Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GOMA නිහඩ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

කොරෝනා වයිරස ව්‍යාප්තියට අදාළව මේ වනවිට රෝගීන්ගේ වර්ධනයක් මෙන්ම රෝග ලක්ෂණ හා රෝගය පැතිර යාමේ වෙනස්කම් ද දැකිය හැකිය. කොරෝනා වයිරසයේ ප්‍රබේද වෙනස්වීම ඉතා වේගවත්ය. මේ නිසා ඒ සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව එපමණින්ම මතුව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව සෞඛ්‍ය සේවකයන් කොරෝනා වසංගතය පාලනයට විවිධ ක්‍රියාමාර්ග ගන්නේ දැන් වසර එකහමාරක පමණ කලක් තිස්සේය.

කතෘ මණ්ඩලය

2021 අගෝස්තු මස 04

පෙ.ව. 10:58

මේ අවස්ථාවේ ගැටලුව වන්නේ එක්වරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියොත් එය සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි මට්ටමකට පැමිණීමය. විශේෂයෙන්ම ඒ මගින් සෞඛ්‍ය සේවාව කෙරෙහි එල්ල කරන පීඩනය එහි සේවකයන්ට දරාගත නොහැකි වුවහොත් කොරෝනා හමුවේ අප පරාජය වීමට ද ඉඩක් ඇත. එම තත්ත්වය මගහරවා ගැනීමට නම් දැන් සිටම අප සැලසුම් සහගතව කටයුතු කළ යුතුය.

ගත වූ මාස කීපයේදී විටින් විට සංචරණ සීමා පැනවීම් ද ලිහිල් කිරීම ද දැකගත හැකි විය. ගැටලුව වූයේ ඊට කොතරම් දුරකට ජනතාව අනුගත වන්නේද යන්නෙහිය. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ගෙන් අප දුටුවේ එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් රට ස්ථාවර කරගැනීමේ උත්සාහයකි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ එන්නත්කරණ ක්‍රියාවලියට සමාන්තරව ජනතාව සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීම ද සිදුවිය යුතු බවය. එනම් කොරෝනා වයිරස මර්දනයට මේ ක්‍රියාවලි දෙකම එක සේ වැදගත් බවය. එහෙත් අප දකින දුර්වලතාව වන්නේ රාජ්‍ය බලධාරීන් මෙන්ම මහජනතාව පවා එන්නත්කරණයට උනන්දු වෙද්දී සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම නොදැනීම ගිලිහෙමින් පැවැතීමය. මෙය බරපතළ තත්ත්වයකි. එය කෙළින්ම බලපාන්නේ කොරෝනා මර්දන ඉලක්කවලටය. මේ අනුව ආසන්න ගත වූ කාලයේදී සමාජය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලද්දී කොරෝනා පාලනය කෙසේ වෙතත් ව්‍යාප්තියකට එය හේතුවී ද කියා විමසිය යුතුය.

මේ කාලසීමාවේදී ක්‍රමිකව කොරෝනා ආසාදිතව මිය යන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පැහැදිලිව දකින්නට හැකිය. පස් හය දෙනකුගෙන් ආරම්භ වූ දෛනික මරණ සංඛ්‍යාව විසිපහේ සීමාව පනහේ සීමාව ආදී වශයෙන් පැමිණ මේ වනවිට හැත්තෑවේ සීමාවටම පැමිණ තිබේ. මේ ගණන් හිලව් දෙස බලද්දී කොරෝනා මාරයා නොදැනීම අපව ආක්‍රමණය කරන ආකාරය පැහැදිලිව පෙනේ. එනිසා එන්නත්කරණය ගැන සාකච්ඡා කරන අතරේම නොපමාව සමාජ විනය ගොඩනැගීම ගැන යළි සාකච්ඡාවට ගැනීම අත්‍යවශ්‍යය. ඊට කදිම නිදසුන නම් නවසීලන්තයයි.

නවසීලන්තය එන්නත්කරණයටත් වඩා වැඩි අවධානයක් යොමුකළේ ස්වයං විනයටය. කොරෝනා සහමුලින්ම පාලනය කරන තැනකට නවසීලන්තය ගමන් කළේ සාමූහික ප්රයත්නයක් හැටියටය. එසේ බලද්දී නවසීලන්තය යනු කොරෝනා මර්දනයට අදාළව වටිනා ගෝලීය උදාහරණයකි. එහෙත් රට නැවත විවෘත කිරීමත් සමග මේ මොහොතේ අපේ රටේදී අප දකින්නේ කුමක්ද? වසර එකහමාරක් පමණ තිස්සේ නිරන්තරයෙන් අවධාරණය කළ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිදු අයුරකින් සැලකිල්ලට ලක්වන සමාජයක් නොවේ. එන්නත ලබාගත් පසු සියල්ල සම්පූර්ණ යැයි වැනි මතයක් දරන සමාජයකි. මෙය සහමුලින්ම වැරැදිය. මේ වැරැද්දේ ප්‍රතිඵලයක් හැටියට අප දකින්නේ කොරෝනා වයිරසය පාලනය වීම වෙනුවට ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන ආකාරයයි. මෙය රටක් හැටියට ගත්කල අප මුහුණ දෙන ඉතා අවාසනාවන්ත තත්ත්වයකි.

මුව ආවරණ පැළඳීම, සබන් ගා අත සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම හා සංවෘත ප්‍රදේශවල වැඩි වේලා නොගැවසීම කොරෝනා මර්දනයේ අත්‍යවශ්‍ය මූලික පියවරයි. එහෙත් රට විවෘතවීම සමග පොදු ප්‍රවාහනයේදී මේ අත්‍යවශ්‍ය පියවර පවත්වාගැනීම ප්‍රායෝගික නොවන තත්ත්වයක් මතුව තිබේ. සමාජ දුරස්ථභාවක් වෙනුවට අප දකින්නේ දුම්රියේ, බස් රියේ වෙනදා දකින මගී තදබදයයි. ප්‍රවාහනයේදී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට අවශ්‍ය උපදේශ සෞඛ්‍ය මාර්ගෝපදේශවල පැහැදිලිව සඳහන් වේ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නම් කවර වෙනස්කම් කළ යුතුදැයි කියා බලධාරීන් වහා සෙවිය යුතුය. සේවා සඳහා වාර්තා කිරීමේදී පොදු ප්‍රවාහනය භාවිත කරන ජනයා සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් කිරීම මෙහිදී වැදගත්ය. දුරස්ථභාවයත් පවත්වාගනිමින් අපහසුතාවට පත් නොවන අයුරින් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම රාජ්‍ය හා ආයතනික වගකීමකි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කාලයක් තිස්සේම කියා ඇති පරිදි කොරෝනා මර්දන ක්‍රියාවලියට අදාළව සැලසුම් සකසා ක්‍රියාවට නැගීම සෞඛ්‍ය අමාත්‍යාංශයේම පමණක් රාජකාරියක් නොවේ. ප්‍රවාහනය ඇතුළුව සෙසු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ද ඒ හා අත්වැල් බැඳගත යුතුය. එසේ නොවන තත්ත්වයක් තුළ රාජ්‍ය සේවකයන් අනතුරේ වැටීම නොවැළැක්විය හැකි අතර එහි ඊළඟ ප්‍රතිඵලය වනු ඇත්තේ ඔවුන් සමාජය තුළ කොරෝනා වාහකයන් හැටියට ක්‍රියා කිරීමය. පෙරළා මෙය රාජ්‍ය යාන්ත්‍රණය පවා බිඳ වැට්ටීමට තරම් බලවත් වනු ඇත. මෙයින් කියන්නේ රට සෑමදා වසා තැබීමක් ගැන නොවේ. රට විවෘත කරන විට උපක්රමශීලීව පූර්ව සැලසුම් මත අවදානම හැඳින එය කිරීමේ අවශ්‍යතාවයි. විශේෂයෙන්ම ප්‍රවාහන සේවය සීමා කිරීම මගින් සංචරණය සීමා කරන්නේ නම් එය කල්පනාකාරීව කළ යුතුය. මන්දයත් සේවා පහසුකම් අඩු කිරීමට සාපේක්ෂව වැඩිවන්නේ තදබදය නිසාය. එහි අනිටු පලය වන්නේ සමාජ දුරස්ථභාවය බිඳ වැටීමට නැවත එය සම්බන්ධ වීමය. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සැලකිය යුතු කාලයක ගොඩනගා ගත් ගෝලීය දැනුමක් තිබේ. ප්‍රවාහනය ආදී විවිධ විෂයන්ට අදාළව ලෝකයේ දියුණු රටවල් අනුගමනය කළ උපක්‍රම ආදිය ගැන අගනා නිදසුන් තිබේ. අපට ඒවා භාවිත කළ හැකිය. උදාහරණයකට ගතහොත් සංචරණ සීමා මධ්‍යයේ වුව ඇතැම් රටවල ප්‍රවාහන සේවාව බිඳවැටුණේ නැත. ඔවුන් කළේ ප්‍රවාහන සේවාව වඩාත් සෞඛ්යාරක්ෂිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යෑමය. සේවා සඳහා අත්‍යවශ්‍යම අය පමණක් සම්බන්ධ කරගනිමින් සමාජ දුරස්ථභාවයට ඉඩ සලසාගැනීමය. මෙම තත්ත්වය ගැන අප කඩිනමින් අවධානය යොමු කළ යුතුය.

විශේෂයෙන්ම එළැඹ ඇති අනතුර හමුවේ පොදුවේ එක්සත්වීමක් අවශ්‍යය. සෞඛ්‍ය අංශ හෝ සෞඛ්‍ය නොවන අංශ යැයි කියා වෙනසක් නැතිව වයිරසය පාලනයට එක සේ කැපවීම අත්‍යවශ්‍යය. අපේ පොදු සතුරා කොරෝනා වයිරසයයි. සතුරාට දේශපාලනයක් නැති අතර පාට පක්ෂ භේදයකින් තොරව මහජනයා ගොදුරු කරගැනීම සතුරාගේ අරමුණයි. ඒ බව දැන්වත් අපි තේරුම් ගත යුත්තෙමු. කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමේදී වෙනත් රටවල ජනයා ඒකාබද්ධ වූයේ පාට පක්ෂ භේදයක් නැතිවය. අප දැන්වත් අවට ලෝකයට වූ දේ ගැන සංවේදී විය යුතුය.

කොරෝනා වයිරසය වසංගතයක් වීම සමග දියුණු යැයි සම්මත රටවල් පවා සිය වැසියන් තොග ගණනින් මිය යෑම සමග අසරණ විය. දේශපාලන හා වෘත්තීය ගැටලු ගැන සමාජයේ වැඩි අවධානයක් යොමුවී තිබෙන්නේ අප තවමත් එවැනි අසරණවීමකට මුහුණ නොදුන් නිසාය. එහෙත් එයින් කියන්නේ අවදානමක් නැති බව නොව ඒ ගැන අවධානය අපෙන් ගිලිහී තිබීමය. එයම ඉතාම නරක තත්ත්වයකි. ඊට අවදානම සන්නිවේදනයේ කතිකාව කඩාවැටීම ද බලපා ඇති බව පැහැදිලිය. එය සන්නිවේදන ක්ෂේත්රයට තනිව කළ හැක්කක් නොවේ. සෞඛ්‍ය අංශයට අදාළ මනෝවෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් ද ඊට සම්බන්ධ විය යුතුය. ඊට හොඳම නිදසුන නම් කොරෝනා ආරම්භක කාලයේදී කළ දැනුවත් කිරීමේ ක්‍රමවේද දැන් යල් පැන ගොස් තිබීමය. වෙනදා දුරකථන ඇමතුමක් ගත්විට නිකුත් වූ අවදානම සන්නිවේදන පණිවුඩය අපට දැන් හොඳටම පුරුදුය. එය දැන් නිකන්ම නිකන් ශබ්දයක් පමණි. එකම සෞඛ්‍ය පුරුදු ගැන එකම පුද්ගලයන් කණ්ඩායමක් පැමිණ දෙන අවවාද මහජන උනන්දුව ඇතිකරන්නේ නැත. එය එකම තැටියක් යළි යළි වාදනය කිරීමේ තත්ත්වයකට පැමිණ ඇත. මෙහි අනතුර නම් අවදානමේ බරපතළකම අවශ්‍ය පමණින් මහජන අවධානයට ලක් නොවීමය. එනිසා පණිවුඩය දෙන ශෛලිය මෙන්ම පණිවුඩකරුවන් ද වෙනස් කළ යුතුය. ලෝක පරිමාණයෙන් ඊට අවශ්‍ය නිදසුන් ද ඕනෑ තරම් තිබේ.

එහෙත් අද වනවිට අදාළ වගකිවයුතු අංශ මේ කරුණු ගැන සංවේදී බවක් අපට පෙනෙන්නේ නැත. ඇතැම්විට අප කරන මේ සාකච්ඡාවේ වැදගත්කම පවා අද දිනයේ සමාජයට නොදැනෙනු ඇත. එහි ඇති ඇත්ත වැටහෙන්නේ කාලයක් ගත වූ විටය. ඊට හොඳම උදාහරණය නම් කොරෝනා මරණ වැඩි වනවිට අප කළ අනතුරු ඇඟවීම් අවශ්‍ය පමණින් බාර නොගැනීමය. ආසාදිත මරණ දහයක් පමණ වාර්තා වනවිට එය පනහේ සීමාවට යෑමේ අවදානම ගැන අපි කල්තියා පැවසුවෙමු. එවිට මරණ නොමැති තත්ත්වයකදී අනුගමනය කළ මර්දන ක්‍රමවේද ඒ අවස්ථාවට ගැළපෙන්නේ නැත. දැන් එය පනහේ සීමාව නොව හැත්තෑවේ සීමාව කරා ද ආසන්න වී තිබේ. එවැනි අවස්ථාවක අප කරන අනතුරු ඇඟවීමකදීත් අනුගමනය කරන්නේ මරණ දහයක සීමාවේදී අනුගමනය කළ මර්දන ක්‍රමවේද නම් එය අතිශය භයානක තත්ත්වයක් බව ඕනෑම කෙනකුට වැටහේ.

මේ මොහොතේ අප මුහුණ දෙන ප්රමුඛ අභියෝගය වී තිබෙන්නේ ඩෙල්ටා ප්‍රබේදයයි. වෙනත් කොරෝනා වයිරස ප්රබේදවලට සාපේක්ෂව වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවත් ආසාදිතයන්ට දැඩි සංකූලතා මතුවීමත් මෙහි ඇති නරකම තත්ත්වයයි. ආසාදිත මරණ සංඛ්‍යාත්මකව ඉහළ යන්නේ ඒ නිසාය. මාරාන්තික වයිරසයක් ව්‍යාප්ත වන වේගය වැඩි කරද්දී එහි මර්දකයන් හැටියට අප ක්‍රියා කරන වේගය ඊට වඩා වැඩි කළ යුතුය. වයිරසයට පිටුපසින් සිට එය මර්දනය කිරීම කිසිසේත් කළ නොහැක්කකි. කොරෝනා පළමු වැනි රැල්ලේදී පැහැදිලිවම අප සිටියේ වයිරසයට වඩා ඉදිරියෙනි. එය අනවශ්‍ය කලබලවීමක් නොව අත්‍යවශ්‍ය අවධානයකි. එහි ප්‍රතිඵලය වූයේ අප ජය ගැනීමයි. එහෙත් දෙවැනි හා තුන්වැනි රැල්ල වනවිට අප සිටියේ වයිරසයත් සමග සමාන්තර ගමනකය. දැන් අපට නිරීක්ෂණය වෙමින් තිබෙන්නේ වයිරසය ක්‍රම ක්‍රමයෙන් අප පසුකර යන තත්ත්වයකි. ඊට සාපේක්ෂව අපේ වේගය වැඩිකර ගැනීමට අපට හැකිවී නැති ගානය. මෙය අතිශය භයානක තත්ත්වයකි. එනිසා රජයත් සෞඛ්‍ය අංශත් ජනතාවත් එක්සත්ව ඊට මුහුණදීම වැදගත්ය. විශේෂයෙන්ම එන්නත්කරණය අඛණ්ඩව සිදු වන තත්ත්වයක සෞඛ්‍ය අංශ අර්බුදකාරී පරිසරයක වුව සිය කාර්ය ඉටු කරමින් සිටී. පවතින තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම් පෙර දී මෙන්ම පොදු සමාජයෙන් විශාල සහායක් හා දැඩි කැපවීමක් ඉල්ලා සිටී. එසේ නොවුවහොත් ඉතාම නරක තැනකට නුදුරේදීම රටක් හැටියට තල්ලුවීමට බැරිකමක් නැත.

(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)

[QUOTE="Sri_Sampath, post: 26716404, member: 264139"] [B][SIZE=5]රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ[/SIZE][/B] [SIZE=5][B]කොරෝනා වයිරස ව්‍යාප්තියට අදාළව මේ වනවිට රෝගීන්ගේ වර්ධනයක් මෙන්ම රෝග ලක්ෂණ හා රෝගය පැතිර යාමේ වෙනස්කම් ද දැකිය හැකිය. කොරෝනා වයිරසයේ ප්‍රබේද වෙනස්වීම ඉතා වේගවත්ය. මේ නිසා ඒ සම්බන්ධයෙන් විවිධ මත පළවෙමින් තිබේ. කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය විද්‍යාත්මකව තහවුරු කරගෙන ඒ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව එපමණින්ම මතුව ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළුව සෞඛ්‍ය සේවකයන් කොරෝනා වසංගතය පාලනයට විවිධ ක්‍රියාමාර්ග ගන්නේ දැන් වසර එකහමාරක පමණ කලක් තිස්සේය.[/B][/SIZE] [HEADING=3][SIZE=5] කතෘ මණ්ඩලය[/SIZE][/HEADING] [HEADING=3][SIZE=5]2021 අගෝස්තු මස 04 පෙ.ව. 10:58[/SIZE][/HEADING] [SIZE=5][IMG]https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/assets/uploads/image_d931351267.jpg[/IMG] මේ අවස්ථාවේ ගැටලුව වන්නේ එක්වරම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියොත් එය සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි මට්ටමකට පැමිණීමය. විශේෂයෙන්ම ඒ මගින් සෞඛ්‍ය සේවාව කෙරෙහි එල්ල කරන පීඩනය එහි සේවකයන්ට දරාගත නොහැකි වුවහොත් කොරෝනා හමුවේ අප පරාජය වීමට ද ඉඩක් ඇත. එම තත්ත්වය මගහරවා ගැනීමට නම් දැන් සිටම අප සැලසුම් සහගතව කටයුතු කළ යුතුය. ගත වූ මාස කීපයේදී විටින් විට සංචරණ සීමා පැනවීම් ද ලිහිල් කිරීම ද දැකගත හැකි විය. ගැටලුව වූයේ ඊට කොතරම් දුරකට ජනතාව අනුගත වන්නේද යන්නෙහිය. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ගෙන් අප දුටුවේ එන්නත්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම මගින් රට ස්ථාවර කරගැනීමේ උත්සාහයකි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරන්නේ එන්නත්කරණ ක්‍රියාවලියට සමාන්තරව ජනතාව සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කිරීම ද සිදුවිය යුතු බවය. එනම් කොරෝනා වයිරස මර්දනයට මේ ක්‍රියාවලි දෙකම එක සේ වැදගත් බවය. එහෙත් අප දකින දුර්වලතාව වන්නේ රාජ්‍ය බලධාරීන් මෙන්ම මහජනතාව පවා එන්නත්කරණයට උනන්දු වෙද්දී සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම නොදැනීම ගිලිහෙමින් පැවැතීමය. මෙය බරපතළ තත්ත්වයකි. එය කෙළින්ම බලපාන්නේ කොරෝනා මර්දන ඉලක්කවලටය. මේ අනුව ආසන්න ගත වූ කාලයේදී සමාජය ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලද්දී කොරෝනා පාලනය කෙසේ වෙතත් ව්‍යාප්තියකට එය හේතුවී ද කියා විමසිය යුතුය. මේ කාලසීමාවේදී ක්‍රමිකව කොරෝනා ආසාදිතව මිය යන්නන්ගේ සංඛ්‍යාව ඉහළ යන බව පැහැදිලිව දකින්නට හැකිය. පස් හය දෙනකුගෙන් ආරම්භ වූ දෛනික මරණ සංඛ්‍යාව විසිපහේ සීමාව පනහේ සීමාව ආදී වශයෙන් පැමිණ මේ වනවිට හැත්තෑවේ සීමාවටම පැමිණ තිබේ. මේ ගණන් හිලව් දෙස බලද්දී කොරෝනා මාරයා නොදැනීම අපව ආක්‍රමණය කරන ආකාරය පැහැදිලිව පෙනේ. එනිසා එන්නත්කරණය ගැන සාකච්ඡා කරන අතරේම නොපමාව සමාජ විනය ගොඩනැගීම ගැන යළි සාකච්ඡාවට ගැනීම අත්‍යවශ්‍යය. ඊට කදිම නිදසුන නම් නවසීලන්තයයි. නවසීලන්තය එන්නත්කරණයටත් වඩා වැඩි අවධානයක් යොමුකළේ ස්වයං විනයටය. කොරෝනා සහමුලින්ම පාලනය කරන තැනකට නවසීලන්තය ගමන් කළේ සාමූහික ප්රයත්නයක් හැටියටය. එසේ බලද්දී නවසීලන්තය යනු කොරෝනා මර්දනයට අදාළව වටිනා ගෝලීය උදාහරණයකි. එහෙත් රට නැවත විවෘත කිරීමත් සමග මේ මොහොතේ අපේ රටේදී අප දකින්නේ කුමක්ද? වසර එකහමාරක් පමණ තිස්සේ නිරන්තරයෙන් අවධාරණය කළ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශ කිසිදු අයුරකින් සැලකිල්ලට ලක්වන සමාජයක් නොවේ. එන්නත ලබාගත් පසු සියල්ල සම්පූර්ණ යැයි වැනි මතයක් දරන සමාජයකි. මෙය සහමුලින්ම වැරැදිය. මේ වැරැද්දේ ප්‍රතිඵලයක් හැටියට අප දකින්නේ කොරෝනා වයිරසය පාලනය වීම වෙනුවට ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන ආකාරයයි. මෙය රටක් හැටියට ගත්කල අප මුහුණ දෙන ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. මුව ආවරණ පැළඳීම, සබන් ගා අත සේදීම, සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම හා සංවෘත ප්‍රදේශවල වැඩි වේලා නොගැවසීම කොරෝනා මර්දනයේ අත්‍යවශ්‍ය මූලික පියවරයි. එහෙත් රට විවෘතවීම සමග පොදු ප්‍රවාහනයේදී මේ අත්‍යවශ්‍ය පියවර පවත්වාගැනීම ප්‍රායෝගික නොවන තත්ත්වයක් මතුව තිබේ. සමාජ දුරස්ථභාවක් වෙනුවට අප දකින්නේ දුම්රියේ, බස් රියේ වෙනදා දකින මගී තදබදයයි. ප්‍රවාහනයේදී සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට අවශ්‍ය උපදේශ සෞඛ්‍ය මාර්ගෝපදේශවල පැහැදිලිව සඳහන් වේ. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට නම් කවර වෙනස්කම් කළ යුතුදැයි කියා බලධාරීන් වහා සෙවිය යුතුය. සේවා සඳහා වාර්තා කිරීමේදී පොදු ප්‍රවාහනය භාවිත කරන ජනයා සම්බන්ධයෙන් පූර්ණ විශ්ලේෂණයක් කිරීම මෙහිදී වැදගත්ය. දුරස්ථභාවයත් පවත්වාගනිමින් අපහසුතාවට පත් නොවන අයුරින් ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීම රාජ්‍ය හා ආයතනික වගකීමකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කාලයක් තිස්සේම කියා ඇති පරිදි කොරෝනා මර්දන ක්‍රියාවලියට අදාළව සැලසුම් සකසා ක්‍රියාවට නැගීම සෞඛ්‍ය අමාත්‍යාංශයේම පමණක් රාජකාරියක් නොවේ. ප්‍රවාහනය ඇතුළුව සෙසු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන ද ඒ හා අත්වැල් බැඳගත යුතුය. එසේ නොවන තත්ත්වයක් තුළ රාජ්‍ය සේවකයන් අනතුරේ වැටීම නොවැළැක්විය හැකි අතර එහි ඊළඟ ප්‍රතිඵලය වනු ඇත්තේ ඔවුන් සමාජය තුළ කොරෝනා වාහකයන් හැටියට ක්‍රියා කිරීමය. පෙරළා මෙය රාජ්‍ය යාන්ත්‍රණය පවා බිඳ වැට්ටීමට තරම් බලවත් වනු ඇත. මෙයින් කියන්නේ රට සෑමදා වසා තැබීමක් ගැන නොවේ. රට විවෘත කරන විට උපක්රමශීලීව පූර්ව සැලසුම් මත අවදානම හැඳින එය කිරීමේ අවශ්‍යතාවයි. විශේෂයෙන්ම ප්‍රවාහන සේවය සීමා කිරීම මගින් සංචරණය සීමා කරන්නේ නම් එය කල්පනාකාරීව කළ යුතුය. මන්දයත් සේවා පහසුකම් අඩු කිරීමට සාපේක්ෂව වැඩිවන්නේ තදබදය නිසාය. එහි අනිටු පලය වන්නේ සමාජ දුරස්ථභාවය බිඳ වැටීමට නැවත එය සම්බන්ධ වීමය. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මේ වනවිට සැලකිය යුතු කාලයක ගොඩනගා ගත් ගෝලීය දැනුමක් තිබේ. ප්‍රවාහනය ආදී විවිධ විෂයන්ට අදාළව ලෝකයේ දියුණු රටවල් අනුගමනය කළ උපක්‍රම ආදිය ගැන අගනා නිදසුන් තිබේ. අපට ඒවා භාවිත කළ හැකිය. උදාහරණයකට ගතහොත් සංචරණ සීමා මධ්‍යයේ වුව ඇතැම් රටවල ප්‍රවාහන සේවාව බිඳවැටුණේ නැත. ඔවුන් කළේ ප්‍රවාහන සේවාව වඩාත් සෞඛ්යාරක්ෂිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යෑමය. සේවා සඳහා අත්‍යවශ්‍යම අය පමණක් සම්බන්ධ කරගනිමින් සමාජ දුරස්ථභාවයට ඉඩ සලසාගැනීමය. මෙම තත්ත්වය ගැන අප කඩිනමින් අවධානය යොමු කළ යුතුය. විශේෂයෙන්ම එළැඹ ඇති අනතුර හමුවේ පොදුවේ එක්සත්වීමක් අවශ්‍යය. සෞඛ්‍ය අංශ හෝ සෞඛ්‍ය නොවන අංශ යැයි කියා වෙනසක් නැතිව වයිරසය පාලනයට එක සේ කැපවීම අත්‍යවශ්‍යය. අපේ පොදු සතුරා කොරෝනා වයිරසයයි. සතුරාට දේශපාලනයක් නැති අතර පාට පක්ෂ භේදයකින් තොරව මහජනයා ගොදුරු කරගැනීම සතුරාගේ අරමුණයි. ඒ බව දැන්වත් අපි තේරුම් ගත යුත්තෙමු. කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමේදී වෙනත් රටවල ජනයා ඒකාබද්ධ වූයේ පාට පක්ෂ භේදයක් නැතිවය. අප දැන්වත් අවට ලෝකයට වූ දේ ගැන සංවේදී විය යුතුය. කොරෝනා වයිරසය වසංගතයක් වීම සමග දියුණු යැයි සම්මත රටවල් පවා සිය වැසියන් තොග ගණනින් මිය යෑම සමග අසරණ විය. දේශපාලන හා වෘත්තීය ගැටලු ගැන සමාජයේ වැඩි අවධානයක් යොමුවී තිබෙන්නේ අප තවමත් එවැනි අසරණවීමකට මුහුණ නොදුන් නිසාය. එහෙත් එයින් කියන්නේ අවදානමක් නැති බව නොව ඒ ගැන අවධානය අපෙන් ගිලිහී තිබීමය. එයම ඉතාම නරක තත්ත්වයකි. ඊට අවදානම සන්නිවේදනයේ කතිකාව කඩාවැටීම ද බලපා ඇති බව පැහැදිලිය. එය සන්නිවේදන ක්ෂේත්රයට තනිව කළ හැක්කක් නොවේ. සෞඛ්‍ය අංශයට අදාළ මනෝවෛද්‍යවරුන් වැනි වෘත්තිකයන් ද ඊට සම්බන්ධ විය යුතුය. ඊට හොඳම නිදසුන නම් කොරෝනා ආරම්භක කාලයේදී කළ දැනුවත් කිරීමේ ක්‍රමවේද දැන් යල් පැන ගොස් තිබීමය. වෙනදා දුරකථන ඇමතුමක් ගත්විට නිකුත් වූ අවදානම සන්නිවේදන පණිවුඩය අපට දැන් හොඳටම පුරුදුය. එය දැන් නිකන්ම නිකන් ශබ්දයක් පමණි. එකම සෞඛ්‍ය පුරුදු ගැන එකම පුද්ගලයන් කණ්ඩායමක් පැමිණ දෙන අවවාද මහජන උනන්දුව ඇතිකරන්නේ නැත. එය එකම තැටියක් යළි යළි වාදනය කිරීමේ තත්ත්වයකට පැමිණ ඇත. මෙහි අනතුර නම් අවදානමේ බරපතළකම අවශ්‍ය පමණින් මහජන අවධානයට ලක් නොවීමය. එනිසා පණිවුඩය දෙන ශෛලිය මෙන්ම පණිවුඩකරුවන් ද වෙනස් කළ යුතුය. ලෝක පරිමාණයෙන් ඊට අවශ්‍ය නිදසුන් ද ඕනෑ තරම් තිබේ. එහෙත් අද වනවිට අදාළ වගකිවයුතු අංශ මේ කරුණු ගැන සංවේදී බවක් අපට පෙනෙන්නේ නැත. ඇතැම්විට අප කරන මේ සාකච්ඡාවේ වැදගත්කම පවා අද දිනයේ සමාජයට නොදැනෙනු ඇත. එහි ඇති ඇත්ත වැටහෙන්නේ කාලයක් ගත වූ විටය. ඊට හොඳම උදාහරණය නම් කොරෝනා මරණ වැඩි වනවිට අප කළ අනතුරු ඇඟවීම් අවශ්‍ය පමණින් බාර නොගැනීමය. ආසාදිත මරණ දහයක් පමණ වාර්තා වනවිට එය පනහේ සීමාවට යෑමේ අවදානම ගැන අපි කල්තියා පැවසුවෙමු. එවිට මරණ නොමැති තත්ත්වයකදී අනුගමනය කළ මර්දන ක්‍රමවේද ඒ අවස්ථාවට ගැළපෙන්නේ නැත. දැන් එය පනහේ සීමාව නොව හැත්තෑවේ සීමාව කරා ද ආසන්න වී තිබේ. එවැනි අවස්ථාවක අප කරන අනතුරු ඇඟවීමකදීත් අනුගමනය කරන්නේ මරණ දහයක සීමාවේදී අනුගමනය කළ මර්දන ක්‍රමවේද නම් එය අතිශය භයානක තත්ත්වයක් බව ඕනෑම කෙනකුට වැටහේ. මේ මොහොතේ අප මුහුණ දෙන ප්රමුඛ අභියෝගය වී තිබෙන්නේ ඩෙල්ටා ප්‍රබේදයයි. වෙනත් කොරෝනා වයිරස ප්රබේදවලට සාපේක්ෂව වේගයෙන් ව්‍යාප්ත වීමේ හැකියාවත් ආසාදිතයන්ට දැඩි සංකූලතා මතුවීමත් මෙහි ඇති නරකම තත්ත්වයයි. ආසාදිත මරණ සංඛ්‍යාත්මකව ඉහළ යන්නේ ඒ නිසාය. මාරාන්තික වයිරසයක් ව්‍යාප්ත වන වේගය වැඩි කරද්දී එහි මර්දකයන් හැටියට අප ක්‍රියා කරන වේගය ඊට වඩා වැඩි කළ යුතුය. වයිරසයට පිටුපසින් සිට එය මර්දනය කිරීම කිසිසේත් කළ නොහැක්කකි. කොරෝනා පළමු වැනි රැල්ලේදී පැහැදිලිවම අප සිටියේ වයිරසයට වඩා ඉදිරියෙනි. එය අනවශ්‍ය කලබලවීමක් නොව අත්‍යවශ්‍ය අවධානයකි. එහි ප්‍රතිඵලය වූයේ අප ජය ගැනීමයි. එහෙත් දෙවැනි හා තුන්වැනි රැල්ල වනවිට අප සිටියේ වයිරසයත් සමග සමාන්තර ගමනකය. දැන් අපට නිරීක්ෂණය වෙමින් තිබෙන්නේ වයිරසය ක්‍රම ක්‍රමයෙන් අප පසුකර යන තත්ත්වයකි. ඊට සාපේක්ෂව අපේ වේගය වැඩිකර ගැනීමට අපට හැකිවී නැති ගානය. මෙය අතිශය භයානක තත්ත්වයකි. එනිසා රජයත් සෞඛ්‍ය අංශත් ජනතාවත් එක්සත්ව ඊට මුහුණදීම වැදගත්ය. විශේෂයෙන්ම එන්නත්කරණය අඛණ්ඩව සිදු වන තත්ත්වයක සෞඛ්‍ය අංශ අර්බුදකාරී පරිසරයක වුව සිය කාර්ය ඉටු කරමින් සිටී. පවතින තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම් පෙර දී මෙන්ම පොදු සමාජයෙන් විශාල සහායක් හා දැඩි කැපවීමක් ඉල්ලා සිටී. එසේ නොවුවහොත් ඉතාම නරක තැනකට නුදුරේදීම රටක් හැටියට තල්ලුවීමට බැරිකමක් නැත. [B](*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom