Health Mlafia සෞඛ්‍ය මාෆියාව

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මරණ දණ්ඩණය ගේන්න ඕන මේ වගේ සල්ලි හොරා කන එවුන්ට.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Mama cream ekak gaanawa. Eka india wala 175 lkr wage wenawa. Mehe 330 lkr. Kohomda gahilla?

    බලපන් ‍කොච්චර ලාබෙට දෙන්න පුලුවන්ද නේද. හෙණ හත ගහපන් මුන්ට:lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Mama cream ekak gaanawa. Eka india wala 175 lkr wage wenawa. Mehe 330 lkr. Kohomda gahilla?


    ඉන්දියාවේ නිශ්පාදන පිරිවැය රු.60 ක් වගේ වෙයි, 175 ට විකුණනවා නම්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    gud question:yes: these type of people do follow someone els' agenda:lol:

    තමුනුත් කව්ද කියලා පැහැදි කරලා කියනවා නම් , මා ගැනත් විස්තරයක් දිය හැකියි.

    ඇජෙන්ඩා එක තමයි "බොහෝ මිනිසුන් දුකට පත්කර කිහිප දෙනෙක් ධනවතුන් කරන ලංකාවේ Healthcare mafia එළිදරව් කිරීම "
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    වෛද්‍ය සභාවට වෛද්‍යවරුන් නොවන අයත් පත් කළ යුතුයි කියන්නේ ඇයි..? -ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ

    (ලංකා ඊ නිව්ස් -2018.අගෝ.23, පෙ.ව‍.6.00) වෛද්‍ය සභාව යනු හොරාගේ අම්මගෙන් පේන අහන තැනක් යයි එහි සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙමින් මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පළ කළ විවේචනයත් සමග වෛද්‍ය සභාවේ සංයුතිය පිලිබඳ සමාජයේ සංවාදයක් පැන නැගින. මේ පිළිබඳ මානව හිමිකම් සම්බන්ධයෙන්ද, දූෂණ නැසීම සම්බන්ධයෙන් ද දිගුකාලීන අත්දැකීම් ඇති ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ මහතා දක්වන අදහස් වඩා ස්වාධීන බවත්, කාලෝචිත බවත් පෙනී යයි. වැලිඅමුණ මහතා දැක්වූ අදහස් සම්පූර්ණයෙන් මෙසේය.

    “වෛද්‍ය ආඥාපනත එන්නේ 1927 දි. මීට අවුරුදු 90 කට ඉස්සර. වරින් වර ඒක සංශෝධනය වෙලා තියෙනවා. 1987 දි තමයි දැන් තියෙන ස්වරූපයට වෛද්‍ය සභාව එන්නේ. වෛද්‍ය වෘත්තිකයන් පිලිබඳ විනය බලතල, වෛද්‍ය සේවය වගේම වෛද්‍ය සේවයට අනුබද්ධිත අනෙක් වෘත්තීන් නියාමනය කිරීමේ බලතලත් වෛද්‍ය සභාවටම තමයි හිමි වෙන්නේ.

    වෛද්‍ය සභාවේ ඉන්නවා ඇමැතිවරයා විසින් පත් කරනු ලබන සභාපති කෙනෙක්. හැම වෛද්‍ය පීඨයකින්ම නියෝජිතයෙක්. දැනට එහෙම එන්නේ ඒ වෛද්‍ය පීඨවල පීඨාධිපතිවරු. වෛද්‍ය වෘත්තිකයන්ගෙන් තව 8 දෙනෙක් ඡන්දයෙන් පත් කර ගන්නවා. ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් එක් අයෙක්, දන්ත වෛද්‍යවරුන්ගෙන් එක් අයෙක් ද පත් කර ගන්නවා. ඇමැතිවරයා තවත් 4 දෙනෙකු පත් කරනවා. එයින් දෙදෙනෙක් රජයට සම්බන්ධ නොවන අය විය යුතුයි. ඊලඟට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හා ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ ජෙනරාල්, සභාපතිවරයා ඇමැති විසින් පත් කළාට උප සභාපති වෛද්‍ය සභාවෙන්ම තෝරා ගන්න ඕනෑ. පනතේ 13 වෙනි වගන්තියේ තිබෙන විදිහට වෛද්‍ය සභාවේ සියළු සාමාජිකයන් වෛද්‍යවරුන් විය යුතුයි.

    වෛද්‍ය සභාවේ ප්‍රමුඛ කාර්ය තමයි නියාමනය. ඕනෑම වෘත්තියක් යම්කිසි ආයතනයක් විසින් නියාමනය කරන කොට තිබිය යුතු මූලික ලක්ෂණය තමයි, එම නියාමන ආයතනය ස්වාධීන වීම. ඒ කියන්නේ නියාමනයට නතු වෙන අයගෙන් ස්වාධීන වෙන්න ඕනෑ. ඒ වාගේම නියාමන ආයතනය රජයෙන් ස්වාධීන වෙන්නත් ඕනෑ. අනෙක් අතට නියාමනයක් අවශ්‍ය වන්නේ වෘත්තිකයන්ගේ පැත්තෙන් බලනකොට විතරක් නොවෙයි. මහජනයාගේ පැත්තෙන් බලන විටයි.

    එංගලන්තයේ මීට සමානව තිබෙන ජෙනරල් මෙඩිකල් කවුන්සිල් හෙවත් ජීඑම්සී ආයතනය 2001 පටන් ගත්තේ, ලියාපදිංචි පුණ්‍ය ආයතනයක් හැටියට. එයින් තමයි ඒ රටේ වෛද්‍ය වෘත්තිය නියාමනය කරන්නේ. 2001 දි කවුන්සිල් ෆෝ හෙල්ත්කෙයාර් රෙගියුලටරි එක්සලන්ස් කියලා තවත් ආයතනයක් පටන් ගත්තා. ජීඑම්සී එකේ තීන්දු ගැන අභියාචන එතැනට ගෙන යන්න පුළුවන්. ජීඑම්සී එකේ සාමාජිකයෝ 12 දෙනෙක් ඉන්නවා. එයින් හයක්, ඒ කියන්නේ භාගයක්, වෛද්‍ය වෘත්තිකයන්. අනෙක් හය දෙනාම ඒ වෘත්තියට පිටත අය. එංගලන්තයේ අනෙකුත් සෞඛ්‍ය සේවාවන් නියාමනය කරන්න වෙන වෙනම කවුන්සිල තියෙනවා. උදාහරණ හැටියට ඔප්ටිකල් කවුන්සිල්, ජෙනරල් ෆාමසියුටිකල් කවුන්සිල් ආදී වශයෙන්.

    ලංකාවේ වෛද්‍ය සභාවේ සංයුතිය වෙනස් වෙන්න ඕනෑ කියන විවාදය යලිත් ආවේ සභාපති කොල්වින් ගුණරත්න මහත්තයා අස්වෙන්න හදලා කියූ දෙයක් එක්ක. ඔහු කීවා, 'මේක හොරාගේ අම්මගෙන් පේන අහන තැනක්' කියලා. පහුගිය කාලේ වෛද්‍ය ආඥාපනතට සංශෝධනයක් යෝජනා කරලා තිබුනා, ඒ කෙටුම්පත අභියෝගයට ලක් කළා සති දෙක තුනකට ඉහත අනෙක් සෞඛ්‍ය වෘත්තික සමිති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දි. එහිදී මේ වෛද්‍ය සභාවේ සංයුතිය ගැන නොයෙකුත් කරුණු මතු කළා. මතුවුණු එක ප්‍රශ්නයක් තමයි, අනෙකුත් වෘත්තිකයන් වෛද්‍ය සභාව යටතට එන්නේ කොහොමද කියන එක.

    දැන් වෛද්‍ය සභාව පාලනය කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. වෛද්‍ය සභාවට වෛද්‍යවරුන් 8 දෙනෙකු ඡන්දයෙන් තෝරාගන්නා අවස්ථාවේ මහ ඡන්දයක් වගේ වෛද්‍යවරුන් බස් වලින් ගෙනල්ලා තමයි ඡන්දය තිබ්බේ කියලා කොල්වින් ගුණරත්න මහත්තයා කියනවා. අනෙක් අතට ජීඑම්ඕඒ එක අද වෘත්තිය සමිතියකටත් වඩා දේශපාලන පක්ෂයක වුවමනා එපා කම් අනුව හැසිරෙන්නක්. ඒක ස්වාධීන වෘත්තිය සමිතියක් නොවනවා වගේම, වෛද්‍ය සභාවේ සාමාජිකයන් ස්වාධීන විය යුතුයි කියන කාරණයට ලොකුම බාධකයක් බවට පත්වෙන්නෙත් ජීඑම්ඕඒ එක. පහුගිය කාලය පුරාම, ජීඑම්ඕඒ එක අනෙකුත් සෞඛ්‍යයට අදාල වෘත්තීන් පහළට දමලායි කතා කරන්නේ. ඔවුන්ට හිමි අධ්‍යයන අවස්ථා, වෘත්තීය අවස්ථා බලෙන් ඩැහැගන්නවා. පාඨමාලා කප්පාදු කරන්න බලපෑම් කරනවා. මෙහෙම පිරිසකගේ බලයට යටත් වුණු වෛද්‍ය සභාවක් අනෙකුත් වෘත්තිකයන් නියාමනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය නැගෙනවා.

    වෛද්‍ය සභාව පැත්තෙන් අපි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට යනවා නම්, සභාව ස්වාධීන කරනවාට අමතරව අත්‍යාවශ්‍ය වෙනවා, වෛද්‍ය වෘත්තියෙන් බාහිර අය සමාන සංඛ්‍යාවක් හෝ වැඩි පිරිසක් මේකට ඇතුළත් කිරීම. එයින් අදහස් වෙන්නේ නියාමනය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති, ආයතන විනාශ කරන බාහිර පුද්ගලයන් මේකට ඇතුල් කළ යුතුයි කියා නොවෙයි. ඕනෑ තරම් ඊට ගැලපෙන පිරිස් සමාජයේ ඉන්නවා. ඒ සඳහා අඩු තරමින් වෛද්‍ය සභා පනතේ 12,13 වගන්ති දෙකවත් සංශෝධනය විය යුතුයි. ඒ වගේම වෛද්‍ය වෘත්තිය නොවන අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීන් නියාමනයට තිබෙන බලයත් වෙනස් වෙන්න ඕනෑ.”
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    North Central Province Health Director's Office Frauds

    EjKl0xP


    https://imgur.com/a/EjKl0xP
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,183
    31,918
    113
    කොහොමත් අපි ඩොකාලට අත්හදාබැලීම් විතරයි. බලපන් බෙහෙතක් ගන්න ගියාම. ලියනවා ලියනවා... ඒවට හරි ගියෙ නැත්නම් අයෙත් වෙන එකක් ලියනවා. අන්තිමට හරියනකන් ලියනවා... උන් දන්නෙත් නැහැ හරියනම බෙහෙත. ඔහොම බෙහෙත් ටෙස් කරන්න මිනිස්සු යොදා ගත්තම උන් මැරෙන්නෙ එක ලෙඩේට ලෙඩ දාහක් හැදිලා... ඕක තමයි ඇත්ත.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එකම බ්‍රෑන්ඩ් එකේ එකම බෙහෙත එක එක තෑන් වල එක එක ගණන්. යකෝ සිමෙන්ති කොට්ටයක් ගත්තත් එකේ ගහලා තියෙනවා උපරිම සිල්ලර මිල. උදාහරණයකට ගත්තොත් බෙහෙත යුනියන් කෙම්ස්ට් එකේ දෙන ගාන වගේ දෙගුණයක් ආසිරි සෙන්ට්‍රල් එකෙන් ගත්තොත්. ආසිරි ගෲප් එකේම ආසිරි සර්ජිකල් එකේ ගාන සෙන්ට්‍රල් එකට වඩා අඩුයි හෑබෑයි යුනියන් කෙමිස්ට් එකටවඩා වෑඩි. මේවාට පාලනයක් නෑත්තේ ඈයි. මිනිස්සු අසරණම වෙන වෙලාවේ හූරන් කන එවුන්ගේ දරුවොන්ට ඉදලා සාප වෙනවා
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Blood bank - act. Director's frauds

    A dispute between the National Blood Transfusion Service (NBTS) Director and its medical officers has lead to a malfunction of the blood bank for the first time in the history, it is learnt.

    Medical officers attached to the NBTS at Narahenpita to resort into work stoppage from today urging the health authorities to remove NBTS Director Dr. Rukshan Bellana from his portfolio.

    The strike is to be backed by the Government Medical Officers Association (GMOA) with the support of 42 Medical Officers (MO) of the NBTS.

    It was learnt that Speaking to the Daily Mirror, GMOA’s NBTS branch Secretary Dr. Senal Rupasinghe said due to the arbitrary decisions and alleged finance misappropriation of the director, NBTS MOs’ had found hard to carry out their duties.

    Dr. Rupasinghe stated that the director was interdicted for nearly two years and ten months for allegedly slinging mud to President Maithripala Sirisena during the previous Presidential election and was not having a good service record.

    He alleged that Dr. Bellana had arbitrarily purchased a bone marrow transplant machine, misappropriating a sum of US $ 1 million funds allocated for a contingency plan.

    He said that there is no need to purchase such machine as yet bone marrow transplanting is not performed in Sri Lanka.

    Dr. Rupasinghe also said that the director had allegedly attempted to award a service agreement for repair the freezers given to provincial blood collection centres at a cost of Rs 7.3 million per annum.

    He pointed out that less than Rs. 1 million was spent to service the freezers last year.

    “ So far we have not requested the provincial doctors of NBTS to take part in this protest. If the health authorities remain silent over the director’s arbitrary behaviour we will resort to islandwide action disrupting the entire blood supply to the country,” he added.

    When contacted Dr. Bellana rejected the allegations levelled against him and said the medical officers are attempting to cover up their fraudulent activities.

    Dr. Bellana said that one NBTS MO was accused of several serious sexual harassment allegations and he had called an inquiry over the accused via the Health Ministry Secretary.

    “The accused medical officer is attempting to divert the attention and stop taking disciplinary action against him. Several nurses had given a statement that the said MO who is initiating the strike, had attempted to obtain sexual advancement on several occasions. The nurses are refusing to go outstation on mobile service with the said MO,” he said.

    Dr. Bellana said that the accused medical officer in conivance is trying to tarnish his reputation by spreading false information among the staff and remove him to carryout his dirty work.

    He said four nurses, two Medical Laboratory Technicians (MLT) and a minor staff are scheduled to give a statement against the accused medical officer during the inquiry.

    Dr. Bellana said that after he was appointed in December 20, 2017 he was able to minimise several misconducts that took place in NBTS for years which was the main reason medical officers demand his removal.

    It was learnt that only the blood collection from NBTS Narahenpita will be disrupted with the work stoppage and the Peripheral blood banks’ mobile service will attend blood donation campaigns islandwide as scheduled. (Thilanka Kanakarathna)
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අපි නිකන් දෙන දේ විකුනන් කන රටක් මේක

    රුධිර ප්ලාස්මාව අපනයන කිරීමේදී ඒවා මිලදී ගන්නා ඇතැම් ආයතන කෘතිම රුධිරය කලවම් කිරීමේ චෝදනාවන්ට ලක්වීමෙන් ඒ පිළිබඳ විශාල ගැටළුවක් ඇති වී ඇති බවත් එය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට බරපතල අපකීර්තියක් විය හැකි බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේෂ් මහතා පවසයි.


    රුධිර පරිත්‍යාගශිලින්ගෙන් ලබා ගන්නා අතිරික්ත රුධිර කොටස් අපනයනය කිරීමේදී ඒවා මිලදී ගනු ලබන ආයතන හි සදාචාරාත්මක භාවිතය පිළිබදව සොයා නොබැලීමෙන් මෙම ගැටළුව ඇති වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.


    මේ වනවිට ශ්‍රී ලංකාවේ රුධිර කොටස් මිලදී ගැනීමට ඉල්ලුම් කර ඇති ඇතැම් ආයතන වලට කෘතීම රුධිරය කලවම් කිරීම වැනි සදාචාරාත්මක හා නිත්‍යනුකුල නොවන භාවිතා පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණ පවතින බවට තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇතැයි ද රවී කුමුදේශ් මහතා මහතා සඳහන් කරයි.


    අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස අදාල බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පවසන කුමුදේශ් මහතා වැඩිදුරටත් පවසනුයේ රුධිරය අපතේ යාම වැලැක්වීම සදහා ගනු ලබන හදිසි තීරණයක් ලෙස පෙන්වා දෙමින්, චෝදනා සහිත ආයතනයකට රුධිර කොටස් විකිණිමේ වෑයමක් පවතින බවට තම සංගමය සැකකරන බවයි.

    රවි කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ වැඩි දුරටත් මෙලෙස සඳහන් වේ.


    ශ්‍රී ලංකාව තුල මෙන්ම ලෝකයේ බොහෝ රටවල ශරීර කොටස් විකිණීම තහනම් ක්‍රියාවක් වන අතර ඒවා ලබාදිය හැකි වනුයේ පරිත්‍යාග වශයෙන් පමණි.


    රුධිරය යනු රෝගී අවශ්‍යතාවය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන ජිවී සංඝටකයක් වන බැවින් හදිසි අවශ්‍යතාවයන්හිදී පරිහරණය කිරීම සදහා පරිත්‍යාගශීලීන්ගේ රුධිරය එකතු කර තැන්පත් කර ගැනීම සිදුවේ. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ මෙලෙස එකතු කර අතිරික්ත රුධිර කොටස් අපනයනය කරනු ලබන අතර කාලාන්තරයක් තිස්සේ ඉන්දියානු සමාගම් කිහිපයක් විසින් තරගකාරී මිලකට ඒවා මිලදී ගනු ලබයි.


    ඉන්දියාව වැනි රටවලින් ඉතා අඩු මුදලකට මිලදී ගනු ලබන මෙම රුධිර කොටස් මගින්, විවිධ නිෂ්පාදන සිදු කොට ඉතා වැඩි මුදලකට බටහිර රටවලට විකිණීම සිදුවේ. කෙසේ නමුත් මිනිස් රුධිරය සදහා කෘතීම නිපදවූ සංඝටක හා සත්ව රුධිර කොටස් එකතු කිරීමේ ජාවාරම් පිළිබඳව ලෝක අහාර හා ඖෂධ අධිකාරීන්හි දැඩි අවධානය යොමු වී ඇති අතර, එවන් ව්‍යාජ නිෂ්පාදන මගින් කිසියම් ජීව විද්‍යාත්මක ව්‍යසනයක් සිදුවුවහොත් ඊට අදාළ රුධිරය අපනයනය කර රට චෝදනාවට ලක්වීම නොවැලැක්විය හැක.
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Health,Transport,Postal,Electricity Board,Water Board,...etc Oya okkogema mafia thinawa ban.

    Oya athare underworld mafia ekath thinawa.

    Apith 99% mokak hari mafia waka kotas karayo.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    අම්මට බේත් ගන්න චැනල් කරපු ඩොකා අද ආවේ නෑ. සල්ලි ආපහු ඉල්ලුවාම රු.625/- කපලා දුන්නා. රංඩුවෙන්න ගියේ නෑ , මේවට නීති නැද්ද?
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්න අවුරුදු හැට හැත්තෑව සැප විඳින්න මේ වගේ වැඩ කරන කාලකණ්නි, බැරි වෙලාවත් ඕයි අවුරුදු දාහක් විතර මිනිහෙක් ජීවත් වෙනවා නං මොනවා නොකරයිද සල්ලි හොයන්න.

    මම ෆේස්බුක් එකේ දැක්කා මහරගම අපේක්ෂා රෝහලේ පොඩි උන්ට ගහන කීමෝ එක වෙනුවට සේලයින් දාල කීමො එක හොරට විකුණපු ජාවාරමක් ගැන. ඩොක්කු නෙමේ ඖෂධ වේදියො. පස් දෙනෙක්ගෙද කොහෙද වැඩ තහනම් කරාලු ඒකට. පව් දෙයියනේ පොඩි උන් කීයක් මැරෙන්න ඇද්ද
     
    • Like
    Reactions: chami2015

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    Stent mafia destroyed

    ලක්ෂ 5ක් ගිය හදවත් ප්‍රතිකාරය නොමිලේ දෙන හැටි
    හෘදයාබාධවලින් මිය යන පිරිස් 7% දක්වා අඩුවෙලා
    හෘදයාබාධයක් වැලඳුණු සැණින් ‍රෝහලට එන්න
    ස්ටෙන්ට් විකුණූ කොමිපැනි අපිව දාලා ගියා
    සමහරු ස්ටෙන්ට් එකක් ගත්තේ ගේ දොර උකස් කරලා

    පසුගිය කාලය පුරා රෝහල්ගත වී සිටින රෝගීන්ගෙන් 15% ක් හෘදයාබාධ හේතුවෙන් මිය ගිය ද දැන් එය 7% - 8% දක්වා පහත වැටී ඇතැයි පැවසුවහොත් ඔබ පුදුමයට පත්වනු නොඅනුමාන ය. එහෙත් සත්‍ය එය යි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ යහපත් තත්ත්වය උදාවූයේ හෘදයාබාධ සැත්කම් සඳහා ගැනෙන ‘ස්ටෙන්ට්’ ඇතුළු උපකරණ සහ හදවත් රෝගීන්ගේ ඖෂධ මිල රජය විසින් පහත දැමීම හේතුවෙනි. රජය ඖෂධ වර්ග 48 ක මිල අඩු කළේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන ‍අධිකාරියේ පනත 2016 ඔක්තෝබර් 21 වැනි දින ගැසට් පත්‍රයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ය.



    ඉන් අනතුරුව අක්ෂි කාච සහ ස්ටෙන්ට් නොමිලේ ලබාදෙනු ලැබිණි. සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ නව සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුව රජයේ රෝහල්වල හෘදය සැත්කම් කරනු ලබන රෝගීන්ට නොමිලේ ස්ටෙන්ට් දැමීමත් සමඟ දැන් හෘදය සැත්කම් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව අප සමඟ පැවසුවේ කොළඹ ජාතික රෝහලේ හෘදය සැත්කම් ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ය.

    “ඉස්සර හෘදයාබාධයක් වැලැඳිලා රෝගියාව රෝහලට අරගෙන ආවාම ස්ටෙන්ට් එකක් දාන්න වෙනවා. රු. ලක්ෂ 5 ½ ක් විතර යනවා සල්ලි තියෙනවාද කියලා රෝහලෙන් අහනවා. ඒ මොහොතෙ සල්ලි නැති වුණාම රෝගියාට මොනවද හිතෙන්නේ. අනේ මට මැ‍ෙරන්න වෙන්නෙ සල්ලි නැති නිසා නේද කියලා හිතෙන රෝගියා කොයි තරම් අසරණ වෙනවද? ස්ටෙන්ට් දැමීම ක්ෂණිකව කළ යුතු දෙයක්. සල්ලි එකතු කරගෙන පහු වෙලා කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ස්ටෙන්ට් එකක් දාගන්න බැරිව රෝගීන් කී දෙනෙක් මිය යන්න ඇති ද? ඒත් දැන් රජයේ රෝහල්වල නොමිලේ ස්ටෙන්ට් දාන නිසා ඉස්පිරිතාලේ ප්‍රතිකාර ලබන රෝගීන් අතරින් මිය යන රෝගීන් සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා. ඒ එක්කම ඉස්සර හදවත් රෝගීන්ගෙන් 25% ක් වැනි ප්‍රමාණයකට ස්ටෙන්ට් දැම්මත් දැන් එය 75% ක් දක්වා වැඩිවෙලා තිබෙනවා. එය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයක්” යනුවෙන් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පැවසීය.

    ස්ටෙන්ට් දැමීම රජයේ රෝහල්වල නොමිලේ සිදු කිරීමට පෙර යුගයේ එය රෝගියා විසින් මිල දී ගත යුතු ය. රුපියල් ලක්ෂ පහ හමාරක් පමණ වන ස්ටෙන්ට් එකක් මිල දී ගැනීම සඳහා ඇතැමුන් ගේදොර උගසට තැබූ කතා පුවත් ද වාර්තා වී තිබේ. ජනාධිපති අරමුදලෙන් හෘද සැත්කම් සඳහා මුදල් ලබා දුන්නද එය රු. ලක්ෂ එක හමාරකි. ඉතිරි මුදල වන රු. ලක්ෂ හතර සොයා ගත යුත්තේ රෝගියා හෝ පවුලේ ඥාතීන් විසිනි. රෝගියාගේ පවුලේ නෑදෑ හිතවතුන්ට හෘදයාබාධ වැලඳෙන්නේ මේ මුදල සොයා ගැනීමට යෑමේදී ය. එහෙත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ මැදිහත්වීමෙන් ස්ටෙන්ට් එකකට උපරිම මිලක් පනවා තිබේ. ඒ අනුව ස්ටෙන්ට් එකක් අලෙවි කළ හැකි උපරිම මිල රු. 1, 05,000/= කි. (එක් ලක්ෂ පන්දාහකි) පෞද්ගලික රෝහල්වල හෘදය සැත්කම් සිදුකරන රෝගීන්ට ද එයින් සැලසෙන්නේ මහත් සෙතකි.

    “රජයේ රෝහල්වලට ස්ටෙන්ට් මිල දී ගන්නේ එකක් රු. 50,000/= ක් මිලකට. එය මිලදී ගන්නේ ටෙන්ඩර් මඟින්. ඖෂධ සමාගම් එවැනි මිලකට දෙන්න බැහැ කියලා කිව්වා. සමහර සමාගම් අපිව දාලා ගියා. ඒත් ලෝකයේ ඖෂධ සමාගම් අලෙවි කරන මිල පරාසයන්ට අනුව ඒ විදිහෙ අඩු මිලකට දෙන්න පුළුවන් කියලා ඇමැතිතුමා දැනගෙන හිටියා. ඒ නිසා ඒ තීරණය වෙනස් කළේ නැහැ. පස්සෙ ලක්ෂ ගණනට අලෙවි කරපු ස්ටෙන්ට් එකක් රු. 55,000/= කට දුන්නා. ගණන අඩු වුණත් මිලදී ගන්න ප්‍රමාණය වැඩි නිසා සමාගම්වලට ලාබ ලැබෙනවානේ. ඒ නිසා දැන් ගොඩාක් සමාගම් නැවත එකතු වී ඉන්නවා” යනුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘදය රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ විස්තර කළේ ය. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ස්ටෙන්ට් ගෙන්වීම වාර්ෂිකව වර්ධනය වී ඇත්තේ මෙසේ ය.

    2016 වර්ෂය - 4000

    2017 වර්ෂය - 8000

    2018 වර්ෂය - 18,000

    හෘදයාබාධ වැලඳෙන සෑම රෝගියකුට ම ස්ටෙන්ට් දැමීම කළ නොහැකි ය. ඇතැම් රෝගීන්ට ස්ටෙන්ට් දැමීම වෙනුවට සිදු කළ යුතු වන්නේ බයිපාස් සැත්කමකි. ඇතැම් රෝගීන් හෘදයාබාධ වැලඳී පැය 2 ක් ඇතුළත රෝහලට නොපැමිණීම නිසා ස්ටෙන්ට් දැමීමට නොහැකි වනු ඇත. එවැනි රෝගීන්ට ඖෂධ එන්නතක් ලබා දෙන්නේ රුධිර කැටිය දිය වීමට ය. එකී එන්නත රු. 1,25,000.00 කට එදා අලෙවි වුව ද අද අලෙවි කරනු ලබන්නේ 55,000.00 කට ය. එ් සහනය රෝගීන්ට අත්විඳින්නට හැකි වූයේ රජයෙන් ඖෂධ මිල අඩු කළ බැවිනි.

    “ඉස්පිරිතාලේ ඉන්න රෝගීන්ගෙන් 15% ක් මිය ගියේ හෘදයාබාධ නිසා. ඒත් අද එය 7% - 8% දක්වා පහත වැටිලා තිබෙනවා. හෘදයාබාධ වැලඳුණු රෝගීන් හැකි ඉක්මනින් රෝහලට එනවා නම් මේ මරණ සංඛ්‍යාව තවත් අඩු කරගන්න පුළුවන්. අද ගොඩාක් දෙනා පුරුදු වෙලා ඉන්නේ මහ රෝහලකට යන්න. අතුරුගිරියේ ඉන්න කෙනෙකුට හෘදයාබාධයක් වැලඳුණොත් කොළඹ ගෙනත් හරි යන්නෙ නැහැ. ළඟ ම රෝහලකට ගෙනිහින් එතනින් එන්නත් දීලා ඉන් පසුවයි සැත්කම් කරන මහ රෝහලකට රැගෙන යා යුත්තේ. මේ අවබෝධය නැතිකම නිසා ගොඩාක් දෙනා මිය යනවා” යනුවෙන් විස්තර කළේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ය.

    ඔහු තවදුරටත් සඳහන් කරන්නේ මේ සඳහා යාන්ත්‍රණයක් සකස් විය යුතු බව ය. කෙටියෙන් ම පවසන්නේ නම් ස්ටෙන්ට් මිලදී ගැනීම සඳහා ද යාන්ත්‍රණයක් අවශ්‍ය බව ඔහුගේ අදහස ය. ස්ටෙන්ට් දැමීමට සිටින රෝගීන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් ස්ටෙන්ට් සති දෙකෙන් දෙකට මිලදී ගැනීමට සිදු වේ. එහෙත් ටෙන්ඩර් කැඳවා අදාළ පටිපාටිය අනුව කරුණු කාරණා ක්‍රියාත්මක වන විට ප්‍රමාද සිදු වේ. රජයේ රෝහල්වල නොමිලයේ ස්ටෙන්ට් දැමීම සිදු වුවත් ස්ටෙන්ට් නොමැති බවට පුවත් මැවෙන්නේ මෙකී හේතුව නිසා ය. මේ ප්‍රමාද මඟ හරවා ගැනීම සඳහා වාර්ෂිකව අඛණ්ඩ ව ස්ටෙන්ට් සැපයිය හැකි සැපයුම්කරුවකු පත් කර ගැනීම හෝ වෙනත් විකල්පයක් යොදා ගැනීම සුදුසු බව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහගේ අදහස යි.

    ඊට අමතරව හෘදය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව අවම කර ගැනීම උදෙසා යෝජනා කීපයක් අප සමඟ පැවසුවේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ය. එ් යෝජනා මතු දැක්වේ.

    * හෘදය ‍රෝගීන්ට ඇමතිය හැකි පොදු දුරකථන අංකයක් තිබීම

    * හෘදය රෝගීන් වෙනුවෙන් විශේෂ ගිලන් රථ සේවයක් තිබීම

    * පැය 24 ම ක්‍රියාත්මක වන පරිදි හෘදය රෝග ඒකක සහ ශල්‍යාගාර පිහිටුවීම

    * හෘදය සැත්කම් සිදු කරන ශල්‍යාගාරවල පහසුකම් පුළුල් කිරීම

    * ඊට අවශ්‍ය පරිදි කාර්යය මණ්ඩලය යෙදවීම

    මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් හෘදයාබාධ හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව 4% දක්වා පහත දමා ගත හැකි බව ඔහුගේ අදහස ය. එය සංවර්ධිත රටවල්වල දක්නට ලැබෙන තත්ත්වයකි.

    හෘද රෝගීන්ට ප්‍රතිකාර කිරීම ක්ෂණිකව සිදු කළ යුතු ය. ඔවුන් මරණයෙන් මුදවා ගත හැක්කේ එවිට ය. හෘදය ‍රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ විශේෂ යාන්ත්‍රණයක් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ ඉදිරිපත් කර තිබෙන්නේ එබැවිනි. එය Wagon Wheel Concept යනුවෙන් හඳුන්වා තිබේ.

    “මේ යාන්ත්‍රණයේ අපි කලාප 3 ක් පෙන්වනවා. උදාහරණයක් හැටියට බස්නාහිර පළාත ගත්තොත් කොළඹ ජාතික රෝහලේ හෘදය ඒකකය සහ ජයවර්ධනපුර රෝහල ප්‍රධාන මධ්‍යස්ථාන හැටියට ගන්න පුළුවන්. රාගම රෝහල, කළුබෝවිල රෝහල වැනි රෝහල් දෙවැනි කලාපයට අයත් වෙනවා. ජා - ඇල, අතුරුගිරිය වැනි ප්‍රදේශ අයිති වෙන්නේ තුන්වැනි කලාපයට. ජා - ඇල හෘදය ‍රෝගියෙක් පළමුව රැගෙන යා යුත්තේ ළඟම රෝහලට.‍ එතනදී එන්නතක් දීලා රාගමට එවනවා. රාගමින් අවශ්‍ය ප්‍රතිකාර කරලා කොළඹට එවනවා. මේ විදිහට ප්‍රතිකාරවලට යොමු වුණොත් මරණය වළක්වා ගන්න පුළුවන්. හැබැයි මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී මම කලින් සඳහන් කළ ගිලන් රථ සේවා, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය අවශ්‍ය වෙනවා. ශල්‍යාගාර පහසුකම් පුළුල් කරන්න වෙනවා” යනුවෙන් ඔහු තවදුරටත් විස්තර කළේය.

    රජයේ රෝහල්වල හෘදය රෝගීන්ට අවශ්‍ය ස්ටෙන්ට් නොමිලේ ලබාදීමෙන් හෘදය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව පහත දමා ගැනීමට හැකිවීම රටක පුරවැසියන් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. Wagon Wheel Concept ක්‍රියාත්මක වුවහොත් හෘදය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව අවම මට්ටමකින් තබා ගත හැකි ය. එය හෘදය රෝගීන්ගේ වාසනාවකි.

    හර්ෂා සුගතදාස

    21 ඔක්තෝබර්, 2018

    - http://www.silumina.lk/2018/10/21/%E...B6%A7%E0%B7%92