Intel Compute Stick ඩොන්ගලයක් තරම් පුංචි පරිගණකය

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    Intel Compute Stick ඩොන්ගලයක් තරම් පුංචි පරිගණකය



    Intel Compute Stick ඩොන්ගලයක් තරම් පුංචි පරිගණකය දැන් ලංකාවේ වෙළඳපලට

    Intel-Compute-Stick-powering-up-a-LCD-screenx.jpg


    Intel® Atom® quad-core ප්‍රොසෙසරය පදනම් කරගත් කුඩා ප‍්‍රමාණයේ Intel® Compute Stick දැන් ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට මිලදී ගත හැකිය. මෙය රූපවාහිනී සහ මොනිටර්හි HDMI port හරහා සම්බන්ධ කලවිට එය පරිගණකයක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ඇති අතර එ් තුලින් ඇප්ස් භාවිතය, ඊමේල් සහ අන්තර්ජාල භාවිතාව ආදී කටයුතු සිදු කළ හැකි වේ.

    Intel Compute Stick මාදිලි දෙකකින් වෙළඳපලට පැමිණෙන අතර එක් මාදිලියක Windows 8.1(STCK1A32WFC) ස්ථාපනය කර ඇති අතර
    අනෙකෙහි ස්ථාපනය කර ඇත්තේ Ubuntu මෙහෙයුම් පද්ධතියයි (STCK1A8LFC). Windows 8.1 සහිත මාදිලිය 32GB ධාරිතාවයකින් යුක්ත අතර එහි 2GB මෙමරියක් සතු වේ. අනෙකෙහි 8GB ධාරිතාවයක් සතු අතර 1GB මෙමරියක් ඇත.

    ඉන්ටෙල් EM සමාගමෙහි ශ‍්‍රී ලංකාවේ සම්බන්ධීකරණ කාර්යාලයේ මෙරට ව්‍යාපාර කළමනාකාර ඉන්දික ද සොයිසා මහතා ”පරිගණකය නව මානයකට රැුගෙන යාමට ඔබට අවශ්‍ය නම් ඉන්ටෙල් කම්පියුට් ස්ටික් ඒ සදහා කදිම තෝරාගැනිමක්.

    ඒ මගින් ඕනෑම HDMI සබඳතාව සහිත රූපවාහිනී යන්ත‍්‍රයක් හෝ මොනිටරයක් පරිපූර්ණ පරිගණකයක් බවට පරිවර්තනය කරගෙන අන්තර්ජාලයට පිවිසීමට, ජායාරූප හුවමාරු කරගැනීමට, ඊමේල් බැලීමට හෝ පරිගණකයෙන් කරන ඕනෑම කාර්යයක් ඉටුකර ගැනීමට ඉඩ සැලැසෙනවා. ඔබට අවශ්‍ය එකම දෙය වන්නේ වයර්ලස් යතුරු පුවරුවක් සහ මවුසයක් පමණයි” යනුවෙන් පවසා සිටියේය.

    ඉන්ටෙල් කම්පියුට් ස්ටික් හි නවීන මෝස්තරය නිසා එය භාවිත කරන අයට Intel Atom quad-core ප්‍රොසෙසරය උපරිම කාර්යක්ෂමතාවයකින් භාවිත කරමින් ක‍්‍රීඩා, වීඩියෝ, ස්ප්‍රෙඞ්ෂීට් හෝ ප‍්‍රසන්ටේෂන් කිරීමේ හැකියාව ඇති වේ. පරිගණක සිස්ටම් සහ තොරතුරු ගොනු කම්පියුට් ස්ටික්හි සේව් කළ හැකි නිසා මෙය භාවිත කරන අයට උපරිම නිදහසක් ඇතිව නිවෙසේ හෝ කාර්යාලයේ වැඩ කිරීමට හැකිය.

    මෙම Compute Stick උපාංගය Wireless 802.11 තාක්ෂණයෙන් බල ගැන්වෙන අතර අමතර මෙමරි කාඞ්පතක මතක ධාරිතාව වැඩිකර ගත හැක. එමෙන්ම mini-USB power supply සහ Bluetooth* 4.0 කීබෝඞ් සහ මවුස් සඳහා ද ක‍්‍රියාකරනු ලබයි.

    දැනට කොළඹ අවට ප්‍රධාන පරිගණක අලෙවිසැල් හරහා මිලදීගත හැකි මේ කුඩා පරිගණකයේ මිල රු 28000ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

    Indika-De-Zoysax.jpg


    Intel-Compute-Stick-powering-up-a-LCD-screenx.jpg


    463450-intel-compute-stick.jpg