ගූගල්ගේ නවතම සම්ප්‍රාප්තිය – Google Wave
ලොව දැනට අංක එක ස්ථානයේ පවතින ආයතනයක් වන Google හි අලුත්ම අංගය; Google Wave පසුගියදා එළිදැක්වුවා. මම මේ ලිපිය මඟින් එය කුමක්ද, කෙසේ ක්‍රියා කරයිද යන්න කියා දෙන්න බලාපොරොත්තු වනවා.
ගූගල් වේව් සරළව දත්ත හුවමරු කරගනිමින් ක්‍රියා කළ හැකි සන්නිවේදන වැඩසටහනක් කියා හැඳින්වීමට පුලුවන්. මේ පිළිබඳව මම සොයාගත් සරළ වීඩියෝ වැඩසටහනක් පහත තියෙනවා. ඒක බැලුවම තවදුරටත් තේරුම්ගන්න පුළුවන්.
ගූගල් වේව් වල විශේෂ ගුණාංග ගොඩාක් තියෙනවා. ඒ දේවල් වලින් මම ටිකක් කියනවා. ඉතුරු ටික ඔයාලම දැනගන්න.
ගූගල් වේව් වෙත සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට Google wave ලිපිනයක් දෙනවා. ඒකත් ඉ-මේල් ලිපිනයක් වගේමයි. ඒ මඟින් තමයි ගූගල් වේව් වල ඉන්න අය සම්බන්ධ වෙන්නෙ. උදාහරණයකට මගේ wave ලිපිනය [email protected]. ඔයාලට මාව Google wave වල සම්බන්ධ කරගන්න ඕන නම් ඉස්සෙල්ල කිව්ව ලිපිනයට සම්බන්ධ වෙන්න.
මේ වගේ ලිපිනයක් ඇති ඕනෑම කෙනෙකුට facebook වගේ ඕනෑම මෙහොතක කතාබහ කරන්න පුළුවන්. ගුගල් වේව් හරියට “ඔන්ලයින් සාකච්ඡා” කරන තැනක් වගේ. හැබැයි ඊට වඩා ගොඩාක් ගුණාංග ඇතුලත් විශේෂ සාකච්ඡාවක්.
ගූගල් වේව් වලදී ඔන්ලයින් ඉන්න අයට තමන්ගේ අදහස් නිදහසේම අනෙක් අයට කියන්න පුළුවන්. අවශ්‍ය නම් පෞද්ගලික කතාබහක් වුවද අයෙක් සමග ආරම්භ කරන්න පුළුවන්. ඒ කතාබහේදී අවශ්‍ය රූප, වීඩියෝ, “ඔව් – නෑ – බෑ” ආදියද ඇතුලත් කරන්න පුළුවන්.
මිතුරන් ලියන කියන සේරම දේවල් අඩුවක් නැතුව අපිට ඒ වෙලාවේ බලාගන්න පුලුවන්. ඒක නිසා හොර වැඩ wave වල බෑ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ පෞද්ගලික දෙයක් නම් private wave පාරක් දාන්න පුළුවන්.
ඒ වගේම මෙහිදී ඔබට Meetings පවා සංවිධානය කිරීමට පුලුවන්. එහිදී ගූගල් මැප්ස් පවා ඇතුලත් කිරීමට ඉඩ ලබාදී තියෙනවා.
එසේම අවශ්‍ය පින්තූරක් තිබේ නම් upload කරමින් කාලය ගතකරන්න ඕන නෑ. කෙලින්ම Drag & drop කරල wave වලට දාන්න පුළුවන්. ඒ වගේම අලංකාර slide show තප්පර කීපයකින් සාදා නිම කළ හැකියි. ඒවා එවෙලේම යහලුවන් අතර සජීවීවම බෙදාගන්න පුලුවන්.
මෙහි brainstorm මඟින් ඔබට යහළුවන් අතර යහපත් සංකල්පනා බෙදාහදාගැනීමට පුළුවන්. ඒක නිසා මම ඒක ඉතාම වැදගත් දෙයක් බවට කියා සිටිනවා.
එසේම මෙහිදී සජීවීව ක්‍රීඩා කිරීමට හැකි ක්‍රමයක් හඳුන්වා දී ඇති නිසා යහළුවා ක්‍රීඩා කරන විලාසය ඔබටත් දැකගන්න පුලුවන්. ඒක නම් ඔයාලට අලුත් අත්දැකීමක් වේවි.
කොහොම උනත් ගූගල් වේව් එක්ක සම්බන්ධ වෙන්න නම් අනිවාර්යෙන්ම Gmail ගිණුමක් තියෙන්න ඕන. මම හිතනව මම මේ ලිපියෙන් ඔයාලට ප්‍රයෝජනයක් වේවි කියල. ඉස්සෙල්ලා කිව්වා වගේ මම Google wave ගැන සඳහන් කලේ පොඩ්ඩයි. ඉතුරු ටික Google wave වෙත පිවිසිලාම බලන්න.
ඔයාලගේ කමෙන්ට් දැන් දාන්නෙ නැති තරම්. කමෙන්ට් නෑ කියන්නෙ මම කරන දෙයින් වැඩක් නෑ කියන එක. ඒක නිසා කමෙන්ට් එකක් දාලම යන්න.
හොඳයි නම් Comment එකක් දාලායන්න.
බලමු.. thnx! 


