Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Graphics Card එකක්?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

maka balanna.

පරිගණක ක්රීඩා වලට ඇලුම් කරන්නන්ට, ග්රැෆික් නිර්මාණ ශිල්පයේ යෙදෙන අයට, සහ වැඩි resolution එකක් සහිත මොනිටර් කීපයකින් පරිගණක අත්දැකීම විඳීම ප්රිය කරන්නන්ට ග්රැෆික් කාඩ් එක තමන්ගේ පණ හා සමානයි. නමුත් තිබුණු එකක් මාරු කරන්නට හෝ අලුතින් ඔබට අවශ්ය පරිදි පරිගණක පද්ධතියක් සකසනවා නම්, පෙර අප ගෙන ආ හාඩ් එකක් තෝරගන්නා හැටි වගේම ග්රැෆික් කාඩ් එකක් තෝරගන්නා හැටිත් දැනගෙන සිටීම අත්යාවශ්ය දෙයක්.

***ග්රැෆික්වලට පෙර අනිත් දේවල්***

ග්රැෆික් කාඩ් එක කියන්නේ පරිගණකයේ GPU හෙවත් ග්රැෆික් කටයුතු පිළිබඳව පමණක් කටයුතු කරන කොටසයි. මේ නිසා එයට සහාය වන්නට පරිගණකයේ CPU, RAM ආදී අනෙකුත් සාධකත් අවශ්ය වෙනවා. ඔබේ පරිගණකයේ තිබෙන්නේ පැරණි Dual Core CPU එකක් නම්, රැම් ධාරිතාව අඩු නම් සහ මොනිටරය 1280×1024 සහ ඉන් පහළ resolution එකකින් යුත් එකක් නම් ඉතා විශාල මුදලක් වැය කොට ඉතා හොඳ ග්රැෆික් කාඩ් එකක් යෙදීමේ තේරුමක් නැහැ. එවන් පරිගණකයකට ඒ දේවල් තව වැඩි කරන්නට අදහසක් නැත්නම් මධ්යම ප්රමාණයේ එකක් හොඳටම සෑහෙනවා. එනමුත් ඒ ආකාරයේ මොනිටර් වැඩි ගණනක් (තුනක් පමණ) යොදනවා නම් වැඩි බලයක් අවශ්ය වෙනවා.

***මෙමරි වගේම ඊටත් වඩා වේගය වැදගත්***

Graphics card එකක් මිලදී ගැනීමේදී ඒවායේ මතක ධාරිතාවන් ගිගාබයිට් වලින් සඳහන් කර තිබෙනු දකින්නට ලැබේවි. මෙම අගය වැඩි වන තරමට කාඩ් එකට දිය හැකි බල ප්රමාණය උපරිම වෙනවා වගේම දත්ත සංසරණ වේගයත් බෙහෙවින් සැලකිය යුතු කාරණයක් වෙනවා. කෙතරම් ඉහළ මතක ප්රමාණයක් තිබුණත් එම මතකයේ ඇති දත්ත සංසරණය කිරීමේ වේගය මිලදී ගන්නට පෙර පරීක්ෂා කර බැලිය යුතුයි. එම අගය bandwidth, bit width, memory speed යන අගයයන්ගෙන් දක්වා තිබෙනවා. එසේම DDR3 ග්රැෆික් කාඩ්වලට වඩා GDDR5 ඒවායේ හැකියාව බොහොම වැඩියි. සැකෙවින් කිවහොත්, DDR3 වර්ගයේ 4GB එකකට වඩා GDDR5 හි 1GB එකක වැඩි සවිබලයක්, වේගයක් තිබෙනවා.

***Motherboard එකට ගැලපෙන බව***

ලොකු ගාණක් දීලා ග්රැෆික්ස් කාඩ් එකක් ගෙනල්ලා සවි කරන්න බලද්දී පරිගණකයේ Motherboard එකේ slot එක නොගැලපෙනවා නම්, සහ ඉඩ මදි නම් නැවතත් එය මාරු කරගන්න කඩේට දුවන්නට වෙනවා. ඔබ වැඩි මිලක ග්රැෆික්ස් කාඩ් එකක් ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඊට අවශ්ය බල සැපයුම පරිගණකය තුළින් ලබා ගැනීමට හැකිදැයි පරීක්ෂා කළ යුතුයි. එසේ නොහැකි නම් ඒ කාඩ් එකට අවශ්ය විදුලි ශක්තිය නිසි පරිදි ලබා දෙන හොඳ Power supply එකක් ද මිලදි ගත යුතු වෙනවා. මෙසේ මිල දී ගැනීමේදීත් හොඳ brand එකක power supply එකක් මිල දී ගැනීමෙන් Graphics card එකට අවශ්ය බලය නිසි ලෙස ලබා දී එහි උපරිම ප්රයෝජනය ලබා ගැනීමට හැකි වෙනවා. එනිසා ප්රථමයෙන් six-pin සහ eight-pin PCIe සම්බන්ධක ප්රමාණය, ඇම්පියර් ගණන ආදිය ගැන සැලකිලිමත් වීම වැදගත්. ඔබට ඒ දේවල් ගැන වැඩි අවබෝධයක් නැත්නම් Power supply එකේ සහ Motherboard එකේ වර්ගය, model number ආදිය ලියාගෙන ගියහොත් වෙළඳ නියෝජිතයාට ඔබට ගැලපෙන කාඩ් එකක් තෝරා දෙන්නට පහසුවක් වේවි. ඒ වගේම motherboard slot එකේ ප්රමාණය හෝ වර්ගය, එහි සිට casing එක දක්වා ඇති උස, අනිකුත් උපාංග සමඟ ඇතුලත ඉඩකඩ ආදිය පිළිබඳව සටහනක් ඔබ සතුව තිබීමත් වැදගත් වෙනවා. පරිගණකය උස්සාගෙන යනවා වෙනුවට පහසුම දේ, එහි ඇතුලත ඡායාරූප කිහිපයක් ගෙනයාමයි.

***හොඳ Cooling System එකක්***

VGA card වල සිසිලන පද්ධති වර්ග දෙකක් තිබෙනවා. ඒ, Reference සහ Non-Reference / Aftermarket ලෙසයි. මෙහි පළමු ආකාරය වන reference ලෙස හැඳින්වෙන්නේ Nvidia, AMD වැනි සමාගම් විසින් ඍජුව තම නිෂ්පාදන පාරිභෝගිකයන්ට අලෙවි කරන විටයි. මේවායේ තනි ෆෑන් එකක් පමණක් බොහෝ අවස්ථා වල දී දකින්නට ලැබෙනවා. එම තනි ෆෑන් එකට වැඩ වැඩි නිසා ශබ්දයත් ටිකක් වැඩියි. අනෙක් වර්ගය වන Non-Reference හෙවත් Aftermarket ඒවායේ වෙනත් සමාගම් විසින් එම කාඩ් වලට (අවසරය ඇතිව) වෙනස්කම් කොට බෙදා හරිනු ලබන ඒවා යි. මේවායේ බොහෝ ලෙස වෙනස්කම සිදුවන්නේ සිසිලන පද්ධතියේ වන අතර ඒවාට ෆෑන් දෙකක් හෝ තුනක් පමණ අඩංගු කෙරෙනවා. මෙම වෙනස් කරන ලද ඒවායේ කාර්යක්ෂමව සිසිලනය සිදුවන අතර ශබ්දය ද අවමයි. නමුත් මෙමගින් පරිගණකයේ අනෙකුත් කොටස් වලට, විශේෂයෙන් CPU එකේ උෂ්ණත්වය ඉහළ යාම සිදු වන නිසා එය අවාසියක්. එවිට පරිගණකයේ අනිකුත් ෆෑන් වලට වැඩ වැඩි වන අතර පරිගණකයේ වේගය අඩාල වීම් ද අත්විඳීමට සිදු වෙනවා. මේ සියල්ල සලකා බැලූ විට ශබ්දය මඳක් වැඩි වුවත් Reference කාඩ් එකක් ගැනීම උචිත බව පෙනී යනවා.

***භාවිත කරන්නට යන මෘදුකාංගවලින් අවශ්යතාව දැනගන්න***

ඔබට අවශ්ය කුමන ප්රමාණයක සවිබලයක් ඇති VGA කාඩ් එකක්දැයි යන්න ඔබ භාවිත කරන්නට බලාපොරොත්තු වන Photoshop, Illustrator, After effects, 3Ds Max ආදී මෘදුකාංගවල වෙළුම අනුව මෙන්ම පරිගණක ක්රීඩාවල ස්වභාවය අනුව තීරණය වෙනවා. ඔබේ සීමාව හඳුනාගන්නට ඉතා පහසුවෙන් ඒ මෘදුකාංග හෝ පරිගණක ක්රීඩාවල සඳහන් කර ඇති අවම පද්ධති අවශ්යතාවයන් සලකා බලන්නට පුළුවන්. ඔබට වැඩි වසර ගණනක් සඳහා ගැලපෙන එකක් නම් ඔබේ ප්රියතම මෘදුකාංගයේ හෝ ක්රීඩාවේ සඳහන් මට්ටම මෙන් අඩු තරමේ 1.5 ගුණයක වැඩි බලයක් සහිත එකක් මිලදී ගැනීම කළ හැකියි. නමුත් මුදල් අනන්ත ප්රමාණයක් තිබෙන අවස්ථාවක දී වුවත් ලක්ෂ දෙකහමාර ඉක්මවා යන තරම් එකක් තෝරාගැනීම ආර්ථික වශයෙන් නිර්දේශ කළ නොහැකියි.

ඉතින්, ඔබ නව ග්රැෆික්ස් කාඩ් එකෙන් කරන්නට යන දේවල් මොනවා ද?

(උපුටා ගැනීමකි)

best

NVIDIA

GeForce

[QUOTE="Helo1, post: 23555417, member: 513769"] [SIZE=4]maka balanna.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]පරිගණක ක්රීඩා වලට ඇලුම් කරන්නන්ට, ග්රැෆික් නිර්මාණ ශිල්පයේ යෙදෙන අයට, සහ වැඩි resolution එකක් සහිත මොනිටර් කීපයකින් පරිගණක අත්දැකීම විඳීම ප්රිය කරන්නන්ට ග්රැෆික් කාඩ් එක තමන්ගේ පණ හා සමානයි. නමුත් තිබුණු එකක් මාරු කරන්නට හෝ අලුතින් ඔබට අවශ්ය පරිදි පරිගණක පද්ධතියක් සකසනවා නම්, පෙර අප ගෙන ආ හාඩ් එකක් තෝරගන්නා හැටි වගේම ග්රැෆික් කාඩ් එකක් තෝරගන්නා හැටිත් දැනගෙන සිටීම අත්යාවශ්ය දෙයක්. ***ග්රැෆික්වලට පෙර අනිත් දේවල්*** ග්රැෆික් කාඩ් එක කියන්නේ පරිගණකයේ GPU හෙවත් ග්රැෆික් කටයුතු පිළිබඳව පමණක් කටයුතු කරන කොටසයි. මේ නිසා එයට සහාය වන්නට පරිගණකයේ CPU, RAM ආදී අනෙකුත් සාධකත් අවශ්ය වෙනවා. ඔබේ පරිගණකයේ තිබෙන්නේ පැරණි Dual Core CPU එකක් නම්, රැම් ධාරිතාව අඩු නම් සහ මොනිටරය 1280×1024 සහ ඉන් පහළ resolution එකකින් යුත් එකක් නම් ඉතා විශාල මුදලක් වැය කොට ඉතා හොඳ ග්රැෆික් කාඩ් එකක් යෙදීමේ තේරුමක් නැහැ. එවන් පරිගණකයකට ඒ දේවල් තව වැඩි කරන්නට අදහසක් නැත්නම් මධ්යම ප්රමාණයේ එකක් හොඳටම සෑහෙනවා. එනමුත් ඒ ආකාරයේ මොනිටර් වැඩි ගණනක් (තුනක් පමණ) යොදනවා නම් වැඩි බලයක් අවශ්ය වෙනවා. ***මෙමරි වගේම ඊටත් වඩා වේගය වැදගත්*** Graphics card එකක් මිලදී ගැනීමේදී ඒවායේ මතක ධාරිතාවන් ගිගාබයිට් වලින් සඳහන් කර තිබෙනු දකින්නට ලැබේවි. මෙම අගය වැඩි වන තරමට කාඩ් එකට දිය හැකි බල ප්රමාණය උපරිම වෙනවා වගේම දත්ත සංසරණ වේගයත් බෙහෙවින් සැලකිය යුතු කාරණයක් වෙනවා. කෙතරම් ඉහළ මතක ප්රමාණයක් තිබුණත් එම මතකයේ ඇති දත්ත සංසරණය කිරීමේ වේගය මිලදී ගන්නට පෙර පරීක්ෂා කර බැලිය යුතුයි. එම අගය bandwidth, bit width, memory speed යන අගයයන්ගෙන් දක්වා තිබෙනවා. එසේම DDR3 ග්රැෆික් කාඩ්වලට වඩා GDDR5 ඒවායේ හැකියාව බොහොම වැඩියි. සැකෙවින් කිවහොත්, DDR3 වර්ගයේ 4GB එකකට වඩා GDDR5 හි 1GB එකක වැඩි සවිබලයක්, වේගයක් තිබෙනවා. ***Motherboard එකට ගැලපෙන බව*** ලොකු ගාණක් දීලා ග්රැෆික්ස් කාඩ් එකක් ගෙනල්ලා සවි කරන්න බලද්දී පරිගණකයේ Motherboard එකේ slot එක නොගැලපෙනවා නම්, සහ ඉඩ මදි නම් නැවතත් එය මාරු කරගන්න කඩේට දුවන්නට වෙනවා. ඔබ වැඩි මිලක ග්රැෆික්ස් කාඩ් එකක් ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඊට අවශ්ය බල සැපයුම පරිගණකය තුළින් ලබා ගැනීමට හැකිදැයි පරීක්ෂා කළ යුතුයි. එසේ නොහැකි නම් ඒ කාඩ් එකට අවශ්ය විදුලි ශක්තිය නිසි පරිදි ලබා දෙන හොඳ Power supply එකක් ද මිලදි ගත යුතු වෙනවා. මෙසේ මිල දී ගැනීමේදීත් හොඳ brand එකක power supply එකක් මිල දී ගැනීමෙන් Graphics card එකට අවශ්ය බලය නිසි ලෙස ලබා දී එහි උපරිම ප්රයෝජනය ලබා ගැනීමට හැකි වෙනවා. එනිසා ප්රථමයෙන් six-pin සහ eight-pin PCIe සම්බන්ධක ප්රමාණය, ඇම්පියර් ගණන ආදිය ගැන සැලකිලිමත් වීම වැදගත්. ඔබට ඒ දේවල් ගැන වැඩි අවබෝධයක් නැත්නම් Power supply එකේ සහ Motherboard එකේ වර්ගය, model number ආදිය ලියාගෙන ගියහොත් වෙළඳ නියෝජිතයාට ඔබට ගැලපෙන කාඩ් එකක් තෝරා දෙන්නට පහසුවක් වේවි. ඒ වගේම motherboard slot එකේ ප්රමාණය හෝ වර්ගය, එහි සිට casing එක දක්වා ඇති උස, අනිකුත් උපාංග සමඟ ඇතුලත ඉඩකඩ ආදිය පිළිබඳව සටහනක් ඔබ සතුව තිබීමත් වැදගත් වෙනවා. පරිගණකය උස්සාගෙන යනවා වෙනුවට පහසුම දේ, එහි ඇතුලත ඡායාරූප කිහිපයක් ගෙනයාමයි. ***හොඳ Cooling System එකක්*** VGA card වල සිසිලන පද්ධති වර්ග දෙකක් තිබෙනවා. ඒ, Reference සහ Non-Reference / Aftermarket ලෙසයි. මෙහි පළමු ආකාරය වන reference ලෙස හැඳින්වෙන්නේ Nvidia, AMD වැනි සමාගම් විසින් ඍජුව තම නිෂ්පාදන පාරිභෝගිකයන්ට අලෙවි කරන විටයි. මේවායේ තනි ෆෑන් එකක් පමණක් බොහෝ අවස්ථා වල දී දකින්නට ලැබෙනවා. එම තනි ෆෑන් එකට වැඩ වැඩි නිසා ශබ්දයත් ටිකක් වැඩියි. අනෙක් වර්ගය වන Non-Reference හෙවත් Aftermarket ඒවායේ වෙනත් සමාගම් විසින් එම කාඩ් වලට (අවසරය ඇතිව) වෙනස්කම් කොට බෙදා හරිනු ලබන ඒවා යි. මේවායේ බොහෝ ලෙස වෙනස්කම සිදුවන්නේ සිසිලන පද්ධතියේ වන අතර ඒවාට ෆෑන් දෙකක් හෝ තුනක් පමණ අඩංගු කෙරෙනවා. මෙම වෙනස් කරන ලද ඒවායේ කාර්යක්ෂමව සිසිලනය සිදුවන අතර ශබ්දය ද අවමයි. නමුත් මෙමගින් පරිගණකයේ අනෙකුත් කොටස් වලට, විශේෂයෙන් CPU එකේ උෂ්ණත්වය ඉහළ යාම සිදු වන නිසා එය අවාසියක්. එවිට පරිගණකයේ අනිකුත් ෆෑන් වලට වැඩ වැඩි වන අතර පරිගණකයේ වේගය අඩාල වීම් ද අත්විඳීමට සිදු වෙනවා. මේ සියල්ල සලකා බැලූ විට ශබ්දය මඳක් වැඩි වුවත් Reference කාඩ් එකක් ගැනීම උචිත බව පෙනී යනවා. ***භාවිත කරන්නට යන මෘදුකාංගවලින් අවශ්යතාව දැනගන්න*** ඔබට අවශ්ය කුමන ප්රමාණයක සවිබලයක් ඇති VGA කාඩ් එකක්දැයි යන්න ඔබ භාවිත කරන්නට බලාපොරොත්තු වන Photoshop, Illustrator, After effects, 3Ds Max ආදී මෘදුකාංගවල වෙළුම අනුව මෙන්ම පරිගණක ක්රීඩාවල ස්වභාවය අනුව තීරණය වෙනවා. ඔබේ සීමාව හඳුනාගන්නට ඉතා පහසුවෙන් ඒ මෘදුකාංග හෝ පරිගණක ක්රීඩාවල සඳහන් කර ඇති අවම පද්ධති අවශ්යතාවයන් සලකා බලන්නට පුළුවන්. ඔබට වැඩි වසර ගණනක් සඳහා ගැලපෙන එකක් නම් ඔබේ ප්රියතම මෘදුකාංගයේ හෝ ක්රීඩාවේ සඳහන් මට්ටම මෙන් අඩු තරමේ 1.5 ගුණයක වැඩි බලයක් සහිත එකක් මිලදී ගැනීම කළ හැකියි. නමුත් මුදල් අනන්ත ප්රමාණයක් තිබෙන අවස්ථාවක දී වුවත් ලක්ෂ දෙකහමාර ඉක්මවා යන තරම් එකක් තෝරාගැනීම ආර්ථික වශයෙන් නිර්දේශ කළ නොහැකියි. ඉතින්, ඔබ නව ග්රැෆික්ස් කාඩ් එකෙන් කරන්නට යන දේවල් මොනවා ද? (උපුටා ගැනීමකි)[/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]best [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]NVIDIA [/SIZE] [SIZE=4][B]GeForce [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom