Gee Puja (ගී පූජා )

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
මරුන් දප බින්දා (සම්බුද්ධත්ව ජයන්ති ගීතය )



මරුන් දප බින්දා (සම්බුද්ධත්ව ජයන්ති ගීතය )
පද - පූජ්ය නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
හඩ -අමරසිරි පීරිස්
නාද - දර්ශන රුවන් දිසානායක

මරුන් දප බින්දා...
කෙළෙස් මළ සින්දා....
ලොවේ ලොව්තුරු බව පසක් කළ
තථාගත හිමි පා.. කමල් වැන්දා.....
පා.. කමල් වැන්දා....

පැළට මැදුරට නොකර වෙනසක්...
මිතුරු රුපුනට නොමැත අහිතක්
ළොවේ ඔබ මිස කවුරු වේවිද
අසම සම උතුමෙක්...
අසම සම උතුමෙක්...

සුර අසුර නා දෙව් බඹුන්ටත්
සදා සැනසෙන මග කියාදුන්
තිළොව ඔබ හැර කාට නම් වෙද
අසම සම නැණසක්.....
අසම සම නැණසක්.....
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth


ගමන නොනිමෙයි ලෝකයේ
ගමන නොනිමෙයි ලෝකයේ මේ පුරුදු ජීවන මංතලේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

වැටෙන මල් පෙති පාවුනාවේ සුළං රැළි ඔහෙ යන අතේ..
යළිත් ගහකොළ පාළු නෑනේ රිකිළි නංවා ලියැලැවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

කොහෙද සීතල ජලාශයක රැළි ගැටී ගැටී එයි සුළං වැදී..
අපේම සිරුරේ අපේම දහදිය නිවී නිවී යයි සුළං වැදී..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

ගලා බසී දිය පහර සෙමින් වැලිතලා සදා සමතලා බිමේ..
හැපී ගලක යළි සලා වැටුම් දී නගා නගා හඬ දිවේ දිවේ..
ගැටෙන සැප දුක මාරු වී යයි පුරුදු ජීවන මංතලේ..

පද - චන්ද්‍රරත්න මානවසිංහ
නාද - ආර් මුත්තුසාමි
හඩ - නාරද දිසාසේකර
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
ආශා දෑසින් දකිනා සිහිනේ

ආශා දෑසින් දකිනා සිහිනේ




ආශා දෑසින් දකිනා සිහිනේ
මිහිර මැකී යනවා
ඒ සිහිනේදුටු තනිකම ඉපදී
හද තුළ තෙරපෙනවා

ආ මග දෑලේ පිපි මල් පර වී
නෑ පල හට ගන්නේ
සිතුවිලි මී මැසි නැත අද මී බැඳ
උන්මය රිදවන්නේ

තණ්හා දෑතින් පැතුමේ වරපට
ගිලිහී බිම වැටිලා
දෛවයෙ ගොනු අද ජීවන ගැල ගෙන
ආ මග දිව යනවා

ඈත අතීතයෙ සිහින මැදින් යළි
ජීවනයට යනවා

පද රචනය - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - ජයතිස්ස අලහකෝන්
සංගීතය -- පණ්ඩිත් අමරදේව
ගායනය - දේවානන්ද වෛද්‍යසේකර
අධ්‍යක්ෂණය -- ජී. ඩී. එල්. පෙරේරා
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
කස්තුරි සුගන්ධයෙහි මනහර බව සිතට නංවන..,
වසන්ත ඍතුව මෙන් සියලු දෙනා හට සුවය සලසන..,
හිරු සදුගේ ආලෝකය මැඩලමින් අවිදු අදුර දුරලන..,
බුදුරජුන්ගේ ධර්මයේ සිත් අලවා වාසය කරත්වා !