකි තෝරා ගත යුතුය. ව්‍යාපාරික අභිජනන කරුවන් සාමාන්‍යයෙන් පහත අයුරින් එක් එක් ප්‍රමාණ වල ටැංකි භාවිතා කරයි.
    මව් මත්ස්‍ය ටැංකිය( Brood stock Tank) - 5’*5’
    ළදරු මත්ස්‍ය ටැංකිය (Nursery Tank) - 4’*4’
    වර්ධක මත්ස්‍ය ටැංකිය 01 (Grow out Tank 01 ) - 5’*5’
    වර්ධක මත්ස්‍ය ටැංකිය 02 (Grow out Tank 02) - 5’*10’

    සැ.යු:-
    ටැංකි වල ප්‍රමාණය මව් මසුන් සංඛ්‍යාව, අභිජනන කරුගෙ රුචිකත්වය සහ ගොවිපොලෙහි ඉඩ ප්‍රමාණය යන සාධක මත වෙනස් වේ.

    2. අභිජනනය සදහා ටැංකි සකස් කිරීම.
    අභිජනනය සදහා තෝරා ගත් ටැංකිය හොදින් සෝදා කොන්ඩිස්(Condy’s) යොදා විෂබීජ හරණය සිදු කර දිනක් අව්වේ වෙලෙන්න තබා දෙවන දින ජලය පුරවා තබා තෙවනි දින මසුන් එක් කල යුතුය.

    3. සුදුසු ජල පරාමිතින් සහ ජල ප්‍රමාණ.
    මත්ස්‍ය ටැංකිය සදහා ජලය අප ඉහත සදහන් කල ගුණාංග වලින් යුක්ත විය යුතු අතර ගප්පි මසුන් සැමවිටම ජල පෘෂ්ඨය මත ජීවත් වන මත්ස්‍ය ප්‍රබේදයක් බැවින් ටැංකියෙ ජල මට්ටමේ උස අගල් 6” - 8 “ අතර ප්‍රමාණයක් සෑහෙ.

    4. පැටවුන් සදහා ආවරණ සහ ජලජ පැළටි අභිජනන ටැංකි වලට යොදා ගැනීම.
    ස්වභාවයෙන්ම ගප්පි මව් මසුන් පැටවුන් දැමු පසු එම පැටවුන් සදහා දෙමාපිය රැකවරණය ලබා නොදෙයි. පැටවුන් බිහි කිරීමෙන් පසු ගප්පි ගැහැණු මසුන් තම ශරීරයෙ මේද ගබඩාව නැවත පිරවීම සදහා පැටවුන් ආහාරයට ගනී. මෙය වැලැක්වීම සදහා අභිජනන කරුවන් පහත ක්‍රියා මාර්ග අනුගමනය කරයි.

    *අභිජනන කූඩු (Breeding Cage) භාවිතා කරීම .
    මෙහිදි අභිනනය සදහා තෝරා ගන්නා ලද මව් මසුන් අභිජනන ටැංකිය තුල තැන්පත් කරන ලද අභිජනන කූඩුව තුලට දැමීම සිදු කරයි. එම කූඩුවට දමන ලද මව් මසුන් නැවත ටැංකිය තුලට පැමිණීමට නොහැකි අයුරින් එය තැන්පත් කල යුතුය. පැටවුන් දැමු පසු අභිජනන කූඩුවේ කුඩා සිදුරු තුලින් පැටවුන් පිටතට පැමිනෙයි එම නිසා පැටවුන් අභිජනන ටැංකියෙන් ඉවත් කර ගන්නා තුරු මව් සතුන්ගෙන් ආරක්ෂා වෙයි. (පහත රූප රාමුවෙ දැකවෙන පරිදි).

    *ප්ලාස්ටික් කූඩ (Plastic containers) භාවිතා කිරීම.
    වෙළද පොල තුල ඇති කුඩා සිදුරු සහිත ප්ලාස්ටික් කූඩ ඉහතසදහන් කල ආකාරයටම යොදා ගැනීම සිදු කරනු ලබයි. (පහත රූප රාමුවෙ දැක්වෙන පරිදි).

    *ගෝනි නූල් (Poly sack fibers) භාවිතා කිරීම.
    ගෝනි වල කෙදි අවශ්‍ය ප්‍රමාණයට ලෙහා ගෙන වතුරෙ පානොවන ලෙස බරක් යොදා අභිජනන ටැංකියට යොදයි. මෙහිදී ගෝනි නූල් කොන්ඩිස්(Condy’s) යොදා ගෙන විෂබීජ හරණය කොට යොදා ගැනීම වඩාත් යෝග්‍ය වේ.(පහත රූප රාමුවෙ දැක්වෙන පරිදි).

    *ජලජ පැළෑටි භාවිතා කිරීම.
    ගප්පි මසුන් අභිජනනය සදහා වීෂබීජ හරණය කල හයිඩ්‍රිල්ලා(Hydrilla) , ජලජ ගෝවා(Water cabbage) සහ හෝන්වර්ට් (Hornwort) යන පැළෑටි වර්ග භාවිතා කිරීම තුලින් මව් මසුන්ගෙ ආක්‍රමණ වලින් පැටවුන් ආරක්ෂා කර ගත හැකිය.

    5. අභිජනන ටැංකියෙ මත්ස්‍ය ධාරිතාව(Stocking Density).
    සම්මත ක්‍රමය අනුව අභිජනනය සදහා වර්ග අඩියකට මව් මසුන් 4 දෙනෙකු එක් කරයි. නමුත් අභිජනන ටැංකිය නිසි අයුරින් අවශ්‍ය කාලයේදි (දිනක් හැර දිනක් හෝ අවශ්‍ය පරිදි) Siphon කර ජලයේ ගුණාත්මක බව( water quality) රැක ගනිමින් අවශ්‍ය ප්‍රමාණයට වාතනය( Aeration) සිදු කිරීම මගින් වැඩි මසුන් ප්‍රමාණයක් අභිජනනය සදහා ටැංකියට එක් කර ගත හැකිය.

    6. තෝරා ගත් මව් මසුන් අභිජනනය සදහා එක් කරීම.
    අප ඉහත සදහන් කරන ලද අභිජනනය සදහා සුදුසුකම් සපුරා ලිංගික පරිණතභාවයට (Sexual maturity) පත් දින 45 ක් වයස ගැහැණු සතෙක් හා දින 60 වයසැති පිරිමි සතෙක් අභිජනනය සදහා 1 : 3 (පිරිමි 1 කට ගැහැණු 3 ) අනුපාතයට ටැංකියෙ ධාරිතාවය අනුව එක් කරයි.

    7. මව් මසුන් සදහා ආහාර සහ පෝෂණය(Brood stock feeding).
    අභිජනනය සදහා එක් කල මව් මසුන් සදහා දිනකට ආහාර වේල් 3 ක් ලබා දිය යුතුය. මෙම අවස්ථාවේදි අභිජනනකරුවන් හරක් මස් වලින් සකසනු ලබන ඉහළ ප්‍රේටීන් (High protein) අගයකින් සමන්විත ආහාර වේලක් ලබා දීම සිදු කරනු ලබයි.

    8. පැටවුන් බිහි කිරීම.
    අභිජනනය සදහා මව් මසුන් අභිජනන ටැංකියට එක් කර 18 වන දින ඉහතින් සදහන් කරන ලද පැටවුන් මව් මසුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා භාවිතා කල හැකි වඩාත් සුදුසු ක්‍රමයක් යොදා ගැනීම සිදු කල යුතුය. මව් මසුන් ටැංකියට එක් කල පසු දින 21-28 දක්වා පැටව් දැමීම සිදු කරයි එසේ දමන ලද පැටවුන් දිනකට වාර 3 හෝ 5 ක් අල්ලා වෙන් කර ගත යුතුය. මෙසෙ අභිජනනය සදහා යොදා ගන්නා මව් මසුන්(Brood Stock) මගින් මාස 4 - 6 දක්වා සාර්ථක පැටවුන් අස්වැන්නක් ලබා ගත හැකිය.

    සැ.යු:-
    මෙම ලිපියේ සදහන් දින වකවානු එක් එක් අභිජනනකරුවන් භාවිතා කරන අභිජනන ක්‍රම සහ ආහාර පෝෂණ රටා අනුව සුලු වශයෙන් වෙනස් විය හැක.

    ඔබට ජය....!!!!

    Research and development unit (((swayan rakiya))). EBUSE
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1623478242301.jpeg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,718
    12,746
    113
    මාත් හිතුවේ මුගේ channel එක ගැන කියනවා කියල :baffled:

    මෙම ලිපිය වර්තමානය වන විට ශ්‍රී ලංකවේ විසිතුරු මසුන් ඇති කරන්නන් අතර ඉතාම ජනප්‍රිය මත්ස්‍ය විශේෂයක් වන ගප්පි මසුන් නිවැරදි ආකාරයට අභිජනනය කිරීම සහ වගාවක් ලෙස පවත්වා ගෙන යාම පිළිබදව ඔබව දැනුවත් කිරීමට දරනු ලබන වෑයමකි.



    Research and development unit (((swayan rakiya))). EBUSE
    උඹ මාළු හදනවද ?
    මගේ තඩි ටැංකියේ චුට්ටි චුට්ටි ගොළු බෙල්ලෝ :baffled:

    මොකද කරන්නේ
    ------ Post added on Jun 12, 2021 at 3:07 PM
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මාලු හෑදිල්ල එපා වෙලා ඉන්නේ.. එක සතියෙන් වතුර කොලපාට වෙලා චා වෙනවා. සතියකට සෑරයක් ටෑන්කිය සුද්ධ කරනවා කියන්නේ මහා ඈණයක්