PrEP ලබා ගන්නා ආකාර
------------------------------------------------
a) දෛනික මාත්‍රා ක්‍රමය (Daily PrEP)
සෑම දිනකම එකම වේලාවට එක් පෙත්තක් ගත යුතුය.
නිරන්තර ආරක්ෂාව සපයයි
මතක තබා ගැනීමට වඩාත් පහසු නිසා පෙති මග හැඍඊමට හැකියාව අඩුය.
සියලු ආකාරයේ ලිංගික සම්බන්ධතා සඳහා සුදුසුය
b) 2,1,1 මාත්‍රා ක්‍රමය (On-Demand/Event Driven)
පෙති 2 -> පෙති 1 -> පෙති 1
පළමු මාත්‍රාව: -ලිංගික සම්බන්ධතාවයකට පෙර පැය 24-2 අතර කලින් පෙති 2ක් ගන්න
දෙවන මාත්‍රාව: පළමු මාත්‍රාවෙන් පැය 24කට පසු පෙත්තක් ගන්න
තෙවන මාත්‍රාව: දෙවන මාත්‍රාවෙන් පැය 24කට පසු පෙත්තක් ගන්න
2,1,1 ක්‍රමය පිරිමින් අතර පිරිමි ලිංගික සම්බන්ධතා (MSM) සඳහා පමණක් නිර්දේශ කෙරේ.
*පෙති 2 ගැනීමෙන් පසුව පැය 24 කට පසුවත් ලිංගික සබදතා පැවැත්වෙන්නේ නම් එලෙස සබදතා පැවැත්වෙන දින්‍යන් පුරා දිනපතා පෙති එක බැගින් ගත යුතු අතර, අවසන් සබදතාවෙන් පසු ඉදිරියට තවත් දින් 2ක් සම්පූර්ණ වෙනතෙක් පෙති ලබා ගත යුතුය.
වැඩි විස්තර -