ප්*රදේශ රැසක සුළු භූ චලනයක්
අම්පාර, පානම ප්*රදේශයේ සිට මාතර දක්වා දිවයිනේ ඌව, නැගෙනහිර සහ දකුණ ප්*රදේශ රැසක අද පෙරවරැවේ සුළු භූ චලනයක් ඇති වූ බව භූ විද්*යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.
එහි අධ්*යක්ෂ ජනරාල් ආචාර්ය කිත්සිරි දිසානායක මහතා පැවසුවේ, අද උදෑසන 8.50 ත් 8.52 ත් අතර මෙම භූ චලනය සිදු වූ බවට තොරතුරු ලැබී ඇති බවය.
පල්ලේකැලේ පිහිටි භූ චලන නිරීක්ෂණ මධ්*යස්ථානයේ ද මෙම භූ කම්පනය පිළිබඳව වාර්තා වී ඇති බව භූ විද්*යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්*යක්ෂ ජනරාල්වරයා ප්*රකාශ කළේය.
මෙහි ප්*රබලත්වය පිළිබඳව නිශ්චිත වාර්තා මෙතෙක් ලැබී නැත.