සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොන දේ එකටයි එක වගේ අදින්නේ දෙන්නා
මේ දෙන්නව බැහැ තරහා කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පලාතකින් පවුලක් ඇවිදින් මේ ගමේ පදිංචි වෙන්නා
හරි ලස්සණ කෙල්ලෙක් උන්නා.. ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා..
හරි ලස්සණ කෙල්ලෙක් උන්නා.. ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා..
දවසක් දෙන්නා ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි... කියන්නත් ආසයි... අර තරුණි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ ඒ සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයියා සිතුවා සේ මාටින් අයියත් සිතුවේ
දැනුනා දෙන්නටම විශාල සැකයක් හිත ඇතුලටම වැදුනා
හිතුනා බලන්නට තනිවම ඇවිදින් දෙන්නාටම සිතුනා
සයිමන් අයියා දැන් එන්නේ මාටින් අයියා නැතිවයි
මටින් එක ගැන දන්නෑ... එයත් එන්නේ තනිවයි
සයිමන් අයියයි.....
තරගෙන් දෙන්නගෙ අතරින් දවසින් දවසට මොරයි
ඇදුමෙන් පැලදුමෙන් වාගේ සෙන් පවුඩර් සුවද හමයි
දවසක් දෙන්නා මුන ගැසුනේ මේ තරුණිගේ නිවස ලගයි
තරුණි දොරගොඩ සිටියේ තම සැමියා සමගයි
කරුණා දෙන්නා යන්නේ සැමියගේ හරි කරුණාවන්තයි
මෙතින් යනකොට කොයි වෙලාවකටත් යන්නේ හිනාවෙලයි
ඈ නම් විවාහක ලදකි තරුණියක් වගෙයි පෙනුනේ
එනමුත් බොහොම ගුණවන්තයි කා සමගත් සිනාසුනේ
මේ දැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටීච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොද මිතුරෝ තමයි
සයිමන් අයියයි.....