Hacking Iphone 5S touchID

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ජර්මන් හැකර්වරු අයිෆෝන් 5S "Touch ID" fingerprint scanner ආරක්ශක උපක්‍රමය බිඳහෙලන සරළ ක්‍රමයක් සොයාගනී!! වීඩියෝව අන්තර්ජාලයට මුදාහරියි!!

    d.jpg


    ඇපල් සමාගම සිය නවතම ඇපල් 5S මාදිලිය හඳුන්වාදුන්නේ මේ මස මුළදී පමණය. එහි අඩංගුකොට තිබුණු විවිධාකාර තාක්ශණයන් අතර වැඩියෙන්ම කතාබහට බඳුන්වුනේත්, ඇපල් සමාගම වැඩිපුරම කතාකලේත්, අලුත්ම ආරක්ශණ උපක්‍රමයක් වූ "ටච් අයිඩී" ලෙස හැඳින්වුනු ආරක්ශණ උපක්‍රමයයි. අයිෆෝනයේ අඩංගුකොට තිබෙන අධි-සංවේදී ඇඟිලි සළකුණු ස්කෑනරයක් මගින් ෆෝන් අයිතිකරුගේ ඇඟිලි සළකුණු කියවා සටහන් කරගන්නා අතර, ඉන්පසු එම ෆෝනය භාවිතා කල හැක්කේ එම පුද්ගලයාට පමණකි. අතිශය පෞද්ගලික තොරතුරු විශාල ප්‍රමාණයක් අයිෆෝන් වැනි ස්මාර්ට් ෆෝන තුල ගබඩාවෙන නිසා මෙම ආරක්ශණ උපක්‍රමය විප්ලවීය එකක් බව කියමින් ඇපල් සමාගම උදම් අනන ලදී.

    මෙම උදම් ඇනීම සති කිහිපයකට සීමා කිරීමට ජර්මනියේ සුප්‍රකට හැකර්වරුන්ගේ සමාජයක් වන Chaos Computer Club-CCC හි සාමාජිකයින් සමත්වී තිබේ. මොවුන් ඇපල් ඇඟිලි සළකුණු ආරක්ශක පද්ධතිය පරාජයකිරීම සඳහා භාවිතා කරන ලද උපක්‍රමය සරළ මෙන්ම ෆෝනයට කිසිදු හානියක් නොකොට, එයට වෙනත් උපාංග හෝ මෙවළම් සවිනොකොට සිදුකරන එකකි.

    මෙහිදී පියවර 4ක් අනුගමය කරන අතර ඒවා සරලව පහත දැක්වේ;

    1] ෆෝනයේ තිරය මත සටහන්වී ඇති අයිතිකරුගේ ඇඟිලි සළකුණක් අධි-විබේධන කැමරාවකින් (2400dpi) ඡායාරූප ගත කරගැනීම

    2] එම ඡායාරූපය ඡායාරූප සැකසුම් වැඩසටහනක් ඇසුරින් සුපිරිසිදු කරගැනීම හා invert කිරීම

    3] සකස්කරගත් ඇඟිලි සළකුණ 1200dpi විබේධනයෙන් ලේසර් මුද්‍රණ යන්ත්‍රයකින් ප්ලාස්ටික් ශීට් එකක මුද්‍රණය කරගැනීම

    4] ලේටෙක්ස් ද්‍රවයක් මුද්‍රණය වූ ඇඟිලි සළකුණ මත අතුරා ඇඟිලිසළකුණේ පිටපතක් ලබාගැනීම

    මේ ලේටෙක්ස් ද්‍රවය ඝනවීමෙන් පසුව එය ඕනෑම අයෙකුගේ ඇඟිල්ලක් මත අතුරා අයිෆෝනයේ ඇඟිලි සළකුණු සෙන්සරය මත තැබීමේදී අයිෆෝනය එය අයිතිකරුගේ ඇඟිලි සළකුණ ලෙස වටහාගෙන ෆෝනය unlock කරනු ලැබේ.

    මෙය සිදුකරණ ආකාරය පිලිබඳව CCC හැකර්වරුන් අන්තර්ජාලයට මුදාහල වීඩියෝව නරඹන්න.



    Source
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    meka hack ekak navai oi. solution ekak :)
    aithi karayage agilla kapagena avilla thiyana eka thawa solution ekak.:D
     

    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    MEKA ONAMA FINGER PRINT DEVICE EKAKATA KARANNA PULUWAN EKAKNE BAN. APPLE WALATA WITHARAK NEWEI OKA ONAMA EKAKATA KARANNA PULUWA
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,179
    1,890
    113
    C:\
    poosage claws walinuth unlock wena scene ekakuth thiyenawa ne .. Mashable.com eke dakka :D
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    iye thawa iOS 7.0.2 update ekak awa.. oya seen nisama thawa tika dawasakin thaawa update ekak enawalu security wadi karala :)