Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Good Heart
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීසා නොමැතිව දකුණු කොරියාවේ රැකියාව කරමින් නීති විරෝධිව එරට සිටි ශ්රී ලාංකිකයෙකුට ගෞරව පුරවැසිභාවයත් සමග වීර සම්මානය ලබා දීමටද කොරියානු රජය කටයුතු කර තිබේ. එයට හේතුව කුමක්ද ? ඒ පිළිබඳව සති අන්ත පුවත්පතක ලිපියක් පළව තිබුනි.

එම ලිපිය පහතින්,

එය ඉතා බියකරු අවස්ථාවකි. දැවයෙන් සහ සිමෙන්තියෙන් සාදන ලද දෙමහල් නිවස සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවලින් වැසී ගොස් තිබිණි. ඒ ගෙදර ජීවත් වූවෝ 90 වියැති මහලූ නැන්දණියක සහ තරුණ ලේලියක පමණි. ගිනි දැල් අතරින් එළියට පැන ආ දියණිය මර විළාප තබන්නට වූවාය. ”අනේ දෙයියනේ නැන්දා ඇතුළේ පිච්චෙනවා. බේරගන්න කවුරුත් නැද්ද...”

මේ ගින්න හටගත්තේ දහවල් වරුවක. කොරියාවේ උතුරු ජියොංසැං නමැති ගම්බද පළාතක පිහිටි සීත - වියළි ගුන්චි - ගුන් නමැති ගම්මානයේ පිහිටි නිවසකය. ගිනිගන්නා නිවස හාත්පස වූයේ ඇපල් වතුය. මෙයින් එක වත්තක ඇපල් කඩන්නකු වූ කැටපිලකැටියගෙදර නිමල්සිරි බණ්ඩාර ඇපල් කැඞීම නවතා දිවා ආහාර පත අතට ගත් මොහොතේ ඉහත කී මර විළාපය ඇසිණ. ආහාර ගැනීම පැත්තක තැබූ ඔහු ඇපල් වත්ත හරහා දිවගොස් කම්බි වැටකින්ද පැන ගිනි ගන්නා නිවස තිබෙන වත්තට පැන ගත්තේය. ඔහු වැටෙන් පනිනු දුටු තරුණිය බිම දණ ගසා වැඳ වැටී කොරියන් බසින් මෙසේ ඉල්ලා සිටියාය, ”අනේ මගේ නැන්දාව බේරලා දෙන්න...”

ප්රතිපත්තිගරුක බෞද්ධයකු වන නිමල්සිරි ඉතා හොඳින් කොරියන් බස කතා කළ කෙනෙකි. ඔහු රැකියාවක් කිරීමට බෞද්ධ රටක් වූ කොරියාවට එන්නේ 2013 දී ය. මේ ගින්න හටගත් පෙබරවාරි 10 වැනි දිනට ඔහු කොරියාවට පැමිණ වසර පහකුත් මාසයකි. තරුණියගේ විලාපය ඇසූ නිමල් සිරි දෙපාරක් කල්පනා කළේ නැත. ඔහු ගිනිගෙන දැවෙන ගෙය තුළට ඉදිරිපස දොරෙන් ඇතුළු වීමට තැත් කළේය. එවිට ගිනිගත් උළුවස්ස කඩා වැටිණ. ඉන්පසු ඔහු පස්ස දොරෙන් ගෙට රිංගාගෙන කාමරයක් කාමරයක් ගානේ ගියේය. එහිදී ඔහු දුටුවේ ඉතා බියකරු දෙයකි. හාත්පස ගිනිගෙන දැවෙන ගෙදර සාලයෙහි වියපත් වූ මහලූ කාන්තාවක් වැටී සිටියාය. දැල්වෙමින් තිබූ විශාල පරාලයක් කවර හෝ මොහොතක ඇගේ හිස මතට පතිත වනු පිණිස වැනෙමින් තිබිණ. වහා පැන ඇය ඉවත නොගතහොත් පරාලය කඩාවැටෙන බව ඔහුට වැටහිණ. නැවත වරක් දෙවරක් සිතීම පසෙක තැබූ නිමල්සිරි වහා එතැනට දිවගොස් කාන්තාව ඔසවා ගත්තේය. ඒ හාම ගිනිදැල් තව තවත් දැල්වෙන්නට විය. වහලයෙත් බිත්තිවලත් වූ ලෑලි පුපුරන හඬ නිමල්සිරිට ඇසිණ. ගිනි දලූ මැදින් දුම් කාගෙන මහලූ කාන්තාව නිවසින් පිටතට

රැගෙන ආ නිමල්සිරි ඇය බිම තබා සිටගත්තේය. ඒ හාම සිහිසුන්ව බිම ඇද වැටුණේය.

මේ සිද්ධිය වනවිට නිමල්සිරිගේ වයස අවුරුදු 38 කි. දෙදරු පියකු වූ ඔහු ලංකාවේදී ගණිත ගුරුවරයකු ලෙස වැඩ කළේය. එකල ඔහුගේ වැටුප රුපියල් හතළිස් හතර දහසකි. ඒ මුදලින් ඔහු සිය බිරියත් දරුවනුත් වියපත් මවත් රැක බලා ගත්තේය. මේ අතර අවාසනාව කිසිදු පූර්ව දැනුම්දීමක් නැතිව ඔහුගේ ගෙට ඇතුළු විය. ඔහුගේ වියපත් මව රෝගී වූ අතර ඇය රෝහල වෙත ගෙනගිය පසු නිගමනය කරන ලද්දේ ඇයට පිළිකාවක් වැළඳී ඇති බවය.

සාමාන්ය මධ්යම පාන්තිකයකුගේ දෛනික සටනක්ව පැවති ඔහුගේ ජීවිතය එදා සිට යුද්ධයක් බවට පත්විය. මවගේ පිළිකාවට ප්රතිකාර කරනු පිණිස විශාල වශයෙන් මුදල් අවැසි විය. ගුරු වෘත්තිය අත්හළ නිමල්සිරි

රැකියා නියෝජිතයකු හරහා මසකට රුපියල් තුන් ලක්ෂයක් ලැබෙන රැකියාවක් ලබාගෙන 2013 ජුලි මාසයේ දවසක කොරියාවට ගොඩ බැස්සේය. ඔහුට කොරියන් ආණ්ඩුවෙන් අවුරුදු තුනක රැකියා බලපතක් ලැබිණ. 2015 දී එම බලපත කල් පිරුණු පසු තවත් දෙවසරකට රැකියා බලපතක් ලැබිණ. එය 2017 ජුලි මාසයේදී අවසන් විය.

එහෙත් නිමල්සිරි දිගටම කොරියාවේ ජීවත් වෙමින් රැකියාව කළේය. වීසා නැතිව ඔහු සිටියේ හොර වැසියකු ලෙසිනි. ඕනෑම රටක සිටින විදේශිකයෙක් හොර වැසියෙක්ද නැද්ද යන්න සොයා බලන්නේ ඔහු කිසිදු හදිසි සිදුවීමකට මැදි වූ කල්හිය. ගින්නෙන් දැවෙන ගෙයක් තුළට ගොස් මහලූ කාන්තාව බේරා ගැනීමෙන් කළ වීර ක්රියාව නිසා නිමල්සිරි කොරියාව පුරා මහත් ප්රසිද්ධියට පත්විය. ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත් ඔහු ගැන විශාල ප්රචාරයක් දුන්නේය. ඔහුගේ නිර්භීත ක්රියාව අගය කළ කෙරියාවේ සෞඛ්ය සහ සුබසාධන අමාත්යාංශය ඔහුගේ නිර්භීතභාවය පිළිබඳ ගෞරව සම්මානයක් සමඟ රුපියල් විසි ලක්ෂයක මුදලක් තෑගි කළේය. කොරියාවේදී ඒ සම්මානය ලද පළමුවැනි විදේශිකයා නිමල්සිරි ය. ඒ අතර ඔහු හොර වැසියකු බව හෙළි විය. එකෙණෙහිම ඔහුගේ විදේශ ගමන් බලපත්රය පරීක්ෂා කළ කොරියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු නීති විරෝධීව කොරියාවේ රැඳී සිටි කාලය වෙනුවෙන් රුපියල් පන් ලක්ෂයක දඩයක් ගැසුවේය.

මේ සියලූ කටයුතු සිදුවන අතර නිමල්සිරි හිටියේ රෝහලේ ය. ගිනිගත් නිවස තුළදී ආඝ්රාණය කළ කාබන් මොනොක්සයිඞ් වායුව නිසා ඔහුගේ පෙනහලූ ඉතා නරක්ව තිබිණ. ඔහුට දිගටම වෛද්ය ප්රතිකාර අවශ්ය විය. මේ අතර ඔහු ගැන සැබෑ කතාන්දරය දැනගැනීමට කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට හැකිවිය. ඔවුහු රුපියල් පන් ලක්ෂයක් හා සමාන දඩය අහෝසි කළහ. ඉන්පසු වැඩිදුර වෛද්ය ප්රතිකාර සඳහා තවත් හය මසක් කොරියාවේ රැඳී සිටිනු පිණිස වීසා බලපත්රයක් ලබාදුන්නේ ය.

මේ සියලූ දේවල් අවසානයේදී නිමල්සිරිගේ මාස හයක වීසාව අවසන් වන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා ය. ඒ අනුව ජනවාරි පළමුවැනිදා ඔහු කොරියන් භූමියෙන් නික්මී ලංකාවට පැමිණීමට නියමිත ය. එහෙත් ඔහු පිළිබඳ කතාන්දරයට රසවත් අවසානයක් එකතු කිරීමට කොරියන් රජය කැමැති විය. ඒ අනුව කොරියන් රජය පසුගිය සතිය මැදදී නිමල්සිරිට ගරු කිරීම සඳහා කොරියන් පුරවැසිකම ඔහුට ප්රදානය කළේය.

කොරියාවේ පුරවැසිකම ලබා ගැනීම ඉතා දුෂ්කර ව්යායාමයකි. පිටරැටියෙක් ඒ සඳහා කොරියන් කාන්තාවක සමඟ විවාහ විය යුතුය. ඉන්පසු කොරියන් භාෂා ප්රවීණතා විභාගයකට ද පෙනී සිටිය යුතුය. නිමල්සිරි කොරියන් පුරවැසිකම ලබන්නේ මේ කිසිදු සුදුසුකමක් සම්පූර්ණ කර නොවේ. ඔහු සම්පූර්ණ කර ඇති එකම සුදුසුකම ගින්නෙන් දැවෙන ගෙයක් ඉදිරිපිටදී ස්වකීය හෘද සාක්ෂිය සමඟ ගනුදෙනු කිරීම පමණි. ඉන්පසු ඔහු තම නිර්භීත බව ද එයට එකතු කර ඇත.

”ගිනිගත්තු ගේ ඇතුළේ අම්මා කෙනකු ඉන්න බව දැනගත්තාම මට අපේ අම්මා මතක් වුණා. මට ඇය බේරාගැනීමේ අවදානම ගත්තොත් පිළිස්සී මැරෙන්නට ඉඩ තිබෙන බව මා කල්පනා කළේම නැහැ. ඒ වේලාවේදී මම නිකමටවත් හිතුවේ නැහැ වීසා නැතිව නේද කොරියාවේ ඉන්නෙ කියලා. හෙට මේ වගේ දෙයක් වුණත් මා කරන්නේ එච්චරමයි...”

නිමල් තම කතාන්දරය කැටි කරන්නේ එලෙසිනි.

Neth Gossip

[QUOTE="sherlock, post: 24052509, member: 106046"] [IMG]http://nethgossip.lk//public/images/today/news%20w/fdkrksde/ghjgff/ii09/fb%20karu/fsfwefwf/gsegegererr/rththtrtthth/nw%20edww/20170706001085_0.jpg[/IMG] [SIZE="4"]වීසා නොමැතිව දකුණු කොරියාවේ රැකියාව කරමින් නීති විරෝධිව එරට සිටි ශ්රී ලාංකිකයෙකුට ගෞරව පුරවැසිභාවයත් සමග වීර සම්මානය ලබා දීමටද කොරියානු රජය කටයුතු කර තිබේ. එයට හේතුව කුමක්ද ? ඒ පිළිබඳව සති අන්ත පුවත්පතක ලිපියක් පළව තිබුනි. එම ලිපිය පහතින්, එය ඉතා බියකරු අවස්ථාවකි. දැවයෙන් සහ සිමෙන්තියෙන් සාදන ලද දෙමහල් නිවස සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවලින් වැසී ගොස් තිබිණි. ඒ ගෙදර ජීවත් වූවෝ 90 වියැති මහලූ නැන්දණියක සහ තරුණ ලේලියක පමණි. ගිනි දැල් අතරින් එළියට පැන ආ දියණිය මර විළාප තබන්නට වූවාය. ”අනේ දෙයියනේ නැන්දා ඇතුළේ පිච්චෙනවා. බේරගන්න කවුරුත් නැද්ද...” මේ ගින්න හටගත්තේ දහවල් වරුවක. කොරියාවේ උතුරු ජියොංසැං නමැති ගම්බද පළාතක පිහිටි සීත - වියළි ගුන්චි - ගුන් නමැති ගම්මානයේ පිහිටි නිවසකය. ගිනිගන්නා නිවස හාත්පස වූයේ ඇපල් වතුය. මෙයින් එක වත්තක ඇපල් කඩන්නකු වූ කැටපිලකැටියගෙදර නිමල්සිරි බණ්ඩාර ඇපල් කැඞීම නවතා දිවා ආහාර පත අතට ගත් මොහොතේ ඉහත කී මර විළාපය ඇසිණ. ආහාර ගැනීම පැත්තක තැබූ ඔහු ඇපල් වත්ත හරහා දිවගොස් කම්බි වැටකින්ද පැන ගිනි ගන්නා නිවස තිබෙන වත්තට පැන ගත්තේය. ඔහු වැටෙන් පනිනු දුටු තරුණිය බිම දණ ගසා වැඳ වැටී කොරියන් බසින් මෙසේ ඉල්ලා සිටියාය, ”අනේ මගේ නැන්දාව බේරලා දෙන්න...” ප්රතිපත්තිගරුක බෞද්ධයකු වන නිමල්සිරි ඉතා හොඳින් කොරියන් බස කතා කළ කෙනෙකි. ඔහු රැකියාවක් කිරීමට බෞද්ධ රටක් වූ කොරියාවට එන්නේ 2013 දී ය. මේ ගින්න හටගත් පෙබරවාරි 10 වැනි දිනට ඔහු කොරියාවට පැමිණ වසර පහකුත් මාසයකි. තරුණියගේ විලාපය ඇසූ නිමල් සිරි දෙපාරක් කල්පනා කළේ නැත. ඔහු ගිනිගෙන දැවෙන ගෙය තුළට ඉදිරිපස දොරෙන් ඇතුළු වීමට තැත් කළේය. එවිට ගිනිගත් උළුවස්ස කඩා වැටිණ. ඉන්පසු ඔහු පස්ස දොරෙන් ගෙට රිංගාගෙන කාමරයක් කාමරයක් ගානේ ගියේය. එහිදී ඔහු දුටුවේ ඉතා බියකරු දෙයකි. හාත්පස ගිනිගෙන දැවෙන ගෙදර සාලයෙහි වියපත් වූ මහලූ කාන්තාවක් වැටී සිටියාය. දැල්වෙමින් තිබූ විශාල පරාලයක් කවර හෝ මොහොතක ඇගේ හිස මතට පතිත වනු පිණිස වැනෙමින් තිබිණ. වහා පැන ඇය ඉවත නොගතහොත් පරාලය කඩාවැටෙන බව ඔහුට වැටහිණ. නැවත වරක් දෙවරක් සිතීම පසෙක තැබූ නිමල්සිරි වහා එතැනට දිවගොස් කාන්තාව ඔසවා ගත්තේය. ඒ හාම ගිනිදැල් තව තවත් දැල්වෙන්නට විය. වහලයෙත් බිත්තිවලත් වූ ලෑලි පුපුරන හඬ නිමල්සිරිට ඇසිණ. ගිනි දලූ මැදින් දුම් කාගෙන මහලූ කාන්තාව නිවසින් පිටතට රැගෙන ආ නිමල්සිරි ඇය බිම තබා සිටගත්තේය. ඒ හාම සිහිසුන්ව බිම ඇද වැටුණේය. මේ සිද්ධිය වනවිට නිමල්සිරිගේ වයස අවුරුදු 38 කි. දෙදරු පියකු වූ ඔහු ලංකාවේදී ගණිත ගුරුවරයකු ලෙස වැඩ කළේය. එකල ඔහුගේ වැටුප රුපියල් හතළිස් හතර දහසකි. ඒ මුදලින් ඔහු සිය බිරියත් දරුවනුත් වියපත් මවත් රැක බලා ගත්තේය. මේ අතර අවාසනාව කිසිදු පූර්ව දැනුම්දීමක් නැතිව ඔහුගේ ගෙට ඇතුළු විය. ඔහුගේ වියපත් මව රෝගී වූ අතර ඇය රෝහල වෙත ගෙනගිය පසු නිගමනය කරන ලද්දේ ඇයට පිළිකාවක් වැළඳී ඇති බවය. සාමාන්ය මධ්යම පාන්තිකයකුගේ දෛනික සටනක්ව පැවති ඔහුගේ ජීවිතය එදා සිට යුද්ධයක් බවට පත්විය. මවගේ පිළිකාවට ප්රතිකාර කරනු පිණිස විශාල වශයෙන් මුදල් අවැසි විය. ගුරු වෘත්තිය අත්හළ නිමල්සිරි රැකියා නියෝජිතයකු හරහා මසකට රුපියල් තුන් ලක්ෂයක් ලැබෙන රැකියාවක් ලබාගෙන 2013 ජුලි මාසයේ දවසක කොරියාවට ගොඩ බැස්සේය. ඔහුට කොරියන් ආණ්ඩුවෙන් අවුරුදු තුනක රැකියා බලපතක් ලැබිණ. 2015 දී එම බලපත කල් පිරුණු පසු තවත් දෙවසරකට රැකියා බලපතක් ලැබිණ. එය 2017 ජුලි මාසයේදී අවසන් විය. එහෙත් නිමල්සිරි දිගටම කොරියාවේ ජීවත් වෙමින් රැකියාව කළේය. වීසා නැතිව ඔහු සිටියේ හොර වැසියකු ලෙසිනි. ඕනෑම රටක සිටින විදේශිකයෙක් හොර වැසියෙක්ද නැද්ද යන්න සොයා බලන්නේ ඔහු කිසිදු හදිසි සිදුවීමකට මැදි වූ කල්හිය. ගින්නෙන් දැවෙන ගෙයක් තුළට ගොස් මහලූ කාන්තාව බේරා ගැනීමෙන් කළ වීර ක්රියාව නිසා නිමල්සිරි කොරියාව පුරා මහත් ප්රසිද්ධියට පත්විය. ගුවන් විදුලිය, රූපවාහිනිය සහ පුවත්පත් ඔහු ගැන විශාල ප්රචාරයක් දුන්නේය. ඔහුගේ නිර්භීත ක්රියාව අගය කළ කෙරියාවේ සෞඛ්ය සහ සුබසාධන අමාත්යාංශය ඔහුගේ නිර්භීතභාවය පිළිබඳ ගෞරව සම්මානයක් සමඟ රුපියල් විසි ලක්ෂයක මුදලක් තෑගි කළේය. කොරියාවේදී ඒ සම්මානය ලද පළමුවැනි විදේශිකයා නිමල්සිරි ය. ඒ අතර ඔහු හොර වැසියකු බව හෙළි විය. එකෙණෙහිම ඔහුගේ විදේශ ගමන් බලපත්රය පරීක්ෂා කළ කොරියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු නීති විරෝධීව කොරියාවේ රැඳී සිටි කාලය වෙනුවෙන් රුපියල් පන් ලක්ෂයක දඩයක් ගැසුවේය. මේ සියලූ කටයුතු සිදුවන අතර නිමල්සිරි හිටියේ රෝහලේ ය. ගිනිගත් නිවස තුළදී ආඝ්රාණය කළ කාබන් මොනොක්සයිඞ් වායුව නිසා ඔහුගේ පෙනහලූ ඉතා නරක්ව තිබිණ. ඔහුට දිගටම වෛද්ය ප්රතිකාර අවශ්ය විය. මේ අතර ඔහු ගැන සැබෑ කතාන්දරය දැනගැනීමට කොරියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවට හැකිවිය. ඔවුහු රුපියල් පන් ලක්ෂයක් හා සමාන දඩය අහෝසි කළහ. ඉන්පසු වැඩිදුර වෛද්ය ප්රතිකාර සඳහා තවත් හය මසක් කොරියාවේ රැඳී සිටිනු පිණිස වීසා බලපත්රයක් ලබාදුන්නේ ය. මේ සියලූ දේවල් අවසානයේදී නිමල්සිරිගේ මාස හයක වීසාව අවසන් වන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා ය. ඒ අනුව ජනවාරි පළමුවැනිදා ඔහු කොරියන් භූමියෙන් නික්මී ලංකාවට පැමිණීමට නියමිත ය. එහෙත් ඔහු පිළිබඳ කතාන්දරයට රසවත් අවසානයක් එකතු කිරීමට කොරියන් රජය කැමැති විය. ඒ අනුව කොරියන් රජය පසුගිය සතිය මැදදී නිමල්සිරිට ගරු කිරීම සඳහා කොරියන් පුරවැසිකම ඔහුට ප්රදානය කළේය. කොරියාවේ පුරවැසිකම ලබා ගැනීම ඉතා දුෂ්කර ව්යායාමයකි. පිටරැටියෙක් ඒ සඳහා කොරියන් කාන්තාවක සමඟ විවාහ විය යුතුය. ඉන්පසු කොරියන් භාෂා ප්රවීණතා විභාගයකට ද පෙනී සිටිය යුතුය. නිමල්සිරි කොරියන් පුරවැසිකම ලබන්නේ මේ කිසිදු සුදුසුකමක් සම්පූර්ණ කර නොවේ. ඔහු සම්පූර්ණ කර ඇති එකම සුදුසුකම ගින්නෙන් දැවෙන ගෙයක් ඉදිරිපිටදී ස්වකීය හෘද සාක්ෂිය සමඟ ගනුදෙනු කිරීම පමණි. ඉන්පසු ඔහු තම නිර්භීත බව ද එයට එකතු කර ඇත. ”ගිනිගත්තු ගේ ඇතුළේ අම්මා කෙනකු ඉන්න බව දැනගත්තාම මට අපේ අම්මා මතක් වුණා. මට ඇය බේරාගැනීමේ අවදානම ගත්තොත් පිළිස්සී මැරෙන්නට ඉඩ තිබෙන බව මා කල්පනා කළේම නැහැ. ඒ වේලාවේදී මම නිකමටවත් හිතුවේ නැහැ වීසා නැතිව නේද කොරියාවේ ඉන්නෙ කියලා. හෙට මේ වගේ දෙයක් වුණත් මා කරන්නේ එච්චරමයි...” නිමල් තම කතාන්දරය කැටි කරන්නේ එලෙසිනි.[/SIZE] Neth Gossip [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom