hone_1k assay

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය



    150992_317950148317736_481862801_n.jpg







    බැටරිය ගැලැවූ මොබයිල් ෆෝන් එකක් අස්සෙන් සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය එළියට ආ කතාව

    මෙවර අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 ක් පිටවී යාමේ සිද්ධිය දැන් සමස්ත විභාගයටම බලපෑමක් එල්ල කර ඇත. අද උදෑසන වාර්තා වූයේ එම ප්‍රශ්න 19 ට සියලූම විභාග අපේක්ෂකයින්ට සම්පූර්ණ ලකුණු දෙන බවත් මේ හේතුවෙන් මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රයේ සමත්වීමේ සම්භාවිතාව ඉහළයාහැකි බවත්ය.
    රහස් පොලිසිය මගින් මේ විභ...ාග ප්‍රශ්න පිටව යාම ගැන සිදු කරනු ලබන ගවේෂණයේදී අලූත් කරුණු ගණනාවක් දැන් සොයාගෙන තිඛෙනවා.
    සා. පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහනවයක්ම ටියුෂන් ගුරුවරයකු වූ සම්පත් අත්තටගේ නැමැත්තකු විසින් ලබාගෙන තිබී හසුවීමෙන් පසු මුලින් ඔහු කිව්වේ තමා ඒවා කල් ඇතිව අනුමාන කළේ තමා සතු පරිචය පාවිච්චි කරමින් බවයි.
    නමුත් පසුව රහස් පොලිසිය සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම හමුවේ ඔහු ඇත්ත කියා තිඛෙනවා. විභාග දෙපාර්තමේන්තුවෙන් ඔහුට ඒවා ලැබුණ මාර්ගය
    ගැන ඔහු හෙළිදරව්වක් කර තිබුණා.


    වාර්තා වන ආකාරයට මෙය කාලයක් තිස්සේ සිදු කෙරෙන ජාතික විභාගවල ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ ජාවාරමක තවත් එක් සිද්ධියක් පමණි. හෙළිදරව් වූ ආකාරයට මේ පිටුපස රජයේ මුද්‍රණාලයේ
    නිලධාරීන්ද සිටී. විශ්වවිද්‍යාලයක නිලධාරීන් දෙදෙනකුද සිටී. ඉන් එක් අයකු විද්‍යාගාර සහායකයෙකි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය, බුද්ධාගම සහ ඉතිහාසය යන ප්‍රශ්නපත්‍රද මේ ආකාරයට පිට වී ඇති බව දැන් වාර්තා වනවා.
    තරමක් විශාල ප්‍රමාණයේ ජංගම දුරකතනයක පසුපස ඇති බැටරිය ඉවත් කොට, ඒ වෙනුවට ප්‍රශ්න පත්‍රය ඒ තුළ බහා අදාළ විශ්වවිද්‍යාලයට රැගෙනවිත් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිඛෙනවා. හෙළිදරව් වන ආකාරයට විද්‍යාව ප්‍රශ්න පත්‍රය අදාළ ටියුෂන් ගුරුවරයාට අලෙවි කර ඇත්තේ මේ කියන විශ්වවිද්‍යාලයේ මුලින් කී විද්‍යාගාර සහායකයාය. ඔහු අදාළ ටියුෂන් ගුරුවරයාට ප්‍රශ්න පත්‍රය එක එල්ලේම ලබාදී නැත. ඒ වෙනුවට ඔහු ප්‍රශ්න පත්‍රය දුරකථනය ඔස්සේ කියවා ඇත්තේ ටියුෂන් ගුරුවරයාට ලියා ගන්නා ලෙස පවසමින් බව හෙළිදරව්වී තිඛෙනවා.
    මේවා හෝල් ක්ලාස්වල දෙන්න එපා. ඉන්ඩිවිජුවල් ක්ලාස්වල විතරක් දෙන්න. යනුවෙන් උපදෙසක්ද එකී සහායකයා ලබාදී ඇත.
    මේ ප්‍රශ්න ඔහු ඉහළ මිල ගණන්වලට තනි තනි සිසුන් සිටින පන්තිවලදී ලබා දී තිඛෙනවා. මෙම විද්‍යාගාර සහායකයාද ටියුෂන් කරන අයෙකු වන අතර ගම්පහ ප්‍රදේශයේ සහ නිට්ටඹුව ප්‍රදේශයේ එවැනි පන්ති රැසක් ඔහුද කරගෙන යයි.

    ඔහු සියුම් ලෙස වැඩේ කරත් සම්පත් අත්තටගේ ටියුෂන් ගුරුවරයා ස්මයිලීස් දාන්නට ගොස් වැඩේ අනා ගෙන තිඛෙනවා. ඒ නිසා වැඩේ මාට්ටු වූ බව සහායක ගුරාද තමන්ගේ හිතවතුන් ගණනාවකටම පවසා ඇතැයි වාර්තා වුණා.
    මෙම සහායක ගුරා ගණිතය ප්‍රශ්න පත්‍රයද මෙසේ රුපියල් ලක්ෂ එකහමාරකට විකිණීමට උත්සාහ දරා ඇති අතර ඉතිහාසයද එසේ කර ඇත. එහෙත් අදාළ ටියුෂන් ගුරුවරුන් ප්‍රශ්න පත්‍රය ඉල්ලන විට සහායක ගුරා එය ප්‍රතික්ෂේප කරන බව කියැවුණා. තමන් ළ`ගඟ ඇති ප්‍රශ්න පත්‍රය ලියා ගන්නා ලෙස ඔහු දුන් උපදෙසට එක`ග නොවීම නිසා ගනුදෙනුව සිදු නොවුණ එක් ටියුෂන් ගුරුවරයෙකු ගැනද වාර්තා වී තිඛෙනවා.
    දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රශ්න කර ඇති සම්පත් අත්තටගේ ටියුෂන් ගුරුවරයා මිනුවන්ගොඩ එක්තරා පෞද්ගලික පන්ති පවත්වන ආයතනයකදී පවසා ඇත්තේ තමන්ගේ අනුමාන ප්‍රශ්නවලින් විස්සකට ආසන්න සංඛ්‍යාවක් විභාග ප්‍රශ්න පත්‍රයේ නොතිබුණහොත් තමන් මිනුවන්ගොඩ නගරයේ බඩ ගාන බවයි. නිට්ටඹුවේදීද ඔහු මේ කතාව කියා ඇතැයි වාර්තා වනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනුවන්ගොඩ ??
    වතිලායාත් ඉන්නවාද සීන් එකේ ? :lol:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වාර්තා වන ආකාරයට මෙය කාලයක් තිස්සේ සිදු කෙරෙන ජාතික විභාගවල ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ ජාවාරමක තවත් එක් සිද්ධියක් පමණි.
    :no::no::no::no::no:
    TFS
    +
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මෙය කාලයක් තිස්සේ සිදු කෙරෙන ජාතික විභාගවල ප්‍රශ්නපත්‍ර පිට කිරීමේ ජාවාරමක තවත් එක් සිද්ධියක් පමණි.

    සන්තෝසයි.. :yes:
     

    Similar threads