අනේ අම්මාප මෙහෙමත් ඔලුව අමාරු කාරයෝ මේ ලෝකයේ ඉන්නවා නොවැ.
මෙන්න මේ නිවුස් එක කියවලා.පහතින් තියන වීඩියෝ එක මුල ඉඳන් අගටම බලන්න,අගටම බලන්න,හිනා යන ගොඩක් කොටස් තියනවා.මෙවාට හිනා නෙමෙයි හරි නම් අඬන්නයි ඔන.
මෙන්න මේ නිවුස් එක කියවලා.පහතින් තියන වීඩියෝ එක මුල ඉඳන් අගටම බලන්න,අගටම බලන්න,හිනා යන ගොඩක් කොටස් තියනවා.මෙවාට හිනා නෙමෙයි හරි නම් අඬන්නයි ඔන.
November 14, 2013 at 9:17 am | lanka C news
සුදු ජනපදයක් හැදීමට සැරසෙන ජාතිවාදියාගේ රුධිරයේ කළු වර්ණදේහ
ඇමරිකාවේ උතුරු ඩැකෝටා ප‍්‍රාන්තයේ කුඩා නගරයක සුදු ජාතිකයන්ගේ ජනපදයක් ගොඩනැගීමට සැරසෙන පුද්ගලයෙකුගේ රුධිරයේ වර්ණදේහ පරීක්ෂාවක් මගින් ඔහුටද අප‍්‍රිකානු ඥාතිත්වයක් ඇති බව අනාවරණය කර තිබේ.
62 වියැති ක්‍රෙග් කොබ් නම් මෙම පුද්ගලයා උතුරු ඩැකොටාවේ ලීත් නගරයේ ඉඩකඩම් 13ක් පමණ අත්පත් කරගෙන ඇති අතර තමන්ට සමාන මතධාරීන් සොයාගනිමින් නාගරික පරිපාලන ඒකකයේ බලය ගැනීම ඔහුගේ ඉලක්කය බව පැවසේ. ලීත් නගරයේ මුළු පදිංචිකරුවන් සංඛ්‍යාව 20ක් පමණ බව වාර්තා වේ.
කොබ්ගේ වැඩපිළිවෙළට පදිංචිකරුවන් සහ අවට ප‍්‍රදේශවල ජනතාවගෙන් විරෝධය එල්ල වී ඇති අතර ස්වදේශික රතු ඉන්දීය ජනතාවද ඒ අතර වේ.
මේ අතර කොබ්ට බාධා කිරීම සඳහා නාගරික පරිපාලන ඒකකය විසින් ඔහුගේ නිවාසවල ජලය සහ සනීපාරක්‍ෂාව තහවුරු කළ යුතු යයි නියෝගයක් පණවා ඇති අතර අවසන් විකල්පය ලෙස ආයතනය විසුරුවා හැර කෝරළයට බලය පැවරීම ඔවුන් සතුව පවතී. තමන් සුදු ජාතිවාදියෙක් බව ඇතැම්විට ප‍්‍රතික්‍ෂෙප කරන ඔහු පවසන්නේ තමන් වාර්ගික අවබෝධය මත පදනම් වූ ආගමක නිර්මාණකරුවකු බවයි.
කළු ජාතිකයන්ට කැලෑ හාවුන් ලෙස නම් කර ඇති කොබ් ඔවුන්ට සුදු ජාතිකයන් සමග ලිංගික හැසිරීම තහනම් කළ යුතු බව පවසා තිබේ. කෙසේවෙතත් ඞී.එන්.ඒ පරීක්ෂණයෙන් හෙළිදරව් වී ඇත්තේ ක්‍රෙග් කොබ් පවා 16%ක් උප සහරානු කලාපයේ ලක්ෂණවල උරුමකරුවකු බවයි.
විද්‍යාව විවේචනය කර ඇති ඔහු තෙල් සහ වතුර එකට මුහු නොවන බව පවසා තිබේ. ටි‍්‍රෂා ගොඩාඞ් රූපවාහිනි සංවාදයට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ තමන් තුළ කළු ජාතිකයෙක් සිටීනම් තමන්ට තවදුරටත් ඔහු අදාළ නොවන බවයි.
Last edited: