Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Heart Attack
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Heart attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ?

පොතේ නම් තියන්නේ,

පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන, දැවිල්ලක් නොවන, හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල.

මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති, වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා.

මේ හැර

දාඩිය දැමීම

හුස්ම ගන්න බැරි ගතියක්

වමනේ ගතියක් වගේම

පපුවේ ගැස්ම ගතියක් ද

ලෙඩා අත්දකිනවා.

ලෙඩා මහන්සි වෙච්ච වෙලාවක, බර කෑමක් ගත්තු වෙලාවක, සීතල වෙලාවක (රෑට නාපුවා ම වගේ) සහ හිතට දුකක් දැනිච්ච වෙලාවක හරි තමයි ගොඩක් වෙලාවට මේ තත්වය ඇතිවෙන්නේ.

ඒ තමයි පොතේ තියන විදිය. හැබැයි මේ විදියට ම ලෙඩ්ඩු එන්නේ ටිකක් අඩුවෙන්.

එතකොට ගෑස්ටික් කැක්කුම??

හැදුනු අය දන්නවා ඇති. මේකෙදි එන්නේ බඩේ උඩ හරියේ දැවිල්ලක් වගේ කැක්කුමක්. මේක පපුව දිගේ උඩට පිච්චෙනවා පිච්චෙනවා වගේ පැතිරිලා යන ගතියක් තියනවා. ඒ වගේ ම වමනේටත් එනවා.

ඉතින් මේ දෙකේ තියන සම්බන්ධය මොකද්ද කියල ඔයාල දැන් බලනවා ඇති. මේ කැක්කුම් දෙක හරි විදියට අදුරගන්න ටිකක් විතර අමාරුයි. ඒ කිව්වේ ඔයා කැක්කුම ගෑස්ටික් කියල හිතුවට ඒක ඊට වඩා ගොඩක් භයානක heart attack එකක් වෙන්නත් පුළුවන් කියන එක. මේ කියන කාරණය හන්දම ගොඩ දෙනෙක් අමාරුවේ වැටෙනවා දකින්න පුළුවන්.

මේ ඒ වගේ ලෙඩ්ඩු දෙතුන්දෙනෙක් ගැන කතා ටිකක්...

පළවෙනි ලෙඩා...

මෙයාට පාන්දර දෙකට විතර එක පාරටම බඩේ දැවිල්ලක් ඇවිල්ල. කලින් ගෑස්ටික් තිබිලත් නැහැ. ඒ පාර කෑම ටිකක් එහෙම කාල ආයෙත් නිදාගෙන. ඒත් කැක්කුම අඩුවෙලා ම නැහැ. කොහොමින් කොහොම හරි පාන්දර 6 වෙනකන් ම ගෙදරට වෙලා ඉදල. අඩුවෙලා නැති තැන මෙයාල hospital ගිහින්. යන අතර මගදී මෙයා නැතිවෙලා...

පහුවෙනිදා මෙයාගේ මරණ පරීක්ෂණය සිදුවෙනවා. ඒකෙදි හෙළිවෙනවා හදවතට රුධිරය සපයන ප්රධාන රුධිර නාලිකාවක් අවහිර වෙලා තමයි මෙයාගේ මරණය සිදුවෙලා තියන්නේ කියන කාරණය. ඒ කියන්නේ මෙයා ගෑස්ටික් කියල හිතන් හිටියට ඇත්තටම වෙලා තියන්නේ heart attack එකක් ආපු එක. දන්නේ ම නැතිව තත්ත්වය උත්සන්න වෙලා තමයි මෙයාගේ මරණය සිදු වෙන්නේ.

දෙවැනි ලෙඩා...

මෙයා මට හමුවෙන්නේ පහුගිය සතියේ දවසක. ඩොක්ටර් මං අද දවල් ඇඹරැල්ල මාළුවක් එක්ක බත් කෑවා. තව මිරිස් මාළුත් තිබුණ. දැන් නිකන් බඩ අප්සට් වෙලා වගේ... එහෙම කියද්දී මට හිතුනේ මෙයා කොහෙන්ද ජරාවක් කාල දැන් බඩේ අමාරුවක් හදාගෙන කියල.

වමනේ ගියාද? - නැහැ.

බඩ එළියේ ගියාද? - නැහැ.

බඩ නිකන් පෙරළෙනවා පෙරළෙනවා වගේ ද? - ඒත් නැහැ. ඒත් මගේ පපුව නිකන් පිච්චෙනවා පිච්චෙනවා වගේ.

කලින් ගැස්ටික් හැදිලා තියනවා ද? - ඔව්.

කැක්කුම ඒ වගේ ද?

ටිකක් විතර කල්පනා කරපු ලෙඩා එකනම් හරියට හිතාගන්න අමාරුයි කියල කියපු හන්ද ම මං ECG එකක් ගන්නයි කියල කිව්වා.

ECG එක ආපුවාම දැකපු දෙයින් මං අන්දුන් කුන්දුන් වෙලා ගියා. මේ බඩේ අජිරනයක් කියල තව ටිකෙන් බෙහෙත් ටික දීල ගෙදර යවන ලෙඩාට heart attack එකක්. මං හදිසියේ දෙන්න ඕනි බෙහෙත් ටික දීල ලෙඩාව වහාම ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරිය. මේ ලෙඩා තාමත් ඉස්පිරිතාලේ.

එක පාරක් heart attack එකක් හැදුනු ලෙඩෙක් ටිකට් කපල ගෙදර එවනකොට පොඩි උපදෙස් ටිකක් දෙනවා.

ඔයා සතියක් යනකම් හොදට rest කරන්න ඕනි.

හෙට ඉදන් දවසට පොඩ්ඩක් ගේ වටේ එහෙම ඇවිදින්න ඕනි. ටික ටික ඇවිදින ප්රමාණය වැඩි කරන්න ඕනි.

සති තුනක් යනකම් බර වැඩ, වාහන එලවන වැඩ, දර පලන වැඩ එහෙම මුකුත් බැහැ.

ඒ වගේම වැදගත් ම එක සති දෙකක් යනකම් ලිංගික ක්රියාකාරකම් තහනම්.

මෙහෙම නීති දාන්නේ මේ කියන කාල සීමාවේ දී ආයෙම heart attack එකක් එන්න ගොඩක් ලොකු chance එකක් තියන හන්ද...

මෙහෙම කීවට දවසක් heart attack එකක් හැදිලා ටිකට් කපල ගෙදර ගියපු ලෙඩෙක් අමාරුවක් නැති හන්ද පහුවෙනිද ම වෙලට ගිහින්. දෙපාරයි උදැල්ලෙන් කොටලා තියන්නේ. පපුවේ කැක්කුමක් ඇවිත්. මනුස්සයාට වෙලෙන් ගොඩ එන්නවත් හම්බවෙලා නැහැ.

තව එකක් තමයි වරක් heart attack එකක් ආපු ලෙඩෙක් ජීවිත කාලයටම ගන්න ඕනි බෙහෙත් ටිකක් තියනවා... ඔයා heart attack එකක් ඇවිත් තියන ලෙඩෙක් නම් දන්නවා ඇති ක්ලිනික් ගියාට ඔයාව හරියට බලන්නෙත් නැහැ. doctor එකම බෙහෙත් ටික ඔහේ ලියල දෙනවා. ඇත්තම කිවොත් ඇඟට අමාරුවකුත් නැති හන්ද ටිකෙන් ටික ලෙඩාට හිතෙනවා මේ බෙහෙත් නතර කරන්න ඕනි කියල.

එහෙම නතර කරපු ගොඩක් ආයෙම heart attack හදාගෙන hospital එනවා... ගොඩ දෙනෙක් අමාරුව වැඩිම වෙන්න කලින් එන හන්දම බේරිලා ගෙදර යනවා...

ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔයාට ගෑස්ටික් වගේ කැක්කුමක් ආවොත්, කලින් ගෑස්ටික් හැදිලා නැතිනම් අනිවාර්යයෙන්ම ECG එකක් ගහල බලන එක ඇඟට ගුණයි කියන එකයි.

කලින් ගෑස්ටික් හැදිලා තියන කෙනෙක් නම්, කැක්කුම වෙනද වගේ නැතිනම් ඒත් ECG එකක් ගහල බලන්න.

Private බෙහෙත් ගන්න එන ගොඩ දෙනෙක් ECG එකට රුපියල් 500 ක් විතර යන හන්ද වැඩේ අදිමදි කරනවා. ඒත් ඒක කරන්න එපා කියල මං ඔබෙන් ඉල්ලන්නම්. එහෙම සල්ලි නැතිනම් ළඟම රජයේ රෝහලට එන්න. සේරම නිකන් කරලා දේවි.

ඒ වගේ ම heart attack එකක් ආවොත් අර සති තුන අනිවාර්යයෙන් ම doctor උපදෙස් දෙන විදියට ම ඉන්න. ඒ වගේ ම එකම බෙහෙත් ටික දුන්නත් ඒ ටික කියන කාලයක් යනකන් ගන්න.

Heart attack එකක් එන එක වළක්වා ගන්න එකත් මේ වගේ ම වැදගත්.

සරලව කිවොත් තෙල් කෑම වැඩිය කන්න එපා.

සීනි කෑම වැඩිය කන්න එපා.

දුම් පානය කරන්න එපා. මත් ද්රව්ය ගන්න එපා.

දවසට අඩුම පැය භාගයක් වත් හොදට දාඩිය දාන්න excercise කරන්න. අඩුම තරමේ ඇවිදින්නවත් යන්න.

ඔයා වයස 30ට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටෙරෝල් මට්ටම කොහොමද කියල වසරකට සැරයක්වත් බලාගන්න. මොකද ඒ දේවල් heart attack එකක් එන්න තියන chance එක ඉහල දමනවා...

#ඩොකාගේ ඩයරිය

[QUOTE="SiEHRA, post: 30400261, member: 587107"] Heart attack එකක් එන විදිය ගැන ඔයාලට මොන වගේ දැනුමක් ද තියන්නේ? පොතේ නම් තියන්නේ, පපුවේ වම් පැත්තේ ඇට කටු වලට ඇතුලින් එන, දැවිල්ලක් නොවන, හිරවෙනවා වගේ විනාඩි 20කට වඩා තියෙන කැක්කුමක් ය කියල. මීට අමතරව මේ කියන කැක්කුම පැනඩෝල් වලට අඩුවෙන්නේ නැති, වම් අත දිගේ හරි බෙල්ල දිගේ ඉහළට පැතිරිලා යන ගතියකුත් තියනවා. මේ හැර [LIST] [*]දාඩිය දැමීම [*]හුස්ම ගන්න බැරි ගතියක් [*]වමනේ ගතියක් වගේම [*]පපුවේ ගැස්ම ගතියක් ද [/LIST] ලෙඩා අත්දකිනවා. ලෙඩා මහන්සි වෙච්ච වෙලාවක, බර කෑමක් ගත්තු වෙලාවක, සීතල වෙලාවක (රෑට නාපුවා ම වගේ) සහ හිතට දුකක් දැනිච්ච වෙලාවක හරි තමයි ගොඩක් වෙලාවට මේ තත්වය ඇතිවෙන්නේ. ඒ තමයි පොතේ තියන විදිය. හැබැයි මේ විදියට ම ලෙඩ්ඩු එන්නේ ටිකක් අඩුවෙන්. එතකොට ගෑස්ටික් කැක්කුම?? හැදුනු අය දන්නවා ඇති. මේකෙදි එන්නේ බඩේ උඩ හරියේ දැවිල්ලක් වගේ කැක්කුමක්. මේක පපුව දිගේ උඩට පිච්චෙනවා පිච්චෙනවා වගේ පැතිරිලා යන ගතියක් තියනවා. ඒ වගේ ම වමනේටත් එනවා. ඉතින් මේ දෙකේ තියන සම්බන්ධය මොකද්ද කියල ඔයාල දැන් බලනවා ඇති. මේ කැක්කුම් දෙක හරි විදියට අදුරගන්න ටිකක් විතර අමාරුයි. ඒ කිව්වේ ඔයා කැක්කුම ගෑස්ටික් කියල හිතුවට ඒක ඊට වඩා ගොඩක් භයානක heart attack එකක් වෙන්නත් පුළුවන් කියන එක. මේ කියන කාරණය හන්දම ගොඩ දෙනෙක් අමාරුවේ වැටෙනවා දකින්න පුළුවන්. මේ ඒ වගේ ලෙඩ්ඩු දෙතුන්දෙනෙක් ගැන කතා ටිකක්... පළවෙනි ලෙඩා... මෙයාට පාන්දර දෙකට විතර එක පාරටම බඩේ දැවිල්ලක් ඇවිල්ල. කලින් ගෑස්ටික් තිබිලත් නැහැ. ඒ පාර කෑම ටිකක් එහෙම කාල ආයෙත් නිදාගෙන. ඒත් කැක්කුම අඩුවෙලා ම නැහැ. කොහොමින් කොහොම හරි පාන්දර 6 වෙනකන් ම ගෙදරට වෙලා ඉදල. අඩුවෙලා නැති තැන මෙයාල hospital ගිහින්. යන අතර මගදී මෙයා නැතිවෙලා... පහුවෙනිදා මෙයාගේ මරණ පරීක්ෂණය සිදුවෙනවා. ඒකෙදි හෙළිවෙනවා හදවතට රුධිරය සපයන ප්රධාන රුධිර නාලිකාවක් අවහිර වෙලා තමයි මෙයාගේ මරණය සිදුවෙලා තියන්නේ කියන කාරණය. ඒ කියන්නේ මෙයා ගෑස්ටික් කියල හිතන් හිටියට ඇත්තටම වෙලා තියන්නේ heart attack එකක් ආපු එක. දන්නේ ම නැතිව තත්ත්වය උත්සන්න වෙලා තමයි මෙයාගේ මරණය සිදු වෙන්නේ. දෙවැනි ලෙඩා... මෙයා මට හමුවෙන්නේ පහුගිය සතියේ දවසක. ඩොක්ටර් මං අද දවල් ඇඹරැල්ල මාළුවක් එක්ක බත් කෑවා. තව මිරිස් මාළුත් තිබුණ. දැන් නිකන් බඩ අප්සට් වෙලා වගේ... එහෙම කියද්දී මට හිතුනේ මෙයා කොහෙන්ද ජරාවක් කාල දැන් බඩේ අමාරුවක් හදාගෙන කියල. වමනේ ගියාද? - නැහැ. බඩ එළියේ ගියාද? - නැහැ. බඩ නිකන් පෙරළෙනවා පෙරළෙනවා වගේ ද? - ඒත් නැහැ. ඒත් මගේ පපුව නිකන් පිච්චෙනවා පිච්චෙනවා වගේ. කලින් ගැස්ටික් හැදිලා තියනවා ද? - ඔව්. කැක්කුම ඒ වගේ ද? ටිකක් විතර කල්පනා කරපු ලෙඩා එකනම් හරියට හිතාගන්න අමාරුයි කියල කියපු හන්ද ම මං ECG එකක් ගන්නයි කියල කිව්වා. ECG එක ආපුවාම දැකපු දෙයින් මං අන්දුන් කුන්දුන් වෙලා ගියා. මේ බඩේ අජිරනයක් කියල තව ටිකෙන් බෙහෙත් ටික දීල ගෙදර යවන ලෙඩාට heart attack එකක්. මං හදිසියේ දෙන්න ඕනි බෙහෙත් ටික දීල ලෙඩාව වහාම ඉස්පිරිතාලෙට පිටත් කරලා ඇරිය. මේ ලෙඩා තාමත් ඉස්පිරිතාලේ. එක පාරක් heart attack එකක් හැදුනු ලෙඩෙක් ටිකට් කපල ගෙදර එවනකොට පොඩි උපදෙස් ටිකක් දෙනවා. [LIST] [*]ඔයා සතියක් යනකම් හොදට rest කරන්න ඕනි. [*]හෙට ඉදන් දවසට පොඩ්ඩක් ගේ වටේ එහෙම ඇවිදින්න ඕනි. ටික ටික ඇවිදින ප්රමාණය වැඩි කරන්න ඕනි. [*]සති තුනක් යනකම් බර වැඩ, වාහන එලවන වැඩ, දර පලන වැඩ එහෙම මුකුත් බැහැ. [*]ඒ වගේම වැදගත් ම එක සති දෙකක් යනකම් ලිංගික ක්රියාකාරකම් තහනම්. [/LIST] මෙහෙම නීති දාන්නේ මේ කියන කාල සීමාවේ දී ආයෙම heart attack එකක් එන්න ගොඩක් ලොකු chance එකක් තියන හන්ද... මෙහෙම කීවට දවසක් heart attack එකක් හැදිලා ටිකට් කපල ගෙදර ගියපු ලෙඩෙක් අමාරුවක් නැති හන්ද පහුවෙනිද ම වෙලට ගිහින්. දෙපාරයි උදැල්ලෙන් කොටලා තියන්නේ. පපුවේ කැක්කුමක් ඇවිත්. මනුස්සයාට වෙලෙන් ගොඩ එන්නවත් හම්බවෙලා නැහැ. තව එකක් තමයි වරක් heart attack එකක් ආපු ලෙඩෙක් ජීවිත කාලයටම ගන්න ඕනි බෙහෙත් ටිකක් තියනවා... ඔයා heart attack එකක් ඇවිත් තියන ලෙඩෙක් නම් දන්නවා ඇති ක්ලිනික් ගියාට ඔයාව හරියට බලන්නෙත් නැහැ. doctor එකම බෙහෙත් ටික ඔහේ ලියල දෙනවා. ඇත්තම කිවොත් ඇඟට අමාරුවකුත් නැති හන්ද ටිකෙන් ටික ලෙඩාට හිතෙනවා මේ බෙහෙත් නතර කරන්න ඕනි කියල. එහෙම නතර කරපු ගොඩක් ආයෙම heart attack හදාගෙන hospital එනවා... ගොඩ දෙනෙක් අමාරුව වැඩිම වෙන්න කලින් එන හන්දම බේරිලා ගෙදර යනවා... ඉතින් අන්තිමට කියන්න තියන්නේ ඔයාට ගෑස්ටික් වගේ කැක්කුමක් ආවොත්, කලින් ගෑස්ටික් හැදිලා නැතිනම් අනිවාර්යයෙන්ම ECG එකක් ගහල බලන එක ඇඟට ගුණයි කියන එකයි. කලින් ගෑස්ටික් හැදිලා තියන කෙනෙක් නම්, කැක්කුම වෙනද වගේ නැතිනම් ඒත් ECG එකක් ගහල බලන්න. Private බෙහෙත් ගන්න එන ගොඩ දෙනෙක් ECG එකට රුපියල් 500 ක් විතර යන හන්ද වැඩේ අදිමදි කරනවා. ඒත් ඒක කරන්න එපා කියල මං ඔබෙන් ඉල්ලන්නම්. එහෙම සල්ලි නැතිනම් ළඟම රජයේ රෝහලට එන්න. සේරම නිකන් කරලා දේවි. ඒ වගේ ම heart attack එකක් ආවොත් අර සති තුන අනිවාර්යයෙන් ම doctor උපදෙස් දෙන විදියට ම ඉන්න. ඒ වගේ ම එකම බෙහෙත් ටික දුන්නත් ඒ ටික කියන කාලයක් යනකන් ගන්න. Heart attack එකක් එන එක වළක්වා ගන්න එකත් මේ වගේ ම වැදගත්. [LIST] [*]සරලව කිවොත් තෙල් කෑම වැඩිය කන්න එපා. [*]සීනි කෑම වැඩිය කන්න එපා. [*]දුම් පානය කරන්න එපා. මත් ද්රව්ය ගන්න එපා. [*]දවසට අඩුම පැය භාගයක් වත් හොදට දාඩිය දාන්න excercise කරන්න. අඩුම තරමේ ඇවිදින්නවත් යන්න. [/LIST] ඔයා වයස 30ට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම රුධිර පීඩනය, රුධිරයේ සීනි මට්ටම සහ කොලෙස්ටෙරෝල් මට්ටම කොහොමද කියල වසරකට සැරයක්වත් බලාගන්න. මොකද ඒ දේවල් heart attack එකක් එන්න තියන chance එක ඉහල දමනවා... #ඩොකාගේ ඩයරිය [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom