database eka wenas da arawata wada.. copilot use karanne github eke thiyena repository wala data da..wena data use karan nadda... (chatgpt eketh github code use karanawa neda code generate karanda..).. anika mewagen bugs aduma mokeda
Copilot එක coding වලට specialized නේද? ඔව් repo වලින් train කරලා තියෙනවා කියල කියන්නෙ. වෙන data ත් අනිවා use කරනවා අැති, විශේෂයෙන්ම stack overflow එක එහෙම.
ChatGPT එක වගේ බුල කෙළිනවා සෑහෙන්න අඩුයි මම හිතන්නෙ Copilot, මොකද එක වැඩකට focus කරන නිසා. Claude එක වුණත් අැත්තටම මම කරන්න හදපු coding වැඩවලදි නම් ChatGPT එකට වඩා bugs අඩුවෙන් හැම පැත්තම බලල codes ලියල දුන්නා.
හැබැයි මම හිතන විදිහට general requirement එකක් කිව්වාම (මට මෙන්න මේ වැඩේ කරන්න full code එකක් දීපන් වගේ), විශේෂයෙන්ම implement කරන්න ඕන විදිහ හරියට specify නොකර හොඳ එකක් තෝරලා කරපන් කියල වගේ ඉල්ලුවාම ChatGPT, Claude වගේ GPT වර්ගයෙ AI වැඩේ හොඳට තේරුම් ගන්න අතින් ඉහළ අැති.
හොඳම දේ වචනෙ තේරුමම ගනින්කො.
උඹ plane එකට නැගලා මාව ඩුබායි අරන් පලයන් කිව්වාම GPT එකකට සම්පූර්ණ Route planning පැත්ත කරලා, plane එක ගෙනියන්න ක්‍රියාත්මක කරන්න ඕන general controls ටික list කරන වැඩේ සාමාන්‍යයෙන් හොඳට කරන්න පුළුවන්. හැබැයි උට Specialized task, විශේෂයෙන්ම එකට එකට සම්බන්ධ වෙලා යන දේවල් ගොඩක් කරන්න ගියොත් බාගයක් දුර යද්දි මුල කෑලි අමතක වෙන ප්‍රශ්නෙ එන්න පුළුවන්. උදාහරණයක් විදිහට සම්පූර්ණ code එකේ පොඩි කෑල්ලක් මේ විදිහට වෙනස් කරපන් කියලා, ක්‍රම කීපයක් වගේ ට්‍රයි කරලා හොඳ එක තෝරගෙන, අා දැන් සම්පූර්ණ code එක දීපන් කිව්වොත් step කීපයකට කලින් කියල තිබුණ instructions අමතක කරලා අදාළ නැති කෑලි දාල හදල දෙන්න යම් ඉඩක් තියෙනවා.
හැබැයි Copilot එක නිකන් සහායක pilot කෙනෙක් වගේ. උඹ coding දන්නවා කියල හිතාගෙන උඹට පැත්තෙන් සහය දෙන එකයි එ්කෙදි වැඩිපුරම වෙන්නෙ. උඹ plane එක අරන් යනවා නම් අවශ්‍ය අමතර detail දීලා, බාහිර task complete කරලා සහය දෙන එක එ් වගේ specialized AI එකක් වඩා හොඳට කරනවා. අර මුල අමතක වෙන ප්‍රශ්න, උඹ දෙයක් කිව්වාම එ්කෙ language nuances බල බල විකාර නැටිලි නෑ. සම්පූර්ණ උඹෙ coding වැඩේට අවධානය දීලා වැඩේ කරනවා. Serialized instructions කොච්චර දුන්නත් කෑලි අමතක වෙන් නෑ. කරගෙන යන වැඩේ කියන පිළිවෙළට කරනවා විතරක් නෙවෙයි, හරි ගිය නොගිය දේවල් ගාණට handle කරනවා.
මම හිතන්නෙ මොකක් හරි AI එකකට දාල අාපු උත්තරයක් Copy paste කරාට වඩා මෙහෙම කිව්වාම උඹට තේරෙන්න අැති.