IMF Report Released: Download ⬇️

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මෙය මා විසින් ඇති කරන ලද අර්බුදයක් නොවේ.

    3. Major policy changes since late 2019 exacerbated the pre-pandemic vulnerabilities.
    The new government following the Presidential and Parliamentary elections (in November 2019 and
    August 2020, respectively), headed by President Rajapaksa of the Sri Lanka Podujana Peramuna
    party, pledged to develop a people-centric economy through tax policy changes to promote
    production and reduce the cost of living. In this context, income tax and VAT were cut in late
    2019, with estimated revenue losses exceeding 2 percent of GDP. The automatic fuel pricing
    mechanism was discontinued, raising fiscal risks from state-owned enterprise losses. The plans to
    upgrade legislation relating to central bank independence and the fiscal rules were suspended
    (Annex I). These policy changes, while aimed at promoting growth and employment, further eroded
    fiscal space, increased Sri Lanka’s vulnerability to shocks, and halted institution building reforms

    1648277223279.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රටටත්, පාර්ලිමේන්තුවටත් ආර්ථික අර්බුදය ගැන නොමඟයවන යැවූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ ආණ්ඩුවේ දේශපාලනයින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තාව මගින් නිරුවත් වී ඇතැයි, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා වාර්තාව ගැන රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තුවටත්, මහ බැංකු අධිපතිවරයා ලෙස ‘හය මසක මාර්ග සිතියමක්‘ මැයෙන් අජිත් නිවාඩ් කබ්රාල් ඉදිරිපත් කළ තර්කයන්ගේ හා කරුණුවල හරසුන් හා නිරර්ථක බව, IMF ලංකා වාර්තාව මගින් නිරාවරණය වී ඇත.

    IMF ලංකා වාර්තාවට අනුව, ලංකාවේ දළ දේශීය නිශ්පාදනය සහ ණය ප්‍රමාණය අතර අනුපාතය 119% දක්වා ඉහළ නැග ඇත. ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 2,204 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දක්වන නමුත්, භාවිත කළ හැකි ප්‍රමාණය මිලියන 800 දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වෙන්නේ නැත. දළ දේශීය නිෂ්පාදනයෙන් 64.2 ක් ණය බව වාර්තාව කියයි.

    වත්මන් රජය 2019 දී සිය ව්‍යාපාරික ගජ මිතුරන්නට බදු සහන දී භාණ්ඩාගාරයේ (රටේ) ආදායම අඩු කර ගැනීම, මේ ආර්ථික අර්බුදයේ ඇරඹුමයි. වාර්තාවේ (6 පිටුව) වැට්, කෝපරේට් ටැක්ස්, ආදායම් බදු, ජාතික ගොඩනැගීමේ බද්ද කැපීම නිසා සිදුවූ ආදායම් අහිමිවීම සවිත්සර දක්වා ඇත.

    රටේ උද්ධමනය ඉහළ යාම ගැන IMF නිරීක්ෂණ සවිස්තරාත්මකය. 1952 සිට 2020 දක්වා අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වසර දෙකක් තුල අච්චු ගැසූ රටක උද්ධමනය ඉහළ යාම අරුමයක් නොවන බව මම පසුගිය සතියේ ද පෙන්වා දුනිමි. එදා එයට මහ බැංකු අධිපති ප්‍රතිචාර දැක්වූවේ මුදල් අච්චු ගැසීම අලුත්දෙයෙක් නොවන බවය.

    ආදායමට වඩා වියදම වැඩි රටක වියදම් කැපීමත්, ආදායම් වැඩි කර ගැනීමත් හැර වෙනත් විකල්පයකට ඇත්තේ ණය ගැනීමය. සීනි බදු වංචාව, සුදුළුණු වංචා, පොල්තෙල් ගැන වාර්තාව කියන්නේ නැත. නමුත්, චීන අශුචි, නැනෝ පොහොර වැනි හොරකම් රටට කන්න නැතිකළ බව, ආහාර හිඟයක් ඇතිකළ බව පෝලිම්වල ඉන්න ජනතාවට රහසක් නොවේ.

    වාර්තාවේ 9 වන පිටුවේ දැක්වෙන්නේ රටේ ණය 100% ගුණයකින් වැඩිවීමට කෝවිඩ්, ගජමිතුරන්නට දුන් බදු සහන, අය වැය කළමනාකරණය නොකිරීම හේතු වූ බවයි. මිල සුත්‍රයකින් තොරව ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව රටේ ආර්ථිකයට බරක් වූ බව ද එහි දැක්වේ. ආර්ථික අර්බුදය, ඉන්ධන අර්බුදය හා බැදී ඇති බව පැහැදිලිය.

    යහපාලන ආණ්ඩුව (2019) රජයේ ආදායමෙන් 11.6% ක් බදු මගින් ලබා ගත් බවත්, මේ වන විට එය 7.2% දක්වා පහත වැටී ඇති බව වාර්තාවේ දැක්වේ.

    වාර්තාව පුරා වචනයෙන් නොව දත්ත මගින් මතු කර දක්වන්නේ මුලික ආර්ථික ප්‍රතිපත්ති නොතකා හැරීම නිසා ලංකා ආර්ථිකයේ බිඳ වැටීම සිදුව ඇති බවය. රජය ශ්‍රී ලංකා මහ බැංකුවට ණය වී ඇති ප්‍රමාණය 2000 මාර්තු සිට 2021 නොවැම්බර් දක්වා 9%ක් වැඩිවී ඇති බව දක්වයි.

    අප අමතක නොකළ යුත්තේ ‘‘අඩුම ආර්ථික වර්ධනයක් ලඟාකරගත් වසර දෙකක්, වසර 12 කින් පසුව ඉහළම උද්ධමන අනුපාතිකයක් වාර්තා කළ, දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සැලකීමේ දී අඩුව ආදායම වාර්තාවී ඇති, වැඩිම මුදල් අච්චු ගැසීම සිදු කර ඇති, දළ දේශීය නිෂ්පාදනයෙන් 119% ණයවී සිටින රටක ආර්ථිකය‘‘ පිළිබඳ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය නිරීක්ෂණ මෙම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවයි. 5% ක් වූ දේශීය ණය (බැදුම්කර) දැන් 60% දක්වා ඉහළ නැඟ ඇත. ඒ මුදල් බහුතරයක් එළදායී නොවන ආයෝජනයක් වෙති.

    ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපලේ පහලම ශ්‍රේණිගත කිරීම් දරණ ආර්ථිකය ගොඩ ගැනීමට ගැන උපදෙස් පහක් මුල්‍ය අරමුදල ලබාදී ඇත.

    1. 2019 දී ලබාදුන් බදු සහන (වැට්, ආදායම් බදු, සමාගම් බදු සහන) වෙනස් කිරීම (එනම් ගජමිතුරන්ට බදු සහන ලබාදීම වෙනුවට 2019 ට පෙර තිබු බදු ක්‍රමයට නැවත යාම)
    2. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම/විකුණා දැමීම
    3. ණය ප්‍රතිව්‍යුහගත කරණය උපක්‍රම වෙත යොමුවීම
    4. උද්ධමනය පාලනය කිරීමට පියවර ගැනීම (හිතුමනාපයට මුදල් අච්චු ගැසීම නවතා දැමීම, මුදල් මණ්ඩලය හරහා මහ බැංකු අධිපති හා භාණ්ඩාගාර ලේකම්ට මුදල් අච්චු ගැසීමට ඇති හැකියාව නැති කිරීම)
    5. වෙළඳපොල නිර්ණායක අනුව පොලී අනුපාතය තීරණය කිරීම
    6. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදල් වාර්තා මගින් රටක් අපහසුතාවයට පත් වන ආකාරයේ කරුණු ඉදිරිපත් කරන්නේ නැත. ආර්ථික විද්‍යා මුලධර්ම අනුව රටක ආර්ථික දත්ත විශ්ලේෂණය සඳහා මාවත පමණක් පෙන්වා දෙනු ලබයි. ලංකාව පිළිබඳ වාර්තාව පුරාම මතුවන්නේ ‘ගෙවී ගිය වසර දෙක තුල ආර්ථික කළමනාකරණයේ දී රජය දක්වා ඇති නොහැකියාව හා දුබලතාවයි.

    බදු ප්‍රතිපත්ති වෙනස් නෙකර, වියදම් පාලනය නොකර, පාඩු ලබන ආයතන බර දිගින් දිගටම දරමින්, පොලී අනුපාතය කෘතීම ලෙස පහත දමමින්, හිටි හැටියේ පසුගිය සතියේ රුපියල පා කර දැමීම වැරදි මුල්‍ය තීරණයක් බව මාර්තාවේ පේලී අතර ලියැවි ඇති, එළිපිට ලියා නොමැති කතාවයි. මුල්‍ය අරමුදල හැමදාම ලංකාවට උපදෙස් දුන්නේ ආදායම් වැඩි කර, වියදම් පාලනය කර විදේශ මුදල් අර්බුදයට පිළියම් යෙදීමයි. නමුත්, රජය රුපියල බාල්දු කළේ, කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයකින් තොරවය. දැන් ඩොලරය අහස උසට ඉගිලෙන්නේ ඒ නිසාය. අවසනාවකට අද මේ වාර්තාව නිකුත් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව අතර තීරණ ගැනීම පිළිබඳ එකඟතාවයක් හෝ නොමැති අවස්ථාවකය.

    ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට එකඟතාව ලබාදී ඇතත්, එය යථාර්ථයක් බවට පත්වීමට නම් රජය ක්ෂණික පියවර ගත යුතුය. මුදල් අමාත්‍යවරයා හෝ මහ බැංකු අධිපතිවරයා හෝ ඒ සඳහා ඉදිරිපත් වන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවේ හරය නම්, අර්බුදය තවදුරටත් කල් දැමීමට ලංකාවට හැකියාවක් නැති බව ය.


    රජිත් කීර්ති තෙන්නකෝන්
     
    Last edited:
    • Like
    Reactions: Sword_Fish

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Vaccination graph එකනං ලස්සනට තිබ්බා 😁 ඒක ගැනනං ආඩම්බරයි pre pandemic tax අඩුකරා කියන්නේ අර ආව ගමං අඩු කරපු tax නේද සමරියෙ හැටියටනං කෙලවීමට ප්රධාන හේතුවක් ඒක 🤔
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    Vaccination graph එකනං ලස්සනට තිබ්බා 😁 ඒක ගැනනං ආඩම්බරයි pre pandemic tax අඩුකරා කියන්නේ අර ආව ගමං අඩු කරපු tax නේද සමරියෙ හැටියටනං කෙලවීමට ප්රධාන හේතුවක් ඒක 🤔
    ඔව්. ඉස්සරහට interest rate වැඩි කරයි. ඩොලර් එක අල්ලන් හිටියා වගේ ඉන්න try කරයි, එත් හොම්බ බිම ඇනුනාම වැඩි කරන්න සිද්ද වෙයි...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Vaccination graph එකනං ලස්සනට තිබ්බා 😁 ඒක ගැනනං ආඩම්බරයි pre pandemic tax අඩුකරා කියන්නේ අර ආව ගමං අඩු කරපු tax නේද සමරියෙ හැටියටනං කෙලවීමට ප්රධාන හේතුවක් ඒක 🤔
    Yes. Also tourism lept after Easter bombing. That contributed somewhat. But mostly the tax reforms & discontinuation of the fuel formula that bankrupt the CEB + Fuel Corp + government Banks because of lending to these 2 idiotic corporations. That put a huge burden on the backing system.

    මෙය මා විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් නොවේ... පක තමයි 🤬

    IMF eken karanna kiyala thiyena dewal mun karaida kiyana eka thama prashne 🙄
    Already doing & proposed

    1. Floating Foreign Exchange rates - Done
    2. Increase Taxes - Done & incoming
    3. Increase fuel prices according to the international market rates. - Currently Doing
    4. Reintroduce fuel formula - Incoming
    5. Increase% rates - Incoming (can't hold these low rates any longer)
    6. Restructure government agencies that are operating on a loss - already proposed. Incoming
    ------ Post added on Mar 26, 2022 at 12:53 PM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ලද අර්බුදයක් නොවේ... පක තමයි 🤬

    Already doing & proposed

    1. Floating Foreign Exchange rates - Done
    2. Increase Taxes - Done & incoming
    3. Increase fuel prices according to the international market rates. - Currently Doing
    4. Reintroduce fuel formula - Incoming
    5. Increase% rates - Incoming (can't hold these low rates any longer)
    6. Restructure government agencies that are operating on a loss - already proposed. Incoming
    මට හිතන්නේ මේ සැරේනං නොකර ඉන්ඩ බැරිවෙයි කොන්දේසි ටික මොකද අනලා තියන ඇනිල්ලෙ හැටියට මොකාටවත් හදන්ඩ බෑ මේක ගොඩින් බේරගන්න පුළුවන් නං මුං කවදාවත් මේක කරන්නෑ තිත්ත බේත් වගේ තමා කරන්න දෙයක් නෑ ඉතිං.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මට හිතන්නේ මේ සැරේනං නොකර ඉන්ඩ බැරිවෙයි කොන්දේසි ටික මොකද අනලා තියන ඇනිල්ලෙ හැටියට මොකාටවත් හදන්ඩ බෑ මේක ගොඩින් බේරගන්න පුළුවන් නං මුං කවදාවත් මේක කරන්නෑ තිත්ත බේත් වගේ තමා කරන්න දෙයක් නෑ ඉතිං.
    පාඩු ලඛන ආයතන ප්‍රතිව්‍යුහගත කරන එකයි, පිරිස අඩු කරන එකයි මෙකෙන් හරි කරොත් හොඳයි.

    ජපානේ ජනගහනය අපිට වඩා 6 ගුණයක්. ඒත් රජයේ සේවය අපිට වඩා ලක්ෂ 4න් අඩූයි

    මේ රාජ්‍ය සේවයයි, උන්ගේ පෙන්ෂනුයි අපිට දරාගන්න බැරි බරක්
     
    • Like
    Reactions: Amare machan

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පාඩු ලඛන ආයතන ප්‍රතිව්‍යුහගත කරන එකයි, පිරිස අඩු කරන එකයි මෙකෙන් හරි කරොත් හොඳයි.

    ජපානේ ජනගහනය අපිට වඩා 6 ගුණයක්. ඒත් රජයේ සේවය අපිට වඩා ලක්ෂ 4න් අඩූයි

    මේ රාජ්‍ය සේවයයි, උන්ගේ පෙන්ෂනුයි අපිට දරාගන්න බැරි බරක්
    කතාව නං ඇත්ත ඒත් කවුද කැමති තැපැල් ඡන්ද ටිකට කෙලවගන්ඩ මේක හෙනම කේස් එක මං හිතන්නෑ ඔය වැඩේ කරයි කියලා
     

    Similar threads