IMF ආධාර අත්හිටුවයි...!

athal eka

Member
Oct 29, 2018
418
32
0
IMF ආධාර අත්හිටුවයි...!

46432649_1918023054972170_3978755487087722496_n.jpg


ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා‍වට සිය ආධාර ලබා දීම අත්හිටවූ බව අද පවසා තිබෙනවා. The Sunday Morning පුවත්පත ඔස්සේ සිය අදහස් දක්වමින් එහි ප්‍රකාශක ජෙරී රයිස් මේ බව පවසා තිබෙනවා.

ඒ අනුව 2016 ජූනි මාසයේ 03 දින ශ්‍රී ල‘කාවේ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමත වූ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක වටිනාකමකින් යුත් තුන් අවුරුදු ව්‍යාපෘතියක් සහ 185%ක කෝටාවක් අනුමත වී තිබුණා. ශ්‍රි ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ක්‍රියාත්මක කිරීමට සිටි මෙම ව්‍යාපෘතිය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ලෙස සැළකිය හැකි වෙනවා.

රාජපක්ෂ රෙජිමය යළි මෙරට දේශපාලන බලය අල්ලා ගැනීමත් සමඟ රටේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් වීම හේතුවෙන් මේ අයුරින් සිය ආධාර ලබා දීම නතර කර තිබෙන බව එහි ප්‍රකාශක ජෙරි රයිස් මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියා.

සති තුනක් තිස්සේ ජාත්‍යන්තරයෙන් වරින් වර ශ්‍රී ලංකාවට අනතුරු හඟවමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන අයුරින් කටයුුතු කරන ලෙස ජනාධිපති සිරිසේනට දන්වා තිබුණා. නමුත් එම දැනුම්දීම් ගණන් නොගැනීමේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. තුන්වන ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කළමනාකරණය කර නොගැනීම හේතුවෙන් රටක් වශයෙන් ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව නැවතත් විශාල ආර්ථීක අර්බුදයක පැටළිම වැළැක්විය නොහැකි තත්වයක් උදා වෙමින් පවතින බවයි.


සිරිසේනගේ කුමන්ත්‍රණයට අපමණ අගයක් !