Internet Money ගැන තිත්ත කතාව

Aug 12, 2012
4,169
652
0
Internet Money ගැන තිත්ත කතාව

මේ කාලේ Internet Money ගැන නොදන්න කෙනෙක් නැති තරම්.ඒ තරමට Internet තුලින් මුදල් සොයන ක්‍රම ප්‍රසිද්ධ වෙලා.අපේ ලංකාවෙ නම් මේ Internet Money ගැන කියල දෙන්න කඩ එහෙමත් දාල තියෙනවනේ, පත්තර වල,පෝස්ටර් වල එහෙම ඒවා ගැන දාල තියෙනව ඔයාල දැකල ඇති නේ.කොහොමහරි මේ කඩවල් වලින් ඉන්ටර්නෙට් මනි ගැන කියල දෙන්න රැ 2000 - 5000 විතර වෙනකම් මුදලක් ලබා ගන්නවා.අපේ අයත් ඉතින් "ආ..එක දවසින් Internet එකෙන් සල්ලි හොයන්න කියල දෙනව..මාසෙට රු 30000 ක් විතර ගන්න පුලුවන්" කියල ඒ කඩවල් වලට ගිහින් සල්ලි පූජ කරල එනව."අන්තිමට නටපු නැටුමකුත් නෑ..බෙරේ පලුවකුත් නෑ" වගේ වැඩක් තමයි වෙන්නෙ.ඒත් ඉතින් ඒවගෙන් ප්‍රයෝජන ගන්න අයත් ඔය අතරම ඉන්නව.
මම දකින විදියට නම් මේ කඩවල් වලින් Internet Money ගැන හොද අවබෝධයක් දෙන්නේ නැතිව ඇති.මොකද එහෙම දීල තියෙනව නම් Odesk වැනි Freelance වෙබ් සයිට් වල ලංකාවෙ අය ගොඩ ගැහැන්නේ නෑනේ.

ගොඩක් අය අතරෙ තියෙන ප්‍රශ්නයක් තමයි Internet Money කඩවල් වල මුදලාලිල කියන විදියට මාසෙකට රු.30000 ක් විතර හොයන්න පුලුවන් නම් ඇයි එයාලට බැරි ඒ සල්ලි හොයාගෙන ජීවත් වෙන්න.මොකටද Internet Money ගැන workshop කරන්නේ?,පත්තර වල දැන්වීම් දාන්නේ?, මට හිතෙන්නේ එයාල ලංකාවෙ මිනිසුන්ට තියෙන ආදරේට ඒ ගැන කියල දෙනව වෙන්න ඇති කියල.අනේ ඉතින් ඒ වගේ කැප කිීම් කරන අයත් ලංකාවෙ ඉන්නවනේ කියල අපිත් හිත හදාගමු නේද???

අන්තිමට මේ මුදලාලිල නිසා ලංකාවට Google ආයතනයෙන් ads දෙන එකත් සීමා කරල.ඒ මොකද මේ අය කියන්නේ මුදල් හොයන්න ලේසි ක්‍රමය තමයි වේබ් සයිට් එකක් හරි බ්ලොග් එකක් හරි හදල ඒකට Google ඇඩ්ස් දාන එක.(ඔය ලේසියෙන් සල්ලි හොයන එක ක්‍රමයක් විතරයි) ඉතින් ඇඩ් ක්ලික් කරන ගානට අපිට සල්ලි ලැබෙනව.හොදයි නේ..අන්තිමට අපිට මාසෙකට රු.30000 ක් විතර හොයාගන්න පුලුවන්.ආයෙ ඉතින් ජොබ් කරන්නෙ මොකටද?

තව කියන්න නම් ගොඩක් තියෙනවා.එත් ඉතින් වෙලාව තමා හරස් වෙන්නෙ.කමක් නෑ අන්තිමට කියන්න තියෙන්නෙ ලේසියෙන් සල්ලි හොයන්න ක්‍රමයක් නම් මම තවම ඉන්ටර්නෙට් එකෙ දැකල නෑ.(එහෙම ඒවත් තියෙනව ඒ ඉතින් Credit Card Number එහෙම අරන් හොරෙන් කරන්න පුලුවන් වැඩ, ඒවටත් මහන්සි වෙන්න එපැයි) මම දකින විදියට ඔය ඇඩ්ස් ක්ලික් කරන ඒව වගේ දේවල් කරල මාසෙකට රු. 30000 ක් හොයන එක බොරු වැඩක්.ඇත්තටම මාසෙකට රු.30000 ක් හොයන්න ඕන නම් මහන්සි වෙල වැඩ කරන්න ඕන.එහෙම අපිට වැඩ කරන්න පුලුවන් Freelance වෙබ් සසිට් ‍ගොඩක් තියෙනව.
 
  • Like
Reactions: පැටියා

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    2s1vyi1.jpg
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Forex wage ekak hariyata kaloth num machan 1 lak unath hoyanna puluwan
    eka num boruwak nemey

    blog hadala forex eken salli hambakarana eka harima lesi kiyala article liyana forex masterta nam affiliate commission walin hamba karanna puluwan.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කට්ටිය සෙට් වෙලාත් ක්ලික් දාගත්තනෙ.
    ඉස්සෙල්ලම අර දක්ෂින ප*යව පොලීසියකට අල්ලල දෙන්න ඕනෙ. :yes: