GEN. SARATH FONSEKA, APPOINTED SPORTS MINISTRY SECRETARY

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    genfonseka.jpg


    General Sarath Fonseka, Chief of Defence Staff and former Army Commander, was appointed Secretary to the Ministry of Sports and Recreational Activities today.:shocked:
    According to the Minister of Sports and Recreational Activities, Gamini Lokuge, the ministry is glad to have General Fonseka as the ministry secretary.

    “General Fonseka will assume duties in the near future,” said Lokuge.
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ක්‍රිඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

    ඔහු එම ලේකම් තනතුර හොබවන්නේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ක්‍රියා කරන අතරය.

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර ද්විතියික අධ්‍යාපනය ලැබූවේ කොලඹ ආනන්ද විද්‍යාලයෙනි.

    පාසල් මලල ක්‍රීඩා , පිහිනුම් සහ වොටර් පෝලෝ ක්‍රීඩා කණ්ඩායම්වල නායකත්වය දැරූ ඔහු වර්ණලාභී ක්‍රීඩකයෙකු ද විය.

    ශ්‍රී ලාංකා යුධ හමුදාවේ සිංහ රෙජිමේන්තුවෙන් ඔහු සිය හමුදා ජීවිතය ආරම්භ කළේය.

    ජනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාපති ධූරයට පත්වූයේ 2005 වසරේ දෙසැම්බර් 6 වෙනිදාය.

    පුරා තිස් වසරක් පැවති යුද්ධය නිමා කිරීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ සරත් ෆොන්සේකා මහතා ඒ වෙනුවෙන් කළ කැපවිම් හේතුවෙන් පසුගිය මැයි මස 18 වෙනිදා ජනරල් නිලයට උසස් කෙරිණ.

    අනතුරුව ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වූයේ ජූනි මස 15 වෙනිදාය.