[FONT="]මෙලොව බිහි වූ ශ්‍රේෂ්ඨත ම ශාස්තාවරයාණන් වහන්සේ වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ෂයෙන් තෙවරක් පාරිශුද්ධත්වයට පත්ව අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයෙන් ධර්මද්වීපයක් බවට පත්වූ වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් මත පදනම් ව බිහි වූ ඓතිහාසික ශිෂ්ටාචාරය පෙර අපර දෙදිග විවිධ සතුරු උපද්‍රව හමුවේ ආරක්ෂා කළා වූ ද මෙම පුණ්‍ය භූමියහි ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන් තම පැවැත්ම පිළිබඳ දෘෂ්‍යමාන මෙන්ම අදෘෂ්‍යමාන බලවේග හමුවේ අද වනවිට අසහනයට පත්ව ඇති බව නොරහසකි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ශ්‍රී ලාංකීය බිම මත අන්‍ය ශිෂ්ටාචාරයක් ගොඩනැඟූ ඓතිහාසික ජාතිය වන සිංහල බෞද්ධයන් ඉතිහාසය පුරාම ප්‍රදර්ශනය කළ සහනශීලී, සහජීවන ප්‍රතිපදාවෙන් සුරැකුණු සාමකාමී පරිසරයට ඇතැම් අන්තවාදී බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වය නිසා හානි ගෙන දී ඇති බැවින් ද සිංහල ්‍බෞද්ධ අයිතිය පිළිබඳ අනනුලංගනීය කොන්දේසි හා යෝජනා මාලාව ජාතියේ මුර දේවතාවුන් වූ ගරුතර මහ සඟරුවන හා දස දහස් සංඛ්‍යාත බෞද්ධ ජනතාව ඉදිරියේ මෙම මහරගම පුරවරයේ දී ඉදිරිපත් කර සිටිම්හ.[/FONT]
01) ජම්මියතුල්ලා උලමා සංවිධානය මඟින් මෑතක සිට නීති විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ද පාරිභෝගික භාණ්ඩ සඳහා ඉස්ලාම් ආගමික සම්ප්‍රදායට අනුව යැයි පවසමින් හලාල් සහතික නිකුත් කිරීමට ක්‍රියාකර තිබේ. පාරිභෝගික භාණ්ඩවලට තත්ත්ව සහතික ලබා දීමේ නීතිමය බලය ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශයට පමණි. එබැවින් නීතිවිරෝධී ලෙස මුදල් අයකරමින් හලාල් සහතික නිකුත් කිරීම වහාම නතර කළ යුතු ය.
02) මෙරට 91%කට ආසන්න බෞද්ධ - හින්දු සහ කතෝලික - ක්‍රිස්තියානි පාරිභෝගික ප්‍රජාව නොසලකා හරිමින් පාරිභෝගික භාණ්ඩ හලාල් කිරීම මඟින් මෙරට ව්‍යාපාරික ආයතන ඉස්ලාම් නොවන ජනතාවට අයුක්ති සහගත මෙන්ම අසාධාරණ බලපෑමක් කර තිබේ. එබැවින් සාතිශය බහුතරයක් වූ පාරිභෝගිකයන්ට සිදුකරන මෙම බලපෑම නතර කිරීමට සියලු ව්‍යාපාරික ආයතන කටයුතු කළ යුතු ය. 2013 සිංහල අළුත් අවුරුද්ද වනවිට ආගමික බලහත්කාරයෙන් තොර වූ භාණ්ඩ නිදහසේ මිලදී ගැනීමට හැකිවන පරිදි වෙළඳපොළට නිකුත් කළ යුතු ය.
03) හලාල් ඉස්ලාම් බැතිමතුන්ට පමණක් බලපාන්නා වූ ආගමික ප්‍රමිතියක් වන බැවින් බෞද්ධ - හින්දු සහ ක්‍රිස්තියානි - කතෝලික ජනතාව හලාල් බදු ගෙවිය යුතු නැති බැවින් එම භාණ්ඩ මිලදී ගැනීමෙන් ඔවුන් වැළකිය යුතු ය.
04) මැදපෙරදිග ප්‍රමුඛ ව විදේශ රටවලින් පැමිණෙන මුදල් මඟින් පල්ලි ඉදිකිරීම, ව්‍යාපාර අත්පත් කරගැනීම, ඉඩම් මිලදී ගැනීම ඇතුළු රටේ ආරක්ෂාවට හා සංහිඳියාවට තර්ජනයක් වන්නා වූ සියලු ක්‍රියා වහා නතර කළ යුතු ය. මෙරටට ගලා එන උක්ත මුදල් පිළිබඳ රාජ්‍ය නියානයක් කළ යුතු ය.
05) සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ නීති විරෝධී ව ආගමික ප්‍රචාරක කටයුතුවල යෙදී සිටිනා සියලු විදේශිකයන් මසක් ඇතුළත එනම්, 2013 මාර්තු 17 වනදා වන විට සම්පූර්ණයෙන් ම මෙරටින් පිටුවහල් කළ යුතු ය.
06) සාමය හා සංහිඳියාවට බාධා පමුණුවන ආගමික මූලධර්මවාදී සහ අන්තවාදී කණ්ඩායම්වල කියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමු කරමින් ඒවා තහනම් කළ යුතු අතර නීතිය සැමට සමාන වියයුතුය යන මූලධර්මය උල්ලංඝනය කරමින් ආගමික හා ජනවාර්ගික පදනමින් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල ක්‍රියාත්මක කරනා නීති අහෝසි කළ යුතු ය.
07) මෙරට ජනගහණ වර්ධනය හා පාලනය පිළිබඳ නිසි රාජ්‍ය ප්‍රතිපත්තියක් නොමැති බැවින් විදේශ අරමුදල් මඟින් සැපැයෙන සැකකටයුතු රාජ්‍ය නොවන සංවිධාන සිංහල ජනතාවගේ වර්ධනය පාලනය කිීඹ සඳහා LRT වඳ සැත්කම් පසුගිය කාලය පුරා ක්‍රියාත්මක කර ඇත. එබැවින් මෙම රාජ්‍ය නොවන සංවිධානවල පසුගිය කාලය පුරා ක්‍රියාකාරීත්වය පිළිබඳව ආරක්ෂක අංශ මඟින් නිසි වාර්තාවක් ලබාගත යුතු අතර ජනගහණ වර්ධනය පාලනය කිරීමට ආගමික හෝ රාජ්‍ය නොවන සංවිධානවල මැදිහත්වීම තහනම් කළ යුතුය. ජනගහන වර්ධනය පාලනය කිරීම පිණිස සියලු ජනවර්ගයන්ට බලපාන්නා වූ පොදු රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කළ නොහැක්කේ නම් රාජ්‍ය නොවන ආයතන ද එම ක්‍රියාදාමයන්ගෙන් ඉවත් වියයුතු වේ.
08) මැදපෙරදිග ගෘහ සේවා සඳහා කාන්තාවන් යැවීම මෙරට අභිමානයට විශාල කැලලක් වන බැවින්ද, මෙරට සමාජීය ගැටලු රාශියක් පැනනඟින බැවින්ද, ආදාල කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටෙන බැවින්ද, මැදපෙරදිග සඳහා කාන්තාවන් යැවීම වහා නතර කළ යුතු ය.
09) බෞද්ධ සිද්ධස්ථාන මෙන් ම, ඓතිහාසික පුරාවිද්‍යාත්මක ස්ථානවල අනාරක්ෂිතභාවය තුරන් කළ යුතු ය. උතුරු සහ නැගෙනහිර බෞද්ධ හා පුරාවිද්‍යාත්මක ස්ථාන වහා ම නිර්ණය කොට ආරක්ෂා කළ යුතු ය.
10) බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම මෙරට ඓතිහාසික වගකීමක් වූ බැවින් ද, 1815 උඩරට ගිවිසුමෙන් ද, 1972 ජනරජ ව්‍යවස්ථාවෙන් හා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ද බුදුදහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය නිරවුල් ව අර්ථ නිරූපණය කර නොමැති බැවින් "බුද්ධ ශාසනය" යන්න හා "බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දී සුරක්ෂිත කොට පෝෂණය කිරීම" යන්න නිර්වචනය කොට 1959 නොවැම්බර් මස ලංකාණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය නීති රෙගුලාසි සම්පාදනය කිරීමට කටයුතු සම්පාදනය කළ යුතු ය.
අස්සන් කළේ:
පූජ්‍ය කිරම විමලජෝති හිමි
බොදු බල සේනා ප්‍රධානී
දෙහිවල - නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ හා බෞද්ධ ග්‍රන්ථ කේන්ද්‍රයේ නිර්මාතෘ/අධ්‍යක්ෂ
කොළඹ - තුම්මුල්ල 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ හා බෞද්ධ ග්‍රන්ථ කේන්ද්‍රයේ නිර්මාතෘ/අධ්‍යක්ෂ
රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි
බොදු බල සේනා මහලේකම්
රාජගිරිය සද්ධර්මරාජික විහාරස්ථානයේ විහාරාධිපති
අමාවැස්ස නිර්මාතෘ
සඟ සමුළු / බොදු සමුළු සංකල්පයේ නිර්මාතෘ
(මෙදින මහරගම ඓතිහාසික ප්‍රකාශනය ශ්‍රී ලංකා ජනරජයටත්, සමස්ත ලක්වැසි ලෝ වැසි ජනතාවටත් ඉදිරිපත් කරනු ලැබූයේ බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විසිනි.)
Last edited: