Halloween- ( hal-low-een ) හෙවත් ශුද්ධවූ සැඳෑව
ඔක්තෝබර් 31 වැනිදා ලෝකයේ වගේම ලංකාවේ සියලු කිතුනු බැතිමතුන් Halloween දවස සැමරුවා. Halloween නැත්නම් ශුද්ධවූ සැඳෑව ගැනයි මේ.
වසන්ත සමය ගෙවිලා යද්දී සමරන මේ උත්සවය මීට වසර දහස් ගණනකට ඉස්සර රෝමයෙන් පටන් ගැනුන දෙයක්.
මේ උත්සවය දැනට පොඩි ළමයින්ගේත් වැඩිහිටියන්ගේත් විනෝදජනක උත්සවයක් විදියට සැමරුවත් අතීතයේදී රෝමවරුන් මේ උත්සවය හඳුන්වලා තියෙන්නෙ ඔවුන්ගේ මිය ගිය ඥාතීන් නැවත නිවසට පැමිණෙන දවස කියලයි.
මේ දවසේදී රෝම වරුන් තමන්ගේ මිය ගිය ඥාතින්ගේ අවතාර වෙනුවෙන් ඔවුන් ජීවත්වෙලා සිටියදී ප්‍රියකරපු කෑම බීම හදලා විශේෂ භෝජන සංග්‍රහයක් පවත්වලා තිබෙනවා.
ඒ නිසා පැරැණ්නන් විශ්වාස කළ අන්දමට ඔක්තෝබර් 31 යනු මරණයේ අදුරු ලොව සහ ජීවයේ ලොව අතර දොරගුලු හැරෙනා දිනයයි. මරණයේ සෙවණැලි තුළින් පැමිණෙන මියැදුණු ආත්මයන් සිය අස්වැන්නට හානි ඇති කරන්නේ යැයි විශ්වාස කළ පැරුණ්නෝ එදින සන්ධ්‍යාවේදී විශාල උත්සවයක් පවත්වන්නට පුරුදුව සිටියා. ඒ තමයි Halloween වල ආරම්භය.
කාලයක් යද්දී එංගලන්තයත් මේ උත්සවය අනුකරණය කරලා ඒක ක්‍රිස්තියානි ධර්මයේ සාන්තුවරයින්ගේ දවස විදියට සකස් කරලා සමරන්න පටන් අරන් තිබෙනවා. Halloween –( hal-low-een ) වචනයේ අර්ථය විදියට ඔවුන් හඳුන්වන්නේ ” ශුද්ධවූ සැඳෑව ” ලෙසයි.
එංගලන්ත වැසියන් මේ දවසේ සැන්දෑව ප්‍රීතියෙන් නටන වයන උත්සවක් වගේම සියළු සාන්තුවරයින් හට ආහාර පුද දෙන දවසක් විදියට සමරද්දී මුළු යුරෝපා රටවල් පුරාම වගේම ඇමෙරිකාව, කැනඩාව වගේ රටවලත් පැතිර ගියා.
ඒ වගේම මේ Halloween උත්සවය සමරණ හැම රටකම Halloween සැන්දෑවේදී කරන පරණ චාරීත්‍රයක් තිබෙනවා. ඒ තමයි වට්ටක්කා ගෙඩියක් අරගෙන ඒකේ ඇතුලේ මදය ඉවත් කරලා මිනිස් මුහුණක් විදියට හැඩය එන්න කපලා ඉටි පන්දම දල්වන්න පහනක් හදන එක. ඒකට කියන්නෙ ” ජැක් ඕ ලන්තෑරුම ” කියලා (Halloween jack o lantern)
Halloween දවස වෙනුවෙන් නෑදෑ හිත මිතුරන්ගෙන් සුබ පැතුම් පත් හුවමාරුවත් සිදු වෙනවා. මේ හැන්දෑවේ එක එක ආකාරයේ ඇඳුම් ඇඳගෙන වෙස් මුහුණු පැළදගෙන එහෙමත් නැත්තම් මුහුණ සායම් කරගෙන විනෝද වීම තමා ඔවුන් කරන්නේ. විශේෂයෙන්ම මලගිය අය සිහි කරන මේ දවසේදී භූතයින් මෙන් අඳින්න පලදින්නත් මේ අය අමතක කරන්නෙ නෑ.එක එක රටවල Halloween දවසටම විශේෂිත වුනු විවිධ ආහාර වර්ගත් පිළියෙළ වෙනවා.
එමෙන්ම නොවැම්බරය කිතුණු භක්තිකයින් විශ්වාස කරන්නේ මළවුන්ගේ මාසය ලෙසයි. මේ මාසය තුල ඔවුන් මංගල කටයුතු වැනි කිසිම ශුභ කටයුත්තක දෙන්නෙත් නැහැ.
උපුටා ගැනීම ....http://life.asianmirror.lk/?p=3578