වර්ග 3නම හොඳයි මචන්.
Asus තමා ඉතින් ගොඩක් අය හොඳයි කියන්නෙ.
උඹ ගේම් ගහනවනම් ගේමින් ලැප්ටොප් එකක්ම ගනින්, නැත්නම් නිකං සල්ලි අපරාදෙ.
80ට 90ට තියෙන ලැප් වලින් (ඩෙඩිකේටඩ් GPU තිබුනත්) ගේම් ගහන්න බෑ.
ගේමින් වලට හොද ඩෙස්ක්ටොප් තමා.
මෙහෙම දේකුත් තියෙනව, ලැප්ටොප් එකේ කොලිටි එකට බ්‍රෑන්ඩ් එක වගේම මොඩ්ල් ලයිනප්/සීරීස් එකත් බලපානව.
ගොඩක් අය කියන දෙයක්නෙ HP ලැප්ටොප් නම් ගන්න එපා කැඩෙනව කියන එක.
මමනම් හිතන්නෙ මේකට හේතුව ගොඩක් අය HP වල ගන්නෙ ගනන් අඩුම එන්ට්‍රි ලෙවල් එකේ තියෙන පැවිලියන් සීරීස් එක.
පැවිලියන් ලැප්ටොප්වල බිල්ඩ් කොලිටි එක ගොඩක් අඩුයි, දැක්ක ගමන් පේනව, ගොඩක් වෙලාවට මුලු ලැප්ටොප් බොඩි එකම හදල තියෙන්නෙ බාල ප්ලාස්ටික් වලින්. ගනන් අඩුවෙන්නෙ තමා හදල තියෙන්නෙ & අවුරුද්දක් දෙකක් යූස් කරල අලුත් එකකට යන්න.
ඒක නිසා උඹ මොනවර්ගෙන් ගත්තත් ලැප්ටොප් ලයිනප් එක බලල ගනින්.
මගෙ ලඟ තියෙන්නෙ HP ප්‍රෝබුක් එකක් දැන් අවුරුදු දෙකකට වඩා වැඩී, මේ වෙනකං කිසිම අවුලක් වෙලා නෑ. ගොඩක් අය මාස 6න් 7න් කැඩෙනව කියන ෆින්ගර් ප්‍රින්ට් රීඩර් එකත් හොදටම වැඩ, අඩුම තරමින් හීටින් ඉශූ එකක්වත් නෑ.
HP වල පැවිලියන් සීරීස් එක බාල වුනාට උන්ගෙ ප්‍රෝබුක්, සීබුක් වගේ බිස්නස් ලැප්ටොප් කොලිටි හොඳයි.
ඒකනිසා උඹ මොන වර්ගෙන් (Asus/Lenovo/Dell) ගත්තත් හොද බිල්ඩ් කොලිටි එකක්තියෙන ලයිනප් එකකින් ගනින් & අනිවා ඒජන්ට් ගෙන්ම ගනින්.
මොකක්හරි කේස් එකක් ආවොත් බය නැතුව වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්.