Hiripoda Wessa Song Lyrics

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Song Title : Hiripoda Wessa (හිරිපොද වැස්ස)
    පද රචනය : තුෂාන් සිල්වා
    සංගීතය : සඳරුවන් ජයසිංහ
    රැප් ගායනය : නිලාන් ප්‍රනාන්දු
    Mix & Mastering : නිලාන් ප්‍රනාන්දු
    නිෂ්පාදනය : ප්‍රබාත් රෝෂන්
    අධ්‍යක්ෂණය : ඉන්දික ධර්මතිලක
    Teledrama : හිරිපොද වැස්ස - ටෙලි නාට්‍ය - Swarnavahini TV

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    ඒ නීතිවිරෝධිව එකලස් කරන ලද ලියාපදිංචි නොකළ BMW මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.

    කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා තිබූ BMW වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි සිදුකළ විමර්ශනයක් පිළිබඳ සමූහ මංකොල්ල විමර්ශන අංශය අද (10) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

    එහිදි විමර්ශන නිලධාරීන් කියා සිටියේ "WP C 24-0430" දරණ ගරාජ් අංකය සහිත BMW වර්ගයේ කළු පැහැති මෝටර් රථයක් හිල්ටන් හෝටලයේ වාහන අංගනයේ සැකකටයුතු ලෙස නවතා ඇති බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගොස් පරික්ෂා කළ බවයි.

    අදාළ BMW රථය පිළිබඳ හෝටලයේ ආරක්ෂක කළමණාකරුගෙන් සිදුකළ විමසීමේදී හෝටලයේ දීර්ඝ කාලයක සිට නවාතැන් ගෙන සිටි ගාමිණී අබේරත්න නැමැති පුද්ගලයා පසුගිය ජනාධිපතිවරණයට පෙර දින එම මෝටර් රථය එම ස්ථානයට ගෙනවිත් නවතා ඇති බව අනාවරණය වූයේ යැයි විමර්ශන නිලධාරින් කරුණු දැක්වීය.

    ගාමිණී අබේරත්නගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, එම මෝටර් රථය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවත්, පසුව රැගෙන යන බව පවසමින් ජනාධිපතිවරණයට පෙර කාර් රථය රියදුරෙකු අත හෝටලයට එවූ බවයි.

    පසුව එම හෝටලයේ ආපනශාලා කළමණාකරු ලෙස සේවය කළ ප්‍රසිලා සමන්ති නැමැත්තිය හරහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දී කාර් රථයේ යතුර ගෙන්වා ගැනීමට විමර්ශන නිලධාරින් කටයුතු කර තිබුණි.

    විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ, මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් ලියකියවිලි කිහිපයක් BMW රථයේ තිබී හමුවුවත් මෝටර් රථය ලියාපදිංචියට අදාළ කිසිදු ලේඛනයක් එහි නොතිබූ බවයි.

    අනතුරුව විමර්ශන නිලධාරින් විසින් BMW රථයේ ගරාජ් අංකය වූ WP C 24 - 0430 දරණ අංකයේ ලියාපදිංචිය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් පරික්ෂාවට ලක්කිරීමේදී එහි හිමිකාරිත්වය සටහන්ව ඇත්තේ, නාවල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකි.

    පසුව එම සමාගමේ හිමිකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ, එම මෝටර් රථයේ අංකය 2024 මාර්තු මාසයේදී මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් තමන් මුදල් ගෙවා ලබාගත්ත ද, තමන්ට අයත් පෞද්ගලික ගුවන් විදුලි ආයතනයක තිබියදී කිසියම් තැනැත්තෙකු එම අංක තහඩුව සොරාගෙන තිබූ බවයි.

    පසුව එහි චැසි අංකය WBA5E52010G115194 ශ්‍රී ලංකා රේගුව හරහා පරික්ෂා කිරීමේදී එම චැසි අංකයට අදාළ වාහනයක් නිත්‍යානුකූලව මෙරටට ආනයනය කර නොමැති බව අනාවරණය වී තිබුණි.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ ප්‍රශ්නගත කාර් රථය පරික්ෂාවට ලක්කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම කාර් රථය කොටස් එකලස් කර සකස් කරන ලද්දක් බවයි.

    එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර් රථය භාවිත කර ඇත්තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් කොළඹ පිහිටි හෝටලය නමට ඇති KM 5421 දරණ කාර් රථයේ අංකය යොදාගෙන බව ද මෙම විමර්ශනයේදී අනාවරණ වී තිබුණි.

    ඒ අනුව විමර්ශන නිලධාරීන් අධිකරණයට පැවසුවේ, බදු වංචා කරමින් නීතිවිරෝධීව මෝටර් රථයක් ගෙන්වීම, ලියාපදිංචි නොකළ මෝටර් රථයක් භාවිත කිරීම, සොරාගන්නා ලද ගරාජ් අංක තහඩුවක් මෝටර් රථයට සවිකිරීම සහ වෙනත් මෝටර් රථයක අංක තහඩුවක් අත්අඩංගුවට ගන්නා ලද මෝටර් රථයේ සවිකර නීතිවිරෝධිව භාවිත කිරීම යන වරදවල් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සිදුකර ඇති බවයි.

    ඒ අනුව විදෙස් ගමන් තහනම් කරන ලෙස විමර්ශන නිලධාරින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බැලූ කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පවරනු ලැබීය.
     
    • Haha
    Reactions: netudara

    මොකෝ මේ අඩියාව.. මේ පාර කෙල වෙලා නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    462692267_8505114979582164_6805173921494631028_n.jpg