IOS පිළිබඳ ඔබ දතයුතු දේ
2010 ජුනි මාසයේදී ඇපල් ආයතනය අයිෆෝන් ඕඑස් (iPhone OS) වෙළඳනාමය අයිඕස් (iOS) ලෙස නම් කළ අතර ඊට දශකයකට පමණ පෙර සිට ජාලගතකරණ රවුටර් නිශ්පාදකයෙක් වන සිස්කෝ (Cisco) ආයතතනය එම උපාංග සඳහා කැපිටල් අයි අකුර සමග IOS ලෙස භාවිතා වූවා. එනිසා ඇතිවන නීතිමය ගැටළු මඟහරවා ගැනීම සඳහා සිම්පල් අයි අකුරක් යොදමින් එම වෙළඳනාමය ඇපල් සමාගම සිස්කෝ වෙතින් එය මිළදී ගනු ලැබුවා.
තිරය ඉදිරිපස ඇති බොත්තම එබීමත් සමග තිර අගුළු (ඇත්නම්) හැරීමෙන් පසු අයිඕඑස්හි මුල්තිරය දුරකථනය, කැමරාව, ඊමේල් ආදී යෙදුම් පෙළගැස්ම ඍජුවම පැමිණෙනවා. එය ස්ප්‍රිංබෝඩ් ලෙස හැඳින්වෙන අතර යෙදුම් ෆෝල්ඩර්වලට යොදා සමූහගත කිරීමේ පහසුකම ද තිබෙනවා. එහෙත් ෆෝල්ඩරයක්, තවත් ෆෝල්ඩරයක් තුළට දමන්නට බැහැ. මෙහි සිට දුරකථනය විවිධ අතට හැරවීමේදී පසුබිම් ඡායාරූපය ඒ අනුව හැඩගැසෙනවා. ඔරලෝසු යෙදුමෙහි අයිකනය සජීවීව කටු චලනය වෙමින් වේලාව පෙන්වන අතර අනෙක්වායේ දැනුම්දීම් සංඛ්‍යාව අංකයකින් දැක්වෙනවා. මෙම සජීවී අයිකන කලාව අයිඕඑස්හි විශේෂත්වයක් ලෙස දක්වන්නට පුළුවන්.
වාර්ෂිකව නව වෙළුම් නිකුත්වන මෙම මෙහෙයුම් පද්ධතිය මගින් අයිෆෝන් දුරකථන සඳහා බහුකාර්ය යෙදුම් භාවිතා කිරීමේ පහසුකම ලැබුණේ 2010දී නිකුත්වූ 4.0 වෙළුමට පසුවයි. මේ හරහා එකවර යෙදුම් කිහිපයක් භාවිතා කිරීමේ පහසුව ලැබෙනවා. මුලදී ඇපල් සමාගම තැනූ යෙදුම් කිහිපයක් සඳහා පමණක් මෙය සීමාවූ නමුත් පසුකාලීනව සියළුම යෙදුම් සඳහා මෙම පහසුකම ලැබුණා. මුල් යතුර දෙවරක් එබීමෙන් විවෘතව ඇති සියළු යෙදුම් බලමින් හුවමාරු විය හැකියි.
2011 වසරේදී අයිෆෝන් 4S සඳහා නැණවත් දුරකථන ඉතිහාසයේ නවතම විශේෂාංගයක් හඳුන්වා දෙනු ලැබුවා. එනම් අයිෆෝන්, අයිපෑඩ් ආදී උපාංග සඳහා කෘත්‍රීම බුද්ධියෙන් යුත් සහායකයෙක්වන ඇපල් සිරි (Siri) මෘදුකාංගය හඳුන්වාදීමයි. ලාංකික නමක් ලෙසින් අප එය හාස්‍යයෙන් සැලකුවත් “Speech Interpretation and Recognition Interface” හෙවත් කථන අර්ථ නිරූපණ සහ හඳුනාගැනීමේ අතුරුමුහුණත යන වචනවල මුල් අකුරු මගිනුයි එය සැකසී තිබෙන්නේ. මෙය සිරි නම් අායතනයකින් සියළුම නැණවත් දුරකථන සඳහා ලබාදීමේ අරමුණින් තැනූ මෘදුකාංගයක් වුවත් 2010දී එය ඇපල් සමාගම විසින් මිලදීගෙන අනෙකුත් මෙහෙයුම් පද්ධති සඳහා එහි සංවර්ධන කටයුතු නවතා දමනු ලැබුවා. වෙනත් ඇන්ඩ්‍රොයිඩ් හා වින්ඩෝස් ආදීවූ දුරකථන මෙහෙයුම් පද්ධතිවල කථන හඳුනාගැනීමෙන් ගූගල් සෙවුම ආදිය ක්‍රියාත්මක වුවත් මෙවන් ඕනෑම ප්‍රශ්ණයක් ඇසිය හැකි මෘදුකාංගයක් නිල වශයෙන් ලැබෙන්නේ නැහැ. එසේම මේ හරහා ලැබෙන නැණවත් සහ විනෝදාත්මක පිළිතුරු නිසා බොහෝ දෙනෙක්ගේ සිත් දිනාගන්නට සිරිපාල සමත්ව තිබෙනවා.
වෙළඳ ප්‍රචාරණය සඳහා ඇපල් සමාගම ඉහළ නමක් දරනවා. ඇපල් උපකරණ යනු මිල අධික, ඉහළ පැලැන්තියේ අය පමණක් භාවිතා කරන ආදායම් තත්වය පෙන්වීමේ උපාංග කොට්ඨාශයක් යන මතය සමාජ ගත කළ ඔවුන් චිත්‍රපට කර්මාන්තය මේ සඳහා බෙහෙවින් ඉවහල් කොට ගත්තා. තමන් කැමති චරිතය ඇපල් උපාංගයක් භාවිතා කරන නිසා තමා ද ඊට යොමුවිය යුතුයැයි පුද්ගල මත ද ඒ හරහා ගොඩනැගුණා. ඒ කෙසේවෙතත් මෙම උපාංගවල තුනීබව, නිමැවුම, පෙනුම හා නිමාව බෙහෙවින් සිත් බඳවනවා.
මීට පෙර අයිෆෝන් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීමට හැමවිටම අයිටියුන්ස් (iTunes) නම්වූ පරිගණක මෘදුකාංගය හා සබැඳීමට සිදුවූවත් දැනට නවතම වෙළුම වන අයිඕඑස් 9 සමග රැහැන් රහිතව යාවත්කාලීන කිරීමේ පහසුකම ලැබෙනවා. තිරය දෙකට බෙදා යෙදුම් දෙකක් එකවර භාවිතය, වෙනත් යෙදුමක් භාවිතා කරන අතරතුර තිරය කෙළවර සළරූ නැරඹීමේ හැකියාව ඒ සමග හඳුන්වාදුන් නවතම විශේෂාංග වූවා.
Source : readme.lk
අයිෆෝන් දුරකථනවල ධාවනය වන අයිඕස් මෙහෙයුම් පද්ධතියේ ප්‍රථම වෙළුම 2007 ජුනි 29 දින එළිදැක්වුණා. මෙය 2005දී ‘මැක්‘ නමැති ඇපල් පරිගණක සඳහා වූ මෙහෙයුම් පද්ධතිය කුඩා කිරීමට ස්ටීව් ජොබ්ස්ගේ සිතෙහි පහළවූ අදහසක් අනුවයි ඇරඹුණා. මෙය C, C++, Objective C සහ ස්විෆ්ට් යන පරිගණක භාෂාවන්ගෙන් කේතිත අතර යුනික්ස් ආකාරයේ මෙහෙයුම් පද්ධති පවුලට අයත් ආවෘත කේත මෙහෙයුම් පද්ධතියක් වෙනවා. ඒ අනුව කිසිවෙකුට ඔවුන්ගේ කේත බලන්නට, වෙනස් කරන්නට සහ නොමිලේ හෝ බෙදාහරින්නට කිසිදු අවසරයක් නැහැ. මෙහි මුල් නම අයිෆෝන් ඕඑස් වූවත් අයිෆෝන් නැණවත් දුරකථනවල පමණක් නොව 2007දී නිකුත්වුණු අයිපොඩ් ටච් උපාංගය සඳහා ද ගැණුනා. නූතන වෙළුම් ඇපල් ටීවීවල භාවිතා වෙන අතර දැන් ඒවායේ උපාංගයට අනුරූප වෙනස්කම් පවතිනවා.

+++++