hitiwana kavi!!!!!!

sudunone

Member
May 23, 2009
3,781
121
0
කවි කියන්න එන්නේ කලකට පස්සෙයි
තිලා කලින් මෙහි විත් දැන් ගොස් පාටයි
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කවි කියන්න එන්නේ කලකට පස්සෙයි
    තිලා කලින් මෙහි විත් දැන් ගොස් පාටයි

    සුපුරුදු රුවක් මෙහි ඇදිලා ඇති වග දුටුවා
    හායි කියන්නට පරක්කු වැඩි බව දැනුනා
    පාන්දරට කවි කියන්න කවුරුත් නැතුවා
    ඉදලා වැඩක් නැති හින්දා මමත් පිටවුනා ;)
     

    d_nadeesha

    Member
    Dec 15, 2006
    32
    0
    0
    Italy
    48059450241254775326754.jpg


    nagulai eda sita goviage kuburu kale...:rolleyes:
    taraktar awe lagadii naha eya dubale...:no:
    asuwoth ahala pahalin salaweine bole...:P
    samage kuburu haana me nagule bale... :love:
    :lol::lol::lol::lol::lol:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    කීවා එකල බෝ දෙන කවි පද ගොතලා
    නැතුවා පෙනෙන්නට කිවියන් මෙදිනවලා
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවි කාරයන් නැතිව නොවෙයි අද කාලේ
    තැන ඇත්නම් කවියට එයි පුරුදු බලේ
    හීනෙන් පවා කවි කියවෙයි ඒ කාලේ
    බලමුද මිහිරි කවියක රස පුන්චි මලේ
     
    • Like
    Reactions: sudunone

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ටෙඩියෙක් ඇවිත් කවි කියලා ගිහින් ඇත
    දැක්කත් අනේ උම්මා දෙන්නටම හිත
    හීනෙන් පවා කවි කී බැව් ඈ කියත
    බෙදන්නකෝ අපටත් කව් රස දෝත
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    hitiwana kavi kiyanawita EK eke....
    mara chun ekak ette hathara wate....
    pissu baila noliya wena ewe wage....
    kaviyen gema deepan weda penna thope....
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ටෙඩියෙක් උනත් "ඈ" යනුවෙන් පැවසීම
    යුතු නොම වේ නොවෙද මා හට ගැරහීම
    ඔබ මෙන් මාද සොයුරෙකු බව පැවසීම
    දැන ගත යුතු නොවෙද ඔබ සැම මෙහිදීම
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවි සිතුවිල්ල එනවිට හද පතුල දිගේ
    දෙතොලට සිනහවක එනවා මුහුන දිගේ
    හිටිවන කවිය සොඳුරුයි පැනි හකුරු වගේ
    තව කවියකින් පිලිතුරු දිය හැකිද අගේ
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,384
    5,713
    113
    හෝම් ස්වීට් හෝම්
    කවියෝ ඇවිත් කවි කියලා ගිහින් වගේ
    ටෙඩියෙක් රහට හිටිවන කවි ගොතා ඇතේ
    පිළිතුරු කවක් කිව්වත් ඔබහට සබදේ
    පිළිතුරු බදින්නට ඔබ ඔන්ලයින් නැතේ :P
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    බලා සිටිය මුත් එන තුරු කවිය පිලිතුරු
    ටෙඩියා ගියා නිදාගන්න මිතුර සුමිතුරු
    උදෑසනම ඇවිත් බලන විටදි පිලිතුරු
    කවිය දුටිමි එවා තියෙන නමින් පිලිතුරු
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    හැඩකාරයි කටකාරයි ටෙඩිය උනත් මං
    උදේ ඉදන් කවිකියන්න කෙනෙක් හොයමි මං
    කවි නැත්නම් ජීවිතයම පාලු වෙලා බං
    ඉන්නවනං කවිමඩුවට ඇවිත් බලමු දැං
     

    d_nadeesha

    Member
    Dec 15, 2006
    32
    0
    0
    Italy
    sama wenna kawi kiwiyani kawi liyanaaaaa
    maha raa enna baaa mata nidi matha hadenaaaaa
    inne man italy wala kaalaya gewanaaaaa
    paya deka thunaka wenasak atha mehi awamaaaa
     

    d_nadeesha

    Member
    Dec 15, 2006
    32
    0
    0
    Italy
    කටකාරයි බව ෙප්නවා කවි බැලුවම බං
    හැඩකාරයි බව ෙප්නවා ෙපාෙටා් ඒෙකන් දැං
    නවි මඩුවට මං අාවට ෙවලා නෑෙන දැං
    පාලු මකන්නට ඒන්නමි ෙවනත් දිනක බං
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    හැඩකාරයි කටකාරයි ටෙඩිය උනත් මං
    උදේ ඉදන් කවිකියන්න කෙනෙක් හොයමි මං
    කවි නැත්නම් ජීවිතයම පාලු වෙලා බං
    ඉන්නවනං කවිමඩුවට ඇවිත් බලමු දැං

    ගුරා ආව ඔන්න ඉතින් කවි කියන්නට
    කියල බලමු හිටිවනකවි හොදට පදමට
    කියල බලමු හිටිවනකවි හොදට පදමට
    ගුරා ආව ඔන්න ඉතින් කවි කියන්නට
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ටෙඩියා කවි කියා ඇත දිගට හරහට
    උන්දෑ ඉන්න අතරෙදි බැරිවුණි එන්ට
    පාලුව ඇරෙයි මඩුවේ පසුව කලකට
    හරි සතුටක් දැනෙනව අද මගෙ හිතට
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ටෙඩියා හුරතලා
    දැකලා රැවටිලා
    නංගියෙක් කියලා
    අනේ සොරි සොරි මල්ලි පැටියා
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    කවි මඩුවට හැම දාමත් ඇවිත් නොගියට
    කවි කාරයො ඉන්න බවත් දැනේ මසිතට
    කවි ලියන්න කවි කියන්න දන්න හැම හට
    කවි මඩුවේ දොර විවරයි දැන් මෙතැන් සිට

    ආදරයට ජීවිතයට සිසිලස දෙන්න
    දුක නිවෙන්න සතුටු වෙන්න මෙතනට එන්න
    හද පතුලෙන් එන සිතුවිලි පද පෙරලන්න
    කවි මඩුවේ කවි පදයක රස විමසන්න