SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,632
    6,937
    113
    United States
    Hacking_mobile_devices.jpg


    අපි පහුගිය lesson එකෙන් Hacking කියන්නේ මොකක්ද සහ Hacker වරුන්ගේ වර්ගීකරණය පිලිබඳ ඉගෙනගත්තා.. අද අපි බලමු Cybercrime සහ Ethical Hacking කියන්නේ මොකක්ද කියලා..

    Cyber crimes කියන්නේ මොකක්ද

    පරිගණක පද්ධති සහ Network hack කරමින් වෛරසයන් පැතිරවීම, දත්ත සොරා ගැනීම, බැංකු ගිණුම් වලින් මුදල් සොරකම් කිරීම මෙම Cybercrimes ලෙස නම් කරනු ලබනවා.. බොහෝ cyber crimes සිදුවන්නේ chat apps සහ දුරකථන හරහා වේ. Cybercrimes වර්ග කීපයක් තිබෙනවා,

    Computer Fraud: පරිගණක පද්ධති බාවිතයෙන් පුද්ගලික වාසි ලබා ගැනීම සඳහා හිතාමතා රැවටීම.

    Privacy Violation: පුද්ගලික email, Mobile number, පුද්ගලික ගිණුම් දත්ත සමාජ මාධ්‍ය තුල සහ වෙබ් අඩවි තුල ප්‍රචාරය කිරීම.

    Identity Theft: යමෙකුගේ පුද්ගලික තොරතුරු සොරා ගනිමින් එම පුද්ගලයා ලෙස පෙනී සිටීම.

    Sharing Copyrighted Files/Information: Copy Right Contents බෙදා හැරීම. උදාරහරණයක් ලෙස පරිගණක වැඩ සටහන්, Copyright Files ආදිය හුවමාරු කරගැනීම.

    Electronic Funds Transfer: පරිගණක බැංකු ජාල වල හොරෙන් ඇතුළු වී එහි මුදල් තම පුද්ගලික ගිණුව වලට රහසේ හුවමාරු කර ගැනීම.

    Denial of Service Attacks: සේවාදායකයන් වසා දැමීමේ අදහසින් විවිධ ස්ථානවල පරිගණක භාවිතා කර සයිබර් ප්‍රහාර එල්ල කිරීම මෙයට සම්බන්ධ වේ.

    Spams: අනවසර ඊමේල් යැවීම. මෙම ඊමේල් වල සාමාන්‍යයෙන් දැන්වීම් අඩංගු වේ.

    Ethical Hacking කියන්නේ මොකක්ද ?

    අවසරයෙන් පරිගණක පද්ධති හෝ පරිගණක ජාලවලට ඇතුළුවී එහි ඇති දුර්වලතා හඳුනා ගැනීම සහ දුර්වලතා ආරක්ෂා කරන පිළියම් යෙදීම Ethical Hacking ලෙසින් හඳුන්වනු ලැබේ.

    Ethical හැකර්වරු පහත සඳහන් නීති රීති පිළිපැදිය යුතුය.

    ඇතුළුවීමට පෙර පරිගණක පද්ධතියේ හෝ පරිගණක ජාලයේ හිමිකරුගෙන් ලිඛිත අවසරයක් ලබා ගැනීම.

    සංවිධානයේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම.

    පරිගණක පද්ධතියේ හඳුනාගෙන ඇති සියලුම දුර්වලතා විනිවිදභාවයෙන් ආයතනයට වාර්තා කිරීම.

    හඳුනාගත් දුර්වලතා පිළිබඳ දෘඩාංග හා මෘදුකාංග අයිතිකරුවන්ට දැන්විය යුතුයි.

    දත්ත යනු ආයතනයකට හෝ පුදගලයෙකුට වැදගත්ම කරුණු ගොන්නක් වේ.. ඉතින් මේම දත්ත Hack නොවී ආරක්ෂා කරගැනීමට White Hat Hackers ලොකු පිටුවහලක් වී තිබෙනවා.. ඒ හැකර්වරු පරිගනක පද්ධති සහ ජාල වල අදාල දුර්වලතා හඳුනාගනිමින් එවාට පිලියම් යොදා අවදානම අඩු කර ඇති නිසාය. ඉතින් එම නිසා අදාල සමාගම් වලට ලොකු මුදලක් ඉතිරි කරගත හැකි වේ.

    Ethical Hacking සඳහා නීතිමය අවසර

    ඉහත සඳහක් කර ඇති නීති උපදෙස් අකුරමට පිලිපදින්නේ නම් International Council of E-Commerce Consultants ආයතන මෙහෙයවන ලද පරීක්ෂණයකට පෙනි සිට ඔබ එයින් සමත් උනොත් පමණක් ඔවුන් ඔබට නීතිමය අවසර සහිත සහතිකයක් ලබා දෙනු ලබනවා.


    ඉතින් අද අපි කතා කලේ Cyber Crimes සහ Ethical Hacking පිලිබඳවයි.


    Coming soon next letter.............. :D:D