පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ද ගූගල් සමාගමේ අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් ව්‍යාපෘතියක් දියත් කිරීමට ලංකාවට පැමිණි අතර ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා මැදිහත්වී ඒ හරහාද වාසි ලබා ගැනීමට උත්සාහ කළේය. මේ තත්වය වටහා ගත් ගූගල් සමාගමේ අධ්‍යක්ෂකවරු ව්‍යාපෘතිය අතහැර දමා අාපසු ගියේය.
දැන් ලංකාවේ පවතින වාතාවරණය පිළිබද සතුටට පත් එම සමාගම ලංකාව තුළ ඔවුන්ගේ අලුත්ම ව්‍යාප්තිය දියත් කිරීමට සූදානම්ය.මේ සමග ගුගල් සමාගම සමග එක්වී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් සපයන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බවට පත්වේ.
ඉහල උන්නතාංශයකින් සමන්විත බැලූන් උපයෝගී කරගනිමින් ගුගල් ලූන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැක.
සමස්ත රටම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව දැන් පිය නගනු ඇත.
මේ පිළිබදව අදහස් දක්වමින් අමාත්‍ය සමරවීර මහතා සදහන් කරන්නේ ගුගල් සමාගම සමග එක්වී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් සපයන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාව බවයි.
ඔහු වැඩි දුරටත් පවසන්නේ, 21 වන ශතවර්ෂයේ දී අපගේ ජීවිතයේ සියළු අංග අන්තර්ජාලය හරහා යලි හැඩගැස්වෙනු ඇති බවත් අපගේ සිසුන්ට දැන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලා සජීවීව හැදෑරිය හැකිවා පමණක් නොව, දුර්ලභ පාලි අත්පිටපත් පවා අන්තර්ජාලය හරහා ලබාගැනීමට හැකි වී ඇත. එමෙන්ම පර්යේෂණ මගින් පෙන්වා දෙන පරිදි අන්තර්ජාලයට සම්බන්ධ කුඩා ව්‍යාපාර පෙර පැවතියාට වඩා දෙගුණයකින් වේගවත්ව ව්‍යාප්ත වන බව ද පෙන්වා දී ඇත.
හිතවතුනි, ඒ අනුව බාහිර ලෝකය හා එකිනෙකා අතර ඇති සබඳතාවය යලිත් ගොඩනගාගැනීමේ මාවතට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති බව අවසන් වශයෙන් මා ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. “ශ්‍රී ලංකාව ආවරණය කරන ලද බව” තව මාස කිහිපයකින් අපට සැබවින්ම පැවසීමට හැකි වනු ඇත."