Interview එක

snoop

Well-known member
  • Sep 5, 2006
    5,888
    968
    113
    New York, USA
    පොලිසියට සුලු සේවකයෙක් ගැනීම සඳහා interview එකකි. Interview එක මෙහෙයවන්නේ උප පොලිස් පරීක්ෂක වරයෙකි.

    ප්රශ්න සියල්ල අසා අවසන්ය. නිකමට මෙන් මුගේ සාමාන්ය දැනීම බලන්නට ඕනෙ කියා උප පොලිස් පරීක්ෂක ට සිතුනි.

    උප පොලිස් පරීක්ෂක : උඹ දන්නවද කවි සිළුමින ලිවුවෙ කවුද කියල?

    Interview පැමිනි පුද්ගලයා දහ අතේ කල්පනා කරයි. ඒ අතර උප පොලිස් පරීක්ෂකට, පොලිස් පරීක්ෂක වරයා ගෙන් call එකකි. දැන් ඔහුට යන්නට සිදුවෙයි.

    උප පොලිස් පරීක්ෂක : තමුසෙ කල්පනා කරල බලනව, දැන් සාජන් මහත්තයෙක් එයි. උත්තරේ එයාට කියනව.

    උප පොලිස් පරීක්ෂක පිටත්ව යද්දි පොලිස් ස්ථානයේ දොරකඩදී සාජන් මහතා හමුවිය.

    උප පොලිස් පරීක්ෂක : සාජන් අර මගෙ කාමරෙ ඉන්න එකා කවි සිළුමින ලිවුවෙ කවුද කියල කියයි. මම ආවම මට උත්තරෙ කියන්න.

    විනාඩි 10 කට පසු උප පොලිස් පරීක්ෂක වරයා නැවත පැමිනියේය. interview ආ එකා බිම වැටිලා සිටී.

    උප පොලිස් පරීක්ෂක : මේ මොකද?
    සාජන් : සර් ඉතින් හුරුතල් කරනවනේ. දෙකක් තුනක් ඇන්නම මූ පිලිගත්ත මූ තමයි කවි සිළුමින ලියල තියෙන්නෙ කියල


    ++;)