iffa අයිෆා උළෙලෙන් යෑවෙන ජගත් සංදේශය

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    iffa අයිෆා උළෙලෙන් යෑවෙන ජගත් සංදේශය

    ශ්‍රී ලංකාවේ ඇතැම් ගම් දනව් ඔස්‌සේද විහිදී ගිය අයිෆා උණුසුම දැන් නිවී ගොස්‌ තිබේ. අයිෆා යනු ඉන්දියාවේ සිනමා තරු වෙනුවෙන්ම වෙන්වූ විචිත්‍ර සම්මාන උළෙලකි.

    ඉන්ටර්නැෂනල් ඉන්දියන් ෆිල්ම් ඇකඩමි (International Indian Film Acadamy) යන්න කෙටි කර අයිෆා (IIFA) නමින් හැඳින්වෙන මෙම උළෙල ලෝකයේ රටවල් කීපයකම පවත්වා තිබෙන අතර ලබන වසරේ කැනඩාවේ පැවැත්වීමටද දැන් නියම වී තිබේ.

    අයිෆා වෙන් සිංහල සිනමාවට නම් පුළුල් ප්‍රතිඵලයක්‌ අත් නොවන බවට කියන කතාවේ ඇත්තක්‌ ද තිබේ. එය කිසිසේත්ම අයිෆා සංවිධායකයන්ගේ අරමුණ ද නොවීය. මෙම උළෙල සංචාරක වර්ධනයටත්, ප්‍රචාරයටත් මේ රටේ පැවැත්වූ බව කව්රුත් දනිති. එනිසා සිනමාව පිළිබඳව උනන්දුව අඩු වූවාද විය හැකිය. එය වෙනම කතා කළ යුත්තකි. එහෙත් සංෙ- දත්, සල්මන් ඛාන්, අනුපම් කෙහෙර්, බිපාසා බාසු, කරීනා කපූර්, ලාරා දත්තා මෙන්ම ෂාරුක්‌ ඛාන්, ඓශ්චර්යා රායි, මධුරි ඩික්‌සිත්, අමිතාබ් භච්චන් වැන්නන් පණ පිටින් පියවි ඇසින් බලන්නට කැමැති සිනමා රසික පිරිස්‌ ද "අයිෆා" උළෙල මෙරටදී පැවැත්වීම පිළිබඳව හදවතින්ම සතුටු වන්නට ඇත.

    මීට වසරකට පෙරාතුව සම්මාන උළෙලවල් තබනවා තබා අවුරුදු උත්සවයක්‌වත් පැවැත්වීම මරණයට අත වැනීමක්‌ බවට පත්ව තිබුණු රටකි මේ. ඒ කාලයේ මේ රටේ කිසිම තැනක සංගීත සංදර්ශනයක්‌ හෝ නිදහසේ පැවැත්විය හැකි වීද?

    2009 මැයි 18 වැනිදාට පෙර බස්‌ රියක, දුම්රියක යැම පවා මාරයා සොයා යැමක්‌ බවට පත්ව තිබුණු රටකි මේ. එවැනි රටක ඉන්දියාවේ අංක එකේ සිනමා උළෙලක්‌ කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගණයේ පැවැත්වීම එක අතකට ආශ්චර්යයකි. ඓශ්චර්යා, අමිතාබ් භච්චන්, ෂාරුක්‌ ඛාන්, රැජිනි කාන්ත්, කමලාහසන්, මනිරත්නම් ලා කුමන හෝ හේතුවක්‌ නිසා මෙම සිනමා උළෙලට සහභාගි නොවුණත් "අයිෆා සති අන්තය" පෙරේදා (05 වැනිදා) රාත්‍රියේ ඉතා සාර්ථක ලෙස නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් හොඳ පිළිගැනීමක්‌ දෙමිනි.

    ඉන්දීය අයිෆා සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට මෙහි සංවිධායකයන් කටයුතු කළේ විවිධ බාධා මැදිනි. විරෝධතා මැදිනි. ඊළාම්වාදීන් සහ කොටි ත්‍රස්‌තවාදීන්ට හිතවත් දෙමළ ඩයස්‌පෝරාවේ කිහිප දෙනකු "අයිෆා සිනමා උළෙල" ශ්‍රී ලංකාවේ පැවැත්වීමට එරෙහිව නැගී සිටියහ. ලංකාවේ සිනමා රසිකත්වය අමතක කර දැමූ මනිරත්නම්, කමලාහසන්, රැජිනි කාන්ත් වැනි අයද ඒ තිරශ්චීන විරෝධයට යටවූහ. තමන් රඟන චිත්‍රපට නරඹන රටක ජනතාවට වඩා ඔවුනට කොටි මරහඬ ප්‍රබල විය. හැබැයි මනිරත්නම් වැනි අයගේ සිනමාව තුළ ප්‍රභාකරන්ට දැක්‌වූ පක්‌ෂ පාතිත්වයද අපි දනිමු. එහෙත් කොටි හිතවාදී සෙබස්‌තියන් සීමන්ලාට ඉන්දියාව යට නොවනු ඇත. එයට සාක්‌ෂිය අයිෆා උළෙලමය.

    අයිෆා තානාපති අමිතාබ් බච්චන් අවසන් උළෙලට නොපැමිණීම දෙමළ ඩයස්‌ පෝරාවේ ජයකි. එහෙත් උත්සවය උත්කර්ෂවත් ලෙස ඉටුවීම මෙන්ම භාරත සිනමා තරු පොකුරක්‌ හෝ මේ රටට ඒම අප ලද ජයග්‍රහණයකි. අයිෆා යනු ඉන්දියානු නැතහොත් බොලිවුඩ් සිනමා ව්‍යාප්තිවාදයම විය හැකිය. එහෙත් ඉන් අපට ලැබුණු ප්‍රතිඵල ද තිබේ. සිනමාව නමැති කලාත්මක ව්‍යාපාරය ඉවහල් කර ගනිමින් ජාත්‍යන්තරයට යැමට ශ්‍රී ලංකාවට එයින් අවස්‌ථාව ලද බවද අප මතක තබාගත යුතුය.

    ඉන්දීය සිනමාවේ සුපිරි තරු කොළඹට පායා ඒ අයගේ නැටුම්, ගැයුම්, රැඟුම් නොබැලූ බොහෝ සිනමා ලෝලීන්ගේ හද තුළ බුර බුරා නැගෙන දොම්නසක්‌ද නැතුවා නොවේ. හෙළ සිනමාකරුවන්ට, කලාකරුවන්ට සහ හෙළ සංස්‌කෘතිකාංගවලට අබමල් රේණුවක හෝ අවස්‌ථාවක්‌ මෙම උළෙලේ දී නොලැබීම පිළිබඳව සමහරු අසතුටින් කතා කරති. ඒවා සත්‍යය ය. එහෙත් අප එහි අරමුණු සමග අයිෆා දෙස බැලිය යුතුය.

    ප්‍රභාකරන් නමැති ම්ලේච්ඡ ත්‍රස්‌ත නායකයා මියගිය පසු ශ්‍රී ලංකාව නිදහස්‌ ය. අයිෆා සිනමා උළෙල මෙරටදී මෙලෙස පැවැත්වීමට ඉඩ ලැබුණේද ඒ නිදහස නිසාය. 1996 දී ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය පැවැත්වූයේ ඉන්දියාවේ, පාකිස්‌ථානයේ සහ ශ්‍රී ලංකාවේය.

    එවකට කොටි පුපුරුවා හැරි බෝම්බවලට බොරු බියක්‌ ඇති කරගත් එංගලන්තය, නවසීලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව ශ්‍රී ලංකාවේ තරග වර්ජනය කළේ ආරක්‌ෂාව නැතැයි කියමිනි. අපිට ඉන්දියාවත්, පාකිස්‌ථානයත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිමින් මෙරටට පැමිණ ක්‍රිකට්‌ තරගවලට සහභාගි වී දකුණු ආසියාවේ මනුස්‌සකම බටහිරට පෙන්වනු ලැබීය.

    අපේ ළඟම මිතුරාත්, ඥතියාත්, ඉන්දියාව ය. බුද්ධාගම අපිට ආවේ ඉන්දියාවෙනි. විජය කුමාරයා අපේ පරම්පරාවේ පැරැණිම මී මුත්තාය. විජය කුමාරයා ආවේද ඉන්දියාවෙනි. ඉන්දීය සිනමාව, භාරත සංගීතය, භාරතයේ ආදි සිනමා නළු නිළියන්ද අපේම අය බඳුය. අදටත් අප බලන අසන චිත්‍රපට හා චිත්‍රපට ගීතවල උපත බොහෝ විට ඉන්දියාවේය. දුකට සැපට දෙකමට අපට සිටින්නේ ඉන්දියාව ය. 87 වඩමාරච්චි මෙහෙයුමේ දී ඉන්දියාව ගුවනින් පරිප්පු දමා ප්‍රභාකරන් රැක නොගන්නටමේ රටට දෙවැනි නිදහස ලැබෙන්නේ එදාය. 87 දී කළ ඒ වැරැද්ද 2009 දී ඉන්දියාව නොකළේ ද ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාව නිවැරදිව තේරුම් ගත් නිසාය.

    කෙසේ හෝ අයිෆා සිනමා උළෙල අවසන්ය. ඉතිරි වී ඇත්තේ මතකයක්‌ පමණක්‌ නොවේ. ශ්‍රී ලංකාව සංචාරය සඳහා සුදුසු රටක්‌ බවට ජාත්‍යන්තරයට මෙයින් දෙන පණිවිඩය ඉතා වැදගත්ය. ඊනියා දෙමළ ඩයස්‌පෝරාවේ ගෙරවිල්ලට බියේ මෙහි නොපැමිණි භාරත සිනමා තරු වූහ. විශේෂයෙන් අමිතාබ් බච්චන්ගේ නොපැමිණීම විරුද්ධවාදීන්ට තලු මර මරා රස විඳිය හැකි ආහාරයක්‌ වී තිබේ. එහෙත් කරීනා කපූර් වැනි නව පරපුරේ සුපිරි තරු මෙම උළෙල විචිත්‍ර කළහ. ලොව පුරා මිලියන හයසියයක ජනතාවක්‌ මෙය නරඹන බව ද කියති. මිලියන හය සියයක්‌ යනු සිනමාවට හිතැති සෞන්දර්මයවාදී මනුෂ්‍යයන්ය. මොවුන්ගේ කටින් කියෑවෙන්නේ 2010 අයිෆා සිනමා උළෙල ශ්‍රී ලංකාවේ කොළඹ පැවැති බවකි. එවිට ශ්‍රී ලංකාවට සංචාරය කිරීමට බලා සිටින අයට හොඳ ප්‍රවෘත්තියක්‌ නොවේද? ඒ අය ශ්‍රී ලංකාව පිළිබඳවත්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න පිළිබඳවත්, පසුව සංචාරයට සුදුසු ශ්‍රී ලංකාවේ සුන්දර ස්‌ථානත් පිළිබඳ වෙබ් අඩවි ඔස්‌සේ සොයා බලනු ඇත. ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පසුගියදා කිව්වේ රුපියල් දශලක්‍ෂ 4650 ක්‌ වැයකොට කළ යුතු සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක්‌ අයිෆා සිනමා උළෙලෙන් ඉටුවූ බවකි. රජයේ ඉලක්‌කය 2016 වන විට විදෙස්‌ සංචාරකයන් කෝටි දෙකහමාරක්‌ මෙරටට ගෙන්වා ගැනීමය. එය ඉතා හොඳ ඉලක්‌කයකි. ඉලක්‌කයක්‌ නොමැතිව කිසිවක්‌ කළ නොහැකිය. නමුත් අයිෆා සිනමා උළෙලෙන් පමණක්‌ම අපට සංචාරක කර්මාන්තය නඟා සිටුවිය නොහැකිය.

    ඒ වෙනුවෙන් තව බොහෝ දේ කළ යුතුය. මීට තිස්‌ වසරකට පෙර ශ්‍රී ලංකාව යනු සංචාරකයන්ගේ පාරාදීසයකි. හෙළ සංස්‌කෘතිය, ස්‌වභාව, සෞන්දර්යය, මනරම් මුහුදු වෙරළ පමණක්‌ නොව ඓතිහාසික සිද්ධස්‌ථාන ද, රක්‍ෂිත වනාන්තර ද අප රැකගෙන ඒවා සංචාරකයන් ආකර්ෂණීය කරන තැන් බවට පත් කළ යුතුය. එසේ නොකර අයිෆා සිනමා උළෙලින් පමණක්‌ සංචාරක කර්මාන්තය ගොඩනැගෙන තුරු වත්මන් පාලකයන් බලා නොසිටින බව ද විශ්වාසය.

    අනෙක්‌ අතට අයිෆා සිනමා උළෙලට සමගාමීව ලෝකයේ සිව්වන කෝටිපතියා වන ඉන්දියාවේ මුකේෂ් අම්බානි ද ඇතුළු අංක එකේ ව්‍යාපාරිකයෝ සියයක්‌ පමණ මෙරටට පැමිණියහ. මේ පිරිස හිල්ටන් හෝටලයේ දී වැදගත් ව්‍යාපාරික වැඩමුළුවකට ද සහභාගි වූහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද අදාළ ව්‍යාපාරික හමුවට පැමිණ කීවේ දැන් ඉතින් මෙරට ආයෝජන කිරීමට අවස්‌ථාව තිබෙන බවය. ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට අකැමැති නොවන බව විශ්වාසය. එය නව යුගයක ඇරඹුමක්‌ වනු ඇත.

    යුරෝපය ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දැක්‌වුවද අපේ වැඩිමල් සහෝදරයා වන ඉන්දියාව ශ්‍රී ලංකාව නමැති බාල සහෝදරයාට නොසලකා හරින්නේ නැත. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කිරීමේදී ඉන්දියාවේ උදව් ද අවශ්‍යයය. ඉන්දියාවේ පමණක්‌ නොව පාකිස්‌තානයේ ද, බංග්ලාදේශයේ ද, මාලදිවයිනේ ද, නේපාලය ද, භූතානයේ ද සහාය අවශ්‍යය. ඉරානය ප්‍රමුඛ මැදිපෙරදිග රටවල ද උපකාර වුවමනාය. චීනය, ජපානය වැනි අපට කවදත් මිතුරු රටවල් වලට අමතරව යුරෝපීය රටවල් ද අපට උදව් කරන්නේ නම් ඒ උදව් ගැනීම හොඳය. නමුත් අපි ජාතියක්‌ ලෙස නැඟී සිටිය යුතුය.

    ඉන්දීය සිනමාවට, සංගීතයට යට නොවී අපේම වූ සිනමාවක්‌, සංගීතයක්‌ අපට අවැසිය. ඉන්දීය සංස්‌කෘතිය නොව අපට අනන්‍ය වූ අපේ සංස්‌කෘතියක්‌ අවැසිය. මේවා අපට ඕනෑවටත් වඩා තිබේ. බටහිර හෝ ඉන්දියාවෙන් හමන සුළි කුණාටු වලට අප හසුවී ගසාගෙන යා යුතු නැත. රැළි එන වේගයෙන් ආපසු යන බව අප මතක තබාගත යුතුය. තරු සැනින් පායා තවත් මොහොතකින් නිවී යන බව ද දනිමු.

    එනිසා අයිෆා සිනමා සම්මාන උළෙල පිළිබඳව නන් දොඩවා පළක්‌ නැත. ශ්‍රී ලංකාවට පැමිණි මේ තරු එක දෙක ආදී වශයෙන් ආපසු භාරත මාතාව වෙත පිය මනිනු ඇත. අපට යළි ජීවත්වීමේ අරගලය හා සටන පමණක්‌ ඉතිරිව තිබේ. රටට ලැබී තිබෙන මේ වාසනාවන්ත සාම කාලය නිකරුණේ ගෙවා දැමිය යුතු නොවේ. ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා ඉදිවී, නිෂ්පාදන බිහිවී ඒවා විකිණීමට වෙළෙඳ පොළ නිර්මාණය කිරීමේදී දකුණු ආසියාවත්, ආසියාවත්, යුරෝපයත්, මැදපෙරදිග කලාපයත් අපට අවශ්‍ය වේ. සංචාරක පාරාදීසයක්‌ බවට යළි ශ්‍රී ලංකාව පත්කිරීමේදී එහි විපුල ඵල ප්‍රයෝජන හා වාසිය ශ්‍රී ලාංකිකයා වෙත ලැබේ. එනිසා අපි ඉන්දියාවෙන් පාඩම් ඉගෙන අපටම උරුම සිනමාවක්‌, සංගීතයක්‌ සමගින් ශක්‌තිමත් ආර්ථිකයක්‌ ගොඩනඟා ගත යුතුව තිබේ. පණ්‌ඩිත් අමරදේවයන්ගේ, නන්දා මාලනියගේ, ගුණදාස කපුගේ ගේ මෙන්ම මිල්ටන් මල්ලවආරච්චි වැන්නන්ගෙන් පෝෂණය වූ සංගීතයක්‌ අපට තිබේ. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මාලනී ෆොන්සේකා, ස්‌වර්ණා මල්ලවආරච්චි සහ රුක්‌මණී දේවිගෙන් පෝෂණය වූ සිනමාවක්‌ ද තිබේ. එනිසා ඉන්දීය තරු දැක හීල්ලීම අවශ්‍ය නොවේ. ඓශ්වර්යා, ෂාරුක්‌ ඛාන් වැන්නන් දැක ස්‌වර්ණා මල්ලආරච්චි, විජය කුමරතුංග අමතක කළ යුතු ද නොවේ. කිසිවකුට නොදැවෙනි රංගන ප්‍රතිභා සහිත තරු අපටත් පායා තිබේ. කරුමෙට මෙන් අපේ ආර්ථිකය මෙන් සිනමාව ද දුප්පත්ව තිබේ. අපේ නළු නිළියන් කෞශල්‍ය හා ප්‍රතිභාව අතින් කොතරම් පෝසත් වුවත් සිනමාව දුප්පත් නිසා ඒ අයගේ හැකියාවන් ද යටපත්ව තිබේ.

    ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මේ අපූර්ව මිනිසා මිනිසත්කමින්, හැකියාවෙන් දැනුමෙන් කොතරම් පෝසත් වුවත් රටම දුප්පත් නිසා මේ මිනිසුන් ද, මිනිසුන්ගේ හැකියාවන් ද රටේම දුප්පත් කමින් වැළලී ගොස්‌ තිබේ.

    ප්‍රභාකරන් විසින් ඇද බැඳ බෝම්බ වලින් ශ්‍රී ලංකාවේ ජීවත්වන මේ අපූර්ව මිනිසා දුප්පත්කම නමැති වැලිතලාවෙන් යට පිහිටි ප්‍රපාතයකට ඇද දමා තිබේ.

    අප ගොඩ ආ යුත්තේ අන්න ඒ ප්‍රපාතයෙනි. ප්‍රපාතයෙන් මේ ජනතාව ගොඩ ගැනීමට නම් ඒ සඳහා ඉණිමං සහ කඹ වැනි ආධාරක අවැසිය. ඒ ආධාරක සොයා ප්‍රපාතය වෙත දැමීමට ජනතාව විසින් ජනතා නියෝජිතයන් පිරිසක්‌ ජනතා කරමතින් ගොඩට පිටත්කර එවා තිබේ. එහි නායකයා මහින්ද රාජපක්‍ෂය. දෙවැන්නා බැසිල් රාජපක්‍ෂය. තුන්වැන්නා වශයෙන් තවත් දෙසීය විසිහතර දෙනකුම ප්‍රපාතයෙන් ගොඩට පිටත් කිරීමට ජනතාව ක්‍රියාකර තිබේ.

    අයිෆා සිනමා උළෙල පිළිබඳ වටින් ගොඩින් තොරතුරු අසමින් ජනතාව තවමත් ප්‍රපාතයේය. මේ ජනයා ප්‍රපාතයෙන් ගොඩට ගෙනැවිත් අයිෆා වැනි සිනමා උළෙලවල් නැරඹීමට හැකි ආර්ථික වශයෙන් දියුණු ජාතියක්‌ කළ යුතුව තිබේ.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙත්, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේත් අරමුණු අයිෆා සිනමා උළෙල ඔස්‌සේ ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයට සාමය පිළිබඳ සංදේශයක්‌ යෑවීම බව නිසැකය. උළෙල සාර්ථකව නිමවූ බව දකින ජගත් ප්‍රජාව ද යළි ශ්‍රී ලංකාව ආසියාවේ සෞන්දර්ය පාරාදීසයක්‌ ලෙස පිළිගන්නා බව ද කිව යුතුය.
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අයිෆා උලෙලින් යැවෙන ජගත් සංදේශ

    1] අපේ රජතුමාගේ රජගෙදරට තේ බොන්න ගියේ නැත්නම්, සියල්ල හබක් වෙනවා.

    2] ඉංදියාවේ තුන්වෙනි මට්ටමේ පඩ නිලියන්ට ඉස්සරහ පුටු දීලා, ලංකාවේ නිළි රැජින වෙන, ආසියාවේ හොඳම නිළියන්ගෙන් අයෙකු බවට සී.එන්.එන් සමීක්ශණයකදී කිරුලු පලන් මාලනීට පිටිපස්සේ පුටු වෙන්කරන තරමට හීන මාන සංවිධායකයෝ අපට ඇත්තේය.

    3] ඉංදියාවේ බුද්ධිමත් දෙමල ජනතාව ඇමතීමට හෝ එහි සිනමා කළාකරුවන් සමග සංවාදයක් ඇතිකරගැනීමට අපේ මෝඩ ජනාධිපති උපදේශකයින්ට බැරිවිය. තමිල්නාඩුවේ චිත්‍රපටි කාරයන්ව එකඟකරගන්න බැරි ආංඩුව බැංකී මූන්ලට කොහොම මුහුණ දෙන්නද?

    4] මේ රටේ රජ කරන්න්නේ මැද මූලන මෝඩ දේශපාලනය මිස බුද්ධිමත් රාජ්‍ය තන්ත්‍රයක් නොවේ.

    5] මිලියන 1000ක් වියදම් කරලා පාටියක් දාලා, පාටිය වෙලාවෙ, කාමරේ හැංගිලා එලියටවත් එන්නේ නැතිව හිටපු එකම නායකයා අපේ සංවේදී තුමාය.
     

    Similar threads