මූසා සැන්ඩියානා කබාගේ හෝ ග්‍රෑන්ඩ් පී යනු අප්‍රිකා මහද්වීපයේ නමක් දිනා ගත් සුප්‍රසිද්ද ගිනියානු ජාතික සංගීතඥයෙකි.
දුර්ලභ ජාන විකෘර්තියක් ( ප්‍රොජරියා ) සහිතව උපත ලැබූ මෙම කීර්තිමත් සංගීතඥයා ගායනයෙන්, රංගන යෙන් සහ සංදර්ශන වෘර්තියෙන් සැලකිය යුතු ධනයක් හිමිකර ගෙන ඇත.
ගිනියාවේ පවත්වන ලද ප්‍රසංගයකදී , ඔහුට අයිවොරියානු ජාතික නිරූපිකාවක් වන 28 හැවිරිදි සුඩොක්සි යාඕ මුනගැසී ඇති අතර ප්‍රථම හමුවීමෙන්ම දෙදෙනා අතර සමීප සබදතාවක් ඇතිවිය. යම් යම් හේතූන් මත ඇයගේ දෙමාපියන් සම්බන්ධය අනුමත නොකලද ඇය ඔහු සමග විවාහ ගිවිස ගෙන ඇත.
ග්‍රෑන් පී සතුව විශාල ධනයක් ඇති බවත් ඔහු සතු මුදල් ලබා ගැනීම සඳහා විවාහ ගිවිස ගත් බවට කට කතා පැතිර ගියත්, අවස්ථාවන් කිහිපයකදීම සියළු චෝදනා ප්‍රතික්ෂේප කළ සුඩොක්සි මාධ්‍ය හමුවකදී අවධාරණය කලේ තමා ගේ ආදරය සැබෑවක් බවයි.
දෙයියෝ තමයි දන්නේ, ජයවේවා ග්‍රෑන් පී