මගෙ නම් අදහස මෙකයි .
ඒකාධිකාරයක් තියාගන්න දෙන්න බැහැ වෘතියකට.
ක් කවූකරත් හිතකර නැහැ.
සයිටම් එකෙ අඩුපාඩු තියෙනවා.සයිටම් එක වහපු එක මාත් අනුමත කරනවා.
බටහිර රටවල් වල රජයෙ විශ්වවිද්‍යාලයක්(State Universities ) කියන්නෙ සම්පූර්ණ ලාභ අනපෙක්ෂිත රජය මඟින් සියල්ල නියාමනය වන ආයතනයක් මිසක් පිනට දෙනවා කියන එක නෙමෙ (අපෙ උන් රජයෙ කිව්වාහම හිතන් ඉන්නෙ සෙරම නිකන් කියලා. එහෙම නිකන් දෙන්නෙ සමාජවාදි ආර්ථික සංකල්ප අනුගමනය කරනවානම් විතරයි)
ඇතුලත් වන සිසුන්ගෙන් යම් ගාණක් අය කරනවා .
එතකොට බටහිර රටක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් (Private Universities) කියන්නෙ ලාභ අනපෙක්ෂිත එහෙත් පත්කරගත් භාරකාර මණ්ඩලයක් විසින් පරිපල්නය මෙන්ම රට තුල ඇති උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති නීති රීති , විශය නිර්දේශ සියල්ල අනුගමනය කරමින් උසස් අධ්‍යාපනය ලබා දෙන ආයතනයක්
ඇතුලත වන් සිසුන්ගෙන් යම් මුදලක් අය කරනවා .එහෙත් මෙ මුදල් වලටෙ අයිතිකරුවෙක් /කරුවන් නැහැ.
අපෙ රටෙ රජයෙ විශ්වවිද්‍යාලයක් යනු බටහිර මෙන්ම රජය මඟින් නියාමනය වන මුදලක් අය නොකර නිකන් ලබාදෙන අධ්‍යාපන ආයතන.
(බටහිර විශ්වවිද්‍යාල වලයි අපෙ එව්වායෙයි වෙනස ඔතන තමා)
අපෙ රටෙ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් කියන්නෙ ලාභ අපෙක්ෂිත තනි අයිති කරුවෙක් හො අයිතිකරුවන් රැසක් සිටින ව්‍යාපාරික ආයතන.
කෙලින්ම කිව්වොත් මුදලාලිලා ඉන්නවා එ මුදලාලිලාගෙ සාක්කුවට තමා සල්ලි වැටෙන්නෙ.
සාක්කුවෙ සල්ලි උවමනාව අනුව තමා ආයතනයෙන් ලබාදෙන අධ්‍යාපනය ගැන තීරණය වෙන්නෙ (මෙක තමා අවුල)
එක නිසා හාවර්ඩ් , ස්ටැන්ෆර්ඩ් වලට අපෙ ප්‍රයිවට් ආයතන සම කරන්න බැහැ.