HAPPOI DEIYANE Mage EPF ekata kela wennai yanne

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,537
    113
    Lankawe
    අයවැය හිඟය පියවන්න අර්ථ සාධක අරමුදලේ සහාය

    November 24, 2011 at 4:20 pm | Lanka C News.



    bugget.jpg
    ලබන වසරේ අයවැය හිඟය පියවීම සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර හරහා රජයට ලබාගැනීමට අපේක්‍ෂා කරන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියා සිටී.
    මෙවර අයැවැය ලේඛණයට අනුව අයවැය හිඟය කෝටි 46,900කි. ඉන් කෝටි 29,400ක් දේශීය ණය මඟන් පියවා ගැනීමට අපේක්‍ෂිත අතර ඉතිරි කෝටි 17,500 විදේශීය ණය මඟින් පියවාගැනීමට අපේක්‍ෂිතය.
    දේශීය වශයෙන් ලබාගැනීමට බලාපොරොත්තු වන ණය මුදලෙන් සැලකිය යුතු කොටසක් සේවක අර්ථ සාධක අරමුදලෙන් සහ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලෙන් ලබාගැනීමට රජය බලාපොරොත්තු වේ.

    2,853 Viewers have read This article