Questions Idam saha niwasa rent

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Godak diyunu ratawala idam, niwasa ganna eka rent ekata dena eka honda investment ekak,
    Namuth lankawe idam watinakamath ekka balanakota rent eka godak adu nisa salli recover wennama awrudu 20-30 yanawa.
    Land value eka wadi unath, danatamath diyunu town wage pathi wala tharamak hemin wadi wenne.
    Gewal rent ekata dunnama ewa maintain karanna cost ekakuth yanawa.

    Lankawe gewal aran rent ekata dena eka kiyana tharam honda investment ekak da?
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඉඩමක් අරන් හොදට වවන එක තමා දැන් කාලේ ඉන්වෙස්මන්ට් කියන්නේ, අපේ අදායමෙන් 50% යන්නේ කෑම බීම ඉතින් මේ ටික කන්ට්‍රෝල් කලා කියන්නේ ලැබෙන අදායම ප්‍රමානවත්,
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    නැහැ අතින් පාඩු වෙනවා . ලාභයක් ගන්න නම් Rent එක දැන් තියෙන ගානන්වාගේ දෙගුණයක් වත් වෙන්න ඕනේ . ඒ ගනන් වලට මිනිස්සු Rent එකට ගන්නේ නැහැ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉඩමක් අරන් හොදට වවන එක තමා දැන් කාලේ ඉන්වෙස්මන්ට් කියන්නේ, අපේ අදායමෙන් 50% යන්නේ කෑම බීම ඉතින් මේ ටික කන්ට්‍රෝල් කලා කියන්නේ ලැබෙන අදායම ප්‍රමානවත්,
    ඉඩමක් අරන් වවන එක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමේ. කාලෙකට කලින් මට රජයෙන් අක්කර 50ක් ලැබෙන්න ගියා. හොයල බලපුවම ඒකට වැඩට මිනිස්සු හොයන එක පට්ට අමාරුයි. තමන් ඇක්ටිව්ලි ඉන්වොල්ව් වෙන්නෙ නැතුව මැනේජර් කෙනෙක් දැම්මොත් ඌ විතරයි හම්බ කරන්නෙ. පලදාව තියන කාලෙට ලංකාවෙ භෝග වල මිල බල්ලට යනවා.

    රෙන්ට් එකට දෙන එකෙන් ලාබයක් ගන්න පුළුවන් වෙන්නෙ දැනටම තමන්ට කියල හොඳ තැනක ඉඩමක් තියනවනම් සහ ආයෝජනයකට දාපු නැති බැංකුවේ තියන මුදල් වලට හොඳ පොලියක් ලැබෙන්නෙ නැත්නම් විතරයි.

    ඉඩම් ගණන් යනවා කියන එක ලංකාවෙ ඉන්ෆ්ලේෂන් රේට්ස් එකත් එක්ක බලන්න ඕන. ඩොලර් එක 120ට තියෙද්දී ලක්ෂ 12ට ගන්න ඉඩම කෙටි කාලෙකින් ඩොලර් එක 200 උනාම ඉඩමේ වටිනාකම ලක්ෂ 18ක් වෙනවා කියන එක ලාභයක් නෙමේ. ඊට අනුරූපව අනිත් බදු භාණ්ඩ වල මිලත් ඉහල යන නිසා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,318
    66,737

    Idama eka digata wena ekek wewwoth uta aythiya claim karanna puluwab scene ekak tiyenawane?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ ඉඩම් නීතිය බහුබූත එකක්. මගේ යාලුවෙක් තීසීස් එකට කරේ ලංකාවෙ ඉඩම් නීතිය. ඒ හින්ද හොඳටම දන්නවා.
    එක එක ඉඩම් ඔප්පු වල විදිහට, පවරපු විදිහට තමයි නීතිය.
    රජයට අයිති බලපත්‍ර ඉඩම් එක දිගට අවුරුදු දෙකක් වගා කරේ නැත්නම් ඉඩම නැවත රජයට පවරගන වෙන කෙනෙකුට හෝ වගා කරපු කෙනාට දෙන්න පුළුවන්. ඒවා වළක්වන්නත් ක්‍රම තියනවා. ඒ උනාට ලෙඩක්.
     
    • Like
    Reactions: D_Mad

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඉඩමක් අරන් වවන එක ඔය කියන තරම් ලේසි වැඩක් නෙමේ. කාලෙකට කලින් මට රජයෙන් අක්කර 50ක් ලැබෙන්න ගියා. හොයල බලපුවම ඒකට වැඩට මිනිස්සු හොයන එක පට්ට අමාරුයි. තමන් ඇක්ටිව්ලි ඉන්වොල්ව් වෙන්නෙ නැතුව මැනේජර් කෙනෙක් දැම්මොත් ඌ විතරයි හම්බ කරන්නෙ. පලදාව තියන කාලෙට ලංකාවෙ භෝග වල මිල බල්ලට යනවා.

    රෙන්ට් එකට දෙන එකෙන් ලාබයක් ගන්න පුළුවන් වෙන්නෙ දැනටම තමන්ට කියල හොඳ තැනක ඉඩමක් තියනවනම් සහ ආයෝජනයකට දාපු නැති බැංකුවේ තියන මුදල් වලට හොඳ පොලියක් ලැබෙන්නෙ නැත්නම් විතරයි.

    ඉඩම් ගණන් යනවා කියන එක ලංකාවෙ ඉන්ෆ්ලේෂන් රේට්ස් එකත් එක්ක බලන්න ඕන. ඩොලර් එක 120ට තියෙද්දී ලක්ෂ 12ට ගන්න ඉඩම කෙටි කාලෙකින් ඩොලර් එක 200 උනාම ඉඩමේ වටිනාකම ලක්ෂ 18ක් වෙනවා කියන එක ලාභයක් නෙමේ. ඊට අනුරූපව අනිත් බදු භාණ්ඩ වල මිලත් ඉහල යන නිසා.
    වවන්න කිව්වේ විකුනන්න නෙමයි තමන්ගේ පාරිබෝජනයට වියදම අඩු වෙනව වගේම වස විස නැති කෑම වේලක් කන්න පුලුවන්. වෙලාව නෑ කියන්න බෑ වීක් එන්ඩ් වල හරි තමන් වැඩ කරල සතියට ඔන එලවලු ටික හදා ගන්න පුලුවන්. ඉඩම ටිකක් ලොකු නම් කුකුල් කූඩුවක් දාල කුකුල්ලු කීප දෙනෙක් දැම්ම නම් ඔන බිත්තර ට්ක සේප්. මම කියන්නේ ඉන්න පොඩි ඉඩමේ හරි එලවලු ටික හදාගන්න කියල. තමන්ගේ වියදම කොන්ට්‍රොල් එක හරියටම කරනවනම්
     
    • Like
    Reactions: D_Mad

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    890
    113
    Thama math hoyanooo....
    ලංකාවේ ඕක සාර්තක නෑ. අනිත් රටවල සාර්තක වෙන්නයි, ලංකාවේ නොවෙන්නයි හේතු කීපයක් තියෙනව
    1) ලංකාවේ ඔය ගැන හරි නීතියක් නෑ. වෙන රටවල ගෙදරකට රෙන්ටල් ඔෆර් එක දෙන තැන ඉදන්, ගෙදරින් යන එක දක්වාම නීති තියෙනව. ඕනර්ගෙ වගකීම්, ටෙනන්ට්ගෙ වගකීම් හොදට පැහැදිලිව තියෙනව. එතකොට ප්‍රශ්න නෑ (අඩුයි ) ගෙදරට හානි වෙලානම් ඒව අයකරගෙන හදාගන්න විදිය නීතියෙ තියෙනව.
    2) රෙන්ටල් වැලියු එක නියාමනයක් නෑ. ඕන ඕන ගනන්.
    3) ආකල්පමය වැරදි තියෙනව ඉන්න අයගෙ. නීති නැති එකේම අතුරු ඵලයක් තමා
    4) රෙන්ටල් වලට ගැලපෙන්නෙ ගෙවල් නෙමේ, අපාර්ට්මන්ට්. තාම ඒව අඩුයි ලංකාවේ
     
    • Like
    Reactions: D_Mad

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,105
    3,093
    113
    building එකක් හදලා rent එකට දෙනවා නම් ාමාන්‍ය ROI එක කීයක් විතර වෙන්න ඕනෙද?
     
    • Like
    Reactions: D_Mad

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    පොඩ් වැස්සටත් යටවෙන ලෑන්ඩ් එකක් අඩුවට හොයාගත්තොත් ගේමක් ගහන්න පුළුවන් ඉතින් ;)
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට බලාපොරොත්තුවෙන් ඉඩමක් අරගෙන ගෙදරක් හදල රෙන්ට් කරන එක තනිකරම පාඩුවක් කියල මට නම් හිතෙන්නෙ. ඉඩම් වල වටිනාකම Over Priced වෙලා තිබ්බට රෙන්ට් Value එක තාම ගොඩක් අඩුවෙන් යන්නෙ. හොඳ ටවුල් ඒරියා වලත් රුපියල් 20,000-30,000ට ගෙවල් රෙන්ට් වෙන්නෙ(හොඳ මට්ටමේ තියෙන ගෙවල්)
    මේකට ප්‍රධානම හේතුව විදියට මට හිතෙන්නෙ මිනිස්සුන්ගෙ පඩි අඩු වීම. මොකද සල්ලි තියෙන එකා ඉඩම් ගත්තට මේ වගේ රෙන්ට් එකට ගෙවල් බලන්නෙ හොඳ ආදායමක් තියෙන අය නෙමෙයි බොහෝ දුරට. එහෙම අයට ගන්න නම් මේව සාමාන්‍ය මට්ටමක තියෙන්න ඕන.

    මම එක දවසක් නෝටිස් කරා Havelock City එකේ Apartment එකක් කෝටි 5කට තිබ්බ ඒත් මාසිකව රෙන්ට් එකට ඒකම ගන්න පුලුවන් ලක්ෂ 3 හමාරක් වගේ වෙද්දි. කෝටි පහක් දීල අරක ගන්නවට වැඩි ඒ සල්ලි FD එකක දාල ඒ Apartment එකේම ඉඳල සල්ලි ටිකත් අතේ තියාගන්න තිබුන.

    මට නම් හිතෙන්නෙ තේරුමක් නැති ආයෝජනයක් කියල තමන්ට නිකං හම්බවුණ ගෙදරක් ඉඩමක් නොවෙන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනව ඔය ටුවරිසම් තියෙන පැතිවල. මිරිස්ස, හික්කඩුව වගේ ගෙවල් හදල සුද්දොන්ට දෙන එක නම් පට්ටම ප්‍රොෆිට් වැඩක් ඒත් ඒ පැති වල ඉඩම් කොහොම ගණංද දන්නෙ නෑ.
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    Geyak wedak ne.rooms tamai hoda.per day 1500 wage.nikam mulu geyak rent karala wedak ne.enan OYO wage register karala nattan airbnb room dana eka tama worth.
    airbnd වලට normal rooms and house දාල වැඩක් තියේද බන් කොලිටියට ඕනේ නේද?
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    wadiyen geyak thiyanawnam rent ekata dena eke parshanyak na natham eka wenuwenma geyak aran dena eka padui ekata waya karana salli hoya ganna sahena kalayak yanawa e wagema gedara nikan rent karanna ba kalin kattiya giyama eke repair ehema karanna wenawa smhara minisu gewal kala yanne monwa karath maintenance karanna wenawa.

    oya gewal walin laba ganna one nam wandanawe yana pathaka thiyanna one gewal katharagama anuradapure nuwaraeliya wage ewagen nam dawase rent karala anek pathi walata wada hoyanna puluwan.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Idamak aran shopping mall eka wage kada 20 withara hadala okkogenama rent eka ganna eka labai, namuth idama godak aduwata ganna ona.
    nathuwa thani company ekakata parak aine rent ekata dena eka idame price ekath ekka ganan haduwama padui wage.
    ඒත් මම හිතන්නෙ නෑ ලාබ ඇති කියල. මොකද ළඟදි මාතර හොස්පිට්ල් එක ඉස්සරහ කඩ දෙකකට රෙන්ට් එකක් දීපු ප්ලේස් එකක ගාන කිව්ව කෝටි 23ක්. ඇත්තටම ඔය ඉඩම කෝටි 23ක් දීල අරගෙන එක පොතේ දැම්ම වගේ ගානක් හොයන්න බෑ රෙන්ට් එකට දීලවත්. එතැන කඩ කාමර රෙන්ට් එකට දෙන්නෙ ලක්ෂ 2ට 3ට වගේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    ප්‍රධාන පාසැලක් ළඟ ඉඩමක් තියනවා නම් ගෙයක් හදලා දුන්නත් පාඩු නෑ. තනි ගෙයක් හැදුවා නම් පවුල 3ක් විතර නවතින්න පුළුවන් වෙන විදියට මාරු. මොකද දැන් ඉස්කෝල වල බදු ඔප්පු වලටත් අසන්නතාවය අනුව ලකුණු දෙනවා. සල්ලි ගොඩක් තියනවා නම්, අනාගතයේ ඉඩමක අවශයතාවය( ළමයෙක්ට දෙන්න වගේ) ඉඩමක් ගන්නවනම් ඉතින් අපරාදේ වෙන්නෙත් නෑ.
    ගොඩක්ම අඩු මුදලට තමයි හදන්න ඕන.
    වැඩි මුදලට හැදුවොත් ලොකු ගානක ට තමයි rent out කරන්න ඕන
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,242
    12,477
    113
    Piliyandala
    මගේ ගෙවල දෙකක් රෙන්ට් කරල තිබ්බ

    එකක දැන් පදිංචි වෙලා ඉන්න නිසා දැන් එකයි රෙන්ට් කරලා තියෙන්නේ..

    නඩත්තු වියදම් කෙසේ වෙතත් ගෙවල් කුලියට දෙන එක නම් මහා එපා කරපු වැඩක් හරියට හොඳ ෆැමිලි එකක් සෙට් උනේ නැත්තම් සල්ලි ගත්ත වගේ නෙමෙයි එපා වෙනවා මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ගියාම

    දැන් අවුරුදු 6ක් වෙනවා තාම රිකවර් වෙලා නෑ ඉන්වෙස්ට් කරලා තියෙන ගාන.. ගෙදර ගන්න ගිය සල්ලි රෙපෙයාර් කෝස්ට් එක්ක බැලුවම ටිකක් ගණන්

    හැබැයි මාසෙකට ගානක් නිකන්ම එනවා කියන එක හිතට මාර සැහැල්ලුවක්