ගත්ත උදාහරනෙනම් වැඩකට නෑ හැබැයි පොයින්ට් එකක් තියෙනව. ඉන්ටර්නැෂනල් ස්කූල් වලට කිසිම නියාමනයක් නම් නෑ තමා. දෙමාපියොන්ට වෙන විසඳුමකුත් නෑ. හොඳ රජයේ ඉස්කෝලෙකට දැම්මෙ නැත්නම් ඉන්ටර්නැෂනල් ස්කූල් තමා ඔප්ෂන් එක. දෙවනි පන්තියේ තුංවෙනි පන්තියේ රජයේ ඉස්කෝල වලට ගිහින් එච්චර වැඩක් නෑ. විශේෂයෙන්ම ඇවරේජ් ලමයෙක්ට.
ඔතන බන් මම දැක්ක දේ නම් සමහර ඉන්ටනැශනල් වල තමයි ප්‍රමිතිය නැත්තේ. සමහර ඉන්ටනැශනල් තියනව පෙන්ශන් ගියපු පිනාලා අටවන. සමහර ඒවා තියනවා ටියුශන් කාරයෝ අටවන. මේවයෙත් හොඳ කොලිටි එඩියුකේශන් දෙන ඒවා තියනවා. ඒත් හතු පිපෙන්න වගේ ඉන්ටනැශනල් දාන ඒවයේ අර උඹ කියපු සීන් එක තියනවා. එහෙම තියන එකක් සෙට් වුනොත් ඉතින් අනාතයි. ලෝකල් සිලබස් යන ඒවා ගොඩක ඔය සීන් එක තියනවා. ගොඩක් මේවගෙ ඉස්කෝල වල ෆීස් අඩුයි. කේම්බ්‍රිජ් වලත් පිස්සු කෙලින් උන් අම්බානට ඉන්නවා. ඒත් ලෝකල් තරම් අඩුයි මොකද කේම්බ්‍රිජ් ඉන්ටනැශනල් එකේ ඇප්ලිකේශන් එක දැම්මට පස්සේ උන් ඉස්කෝලෙට ඇවිත් ඔක්කොම බලලා උන්ගේ ස්ටෑන්ඩඩ් එකට තියනව නම් විතරයි කේම්බ්‍රිජ් සිලබස් උගන්නන්න දෙන්නේ.
ලන්කාවේ විභාග කල් යනවා, ඉස්කෝල පිස්සු කෙලිනව වගේ දේවල් එක්ක රජයේ ඉස්කෝලෙකට දානවා නම් ලොකු ඉස්කෝල කියන ලෙවල් එකේම ඉස්කෝලෙකට ලමයව දන්න ඕන. එහෙම නැත්තන් පොඩි ඉස්කෝලෙකට දැම්මොත් කොහෙත්ම හරියන්නේ නෑ. ගොඩක් දෙමව්පියෝ ලොකු ඉස්කෝල වලට දාන්න බැරි නිසා ලමයිව ඉන්ටනැශනල් දානවා. ඉන්ටනැශනල් දාලා ගොඩක්ම වෙලාවට ඕලෙවල් ඉවර උනාම කොහෙ හරි ප්‍රයිවෙට් යුනි එකක foundation course එකක් කරවල ඩිග්‍රියකට දානව. මේකට වැරැද්දක් කියන්න බෑ. අපේ උනත් ඉස්කෝල කාලෙ ගත්තම මට හිතෙන දේ තමයි ඒ ලෙවල් කරලා රිසල්ට් එනකම් බලන් ඉඳලා, කැම්පස් එකෙත් අවුරුදු ගානක් ඉඳලා ජොබ් එකක් කරන්න කියන වයසට එද්දි අඩුම 25වත් පැනලා(ස්ට්‍රයික්, A/L රිසල්ට් කචල් මොනවත් නැති උනොත්). ඒ කාලේ ඒ ලෙවල් කෙල වෙලා බිස්නස් පටන් ගත්තු යාළුවො ඉන්නවා අපිත් එක්ක බලද්දි ෆුල් සෙට්ල් වුන උන්. Foundation course කරල ඩිග්‍රිය ගහන උනුත් 20-21න් විතර ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා. උන්ට 30 වෙනකම් අවුරුදු 8ක් 9ක් තියනව financially stable වෙන්න.
ප්‍රයිවෙට් කරන්න සල්ලි නැති පවුලක එකෙක් නම් ඉතින් ඒ ලෙවල් නුත් තර්ඩ් ශයි කරලා බොහොම අමරුවෙන් මහන්සි වෙලා කැම්පස් එකකට ගියත් එලියට එද්දි 30ටත් කිට්ටුයි. එහෙම එලියට ආවම ජොබක් ගන්නත් ලේසි නෑ. ලන්කාවේ එඩියුකේශන් සිස්ටම් එක ෆ්‍රී උනාට සල්ලි නැති එකෙක් නම් ඌට පට්ටම අසාදාරණයි. එහෙම එකෙක්ට ජීවිතේ තරුණ කාලෙන් වැඩි කාලයක් ඉගෙනගෙන ඉතුරු අවුරුදු ටිකේ ගේකටයි, වාහනේකටයි, වෙඩිමටයි ගහපු ලෝන් වලට හිරවෙලා ළමයින්ටත් වියදම් කරන් ඉපදුනාට ජීවත් වෙන ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. එහෙම බලද්දි සල්ලි තියනව නම් පෙරේත නොවී ලමයින්ට ප්‍රයිවෙට් යන්න වියදම් කරන තැනට දෙමව්පියෝ හිතන එක සාධාරණයි.