කාලකන්නි කරන්නේ නැතුව ජනාධිපතිට වැඩේ කරගෙන යන්න දෙන්න ඕනේ-රන්ජන්.
උසස් පෙළ විභාගයෙන් තමාට ලැබී ඇති ප්‍රතිඵලය පිළිබඳ සතුටට පත්වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ලැබී ඇති ප්‍රතිඵල පිළිබඳව තමන් සතුටට පත් වන නමුත් ක්‍රිස්තු ධර්මය විෂය අසමත් වී තිබීම තමාටද ගැටලුවක්ව ඇති බවයි ඒ මහතා පැවසුවේ.
එම විෂය නැවත සමීක්ෂණය සඳහා අයදුම් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් නීති විද්‍යාලයට අවශ්‍ය සුදුසුකම් මේ වන විට සපුරා ඇති බවත් නීතිඥයෙක් වීම තම අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම නිර්මල බුදු දහම තමන් කිසිදු අවස්ථාවක විවේචනය කර නැති බවත් එසේ කර ඇති එක අවස්ථාවක් පෙන්වා දුන්නොත් තමන් දේශපාලන දිවියෙන් සමුගන්නා බවත් ඒ මහතා පැවසීය.
තමන්ට නාම යෝජනා නොදෙන බවට ගෙන ඇති තීරණයට ප්‍රධානම හේතුව තමන් බුද්ධාගමට අපහාස කළාය යන චෝදනාවම නොවන බවත් ආසන පරාජය වු අය විසින් එම කරුණ හුවා දැක්වීමට උත්සාහ කරන බවත් ඒ මහතා පැවසීය.
මහ බැංකු බැඳුම්කර සිද්ධියේදීත් තමන්ගේ මතය විවෘතව ප්‍රකාශ කළ බවත් එහිදී හිත් රිදීම් ඇති වු පිරිසද තමන්ට නාම යෝජනා නොදීමට කටයුතු සළසන බවයි රන්ජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.
නාම යෝජනා නොදුනහොත් තමන් ස්වාධීනව නව පක්ෂයකින් මැතිවරණයට ඉදිරිපත් වන බවත් ඒ මහතා පැවසීය.
එසේම පසුගිය ජනාධිපතිවරණ පරාජයට රටේ ජනතාව තුළ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවීම ප්‍රධානතම හේතුව වු බවත් ඔහු ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ රාජිත සේනාරත්න හා පාඨලී චම්පික අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ගෙන විත් සිදු කළ පූර්වාදර්ශයට තමන් කැමති බවත් නමුත් පුද්ගලයන් විශේෂිකරණය කරමින් නීතියෙන් දඬුවම් පැමිණවීමට තමන් එකඟ නොවන බවත්ය.
ජනාධිපතිවරණය සමයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විවේචනය කර සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
"අපි කෝලිට කොච්චර බණිනවද ඒ කිසි වරදක් කරලා නෙවේනේ..
ඒ වගේ ජනාධිපතිවරණයේ දී අපි අපේ අපේක්ෂකයා දිනවීමට කළ හැකි සෑම දේම කරනවා.
මේ දේවල් කාලකණ්නි කරන්න හොඳ නෑ..ජනාධිපතිතුමාට නිවී සැනසිල්ලේ අවුරුද්දක් දෙකක් තමුන්ගේ චින්තනය කරගන්න ඉඩ දෙන්න ඕනේ..
එතුමා ළඟදී ආර් එම් වී එකට ගියානේ..ඒක මරු වැඩක්. ඒ වගේ වැඩවලට මම ඩබල් සැලුට් ගහනවා.."