Gen.SARATH FONSEKA අපි ඔබ සමගයි

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    රටේ ප්‍රතිපත්ති රැකීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ විය යුතුයි - ජනරාල් සිය මංගල කතාවේදී කියයි

    රටේ ප්‍රතිපත්ති රැකීම පාර්ලිමේන්තුවෙන් ආරම්භ විය යුතු බවත්, ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා පාර්ලිමේන්තු සභාවේ සියලු දෙනා සිය අවධානය යොමු කර කටයුතු කළ යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජනරාල් සරත් ෆොන්සේකා මහතා සිය මංගල කතාව පවත්වමින් අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මෙහිදී ජනරාල් සරත් ෆොන්සේකා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    "ගරු කතානායකතුමනි,

    ඔබතුමා‍ මේ සභාවේ නායකයා හැටියට පත්විම ගැන අපගේ පක්ෂය වෙනුවෙන් හෘදයාංගම සංතෝෂය ප්‍රකාශ කරන අතර, ඔබතුමාට ඔබතුමාගේ කාර්ය භාරය සර්වප්‍රකාරයෙන් සාර්ථකව කර ගගෙන යාමට ලැබේවා කියා මා මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනව. මේ රටේ දේශපාලනයේ තීරණාත්මක අවධියක මේ රට ගමන් කරන කාල පරිච්ඡේදයක, ඔබතුමාට ඔය ආසනයේ සිටගෙන ඉටු කිරීමට වන සේවය ඉතාම භාරදූරයි, ඉතා විශාලයි. එම සේවය අපක්ෂපාතීව, සාධාරණව, රට වෙනුවෙන් ඉෂ්ඨ කරාවි, ඉෂ්ඨ කරන්න ඒ ශක්තිය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව. ඔබතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින්, ඔබතුමාගෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ඨ කරාවිය කියන විශ්වාසය අප තුළ රඳා පවතිනව.

    රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපත්ති රැකීම ආරම්භ විය යුත්තේ මේ ස්ථානයෙන්. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්ති සියලුදෙනාගේම නිදහස, සියලුම පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් තිබීම, සියලුමදෙනාගේ මානුෂික අයිතිවාසිකම් රැක ගැනීම, සියලුමදෙනාට සාධාරණත්වය ඉෂ්ඨ කිරීම, රටේ නීතියේ නිදහස ආරක්ෂා කිරීම මේ කරුණු මේ සභාවෙන් පටන්ගෙන රට පුරා සාර්ථකව මහජනයාගේ අභිප්‍රායන් ඉෂ්ඨ කරමින් ක්‍රියාවට යෙදීම සඳහා මේ සභාවට ඔබතුමා නායකත්වය දෙයි කියල අපි බලාපොරොත්තු වෙනව.

    මහජනයාගේ නිදහස මේ අවස්ථාවේදී ඉතා වැදගත්. මහජනයාට තිබිය යුතු අයිතිය සාධාරණත්වය, කතා කිරීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, වෙනස් වූ දේශපාලන අදහස් දැරීමේ අයිතිය, ඇසුරු කිරීමේ අයිතිය, අනවශ්‍ය නීති විරෝධී සිර අඩස්සිවලට පත් නොවී සිටීමට මනුෂ්‍යයින්ට ඇති අයිතිය, මෙවැනි දේවල් ආරක්ෂා කිරීමට ඔබතුමා මේ සභාව යොමු කරනු ඇතැයි කියල බලාපොරොත්තු වෙනව.

    මමත් මේ අවස්ථාවේදී එවැනි අසාධාරණයකට ගොදුරු වූ අයෙන් විදියට පළවෙනි වතාවට මේ සභාවට ඇතුලත් වෙලා ඔබතුමා ඉදිරියේ මෙම ඉල්ලීම් කිරීමට ලැබීම ගැන මා සතුටු වෙනව. මේ අවස්ථාව ලබා දීම ගැන මේ ඉදිරියේ ඉන්න රාජපක්ෂ රජයේත්, සියලුම මන්ත්‍රීවරුන්ට මගේ ප්‍රසංශාව හා මගේ ගෞරවය පිරිනමනව.

    රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමා සාධාරණව ඉෂ්ඨ කරන ඕනෑම සේවයකට රාජකාරියකට අපගේ සම්පූර්ණ සහය දෙන වග මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඔබතුමාට ජය පතන අතර, ගරු අගමැතිතුමාටත් ඔබතුමාගේ නව නිල‍යේ රාජකාරී කිරීමට අපේ ආශිර්වාදය ප්‍රකාශ කරනව.

    සියලුම ලක්වැසියාට ජය පතමින් මම නිහඬ වෙනව."

     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    SFparliament.jpg
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ජෙනරාල් සරත් ෆොන්සේකා සමග විශේෂ සම්මුඛ සාකච්ඡාව

    අත් අඩංගුවේ පසුවන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද පළමුවරට පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ මහතා සමග කෙටි දුරකථන සංවාදයක ‍යෙදෙන්නට ලංකාටෲත් කණ්ඩායමට හැකියාව ලැබුණා.

    පහත දැක්වෙන්නේ එම දුරකථන සංවාදයයි.


    http://www.lankatruth.com/sin/images/photos/mp3/sf_mixdown.mp3