Hithuwakkari Numba Nam...

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    හිතුවක්කාරී නුඹ නම් සොඳුර…
    අනේ… හිතුවක්කාරයි නුඹ නම් තාමත්
    මහ වැස්සක් වාගේ…
    මුතු කැට වැස්සක් වාගේ වේ නම්
    සොඳුරුයි මේ දීගේ…
    හිතුවක්කාරී මෙතුවක් ඒ ගැන
    හිතලා නෑ වාගේ…
    බලහත්කාරෙන් ඉන්නට බැහැ මට
    වාවාගෙන වේගේ…

    බොරු අරුමෝසම් පමණට වැඩියෙන්
    ගෝචර නැහැ නිතර…
    මෝසම් සුළඟක් ආවොත් නුඹ නම්
    ගහගෙන යයි සොඳුර…
    තාවකාලිකයි අහංකාරකම්
    කොන් වී යන අතර…
    සඳාකාලිකයි දැහැමි චාමි කම
    ඉගෙන ගනින් සොඳුර…

    සරුංගලේ ලස්සන දිස් වන්නේ
    උඩු ගුවනේ විතරයි…
    නූල ගැස්සුනොත් හදිස්සියෙන් හරි
    ඒ ලස්සන ඉවරයි…
    ලස්සන කන්නද හිත ලස්සන නැති
    ගැහැණිය ගිනි කෙළියයි…
    හදවත ලස්සන ගැහැණිය ඇති තැන
    ලෝකෙම සැණකෙළියයි…​

    අතුල සිල්වා | කැළුම් ශ්‍රීමාල්​

     
    Last edited: