GMOA ටොයිලට් එක සහ ආණ්ඩුවේ කෝටි 14

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    GMOA ටොයිලට් එක සහ ආණ්ඩුවේ කෝටි 14


    කොළඹ මහ රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍ර‍ය හා GMOA ටොයිලට් සංකීර්ණය..!

    (ලංකා ඊ නිව්ස් -2019.පෙබ.14, ප.ව.10.30) කොළඹ ජාතික මහ රෝහලේ පසුගිය සති දෙක තුන තුළ හා මෙම සතියේ සිදුවු අතිශය වැදගත් සිදුවීම් දෙකකි.

    ඉන් එකක් වන්නේ වත්මන් රජය විසින් රුපියල් කෝටි 14ක් වැය කර රෝගි සත්කාරක සේවාවන් නැංවීම සදහා මෙරටට ගේවන ලද පෙට් ස්කෑන් යන්ත්‍රය මැෂිම සහිත ඒකකය විවෘත කිරීමයි. පෙට් ස්කෑන් ඒකකය යනු වත්මන් නවීන සුව සේවාවේ අතිශය වැදගත්කමක් සහිත ඒකකයකි.

    මෙම මැෂිම මගින් එක්වර සම්පුර්ණ මානව ශරීරය පරික්ෂාවට ලක් කර පිලිකා ශෛල වර්ධනය වන්නේ නම් ඒ පිළිබද ව කල්තියා හදුනාගෙන ගැළපෙන ප්‍රතිකාර සඳහා යොමු කළ හැකිවේ. සීටී ස්කෑනර් පරීක්ෂාවකින් එවැන්නක් සිදු කළ නොහැකිය. සී ටි මැෂිමකින් කළ හැක්කේ සිරුරේ එක් ස්ථානයක් පමණක් එක්වර ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම පමණි

    කෙසේ වුවද මෙම ඒකකය විවෘත කිරීම මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා ජනමාධ්‍ය ආයතන වෙත ආරාධනය කර තිබුනද අඩු තරමින් එක් ජනමාධ්‍ය ආයතනයක් හෝ සහභාගි වී නොතිබීම විශේෂත්වයකි. අඩු තරමින් රාජ්‍ය මාධ්‍යවත් ඒ සදහා අවශ්‍ය පියවර නොගත් බව එම ඒකකය බාර විශේෂඥ වෛද්‍යවරු කීහ.

    පෙට් ස්කෑන් යන්ත්‍රය රුපියල් කෝටි 14ක් වැනි අතිශය විශාල මුදලක් යොදවා ස්ථාපිත කළ අතර මෙම පරීක්ෂාවක් පුද්ගලික අංශයෙන් සිදු කරන්නේ නම් වැය වන මුදල රුපියල් ලක්ෂ 03 ඉක්මවයි. එමෙන්ම මෙම ඒකකයෙන් මහජනතාවට සිදුවන සේවය සැලකිල්ලට ගෙන ඒ පිලිබඳව මහජනතාවට දැනුම්වත් කිරීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ඒකකය බාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ අභිලාශය විය.

    එසේ නැතිව එමගින් තමන්ට පෞද්ගලික ප්‍රචාරයක් ලබා ගැනීමට ඔවුන්ට කිසිසේත්ම අවශ්‍යතාවයක් නොවීය.

    මෙම ඒකකය විවෘත කරන අවස්ථාවට සහභාගි වන ලෙස රෝහලේ අධ්‍යක්ෂ මෙන්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින්ට ආරාධනය කර තිබුන ද ඔවුන් එක් අයෙක්වත් මෙම අවස්ථාවට සහභාගි නොවීය.

    නමුත් දැනට සති කිහිපයකට පෙර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් වෛද්‍යවරු සඳහා වන ආපන ශාලාව හා ටොයිලට් සංකීර්ණය විවෘත කිරීමේ මහෝත්සවයට අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් මෙන්ම මාධ්‍ය ආයතන ද සහභාගි වු බව විශේෂඥ වෛද්‍යවරු කිහිප දෙනෙක්ම පැවසුහ.

    ඇත්තටම රෝගි සත්කාරක සේවාවන් පුළුල් කිරීම සඳහා ඉවහල් වන පෙට් ස්කෑනර් ඒකකයට වඩා ටොයිලට් සංකීර්ණයක් නිලධාරින්ට හා මාධ්‍යයට වැදගත් වුයේ කෙසේ ද යන්න විමසා බැලිය යුතුය.

    ඇත්තටම මෙවැනි සංවර්ධන ක්‍රියාමාර්ග සදහා මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

    ඊයේ එනම් 2019.02.13 දින අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අතින් අප රටේ ප්‍රථම සුහුරු පාසල Smart School හෙවත් විශ්වෝදා පාසල විවෘත කරනු ලැබීය. මෙම පාසලේ විශේෂත්වය වන්නේ අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය සියලුම නවීන තාක්ෂණයෙන් එම විදුහල සමන්විත වීමයි. අධ්‍යාපනික තාක්ෂණික වශයෙන් ඉතා වැදගත් ආදර්ශ පාසලක් වශයෙන් එහි ඇති වැදගත්කම සැබවින්ම මිල කළ නොහැකිය.එයට හේතුව නම් වර්තමානයේ ලෝකයේ අධ්‍යාපන ක්‍රියාවලිය තාක්ෂණය හා බද්ධ වෙමින් ක්‍රියාත්මක වන නිසාය. මෙම විදුහල ඉදි කිරීමට රජය රුපියල් මිලියන 350ක් වැය කරනු ලැබීය.

    කෙසේ වුවද රාත්‍රි ප්‍ර‍වෘත්ති ප්‍ර‍චාරයේ දී මම එම පුවත විකාශය කරනු ලැබීය. නවීන තාක්ෂණයෙන් යුත් එම පාසලේ පහසුකම් පිළිබඳව දැක්වෙන රූප රාමු දෙකක් පමණක් ප්‍ර‍දර්ශණය කළ අතර විනාඩි තුනක පමණ ඉතිරි කාලය වෙන්ව තිබුනේ දේශපාලනඥයින්ගේ කතාවලටය. සහභාගි වන මිනිසුන්ගේ මුහුණු වරින්වර පෙන්වමින් තෙවරක්ම රිපීට් කරමින් විකාශය විය.

    ජනතාවට වැදගත් වන්නේ දේශපාලනඥයින්ගේ කතා හෝ මුහුණු නොවේ. සැබවින්ම එම පාසලේ දර්ශන, පුවත් විකාශයේ දී ඇතුළත් කළා නම් එම ප්‍ර‍වෘත්තිය සාර්ථක වන්නට හෝ සංවර්ධන පණිවුඩය ජනතාව අතරට යාමට ඉඩකඩ තිබිනි.එහෙත් එය වළක්වමින් කටයුතු කළ ආකාරය හා ප්‍රවෘත්ති සංස්කරණය කර තිබු ආකාරය සැබවින්ම හිතා මතාම කළ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බව මගේ විශ්වාසයයි.

    ඒ සම්බන්ධව රූපවාහිනියේ ඉහළ පුටුවල සිටින බලධාරින් සිතා බැලිය යුතුය.

    කෙසේ වුවද මේ රජයේ සංවර්ධන වැඩ සටහන් අපේ සමහර ජනමාධ්‍යයට අරහන් බව පෙනේ. මහින්දගේ බත් බැලයන්ගේ ටොයිලට් එකත් උළුප්පා පෙන්වන මාධ්‍යයට පෙට් ස්කෑනර් යන්ත්‍ර‍ ඒකකය සත පහකට වැඩක් නැත. ඒකට හේතුව ඒක රනිල්ගේ ආණ්ඩුවේ වැඩක් වන හෙයිනි.

    වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව යැයි පැවසිය යුත්තේ ඒ නිසාය.

    විශේෂ ලියුම්කරුවෙක් විසිනි


    https://www.facebook.com/lankaenews/posts/2270779136320572?__tn__=K-R




    යකෝ මේක බලනකොට මම හිතුවේ ආණ්ඩුව pet scan එකට දීපු කෝටි 14
    න් GMOA එක toilet එකක් හදල කියලා


    :rofl::rofl::rofl:
     

    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    ලංකාවේ නිවුස් නං ගූ හතයි. එව්වයේ තනිකර යන්නේ එකිනෙකා බැන ගන්නා දේශපාලුවන්, අනතරු, මිනිමැරීම් රෙද්දවල් තමයි. කොයි ආණ්ඩුව තිබ්බත් ඔකනි වෙන්නේ. ඔව්ව බලන් ඉන්න මිනිස්සුන්ගේ හිත් වලත් ඇතිවෙන්නේ ක්‍රෝධය, අනාරක්ෂිත බව තමයි.

    අර ලෝකේ කොහෙද රටක පොඩි එකෙක් පටන් අරං තිබ්බ නිවුස් සයිට් එකක්. එකේ තියෙන්නේ හැපී නිවුස් විතරයි. මාර විදියට හිට් උනා.

    ලංකාවෙත් එහෙම එකක් කරා නං හරි.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    අනේ මන්දා බං මේ news කාරයෝ මොනවද කියන්නේ කියලා හිතාගන්නත් බෑ මෙච්චර අජපල් බොරු කියන්නේ ඇයි මට ආරංචි විදිහට උන්ගේ website එක GMOA එකේ එවුන් report කරගෙන කරගෙන යනවා මLU ඕකට මල පැනලා වෙන්න ඇති
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    අනේ මන්දා බං මේ news කාරයෝ මොනවද කියන්නේ කියලා හිතාගන්නත් බෑ මෙච්චර අජපල් බොරු කියන්නේ ඇයි මට ආරංචි විදිහට උන්ගේ website එක GMOA එකේ එවුන් report කරගෙන කරගෙන යනවා මLU ඕකට මල පැනලා වෙන්න ඇති

    UNP කාරයොත් බනිනවා ආණ්ඩුවට ,
    වැඩක් කරානම් කරයි කියලා කියාගන්න බැරි , පො** ජනමාධය ඇමති කියලා
    coments ටික බලපන්කො