Indiyawe sahayath MR ta....

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    ඉන්දියාවේ ජනතා පක්‍ෂ නායකයාගෙන් ලාංකික දෙමළ ජනතාවට ඉල්ලීමක්

    ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තවදුරටත් ඉන්දියාවේ උපදෙස් අවශ්‍ය නම් ඔවුන්ගේ ඡන්දය දෙමළ කතා කරන සිංහල නායකයා වන මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දෙන ලෙස ඉන්දියාවේ ජනතා පක්‍ෂ නායක ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි මහතා ඉල්ලා සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ‘මිය ගිය කොටි සංවිධානයේ සමහර නියෝජිතයන්’ ද්‍රවිඩ ජාතික සන්ධානයේ සිටින බවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහාය දිය යුතු බවට මතයක් ඉන්දියාව තුළ නිර්මාණය කිරීමට ඔවුන් උත්සාහ දරන බවත්ය. එහෙත් ඉන්දියාව සහාය දෙන්නේ කොටි සංවිධානයේ මතයට ‘පන්දම් අල්ලන’ අපේක්ෂකයෙකුට නොවන බව ඒ මහතා අවධාරණය කරයි.

    ද්‍රවිඩ ජාතික සන්ධානය වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි දෙමළ ජනතාව තුළ පිළිගැනීමක් නොමැති බවත් පවසන ආචාර්ය සුබ‍්‍රමනියම් ස්වාමි මහතා අවධාරණය කරන්නේ ෆොන්සේකා මහතා ජනාධිපති ලෙස පත් වුවහොත් ඔහු නියත වශයෙන්ම උභතෝකෝටික ප‍්‍රශ්නයකට මුහුණ දෙන බවයි. බලයට පත් වුවහොත් කොටි සංවිධානය සතු ‘කළු සල්ලි’ නීත්‍යනුකූල තත්වයට පත් කිරීමට ද ජෙනරාල්වරයාට සිදුවන බව ද ඔහු සඳහන් කරයි.

    මේ අතර කොටි සංවිධානයේ ආඥාදායකත්වය අවසන් කිරීමෙන් පසු ශ‍්‍රී ලංකාවට අද අවශ්‍ය වී තිබෙන්නේ කාරුණික ස්ථාවර පාලනයක් බව ඉන්දියාවේ ජනතා පක්‍ෂ නායකයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් කියා සිටියි.