මචන් මේක පොඩ්ඩක් පැහැදිලි කරපන්කො..මොකද මාත් අඩු යැයි සම්මත කුලේක එකෙක්..කවදහරි වැදගත් වෙයිනෙ..
හැබැයි මට රියල් රිච් කෙල්ලෙක් ඕන කියල එකක් නම් නෑ..
මොකද මට අනාගතේ යමක් කමක් කරගෙන ගෑනියෙක් පවුලක් නඩත්තු කරගෙන සාමන්ය මිනිහෙක් විදියට ඉන්න පොටක් තියෙනවා.
සම කුල බැදහන් මචන්. ඒක තමා හොදම. මචන් මිනිස්සුන්ට ප්‍රශ්නයක් ආවහම ගහන්න ඕනේ උනාම තෝරගන්නේ ලොකුම ආයුදේ. ඔය වෙලාවෙදි අනිවා කුල කේස් ඇදෙනවා.අන්න එතකොට වැඩේ අමාරුයි මචන්. කුලවාදෙට අපි විරුද්ද උනත් ගග ගලන පැත්තට පීනන්න සිද්ද වෙනවා මචන්. එහෙම නැතුව උඩුගම් බලා පීනන්නනම් සිද්දාර්ත කුමාරයා වගේ පට්ටම මොරාල් එකක් තියෙන කෙනෙක් වෙන්න වෙනවා. අනික මචන් එක එක් කුලවල අයගේ සිතුම් පැතුම් හැසිරීම් වලත් සුලු සුලු වෙනස්කම් තියෙනවා. මම මේ කිව්වේ ප්‍රායෝගික යතාර්තය. ඒ නිසා සම කුල බැදපන්. කිසි අව්ලක් නෑනේ එතකොට
