IPL ක්‍රීඩක වෙන්දේසිය අද පස්වරුවේ

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද සහ හෙට දිනවලදී සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙනවා.

    එය මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිත අතර, ලබන මාර්තු මස 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

    ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන ක්‍රීඩක වෙන්දේසිය මෙය වන අතර, ඊට ක්‍රීඩකයින් 1574ක් ලියාපදිංචිව සිටිනවා.

    කෙසේවෙතත්, ඒ සදහා තෝරාගෙන ඇත්තේ ක්‍රීඩකයින් 574ක් පමණයි.

    ඉන් ක්‍රීඩකයින් 366 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි 208 දෙනා විදෙස් ක්‍රීඩකයින්.

    ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 29 දෙනෙකු 2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලියාපදිංචිව සිටියත් ඉන් වෙන්දේසියට ඇතුළත් කිරීමට තෝරා ගෙන ඇත්තේ ක්‍රීඩකයන් 19 දෙනෙකු පමණයි.

    ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණව ඉන්දීය රුපියල් කෝටි දෙකක මූලික වටිනාකමක් සහිත කණ්ඩායමෙන් ඉදිරිපත් කිරීමට නියමිතයි.
     
    • Like
    Reactions: netudara

    Similar threads