Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader

NaNDroid

Active member
  • Jul 1, 2014
    173
    69
    28
    Google තරඟයෙන් ලාංකික කණ්ඩායම අවසන් වටයට ! #MogoReader

    Google සමාගම විසින් සංවිධානය කරනු ලබන GBG Success Stories තරඟය සඳහා ඉදිරිපත් වූ ලොව පුරා රටවල් 60කට ආසන්න තරඟකරුවන් 317ක් අතරන් අවසන් තරඟකරුවන් 9 දෙනා අතරට තේරී පත්වීමට ලාංකික කණ්ඩායමක් සුදුසුකම් ලබා තිබෙනවා. Mogo Reader නමින් හැඳින්වෙන ඇන්ඩ්‍රොයිඩ් සඳහා නිර්මාණය කර ඇති පුවත් හා ලිපි එක්කාසු කර දක්වන ඇප් එකක් සඳහායි මේ ජයග්‍රහණය හිමිව ඇත්තේ. අවසන් අදියරේදී එක් එක් තරඟකරුවන්ගේ ජීවිත කතාව අලලා ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද යූටියුබ් වීඩියෝ පටයට හිමිවන මනාප (Likes) ගණන අනුවයි අවසන් ජයග්‍රාහකයා තෝරාගැනෙන්නේ. ඉන්දීයාව, නේපාලය, පිලිපීනය හා අප්‍රිකාව වැනි රටවල් වල තරඟකරුවන් සමඟ තියුණු තරඟයක් ඇති මේ අවසන් වටයේදී ලාංකික කණ්ඩායම ජනග්‍රහණය කරවීමට ඔබේ දායකත්වයත් ලබාදෙන්න.

    පහත link එක click කර ලැබෙන යූටියුබ් වීඩියෝ පටයේ පහල Like ( ) බටනය click කර ඔබේ මනාපය ලබා දෙන්න.

    YouTube වීඩියෝ පටයට පිවිසෙන්න

    සැ. යු. ඔබ ඔබේ Google හෝ Gmail ගිණුමට පිවිසී නැත්නම් Sign in වීම සඳහා මෙනුවක් ලැබෙනු ඇත. Sign In වීමෙන් පසුව ඔබේ මනාපය ලබා දෙන්න.