Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Clean SPA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ඉකුත් 13දා ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින් ගණිකා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක්, සිය ජීවිකාව උදෙසා ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් නොවන බව සඳහන් කරනු ලැබුවා.

මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමස්ත සමාජයම කතා කරන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් සමන් වික්‍රමාරච්චි විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා පුළුල් පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙනවා.

කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක විසින් දෙනු ලැබූ නඩු තීන්දුව ගැන මට ඇත්තේ ප්‍රසාදයකි. මගේ කල්පනාවේ හැටියට මෙවන් කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ දීමේදී සිය වෘත්තිය රබර් සීල් එකකට සීමා නොකර පුළුල් සමාජ අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යය. මේ නඩු තීන්දුවත් සමග මාගේ මතකයට එන්නේ මීට වසර ගණනාවකට පෙර හේවාගම් කෝරළලාගේ මැක්සිමස් ඩැනීගේ නඩුවය. එම නඩුවේදී මැක්සිමස් ඩැනී, වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ජේ.සී. වැලිඅමුණය.

එම නඩුවට අනුව ඩැනී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ හිතවත් කාන්තාවක් සමග කාමරයක සිටි නිසාය. මේ චෝදනාවට ඔහුට දින හතරක් සිරගතව සිටීමටද සිදුවූවේය. එවන් දඬුවමක් විඳ දින කිපයක් සිර භාරයේ සිට නිදහස් වූ ඩැනී පළමුව කළේ නීතිඥ වැලිඅමුණ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කිරීමය. එම නඩුව අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ රජයට රුපියල් 25,000ක වන්දි මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසය. එසේම ඩැනීව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හයදෙනාටද රුපියල් 5000 බැගින් පෙත්සම්කරුට පෞද්ගලිකව වන්දි ගෙවීමට සිදුවිය.

එවන් තීන්දුවක් ලැබුණේ මැක්සිමස් ඩැනී, ගණිකා නිවාස ආඥාපනත යටතේ අත්අඩංගුවට ගත් නිසාය. නමුත් මෙම පනතට අනුව ලිංගිකව හැසිරීම වරදක් නොවේ. එහි ඇති වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, එය කළමනාකරණය කිරීම, පවත්වාගෙන යාමට සහාය වීම හා ඒ සම්බන්ධව දැනුවත්ව ස්ථානයක් දීම යන කාරණාය. මීට අමතරව ලිංගිකව හැසිරීම යන්න සම්බන්ධයෙන් වැරදි ලෙස පෙන්වා දී ඇත්තේ අඩු වයස් අයකු සමග ලිංගිකව හැසිරීම, මහජනයා අපහසුතාවට පත්වන ආකාරයට ලිංගිකව හැසිරීම, පුද්ගලික අයිතිවාසිකම් කඩ වන ආකාරයෙන් ලිංගිකව හැසිරීම යන කාරණාය. තවද පනතට අනුව කාන්තාවක් මුදල් ඉපැයීම සඳහා ඒ වෘත්තියේ යෙදවීමත් වරදක් වන්නේය. මෙවන් කාරණා ඩැනී සම්බන්ධව නොතිබුණි. ඔහු ලැගුම්හලට ගොස් තිබුණේ නිසි වයස සම්පූර්ණ කළ හිතවතියක සමගය. එබැවින් අධිකරණය ඔහු නිවැරදිකරුවකු කර නඩුවෙන් නිදහස් කළේය.

ඩැනී නඩුව එසේ ජයග්‍රහණය කළද, ගණිකා වෘත්තියේ නියැලෙන්නන් සේම හෝටල් කාමරවලට යන පෙම්වතුන්, උද්‍යානවල පෙම් සුවය විඳින පෙම්වතුන්, වාහනවල පෙම් සුවය විඳින පෙම්වතුන්, මුහුදු වෙරළවල පෙම් සුව විඳින පෙම්වතුන් ආදී බොහෝ පිරිස් හිටි හැටියේ පොලිස් අත්අඩංගුවට පත්වෙයි. එවන් අවස්ථාවලදී ඔවුන් කරන්නේ යම්කිසි දඩ මුදලක් ගෙවා සමාජ රෝග වැලඳී ඇතිදැයි වෛද්‍ය පරීක්ෂණයටද පෙනී සිට නිදහස් වීමය. මේ ආකාරයට ගණිකාවන් සේම පෙම්වතුන් අත්අඩංගුවට ගත්තේ 1889 අංක 5 දරන ගණිකා නිවාස ආඥාපනත 1841 අංක 4 දරන අයාල ආඥාපනත, පාදඩ ආඥාපනත හා අපරාධ නීතිය යන නෛතිකමය කාරණා පදනම් කරගෙනය.

නීතියේ ඇති සිද්ධාන්තයක් වන්නේ ප්රකාශිතයෙන් අප්රකාශිතය බැහැර කෙරෙන බවය. ඒ අනුව ගණිකා වෘත්තිය හා සම්බන්ධව දැනට ඇති ප්‍රධානම පනත් දෙක වන්නේ ගණිකා නිවාස ආඥාපනත හා පාදඩ ආඥාපනතය. පාදඩ ආඥාපනත සකසා ඇත්තේ 1841 පමණය. එහෙත් එය එකොළොස් දොළොස් වතාවක් සංශෝධනය වී තිබේ. එම පනතට අනුව යමෙක් වරදකරුවකු වන්නේ ජීවත් වෙන්න පැහැදිලි ක්‍රමවේදයක් තිබියදී ඒවායෙහි නොයෙදී තැන තැන රස්තියාදු වෙමින් අනුන්ගෙන් යැපෙමින් හා හිඟාකමින් අනුන්ට හිරිහැරයක් ලෙස ජීවත් වීම නිසාය.

තවද පනතට අනුව ගණිකාවන් ප්‍රසිද්ධ ස්ථානයක අවිනීත ලෙස හැසිරෙමින්, යමෙක් ලිංගික කාර්යයට පොලඹවා ගැනීමට කටයුතු කළොත් එයද වරදක් ලෙස සඳහන්ව තිබේ. මීට අමතරව ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමටද නීතියෙන් අවසර දී නොමැත. නීතියට අනුව එවන් කටයුත්තක් සඳහා ආයතනයක් බදු දීම පවා දඬුවම් ලැබිය හැකි වැරදිය. එසේම එවන් ස්ථානයක අවුරුදු 15ට අඩු දරුවන් රඳවා ගණිකා වෘත්තියේ යෙදවීම හෝ එවන් කටයුත්තකට රැඳී සිටීමට ඉඩ දීමද නීතියට පටහැනිය. නීතියට අනුව එය හැඳින්වෙන්නේ කුට්ටනය ලෙසය. මේවා නීතියේ ඇති ප්‍රකාශිත කරුණුය. එහි ඇති අප්රකාශිතය වන්නේ ගණිකාවක් හැටියට සේවයේ යෙදීම වරදක් බව සඳහන් නොවීමය. මේ සියලු නෛතිකමය කාරණා සලකා බලන විට ලංකාවේ කිසිදු නීතියකින් ගණිකා වෘත්තිය තහනම් කර නොමැති බව සනාථ වේ.

නෛතිකමය තත්ත්වය එසේ වුවද වර්තමානයේ උපත් පාලන කොපුවක් ළඟ තිබීමත් අත්අඩංගුවට ගැනීමට කාරණාවක් ලෙස පොලිසිය සලකයි. එය හාස්‍යජනකය. හේතුව ගණිකා වෘත්තිය ලොව පැරණිම රැකියාව ලෙස සැලකෙන්නේය. එය එදා සිට අද දක්වාම විවිධ ස්වරූප ගනිමින් පැවත එයි. ප්‍රජනනය මූලික මිනිස් අවශ්‍යතාවක් නිසා එය නොනවතින ක්රියාවලියක්ය.

එබැවින් කුමන නීති පැනවූවත් එය පාලනය කළ නොහැකිය. ආරක්ෂක අංශ කොතරම් සූක්ෂම වැටලීම් කළද ලිංගික කාර්යයන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා අනුව වෙයි. මෙවන් පසුබිමක කොණ්ඩමයක් නිර්මාණය කිරීමට මූලිකව ඇත්තේද ලිංගිකමය සෞඛ්‍යාරක්ෂාව සහ උපත් පාලනය යන කාරණා ඉටුකර ගැනීමටය. කොණ්ඩම් භාවිතය වැනි සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා සමාජ රෝග ව්‍යාප්තියද වැඩි වන්නේය. එබැවින් කොණ්ඩමයක් ළඟ තිබෙනා අයකු අත්අඩංගුවට ගැනීම විහිළුවක්ය.

ලංකාවේ කිසිදු නීතියකින් ලිංගික සංසර්ගය තහනම් කර නොමැත. පරදාර සේවනයද තහනම් කර නොමැත. එවන් පසුබිමක ලැගුම්හල්වලට කඩා පනින පොලිස් නිලධාරීහු එහි සිටින වැඩිහිටි ගැහැනු, පිරිමි දෙපාර්ශ්වය අත්අඩංගුවට ගනිති. එය අත්අඩංගුවට පත්වන වැඩිහිටියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්ය. එබැවින් ඒ සඳහා ඔවුන්ට මූලික මානව අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතිය හැකිය. එහෙත් එවන් දේට ඉදිරිපත් නොවන්නේ සමාජ සංස්කෘතික ආකල්පවලට ඇති බිය නිසාය.

මීට වසර කීපයකට පෙර පොලිසිය විසින් ත්‍රීවීලරයක් තුළ පෙම් සුව විඳිමින් සිටි යුවළක් අත්අඩංගුවට ගෙන ගම්පහ උසාවියට ඉදිරිපත් කළේය. එවකට මම ගම්පහ මහෙස්ත්රාත්ව සිටියෙමි. එම අත්අඩංගුවට පත් යුවළ සම්බන්ධ නෛතිකමය කාරණාවේදී මා පොලිසියෙන් ප්‍රශ්න කළේ ත්‍රීවීලරයේ සිටි දෙදෙනා වැඩිහිටියන් නිසා ඔවුන් සම්බන්ධව පොලිසියට ඇති ගැටලුව කුමක්ද කියාය.

නඩුව අවසානයේ ත්‍රීවීලරය තුළ සිටි යුවළ නිවැරදිකරුවන්ව නිදහස් කිරීමට මම නියෝග කළෙමි. ඔවුන් එසේ නිදහස් කිරීමට හේතු වූයේ ඔවුන්ට බාල වයස්කරුවන් වීම, වෙනත් අය ලිංගික කටයුතු සඳහා පොලඹවා ගැනීම, ගණිකා ආයතනයක් පවත්වාගෙන යාම වැනි චෝදනා නොතිබීමය. මෙම කාරණාවේදී මා පොලිසියට අවධාරණය කළේ වැඩිහිටියන් වූ ඔවුන් කළේ ඔවුනගේ මානව අයිතිවාසිකමක් ඉටුකර ගැනීම පමණක් බවත්, නීතියට අනුව වැඩිහිටියන් දෙදෙනෙක් ලිංගික කටයුතුවල යෙදීම වරදක් නොවන බවත්ය.

ඇතැම් විවාහකයෝ මෙන්ම අවිවාහකයෝද ගණිකා සේවනයට පුරුදුව සිටිති. එම කාරණයම ඇතැම් විවාහකයන්ගේ පවුල් සංස්ථාව දෙදරා යාමට හේතු වී තිබේ. එවන් අවස්ථාවලදී එම චෝදනාව ලද තැනැත්තාට සිදුවන්නේ දික්කසාද වන බිරිඳට හා දරුවන්ට වන්දියක් ගෙවීමටය. උසාවි තීරණයට අනුව ඔහුට පවුලට වන්දි ගෙවීමට සිදුවුවද ලිංගික කටයුතු සඳහා වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම යන චෝදනාව යටතේ දඬුවම් ලබාදිය නොහැකිය.

හේතුව එය ඔහුගේ මානව අයිතිවාසිකමක් වීමය. තවද දරුවන්ව නඩත්තු කරන්න එදා වේල පිරිමසා ගැනීමට පාරේ වීදි ගණිකාවන් ලෙස හැසිරෙන පිරිස සේම රැකියාවක් ගැනීමට, උසස්වීමක් ගැනීමට, දරුවා පාසලට දාගැනීමට, විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යකමක් ගැනීමට, විභාගය පාස් කර ගැනීම වැනි කාරණාවලට කැමැත්තෙන් ගණිකා සේවයේ යෙදෙන කාන්තාවෝ සිටින්නෝය. ඒ කුමන අරමුණකට හෝ ලිංගික කටයුතුවල යෙදුණත් ඔවුහු නීතිය ඉදිරියේ වරදකරුවෝ නොවෙති. ඒ ප්‍රජනනය මානව අයිතිවාසිකමක් වන හෙයින්ය.

කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුළු බොහෝ නගරබද ප්‍රදේශවල විදෙස් කාන්තාවන් ගණිකා සේවයේ යෙදෙති. ස්පා මුවාවෙන් කරගෙන යන ගණිකා නිවාසවල සිටිනා ඔවුහු බොහෝ අවස්ථාවල අත්අඩංගුවටද පත්වෙති. අපරාධ නීතියට අනුව විදේශිකයන් අත්අඩංගුවට ගත හැක්කේ වීසා රහිතව රැඳී සිටියෝතින් පමණක්ය.

ඒ සංචාරක වීසා මත පැමිණි අයට ලංකාවේදී රැකියාවක් කළ නොහැක යන නෛතිකමය තත්ත්වය නිසාය. එහෙත් ඔවුන් මෙරට රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ නියැලීම අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොවේ. හේතුව ගණිකා වෘත්තිය රැකියාවක් ලෙස සඳහන් නොවීමය.

වැඩිහිටියන්ගේ තත්ත්වය එසේ වුවද අවුරුදු 15ට අඩු ළමයින්ට එම නීතිය අදාළ නොවේ. එවන් අඩු වයස් අයෙක් ලැගුම්හලකදී හමු වුවහොත් එය බරපතළ වැරැද්දක්ය. එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයාට දඬුවම් ලැබෙන්නේ ස්ත්‍රී දූෂණය යන චෝදනාව යටතේය. එවන් පසුබිමකදී යමෙක් අඩු වයස් ගැහැනු ළමයෙක් ඇගේ කැමැත්තෙන් එවැනි තැනකට ගෙන ගියද ඔහුට ස්ත්‍රී දූෂණය යන චෝදනාවෙන් නිදහස් විය නොහැකිය. ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන සම්බන්ධ කතිකාවන් වැඩිවීමත් සමග ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳ කතාබහද ඇතිවිය. එහෙත් එය යථාර්ථයක් නොවූවේ සමාජයෙන් එල්ල වූ විවේචන හා බලපෑම් නිසාය.

සමාජයේ තවමත් පවතින්නේ පුරුෂ මූලික ගති ලක්ෂණය. එම නිසා ස්ත්‍රිය සුචරිතවත් විය යුතුය යන ආකල්පය සමාජයේ මුල්බැස තිබේ. ගණිකා වෘත්තිය හෙළා දකින්නේ ඒ අනුවය. එසේ වුවද සැබෑව නම් ගණිකාව විවේචනය කරන මිනිසුන්ම රහසිගතව ඔවුන්ගේ පහස සොයා යාමය. යමෙකු තමන්ගේ බිරිඳත් සමග පමණක් ජීවත් වන්නේ නම් එය විශිෂ්ට ක්‍රියාවක්ය. එහෙත් කිසිවකුට ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමේදී සීමා මායිම් පැනවිය නොහැකිය.

බොහෝ අය එවැන්නන් අත්අඩංගුවට ගන්නේ ලිංගික ඊර්ෂ්‍යාව නිසාය. මෙම තත්ත්වය පැහැදිලි කිරීමට හොඳම උදාහරණය හිරගෙදරය. ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන වැනි වැරදි සඳහා බන්ධනාගාරගත වූවන්ම එවන් වැරදිවලට හිරගෙදරට එන නවකයන්ට දඬවුම් දීමට ඉදිරිපත් වෙති. එයින් පෙනී යන්නේද තමන් තුළ ඇති අභ්‍යන්තර වරදකාරීත්වයට දඬුවම් දීමක්ය. ඇතැම් සිනමාපට වාරණයන්ට ලක්වෙයි. ඒ, එහි ඇති දර්ශන සමාජගත වීම නුසුදුසුයි යන කාරණය මතය. එවන් තීන්දු තීරණ දෙන්නේද ඒවා බැලූ පිරිසක්ය.

එවන් පසුබිමකදී නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ සමාජය පිළිබඳ පුළුල් අවබෝධයකින්ය. එහෙත් සිදුවන්නේ ලිංගික කටයුතු සම්බන්ධව නීතිය තව තවත් තද කිරීමය. ලිංගිකත්වය පිළිබඳ මානව චර්යාවන් අධ්‍යයනයේදී පෙනී යන්නේ බොහෝ දේ තහනම් කිරීම අපරාධ වැඩිවීමට හේතුවක් වන බවය. තවද තහනම නිසා ඇති ආශාවද වැඩි වෙයි. ලිංගික කාරණා පිළිබඳව කරුණු සඟවා තැබීමෙන් සිදුවන්නේත් එවන් දේ පිළිබඳ කුතුහලය වැඩි කිරීමය.

එහි ප්‍රතිඵලය ලිංගිකත්වය පිළිබඳ තොරතුරු රහසිගතව හෝ සොයා බැලීමය. පසුගිය වසර කීපයේම ‘සෙක්ස්’ යන්න සොයා බැලූ රටවල් අතරින් පළමු තැනට ආවේ ලංකාවය. මෙවන් කාරණා හමුවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳ විවේචනය කරන්නන් තේරුම්ගත යුත්තේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම යනු ලංකාවේ සිටිනා ස්ත්රීන්ට අයාලේ යාමට අවස්ථාවක් ලබාදීම නොවන බවය.

[QUOTE="play_boy, post: 25176422, member: 325658"] [B] කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක ඉකුත් 13දා ඓතිහාසික නඩු තීන්දුවක් ලබා දෙමින් ගණිකා ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන නොයා කිසියම් කාන්තාවක්, සිය ජීවිකාව උදෙසා ගණිකා වෘත්තියේ යෙදීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් නොවන බව සඳහන් කරනු ලැබුවා. මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් සමස්ත සමාජයම කතා කරන මේ මොහොතේ ඒ සම්බන්ධයෙන් සමන් වික්‍රමාරච්චි විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයා පුළුල් පැහැදිලි කිරීමක් කර තිබෙනවා. ඔහුගේ සම්පුර්ණ ප්‍රකාශය පහතින් දැක්වෙනවා. කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක විසින් දෙනු ලැබූ නඩු තීන්දුව ගැන මට ඇත්තේ ප්‍රසාදයකි. මගේ කල්පනාවේ හැටියට මෙවන් කාරණා සම්බන්ධයෙන් තීන්දු තීරණ දීමේදී සිය වෘත්තිය රබර් සීල් එකකට සීමා නොකර පුළුල් සමාජ අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යය. මේ නඩු තීන්දුවත් සමග මාගේ මතකයට එන්නේ මීට වසර ගණනාවකට පෙර හේවාගම් කෝරළලාගේ මැක්සිමස් ඩැනීගේ නඩුවය. එම නඩුවේදී මැක්සිමස් ඩැනී, වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ ජේ.සී. වැලිඅමුණය. එම නඩුවට අනුව ඩැනී පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ හිතවත් කාන්තාවක් සමග කාමරයක සිටි නිසාය. මේ චෝදනාවට ඔහුට දින හතරක් සිරගතව සිටීමටද සිදුවූවේය. එවන් දඬුවමක් විඳ දින කිපයක් සිර භාරයේ සිට නිදහස් වූ ඩැනී පළමුව කළේ නීතිඥ වැලිඅමුණ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සමක් ගොනු කිරීමය. එම නඩුව අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ රජයට රුපියල් 25,000ක වන්දි මුදලක් පෙත්සම්කරුට ගෙවන ලෙසය. එසේම ඩැනීව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් හයදෙනාටද රුපියල් 5000 බැගින් පෙත්සම්කරුට පෞද්ගලිකව වන්දි ගෙවීමට සිදුවිය. එවන් තීන්දුවක් ලැබුණේ මැක්සිමස් ඩැනී, ගණිකා නිවාස ආඥාපනත යටතේ අත්අඩංගුවට ගත් නිසාය. නමුත් මෙම පනතට අනුව ලිංගිකව හැසිරීම වරදක් නොවේ. එහි ඇති වැරදි වන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාම, එය කළමනාකරණය කිරීම, පවත්වාගෙන යාමට සහාය වීම හා ඒ සම්බන්ධව දැනුවත්ව ස්ථානයක් දීම යන කාරණාය. මීට අමතරව ලිංගිකව හැසිරීම යන්න සම්බන්ධයෙන් වැරදි ලෙස පෙන්වා දී ඇත්තේ අඩු වයස් අයකු සමග ලිංගිකව හැසිරීම, මහජනයා අපහසුතාවට පත්වන ආකාරයට ලිංගිකව හැසිරීම, පුද්ගලික අයිතිවාසිකම් කඩ වන ආකාරයෙන් ලිංගිකව හැසිරීම යන කාරණාය. තවද පනතට අනුව කාන්තාවක් මුදල් ඉපැයීම සඳහා ඒ වෘත්තියේ යෙදවීමත් වරදක් වන්නේය. මෙවන් කාරණා ඩැනී සම්බන්ධව නොතිබුණි. ඔහු ලැගුම්හලට ගොස් තිබුණේ නිසි වයස සම්පූර්ණ කළ හිතවතියක සමගය. එබැවින් අධිකරණය ඔහු නිවැරදිකරුවකු කර නඩුවෙන් නිදහස් කළේය. ඩැනී නඩුව එසේ ජයග්‍රහණය කළද, ගණිකා වෘත්තියේ නියැලෙන්නන් සේම හෝටල් කාමරවලට යන පෙම්වතුන්, උද්‍යානවල පෙම් සුවය විඳින පෙම්වතුන්, වාහනවල පෙම් සුවය විඳින පෙම්වතුන්, මුහුදු වෙරළවල පෙම් සුව විඳින පෙම්වතුන් ආදී බොහෝ පිරිස් හිටි හැටියේ පොලිස් අත්අඩංගුවට පත්වෙයි. එවන් අවස්ථාවලදී ඔවුන් කරන්නේ යම්කිසි දඩ මුදලක් ගෙවා සමාජ රෝග වැලඳී ඇතිදැයි වෛද්‍ය පරීක්ෂණයටද පෙනී සිට නිදහස් වීමය. මේ ආකාරයට ගණිකාවන් සේම පෙම්වතුන් අත්අඩංගුවට ගත්තේ 1889 අංක 5 දරන ගණිකා නිවාස ආඥාපනත 1841 අංක 4 දරන අයාල ආඥාපනත, පාදඩ ආඥාපනත හා අපරාධ නීතිය යන නෛතිකමය කාරණා පදනම් කරගෙනය. නීතියේ ඇති සිද්ධාන්තයක් වන්නේ ප්රකාශිතයෙන් අප්රකාශිතය බැහැර කෙරෙන බවය. ඒ අනුව ගණිකා වෘත්තිය හා සම්බන්ධව දැනට ඇති ප්‍රධානම පනත් දෙක වන්නේ ගණිකා නිවාස ආඥාපනත හා පාදඩ ආඥාපනතය. පාදඩ ආඥාපනත සකසා ඇත්තේ 1841 පමණය. එහෙත් එය එකොළොස් දොළොස් වතාවක් සංශෝධනය වී තිබේ. එම පනතට අනුව යමෙක් වරදකරුවකු වන්නේ ජීවත් වෙන්න පැහැදිලි ක්‍රමවේදයක් තිබියදී ඒවායෙහි නොයෙදී තැන තැන රස්තියාදු වෙමින් අනුන්ගෙන් යැපෙමින් හා හිඟාකමින් අනුන්ට හිරිහැරයක් ලෙස ජීවත් වීම නිසාය. තවද පනතට අනුව ගණිකාවන් ප්‍රසිද්ධ ස්ථානයක අවිනීත ලෙස හැසිරෙමින්, යමෙක් ලිංගික කාර්යයට පොලඹවා ගැනීමට කටයුතු කළොත් එයද වරදක් ලෙස සඳහන්ව තිබේ. මීට අමතරව ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමටද නීතියෙන් අවසර දී නොමැත. නීතියට අනුව එවන් කටයුත්තක් සඳහා ආයතනයක් බදු දීම පවා දඬුවම් ලැබිය හැකි වැරදිය. එසේම එවන් ස්ථානයක අවුරුදු 15ට අඩු දරුවන් රඳවා ගණිකා වෘත්තියේ යෙදවීම හෝ එවන් කටයුත්තකට රැඳී සිටීමට ඉඩ දීමද නීතියට පටහැනිය. නීතියට අනුව එය හැඳින්වෙන්නේ කුට්ටනය ලෙසය. මේවා නීතියේ ඇති ප්‍රකාශිත කරුණුය. එහි ඇති අප්රකාශිතය වන්නේ ගණිකාවක් හැටියට සේවයේ යෙදීම වරදක් බව සඳහන් නොවීමය. මේ සියලු නෛතිකමය කාරණා සලකා බලන විට ලංකාවේ කිසිදු නීතියකින් ගණිකා වෘත්තිය තහනම් කර නොමැති බව සනාථ වේ. නෛතිකමය තත්ත්වය එසේ වුවද වර්තමානයේ උපත් පාලන කොපුවක් ළඟ තිබීමත් අත්අඩංගුවට ගැනීමට කාරණාවක් ලෙස පොලිසිය සලකයි. එය හාස්‍යජනකය. හේතුව ගණිකා වෘත්තිය ලොව පැරණිම රැකියාව ලෙස සැලකෙන්නේය. එය එදා සිට අද දක්වාම විවිධ ස්වරූප ගනිමින් පැවත එයි. ප්‍රජනනය මූලික මිනිස් අවශ්‍යතාවක් නිසා එය නොනවතින ක්රියාවලියක්ය. එබැවින් කුමන නීති පැනවූවත් එය පාලනය කළ නොහැකිය. ආරක්ෂක අංශ කොතරම් සූක්ෂම වැටලීම් කළද ලිංගික කාර්යයන් ඔවුනොවුන්ගේ අවශ්‍යතා අනුව වෙයි. මෙවන් පසුබිමක කොණ්ඩමයක් නිර්මාණය කිරීමට මූලිකව ඇත්තේද ලිංගිකමය සෞඛ්‍යාරක්ෂාව සහ උපත් පාලනය යන කාරණා ඉටුකර ගැනීමටය. කොණ්ඩම් භාවිතය වැනි සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීම නිසා සමාජ රෝග ව්‍යාප්තියද වැඩි වන්නේය. එබැවින් කොණ්ඩමයක් ළඟ තිබෙනා අයකු අත්අඩංගුවට ගැනීම විහිළුවක්ය. ලංකාවේ කිසිදු නීතියකින් ලිංගික සංසර්ගය තහනම් කර නොමැත. පරදාර සේවනයද තහනම් කර නොමැත. එවන් පසුබිමක ලැගුම්හල්වලට කඩා පනින පොලිස් නිලධාරීහු එහි සිටින වැඩිහිටි ගැහැනු, පිරිමි දෙපාර්ශ්වය අත්අඩංගුවට ගනිති. එය අත්අඩංගුවට පත්වන වැඩිහිටියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක්ය. එබැවින් ඒ සඳහා ඔවුන්ට මූලික මානව අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් නීතියේ පිහිට පැතිය හැකිය. එහෙත් එවන් දේට ඉදිරිපත් නොවන්නේ සමාජ සංස්කෘතික ආකල්පවලට ඇති බිය නිසාය. මීට වසර කීපයකට පෙර පොලිසිය විසින් ත්‍රීවීලරයක් තුළ පෙම් සුව විඳිමින් සිටි යුවළක් අත්අඩංගුවට ගෙන ගම්පහ උසාවියට ඉදිරිපත් කළේය. එවකට මම ගම්පහ මහෙස්ත්රාත්ව සිටියෙමි. එම අත්අඩංගුවට පත් යුවළ සම්බන්ධ නෛතිකමය කාරණාවේදී මා පොලිසියෙන් ප්‍රශ්න කළේ ත්‍රීවීලරයේ සිටි දෙදෙනා වැඩිහිටියන් නිසා ඔවුන් සම්බන්ධව පොලිසියට ඇති ගැටලුව කුමක්ද කියාය. නඩුව අවසානයේ ත්‍රීවීලරය තුළ සිටි යුවළ නිවැරදිකරුවන්ව නිදහස් කිරීමට මම නියෝග කළෙමි. ඔවුන් එසේ නිදහස් කිරීමට හේතු වූයේ ඔවුන්ට බාල වයස්කරුවන් වීම, වෙනත් අය ලිංගික කටයුතු සඳහා පොලඹවා ගැනීම, ගණිකා ආයතනයක් පවත්වාගෙන යාම වැනි චෝදනා නොතිබීමය. මෙම කාරණාවේදී මා පොලිසියට අවධාරණය කළේ වැඩිහිටියන් වූ ඔවුන් කළේ ඔවුනගේ මානව අයිතිවාසිකමක් ඉටුකර ගැනීම පමණක් බවත්, නීතියට අනුව වැඩිහිටියන් දෙදෙනෙක් ලිංගික කටයුතුවල යෙදීම වරදක් නොවන බවත්ය. ඇතැම් විවාහකයෝ මෙන්ම අවිවාහකයෝද ගණිකා සේවනයට පුරුදුව සිටිති. එම කාරණයම ඇතැම් විවාහකයන්ගේ පවුල් සංස්ථාව දෙදරා යාමට හේතු වී තිබේ. එවන් අවස්ථාවලදී එම චෝදනාව ලද තැනැත්තාට සිදුවන්නේ දික්කසාද වන බිරිඳට හා දරුවන්ට වන්දියක් ගෙවීමටය. උසාවි තීරණයට අනුව ඔහුට පවුලට වන්දි ගෙවීමට සිදුවුවද ලිංගික කටයුතු සඳහා වෙනත් කාන්තාවක් ඇසුරු කිරීම යන චෝදනාව යටතේ දඬුවම් ලබාදිය නොහැකිය. හේතුව එය ඔහුගේ මානව අයිතිවාසිකමක් වීමය. තවද දරුවන්ව නඩත්තු කරන්න එදා වේල පිරිමසා ගැනීමට පාරේ වීදි ගණිකාවන් ලෙස හැසිරෙන පිරිස සේම රැකියාවක් ගැනීමට, උසස්වීමක් ගැනීමට, දරුවා පාසලට දාගැනීමට, විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යකමක් ගැනීමට, විභාගය පාස් කර ගැනීම වැනි කාරණාවලට කැමැත්තෙන් ගණිකා සේවයේ යෙදෙන කාන්තාවෝ සිටින්නෝය. ඒ කුමන අරමුණකට හෝ ලිංගික කටයුතුවල යෙදුණත් ඔවුහු නීතිය ඉදිරියේ වරදකරුවෝ නොවෙති. ඒ ප්‍රජනනය මානව අයිතිවාසිකමක් වන හෙයින්ය. කොල්ලුපිටිය, බම්බලපිටිය ඇතුළු බොහෝ නගරබද ප්‍රදේශවල විදෙස් කාන්තාවන් ගණිකා සේවයේ යෙදෙති. ස්පා මුවාවෙන් කරගෙන යන ගණිකා නිවාසවල සිටිනා ඔවුහු බොහෝ අවස්ථාවල අත්අඩංගුවටද පත්වෙති. අපරාධ නීතියට අනුව විදේශිකයන් අත්අඩංගුවට ගත හැක්කේ වීසා රහිතව රැඳී සිටියෝතින් පමණක්ය. ඒ සංචාරක වීසා මත පැමිණි අයට ලංකාවේදී රැකියාවක් කළ නොහැක යන නෛතිකමය තත්ත්වය නිසාය. එහෙත් ඔවුන් මෙරට රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ නියැලීම අත්අඩංගුවට ගැනීමට හේතුවක් නොවේ. හේතුව ගණිකා වෘත්තිය රැකියාවක් ලෙස සඳහන් නොවීමය. වැඩිහිටියන්ගේ තත්ත්වය එසේ වුවද අවුරුදු 15ට අඩු ළමයින්ට එම නීතිය අදාළ නොවේ. එවන් අඩු වයස් අයෙක් ලැගුම්හලකදී හමු වුවහොත් එය බරපතළ වැරැද්දක්ය. එම සිදුවීමට සම්බන්ධ පුද්ගලයාට දඬුවම් ලැබෙන්නේ ස්ත්‍රී දූෂණය යන චෝදනාව යටතේය. එවන් පසුබිමකදී යමෙක් අඩු වයස් ගැහැනු ළමයෙක් ඇගේ කැමැත්තෙන් එවැනි තැනකට ගෙන ගියද ඔහුට ස්ත්‍රී දූෂණය යන චෝදනාවෙන් නිදහස් විය නොහැකිය. ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන සම්බන්ධ කතිකාවන් වැඩිවීමත් සමග ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳ කතාබහද ඇතිවිය. එහෙත් එය යථාර්ථයක් නොවූවේ සමාජයෙන් එල්ල වූ විවේචන හා බලපෑම් නිසාය. සමාජයේ තවමත් පවතින්නේ පුරුෂ මූලික ගති ලක්ෂණය. එම නිසා ස්ත්‍රිය සුචරිතවත් විය යුතුය යන ආකල්පය සමාජයේ මුල්බැස තිබේ. ගණිකා වෘත්තිය හෙළා දකින්නේ ඒ අනුවය. එසේ වුවද සැබෑව නම් ගණිකාව විවේචනය කරන මිනිසුන්ම රහසිගතව ඔවුන්ගේ පහස සොයා යාමය. යමෙකු තමන්ගේ බිරිඳත් සමග පමණක් ජීවත් වන්නේ නම් එය විශිෂ්ට ක්‍රියාවක්ය. එහෙත් කිසිවකුට ලිංගික අවශ්‍යතා සපුරා ගැනීමේදී සීමා මායිම් පැනවිය නොහැකිය. බොහෝ අය එවැන්නන් අත්අඩංගුවට ගන්නේ ලිංගික ඊර්ෂ්‍යාව නිසාය. මෙම තත්ත්වය පැහැදිලි කිරීමට හොඳම උදාහරණය හිරගෙදරය. ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජන වැනි වැරදි සඳහා බන්ධනාගාරගත වූවන්ම එවන් වැරදිවලට හිරගෙදරට එන නවකයන්ට දඬවුම් දීමට ඉදිරිපත් වෙති. එයින් පෙනී යන්නේද තමන් තුළ ඇති අභ්‍යන්තර වරදකාරීත්වයට දඬුවම් දීමක්ය. ඇතැම් සිනමාපට වාරණයන්ට ලක්වෙයි. ඒ, එහි ඇති දර්ශන සමාජගත වීම නුසුදුසුයි යන කාරණය මතය. එවන් තීන්දු තීරණ දෙන්නේද ඒවා බැලූ පිරිසක්ය. එවන් පසුබිමකදී නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ සමාජය පිළිබඳ පුළුල් අවබෝධයකින්ය. එහෙත් සිදුවන්නේ ලිංගික කටයුතු සම්බන්ධව නීතිය තව තවත් තද කිරීමය. ලිංගිකත්වය පිළිබඳ මානව චර්යාවන් අධ්‍යයනයේදී පෙනී යන්නේ බොහෝ දේ තහනම් කිරීම අපරාධ වැඩිවීමට හේතුවක් වන බවය. තවද තහනම නිසා ඇති ආශාවද වැඩි වෙයි. ලිංගික කාරණා පිළිබඳව කරුණු සඟවා තැබීමෙන් සිදුවන්නේත් එවන් දේ පිළිබඳ කුතුහලය වැඩි කිරීමය. එහි ප්‍රතිඵලය ලිංගිකත්වය පිළිබඳ තොරතුරු රහසිගතව හෝ සොයා බැලීමය. පසුගිය වසර කීපයේම ‘සෙක්ස්’ යන්න සොයා බැලූ රටවල් අතරින් පළමු තැනට ආවේ ලංකාවය. මෙවන් කාරණා හමුවේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම පිළිබඳ විවේචනය කරන්නන් තේරුම්ගත යුත්තේ ගණිකා වෘත්තිය නීතිගත කිරීම යනු ලංකාවේ සිටිනා ස්ත්රීන්ට අයාලේ යාමට අවස්ථාවක් ලබාදීම නොවන බවය. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom