IGI 2: Covert Strikeහි සම්පූර්ණ කතාව

kasunjohn

Well-known member
  • Oct 16, 2020
    138
    352
    63
    ලෝකයේ ත්‍රස්ත ක්‍රියා මැඩලමින්, නැවත ලෝක යුද්ධයකට ඇති ඉඩ නවතාදැමීමට ආරම්භ කළ Institute for Geotactical Intelligence වලට එහි අභ්‍යන්තරයෙන්ම පාවාදීමක් සිදුවෙන්නෙ කවුරුත්ම හිතපු නැති වෙලාවක. ඒ හරහා අති භයානක අවියක තොරතුරු සතුරු කල්ලියක් අතට පත්වෙනවා. මේ පිටුපස ඉන්න මහජන චීන සමූහාණ්ඩු නියෝජිතයා එම අවිය භාවිතා කරමින් ඇමරිකාවෙ මිසයිල ආරක්ෂණ පද්ධතියට ප්‍රහාරයක් එල්ල කරන්නයි සූදානම් වෙන්නෙ. ඉතින් David Jones ඇතුළු IGI කණ්ඩායමට හැකිවේවිද ඒ සතුරු මෙහෙයුම ව්‍යර්ථ කරන්න? මේ IGI 2: Covert Strikeහි ත්‍රාසජනක කතාවයි.