Hydroplaning/Aquaplaning-වාහනය තෙත් මතු පිටක් මත පාලනයෙන් තොර ව&

Captain jack sparrow

Active member
  • May 8, 2017
    199
    211
    43
    15°N 75°W
    Hydroplaning/Aquaplaning-වාහනය තෙත් මතු පිටක් මත පාලනයෙන් තොර ව&

    Hydroplaning/Aquaplaning

    DZy6Mj.jpg

    අධිවේගී මාර්ග වල වැසි සහිත දිනකදි ගමන් කිරිමේදි එක වරම මෝටර් රථය පාලනයෙන් තොරව ලිස්සා යා හැක. මෙම තත්වය හඳුන්වන්නේ Hydroplaning නැතහොත් Aquaplaning නාමයෙනුයි.
    මේහිදී සිදුවන්නේ වර්ෂාවක් පවතින විට හෝ අධික පිනි බිඳු පතනයකදී මාර්ගයේ ඇතිවන ජල ස්ථරක් මගින් මෝටර් රථයේ විශේෂයෙන්ම ඉදිරි පස රෝද වල ඝර්ෂණය නැතිවී යාමයි.

    1dFjs1.jpg


    සාමාන්‍යෙන් අඩු වේග වලදී මෙම තත්වය දකින්න නොලැබුනත් අධිවේගී මාර්ග පැමිණීමත් සමග මෙවැනි සංසිද්ධි පිලිබඳ දැනුවත් වීම ඉතා වැදගත්. සාමාන්‍යෙන් වර්ෂාවක් හෝ පිනි පතනයක් ආරම්භවී පලමු විනාඩි 5 – 10ත් අතර කාලය අධිවේගී මාර්ගවල ධාවනය කරන්නන් වඩාත් සුපරික්ෂාකාරි විය යුතු කාලය වෙනවා. සමහර විට ඔබ අධිවේගී මාර්ගයක ගමන් කරන විට වියලි ප්‍රදේශයක් පසු කර වර්ෂාව පතනය වෙන කොටසකට ඇතුල් වීමට ඉඩ තිබෙනවා. එවිට වේගය මදක් අඩුකර සුපරික්ෂාකාරී වීම මගින් ඔබට මාරාන්තික අනතුරක් විය හැකි අවස්ථාව අඩුකර ගැනීමට පුලුවන්.
    ඒ වගේම ඉතා සුලුවශයෙන් හෝ මාර්ගයේ එකතුව තිබෙන තෙල් වර්ග ජලය සමග මිශ්‍ර වීමේන් මෙම තත්වය බරපතල වීමට ඉඩ තිබෙනවා. එලෙසම උදෑසන හා රාත්‍රී කාලයේදි පින්න මගිනුත් මෙම තත්වය ඇති වීමට පුලුවන්.

    BB10ci.jpg

    Hydroplane තත්වයකදි කුමක් කලයුතුද?

    මෙවන් අවස්ථවකදී කලයුතු පලවෙනිම දේ තමයි කලබල නොවීම. කලබල වූ විගස අප කරන පලවෙනිම දේ තමයි ක්ෂණික තිරිංග තද කිරීම (hard braking) . නමුත් hydroplaning අවස්ථාවකදී එය සිදු නොකල යුතුයි. තිරිංග තද කිරීම පාලනයක් සහිතව කිරීම ඉතා වැදගත්. මෙම අවස්ථාවෙදි සුක්කානමේ සහ තිරිංග පාලනය නොමැති වන නිසා මෝටර් රථයේ රොද ලොක් උනොත් එය බරපතල වෙනවා.
    මීට අමතරව දීර්ඝ වංගු ගැනීමේදි වේගය අඩු කිරීම සහ රථය හැකි පමණ මැදට ගැනීම මගින් වංගුවේ පිටතට එකතු වෙන වතුර මගින් මෙම තත්වය ඇතිවීම වලක්වා ගත හැකියි.තමන්ට ඉදිරියෙන් ගිය වාහන වල රෝද සලකුණු පෙනෙ නම් ඒවා මත ධාවනය කිරීමත් hydroplaning වලක්වා ගත හැකි උපක්‍රමයක්. මීට අමතරව cruise control වැනිදේ ක්‍රියා විරහිත කල යුතුයි.
    ඉදිරියෙන් හා පිටුපසින් පැමිණෙන වාහන වල ගැටිම හේතුවෙන් අනතුරු තවත් වැඩිවිය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් සිටින්න. අනික් රියදුරන් වාහන හසුරුවන ආකාරය ගැනද ඔවුන් ගත හැකි වැරදි පියවර ගැනද සැලකිලිමත් වන්න.
    u0WtMK.jpg
    * අවධානයෙන් සිටින්න

    * ආසන පටි පළඳින්න

    * රිය පැදවීමේදී වෙනත් කාර්යයන්වල නොයෙදෙන්න

    * අවධානය වෙනතකට යොමු නොකරන්න

    *පහන් ආලෝක පරීක්ෂා කරන්න

    *නොපෙනෙන පැති ගැන සැලකිලිමත් වන්න

    * තිරිංග හොඳ තත්වයේ තිබෙනවාදැයි පරීක්ෂා කරන්න

    * ටයරයේ ප්‍රමාණවත් හුළං තිබේදැයි පරීක්ෂා කරන්න

    * ටයරය ගෙවී ගොස් තිබෙනවාදැයි පරීක්ෂා කර බලන්න

    * ප්‍රමාණවත් දුරකින් රිය පදවන්න

    තොරතුරු ලබාගත් මුලාශ්‍ර
    http://www.safemotorist.com
    http://www.autoguide.lk
     
    Last edited: