Hua Mulan (2009)| චීනය දිනවූ රණශූරිය
උපුටාගැනීම් බයිස්කෝප් සිංහලෙන්
Hua Mulan (2009)| චීනය දිනවූ රණශූරිය
Mulan ( 1998 ) ලස්සන කාටූන් එකක්. කාටූන් එකෙන් ලබපු තෘප්තිය දෙගුණ තෙගුණ වෙයි කියලා හිතුනා මුලාන් චිත්‍රපටිය බැලුවොත්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ චීන චිත්‍රපටිය ගැනයි.
හුආ මුලාන්, චීන ජනකතාවකින් බිහිවුනු නිර්මාණයක්. කතාව ගෙන හැර දක්වනව නම්, හුආ මුලාන් කුඩා කල සිටම අශ්වයන් පැදවීමට, ඊ විදීමට, යුධ කතා කියවන්න හරිම ආස දඟකාර චරිතයක්. ඒ වගේම ඇය මාෂල් ආර්ට්ස් ප්‍රගුණ කල කෙනෙක්. ඇය උපන්නෙ පූරාණ උතුරු චීනයේ ගමකයි. තම මහලු පියා වන හුආ හු, “වෙයි” රාජ වංශයේ විශ්‍රාමික සොල්දාදුවෙක්. මුලාන් නිතරම අසල්වැසි ලමුන් සමග දබර කර ගන්නවා. තම දුවගෙ අවිනීතබව ගැන අසල්වැසියන්ගෙන් සමාව ඇයදු වාර අප්‍රමාණයි. මුලාන්ගෙ පියා ඇයට කියුදෙයක් තමයි “සටන් කරන්න ඕනෙනම් ලබන ආත්මෙ පිරිමියෙක් වෙලා උපදින්න” යන්නයි. ඔහොම ඉන්න දවසක චීන අධිරජ්යයාගෙ දූතයෙක් ඇවිත් ප්‍රකාශයක් කරනවා, රොයුරාන් රජ්‍යය (මොන්ගෝලියාව) ආක්‍රමණය කරන්න යන්න හමුදාවට සෑම පවුලකින්ම පිරිමීක් එන්න ඕන කියලා. මුලාන්ගෙ පවුලෙ පිරිමියෙක්ට ඉන්න වයසක තාත්තා විතරයි. ඉතින් ඔහු යුද්ධයට යාම සදහා ආම්පන්න ලැස්ති කරලා රැ නින්දට යනවා. එත් මැදියමේම තාත්තාගෙ ඇදුම් ඇදගෙන මුලාන් පිරිමින් විතරක් ඉන්න හමුදාවට බැදෙනවා තාත්තා වෙනුවෙන්. මෙසේ හමුදාවට එක් වෙන විට ඇගේ වයස අවුරුදු 18 යි. වසර 12ක් රට රටවල් සමග යුධවැදි තම රටට, ගමට ගෞරවය ගෙන දුන් හුආ මුලාන් චීන අධිරාජ්‍යා විසින් ප්‍රධානය කළ උසස් වීමද පසෙකලා තම පියා වෙත එනවා. කථාවේ සාරංශයක් කියුවට මුලාන්ගේ වීර ක්‍රියා බලන්න චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා.
Wei Zhao විසින් මුලාන්ගෙ චරිතය රඟදක්වන අතර, Jaycee Chan විසින් ෆෙයි එක්සිආහුගේ චරිතය රඟදක්වනවා. ජේසී චෑන් කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි, ජැකි චෑන්ගෙ පුතා. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 6.3/10 අගයක් ගත් මෙම චිත්‍රපටිය, ජින්ග්ලෙමාගේ අධ්යයක්ශණයක්. ජාත්‍යයන්තර සම්මාන කීපයකින් පිදුම්ලත් මෙම චිත්‍රපටිය නරඹා ගුණ දොස් දැන්ගන්නත් එක්ක කොමෙන්ටුවකුත් දාගෙන යන්න.
Download via torrent!
1.37 GB COPY
422 MB COPY