Hart Attack or ගැස්ට්‍රයිටිස් ??

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Hart Attack or ගැස්ට්‍රයිටිස් ??

    0eWcuXX.jpg

    මේ කතාව කියන්න හිතුනේ පහුගිය දවසක වෙච්ච සිදුවීමක් එක්ක.

    මට මේ දැරිය මුණ ගැසෙන්නේ ගිය සතියේ දවසක exercise ecg කාමරේ ඉන්නකොට. මෙයාගේ වයස අවුරුදු 14යි. ඉස්කෝලේ 10වසරේ ඉන්නේ. ඇවිත් හිටියේ exercise ecg එකක් කරගන්න.

    මොකක්...

    ඔව් අර පොඩ්ඩක් වත් මහන්සි වෙන්න බැරි හති අරින, පපුවේ කැක්කුම් එන ලෙඩ්ඩුන් ට කරන පරීක්ෂණේ කරගන්න.

    ඒ මොකට ද ඒ...

    ඒක ටිකක් විතර දිග කතාවක්.

    මේ ළමයා ටිකක් විතර දඩබ්බරයි. වෙලාවට කෑම කන්නෙම නැතිලු. කන කෑමත් තෝර තෝර ලු කන්නේ. උදේ කෑම නම් කන්නේ ම නැතිලු. වැඩිපුර ගන්නේ සෝටීස් එහෙම ලු.

    ඉතින් මෙහෙම ඉන්නකොට මේ ළමයා ට බඩේ කැක්කුමක් ඇවිත්.

    මේ බඩේ කැක්කුම ටිකක් වෙලා යනකොට හාට් එක පැත්තටත් ඇවිත්. ඒ කියන්නේ පපුවේ කැක්කුමක් වෙලා. heart attack එකක් කියලා බය වෙච්ච ගෙදර කට්ටිය මෙයාව ඉක්මණට ඉස්පිරිතාලෙට එක්කන් එනවා.

    පපුවේ කැක්කුම් වලට එන හේතු වලින් භයානක ම තත්ත්වය සහ හරි හැටි ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික ප්‍රතිපල ගෙන දීමට සමත් තත්ත්වය වන්නේ හෘදයාබාධයි. ඉතින් මෙයාට එහෙම ද බලන්න විගසින් ecg එකක් ලබා ගැනෙනවා.

    අවාසනාවට මෙහෙම ගත්තු ecg එක normal එකක් නම් වුණේ නැහැ. එහි සුළු සුළු අවුල් සහගත තැන් ටිකක් තිබුණා.

    වයසත් එක්ක heart attack එකක් වෙන්න චාන්ස් එකක් අඩු වුනත් එහෙම නොවෙන්න චාන්ස් එකක් නැත්තෙමත් නැහැ.

    ඉතින් අපි ඇයට heart attack ද කියලා බලන්න ලේ පරීක්ෂණ සිදු කරනවා. එහිදී හෙළිවන්නේ ඇයට heart attack එකක් ඇවිත් නැති බව.

    ඒත් එහෙනම් ඇයි මෙයාට මෙහෙම අවුල් ecg එකක් ආවේ... ඒ ගැන බලන්න අපි මේ ලෙඩාව යොමු කරනවා ecg ගැන බලන ලොකු දොස්තර මහත්තයා වෙතට. (consultant electrophysiologist). ඔහු කියනවා මේ ecg වෙනස් කම් බොහොමයක් මේ වයසට එන සාමාන්‍ය තත්ත්වයන් බවට. නමුත් හරියට ම එසේදැයි නිශ්චය කරගන්න ඔහු මැයට exersice ecg පරීක්ෂණයක් නියම කරනවා.

    exersice ecg පරීක්ෂණය ගැන පැවසුවහොත් එහිදී රෝගියාට ecg machine එක පළඳවනු ලැබෙනවා. පසුව රෝගියාව tread meel එකක නිශ්චිත වේගයකින් ඇවිද්දවනු ලැබෙනවා. පසුව ටිකෙන් ටික වේගය වැඩිකරනු ලැබෙනවා. මේ මුළු කාලය පුරාවට ම රෝගියාගේ ecg ලබා ගැනෙනවා.

    රෝගියා මහන්සි වනවිට රෝගියාට heart attack එකක් පැමිණේ නම් ඊට ප්‍රථම ඇතිවන ecg වෙනස් කම් මගින් මෙය කල්තියා හඳුනාගත හැකියි. එවිට පසු දිනෙක heart attack එකක් පැමිණීම වැලැක්වීම ට පියවර ගත හැකියි. මෙසේ වෙනස් කම් ඇති වන රෝගීන් angiyogram පරීක්ෂණය සඳහා යොමු කිරීම බොහෝවිට සිදු කෙරෙනවා. එමඟින් හදවතේ ලේ නහර වල ඇති අවහිරතා ( blocks ) නිවැරදිව හඳුනාගෙන ඒ සඳහා ප්‍රතිකාර සිදු කල හැකිය.

    ඉතින් මේ දැරිය ගේ exercise ecg එකේ නම් එහෙම කිසිම අවුලක් තිබුනේ නැහැ. ඒ කියන්නේ මෙයාගේ පපුවේ කැක්කුම ට හේතුව වෙන දෙයක්.

    ඊළඟට වෙන්න පුළුවන් දෙය ගැස්ට්‍රයිටිස් නිසා මේ ගැහැණු ළමයා පසුව කටෙන් බටයක් දමා සිදු කරන endoscopy පරීක්ෂණයකට භාජනය වනවා. එහිදී හෙළි වන්නේ මේ දැරිය උග්‍ර ගැස්ට්‍රයිටිස් තත්ත්වයකින් පිඩා විඳින බව.

    ඇයට ඒ සඳහා ප්‍රතිකාර නියම වනවා.

    ජයවර්ධනපුර රෝහල ඔබ ලබාගන්න ප්‍රතිකාර සඳහා ගෙවීමක් කළ යුතු රෝහලක්. ඉතින් මේ සියල්ල සිදු වන විට මේ දැරියගේ රෝහල් බිල ද ටිකෙන් ටික ඉහළ නගිනවා.

    හැබැයි මේ සියල්ල වළක්වාගත හැකිව තිබු දේවල්.

    මෙයා කවදාවත් උදේට කන ළමයෙක් නෙවෙයි ලු. අනික් කෑම වේලවල් හරියට ගන්නේ නැතිලු. රෑ කෑම විතරලු වෙලාවට ගන්නේ.

    ඔයත් මේ ළමයා වගේ උදේ කෑම අතපසු කරගන්නා කෙනෙක් ද ? නිතර ම ප්‍රමාද වී ආහාර ගන්නා කෙනෙක් ද ?

    ඔබත් ගැස්ට්‍රයිටිස් රෝගයේ ගොදුරක් වෙන්න කලින් ඔබගේ ආහාර පුරුදු වෙනස් කරගත්තොත් හොඳයි නේද...

    ගැස්ට්‍රයිටිස් වලින් මිනිසුන් අසීමිතව පිඩා විඳිනවා ඔබ දැක ඇති. එතනින් එය නවතිනවා නම් කමක් නැත. එහෙත් පසු කාලයක එය උගුරේ පිළිකාවක් බවට වර්ධනය වීමට ද ඉතා ඉහළ ඉඩකඩක් තිබෙනවා.

    තවත් එකක්. දවසක heart attack එකක් ආ විට එය ගැස්ට්‍රයිටිස් කියා ඔබ නොසළකා ඉන්නට ද ඉඩකඩක් තිබෙනවා. දිනක් එසේ සිටි අයෙක් නිසි වෙලාවට ප්‍රතිකාර සඳහා යොමු නොවුණු නිසාම මරු තුරුලට ගියසැටි මට තවම මතකයි.

    ඉඳින්. ඔබට වෙනස් වීමට කාලයයි මේ...


    වෛද්‍ය ජයසංඛ නවෝද් - ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල
     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Cholestrol Total 240 Reference range 140-239 mg/dl
    Triglycerides 92 Ref 10-200
    HDL 65 Ref 35-85
    non HDL 175 Ref 55-189
    LDL 157 Ref 75-159
    VLDL 18 Ref 10-41
    CHOL/HDL 3.7 Ref 2-5
    LDL/HDL 2.5 Ref 0.01- 3.3
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump.
    හාට් ඇටෑක් එකක් ආපු කෙනෙක් "ගෑස්ට්‍රයිටිස් වෙන්න ඇති" කියලා හිතන එක නම් ඉතාම භයානක දෙයක්.
     

    Bandaraahs

    Junior member
  • Jul 27, 2010
    113
    12
    18
    Cholestrol Total 240 Reference range 140-239 mg/dl
    Triglycerides 92 Ref 10-200
    HDL 65 Ref 35-85
    non HDL 175 Ref 55-189
    LDL 157 Ref 75-159
    VLDL 18 Ref 10-41
    CHOL/HDL 3.7 Ref 2-5
    LDL/HDL 2.5 Ref 0.01- 3.3

    Triglyceride saha LDL wadi wenawa kiyana eka echchara honda deyak newei macho. Ewa wadi kiyana eka heart attack ekak enna tiyana chance eka wadi kiyana eka. LDL 130 ta aduwen tiyaganna try krpan etakota aulk ne. Cholesterol wadi un kamen hari behet walin hari ewa adu karaganna try karanakota tryglyceride kohomat wadi wenawa eka normal because total cholesterol breakdown weddi ehema wenawa.
     

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    Triglyceride saha LDL wadi wenawa kiyana eka echchara honda deyak newei macho. Ewa wadi kiyana eka heart attack ekak enna tiyana chance eka wadi kiyana eka. LDL 130 ta aduwen tiyaganna try krpan etakota aulk ne. Cholesterol wadi un kamen hari behet walin hari ewa adu karaganna try karanakota tryglyceride kohomat wadi wenawa eka normal because total cholesterol breakdown weddi ehema wenawa.



    Thanks alot

    ai ban LDL wedi wenne ? 2 Eggs kanawa dawasakata.Gym giye na 2months. Essara GoldStandard Whey protein gatta gym yanakota. Dannam awidinnath time na